ආදරණිය දියණියට ලස්සන නම් 293ක්

ආදරණිය දියණියට ලස්සන නම් 293ක්

පුංච් දුව තරම්ම ලස්සන නමක් එයාට තියමු.

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

සිංහල ගැහැණු දරුවන්ට නම් (Sinhala baby girl names) යෙදීමත් ටිකක්  අසීරූ කාර්යයක් නේද?

පුතෙක් කියන්නේ පවුලට ශක්තියක් වාගේම දුවෙක් කියන්නේ පවුලකට ආලෝකයක්, ඉතින් ඒ සුන්දර ආලෝකය ඔබේ පවුලට වැටුනාහම  ඔබට ඇය සදහා ලස්සන නමක් තියන්න අවශ්‍ය වේවි. පහත කරුණු කාරනා ටික පුතාට නම් සම්බන්ධ ලිපියක සදහන් කලත් මම යලි මෙහි ඒවා මතක් කරනු ලබනවා. 

සාමාන්‍යයෙන්  දරු උපත සිදුවුනේ රජයේ රෝහල නම් රෝහලෙන් පිටවෙන්න පෙර දරුවා ලියාපදිංචි කරන්න නමක් දෙන්න අවශ්‍ය වෙනවා .

පෞද්ගලික රෝහලක නම් දරුවා රොහලෙන් ගෙදර ගෙනත් ඊට පසු ලියාපදිංචි කරන්න පුළුවන්.

දියණියට  නමක් තියන විට ඒක ගොඩාක්  අවබෝධයෙන් කරන්න ඕනී. ඒ ඔබ තෝරා දෙන නම ඇය සිය ජීවත කාලයම භාවිතා කරාවි. ඒ නිසා ඇයට ගෞරවයෙන් භාවිතා කරන්න පුළුවන් නමක් යොදන්න මතක තබාගන්න.

සිංහල ගැහැණු දරුවන්ට නම් යෙදීම

සාමාන්‍යයෙන් ශ්‍රීලංකික දරුවෙකුට පවුලේ නම( වාසගම හෝ නම මුලට යෙදෙන පරම්පරාවෙන් එන නම) හැරුනු කොට කොටස් දෙකකින් වත් යුතු නමක් යොදනවා.

දරුවාට නමක් යෙදීමේදි අතීතයේ සාමාන්‍යයෙන් බැලුවේ දරුවා උපන් වේලාව නැත්තම් නැකත, ඒ වගේම ඔවුන් නමට ගණ පිහිටෙව්වා.

අතීතයේ ඔවුන් විශ්වාස කලේ දරුවාට යොදන නම පවසන විට එය දරුවාට  ආශිර්වාදයක් වෙන බවයි.  

දැන් කාලයට අනුව වඩාත් නවීන නමකට යන්න අම්මලා පෙළඹෙනවා. ඒ නිසා වේලාව බලලා සුභ අකුරක් තෝරාගත් පමණින්  නමක් යොදන්න පහසු නැහැ . අම්මලා දියණියට නමක් යොදද්දී පහත කරුණු ගැන හුගාක් හිතනවා.

  • නමට ලස්සන අරුතක් තියෙනවාද?
  • නම කාලීනද?
  • අම්මා තාත්තාගේ නම් වලට ගැලපෙනවාද?
  • සහෝදර සහෝදරියන්ගේ නම් වලට ගැලපෙනවාද
  • වාසගමට නම ගැලපෙනවාද
  • රටට  හෝ සමාජෙට ගැලපෙනවාද?

දියණිය ඉපදුන වේලාව බලලා සුභ අකුරක් සොයා ගෙන ගැලපෙන ලස්සන නමක් හොයාගන්න දැන් ගොඩාක් වද වෙන්න අවශ්‍ය නැහැ.

 theAsianparent Sri Lanka අපි 2019  වසරට ගැලපෙන දියණියට ලස්සන නම් ලැයිස්තුවක් ඔබට ඉදිරිපත් කරනවා.

