සිනහසීමේ මානසික අවඩපීඩනය (සිනහසීමේ විශාදය/smiling depression) යනු කුමක්ද?

lead image

සිනහසීමේ මානසික අවපීඩනය  නැතහොත් සිනහවේ විශාදය එම නමින් කියන දේම හුවා දක්වන තත්වයකි. පිටතින් සිනහව සහ සතුට දක්නට ලැබුණත්, ඊට ගොදුරු වූ කෙනා ඇත්තෙන්ම වේදනාව තුළින් සිනාසෙන තත්වය මෙලෙස හැඳින්වෙනවා.

සිනහසීමේ විශාදය smiling depression ‍යන නමේ අර්ථය හැටියටම සිනහවේ විශාදයේ ලක්ෂණ පෙන්වන්න පුළුවන්. පිටතින් සිනහව සහ සතුට දක්නට ලැබුණත්, ඊට ගොදුරු වූ කෙනා ඇත්තෙන්ම වේදනාව තුළින් සිනාසෙන තත්වය මෙලෙස හැඳින්වෙනවා. 
 
ඔබ දන්නා හඳුනන ඔනෑම කෙනෙක් මීට ගොදුරු විය හැකියි.

සිනහසීමේ විශාදය smiling depression තත්වයට ගොදුරු වූවකු අත්දකින දේවල් කිහිපයක් 

සිනහසීමේ විශාදය (smiling depression) නැතහොත් සිනහසීමේ මානසික අවඩපීඩනය සාමාන්‍ය විශාදයට වඩා මදක් භයංකර වනවා.
 
ඒ සිනාසෙන මානසික අවපීඩනයෙන් පෙළෙන අයෙකු නැතහොත්  එයට ගොදුරු වූ පුද්ගලයා විශාදයේ කිසිඳු සළකුණක් පිටතට නොපෙනීමයි. 
 
පිටතෙන් පෙනෙනුයේ එම පුද්ගලයා මනා හික්මීමකින් හොඳ සංයමයකින් පසුවන සෙයකි. නමුත් ඇතුළාන්තයෙන් ඔවුන් තදබල ලෙස මානසික අරගලයකට හා ඝට්ටනයක මුහුණ දෙන්නෝ වෙති.
 