සිංහල ගැහැණු දරුවන්ට නම් 2019
නම ත‌ේරූම
 
අනුනනී බොහෝ සේ ආදරණිය ඇත්තී
අක්ෂානි ආයු ඇති
ආකාශා අහස වගේ
අනූපමා උපමා කරන්න බැහැ
ආදර්ශා සැමට ආදර්ශවත්
අෂ්ලෙමා තරුවක් ස‌ේ දිදුලන්නිය
අනුත්යා මුදු මොලාක් තැනැත්තිය
අශ්විනි අහසේ තරුවක් සේ දිදුලන
ආරාධ්‍යා උසස් ගති පැවතුම් ඇති දෙවඟනක් බඳු කාන්තාව
අනුදිනී අමා නදිය
 
ඉරෝෂා වචනයට අධිපති
ඉනුදි ඉතා නුවන ඇති
ඉදිරා මීමැස්සියක් සේ කඩිසර
ඉහංසා උසස් උත්තමාවිය
ඉසලි උසස් මනසක් ඇත්තී
ඉන්දිරා බබලන්නාවු
ඉරාජි සුළග බදු
ඉසලි උසස් මනසක් ඇත්තී
ඉදුවරී නිල් මහනෙල් මල බදු
ඉසවන්දි ඉතාමත් මිහිරි සුවදක්
ඉලීෂා පොළවේ රැජින
ඉතුල්යා බොහෝ සමානක
ඉමන්දි බොහො සෙනෙහස තියෙන
ඉතාරා උසස් ලෙස බැබලීම
ඉසලි උසස් මනසක් සහිත
ඉලෝචනා සියල්ල දෙස හොදඅවධානයෙන් බලන්නිය
ඉඳුවරී නිල්මහනෙල් මලක්වගේ
ඉහස්නා උසස් / උතුම් නායිකාව
ඉලිෂා මිහිකත රැජිණ වන තැනැත්තිය
ඉමන්දි බොහෝ සෙනෙහස් ඇත්ති
ඉල්හාරා ඉල්මස
ඉසුරංගි ඉසුරින් පිරි තැනැත්තිය
ඉසොධරා යසෝදරා දේවිය
ඉතුල්‍යා බොහෝ සමානකම් ඇත්තිය
ඉලාක්ෂි ඇසක් වැනි තැනැත්තිය
ඉදුෂා එර්දි පාදයට නමකි
ඉරාජිනි රැජිණන් අතර රැජිණිය
ඉසලි උසස් මනසක් ඇත්තී
ඉදුනි ලක්ෂ්මි දෙවඟන හදුන්වයි
ඉල්මා මිහිකත මෙන් බර ඉසිලිය හැකි
ඉල්සාරා ඉල්මස
ඉමන්සි සසර කෙලවර සරන්නිය
ඉදුෂා දෙවියන් මගෙහි යන්නි
ඉක්ෂා උක් සාරය
ඉසාරා හී සරයක් මෙන් ක්සර ඇත්තිය
ඉදිරා මී මැස්සන් සේ කාර්යක්ෂම
ඉදුරංගනා ඉදුරුගේ රංගනය
 
උපුල්නි මලක් බදු 
උපාධා ත්‍යාගයක් බදු
උදාරි ශ්‍රේෂ්ඨ වු තැනැත්තිය
උදිති ඉතා උසස් තැනැත්තිය
උපංකා මඩෙන් උපන් නෙලුමක් වැනි
උමන්දා සතුටට පත් වූ
උමන්දා සතුටට පත් වූ
උමාලි උතුම් මලක් බදු
උත්පලවන්නා නිල් පැහැති සිරුරක් හිමි
උත්තමා උතුම් තැනැත්තී
උමෙයිලි උතුම් මව
උත්ප්‍රභා ප්‍රභා රැස් විහිදවන්නි
උත්සහයිකා උත්සහාවන්තිය
උපර්ණා බොහෝ සේ සම්පුර්ණ වු තැනැත්තිය
උමියුරු ඉතාමත් මියුරු
උතාරා උසස් ලෙස බැබලෙන්නා
උමන්දි උසස් ලෙස මනස ජයගත්
උපමාලිකා මාලා ඇත්තිය
උමයංගනා සිව දෙවි බිරිද
උදානා නැගී සිටින කාන්තාව
උපේක්ඛා වැදගත් කාන්තාව
උපෙත්නා උතුම් පවිත්‍ර නායිකාව
උපාරමි උතුම් ප්‍රර්ථනාවන්
උපුලි මලක් වැනි තැනැත්තිය
උර්මිතා ගුමු ගුමු නාද නගන මීමැස්සෝ
උමංගි උමංගනා දෙවඟන
උබෝධි උතුම් වු බෝධිය
උමිතා පාර්වති දෙවගනට නමක්
උමාලි උතුම් මලක් වැනි තැනැත්තිය
උපස්ථි අනෙකුන්ට උපකාර කරන්නිය
උවිශ්මි බොහෝ සේ පුදුම එලවන සුලු
උමා උමා නම් දෙවඟන
උදාකලි හුදකලාවට කැමැත්තක් දක්වන
උදිණි අදික වු
උනාරි නාරි දේහයෙන් යුතු ළද
උදාන්ති ඉතාමත් උදාර වු
උචිතා උචිත ලෙසින් කටයුතු කරන්නිය
උපුල්නි මලක් වැනි කාන්තාව
උමේන්දා සුරංගනාවක් වැනි තැනැත්තිය
උත්තමා ඉතා උතුම් වු තැනැත්තිය
උමැති උතුම් කාන්තාව
උචිදි කඩ තිරය
උද්දිකා උද්දාමයෙන් යුතුව කටයුතු කරන
උත්තරා උතුරු දිශාව
උපාධා ත්‍යාගයක් වැනි වු
උත්කර්ශි උත්කර්ෂවත්
උත්කර්ෂා උත්කර්ෂවත් ලෙස
උදේශිකා උපදෙස් දෙන්නි
උන්තනි දියුනුව සදහා කටයුතු කරන්නි
උපස්තා පුද සැලකිලි ලබන්නා
උත්තානිකා සුබ පැතුම
උදිති ඉතා උසස් තැනැත්ති
උපමා උපමාවක් වැනි
උහර්ෂා බොහෝ සතුට ගෙන දෙන්නිය
උපේක්ඛා බලාපොරොත්තු ඇතුව සිටින්නි
උත්තරාංගා උත්තරාගි ස්වර නංවන්නි
උපංකා මඩෙහි උපන් නෙලුමක් වැනි
උස්සතා උනන්දු වන තැනැත්ති
උදානා උදානයක් වැනි තැනැත්තිය
උපකාරකා අන් අයට උදව් කරන්නිය
උශිරා සැවැන්දරා නම් ඔසුවට නමකි
උර්මිලා සීතා දේවියගේ සොයුරිය
උපාධ්‍යා ත්‍යාගයක් වැනි වු කාන්තාව
උධානිකා බොහෝ ධනවත් තැනැත්තිය
 
එනිතයා ජයවි ලොකයට නායකවූ
 
ඔවිඳි රත්තරන්
ඔනිති උසස් නුවණැති
ඔනාලී උසස් නායක
ඔගිත්මා සඳ වැනි රුව
ඔනලි ජනප්‍රියත්වයේ මූලික
ඔකදි සතුටින් ඉන්නිය
ඔලීනා ද‌ෙවගනකි
ඔපයංගනී ඔපයක් ඇත්තී
ඔහාසි ආලෝකමත්
ඔමරි ලාලිත්‍යට ඉගි කිරීම
 
කසුන්යා වින්දනයක් ඇති තැනැත්තිය
කුමුදු පිපුණු කුසුම
කෙනුලි භූමියට එලිය දෙන්නී
කෞමදී සුදු නෙලුම
කුලසදි කුලයට සදක් වෙනි
කෝමලී මෘදු තැනැත්තී
කිංකිණි මිණිගෙඩි
කමිණි හිරු
කාලිකා මල් ‌ප‌ොහ‌ොට්ටු
කල්පනී සිතුවිල්ල
 
ගෞරි නිරන්තරයෙන් පැසසුමට ලක්වෙන
ගංගානි ගංගා නම් වු ‌දෙව්දුව
ගුවනි අහස
ගවේෂි ගවේෂණය කරන්නී
ගීතරාණි ගීත ගයන්නිය
ගිමන්ති ගිම්හානය‌ේ අනන්තය
ගිම්හානි ගිම්හානය‌ේ සාමය
ගයානි ශුද්ධ භූමිය‌ේ උපන්නිය
ගයිරිකා  
 
චතුරිකා චතුර බවින් යුත්
චලනි සෙලවෙන
චතුරි කතාවට දක්ෂ
චාරුකා ලස්සන
 
ජයශානි ජය සහතික කරන්නී
⁣ජෙසඳි ජය කාන්තාව
ජිතුලි ජය උල්පත
ජිහන්සා උතුම් කාන්තාව
ජිතුනි තුන් ජයක් ඇති
ජේනුලි ජය නුවන ලද්දි
 
තෙසුමි සතුටේ දෙව්දුව
තේජනා ඊතලය
තෙදාරා තෙද පරපුර
තක්ෂිලා තක්ෂිලාවක් බදු
තිසලිමා මවට සතුට දෙන්නිය
තරුන්දි තරුවක් සේ දිලෙන
තිදස්නී තව්තිසා දෙව්ලොව වසන්නී
තරුල්යා යහපත්
තිනුලි තුන් නුවනක් ඇති
තෙනුත්මී තුන් නුවන
තුමල්ශා උතුම් වු මල් බව සහිත
තිසත්මී එඩිතර නුවණ
තසිනි නුවණ පැතිරුණු
තවසරි තපසට ආගමට අනුව සරන්නි
තෙදස්නා තුන් දස්කම් නායිකාව
තිනුෂි තික්ෂණ නුවනින
 
දිනිදි ජය දෙන්නී
දුල්මිණී බබලන්නා වූ
දම්සුවි දහම් සුවය ඇති
දිනලි ජයග්‍රහණයේ එලිය
දිසස්නා අධි ශක්තියට නායිකාව
දිනිසුරැසංසදී ඉර හද පවතිනා තුරා
දම්සරණි දහම්සරන යන්නිය
දැහැමි උතුම්
දහම්සා දහමට පිපාසය ඇත්තී
දයාර්දි දයාව පිරි දියණිය
 
නිහෙලි නොසෙල්වෙන
නෙතායා ඇස් ඇත්තිය
නිපුණි මහත් නුවනින් යුත් ඇත්තී
නෙලුම්යා නෙලුම් යහපත
නෙලිනි නොයෙක් ඉදිරිපත් කිරීම් ඇති
නුවන්ති ඇස්
නිල්නෙතු නිල් පැහැති ඇස් ඇත්තී
නේත්‍රා දෙ ඇස්
නදී නදිය
නවෝදා නව ආරම්භයක්
නෙලුම් නෙලුම
නිර්මාණි නිර්මාණශීලි තැනැත්තිය
නවත්මා නව මිහිර
නවිත්මි නව මිහිර සහිත
නිරාජා නෙලුම් මල
නේතිනි නොයෙක් තුන් නුවණ
නෙත්දුලී දිලිසෙන නෙත් ඇත්තී
නෙතුම්ලි උතුම් නෙත ලන්නිය
නිහිංසා අහිංසක
 
පහන්දි ප්‍රසන්න නුවන ඇති
ප්‍රමෝදා සතුටින් ප්‍රමෝදයෙන් සිටින්නී
ප්‍රවීනා ප්‍රවීන වූ
පවනි සුලග
පියුමි නෙලුම
පියුම්තා නෙළුමට මිතුරිය
ප්‍රබෝධනී ප්‍රබෝධවත් වු දියනිය
පවනි සුලග බදු/කරුණාවන්ත යුවතිය
පුෂ්පිකා මලක් බදු
පහන්සා ආලොකය ලබන්නී
 
බිනරි සැප්තැම්බර් මාසය
බෝධිනා අවබෝධ කරගන්නිය
බොවින්යා බොහෝ යහපත විදින්නිය
 
භාවනා භාවනාවේ යෙදෙන්නිය
භූපාලි භූමිය පාලනය කරන්නී
භාග්‍යා භාග්‍යවන්තී
භවන්තී භවයෙන් භවයට එන
 
මෙත්සරා මෙත් සිත ඇති
මිනුලි මෙත්‍රියෙන්
මෙතුම්යා මෙත් මගෙහි ගමන් ගන්නා
මනුල්යා ගරු යහපත් නුවණ උල්පත
මිනාරා මහා නායක පරපුර
මෙත්සදී මෛත්‍රී කාන්තාව
මල්සැදි මලක් වන් ඇයටම අයත් ගීතය
මින්රාදා ආදරය කරුණාව දෙන්නිය
 
යෙනුජි යහපත් නුවනින් උපන්
යසස්වී කීර්තිමත් තැනැත්තිය
යුතාරා බැබලීමෙන් යුක්ත වූ
 
රිසින්දී මහා නුවණැති
රැව්මිණි මැනික් රාවය
රිසිනි බොහෝ උගත් තැනැත්තිය
රනාරා රන් නදිය
රාජිතා දීප්තියෙන් බබලන්නී
රිවිසිනි හිරු මෙන් උනුසුම් සිතුවිලි
රශිනි රශ්මි මාලා
රුවිනා රුවින් අගතැම්පත් තැනැත්තිය
රිවිනි හිරුගේ නුවන ඇති
රිවිමිණි හිරුමැණික
රුසන්සා රුව ලකුණු සහිත
රුහාරා රූ මාලාව
රනුල්යා රන් උල්පත
 
ලීෂා මිහිකත රැජින
ලකීෂා ලංකාවට අදිපති
ලිසස්නා මහා නුවණින් පිරි
 
විදිනි විද්‍යාව‌ෙන් ජය
විශ්මි පුදුම කරන
විදුදිනි විද්‍යාවෙන් ජය
විරුනදී වීර ගංගාව
විසුරි අති දක්ෂ
විනෝලි උතුම් නව බව ලබන්නීය
වෙනුකි භුමියට අධිපති
විහාරා විශේෂ මාලා
 
ශාන්‍යා සියුමැලි
ශෙනමි බැබළෙන
ශෙනර්යා දෙවියන්ගෙ රජින
 
ස්වෛරී ඒකීය
සන්සා ප්‍රශංසාව
සසිත්මී මනා මිතුරු මිහිරි
සයුරි සයුර තරම් සුවිසල් මනසක් හෙබි
සිතුමිනා සිතුවිලි නායිකාව
සදනි සදක් බදු
සසිනි සත්‍යවන්තී
සරණි අන් අයට උදව් වන්නී
සහස්නා උතුම් බව ඇත්තී
සිතුනිජා සිතුවිලි නුවනින් උපන්
සුපුනි හොදින් පිපුණ
සුමුදු සුසිනිදු බවින් යුත්
සයුනි මනා නුවනින් යුතු
සරයු මදනල
සරිතා ගලායන ගග
සවිත්මා ඉක්මන් සවිමත් නිර්මාණ
සිහෙලිමා උතුම් එලිය මවන්නී
සුසරි මනා හැසිරීම් ඇති
සුසවි යහපත් ශක්තිය ඇති
සෙත්නදී ශාන්ත ගංගාව
සේසත්මා මවට ධවල ජත්‍රය
සෙතුම්යා ශාන්තියෙන් උතුම්
සවේන්යා මනා වේගවත් ගමන
සිතුලි සිතුවිලි උල්පත
සෙනිති දක්ශ නුවන ඇති
සමෝද්‍යා මට සිලුටු
සනුකි මනා ණුවන ඇත්තී
සනුෂි උතුම් යහපත් සිනා ඇති
සහස්නා උතුම් බව ඇති
සමිත්මා මවට මිතුරු
 
හර්ෂණී සතුට
හසිනි මහා අප‌ේක්ෂා සහිත
හස්නා සිනහව
හිරුණි හිරු
සිංහල ගැහැණු දරුවන්ට නම් 2019
එහ‌ෙනම් දුවට ලස්සන නමක් තියමු න‌ේද?

අපි අම්මලා ගෙන්ම එකතු කර ගත්ත මේ ලස්සන නම් සහ අර්ථයන් ඔබ වෙත ගෙනාවේ ඔබේ පුංචි දියණියට නමක් තෝර ගන්න පහසු වෙන්නයි.

ඒ නිසා දියණියගේ උපන් වේලාව අනුව ශුභ අකුරක් තෝරගෙන එයට ගැලපෙන ලස්සන අර්ථවත් නමක් තෝරාගන්න දැන් ඔබට පහසුවෙන්  පුළුවන්.

මීට අමතරව ඔබ ලගත් දියණියකට සුදුසු ලස්සන නම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කර අපිත් එක්ක බෙදාගන්න.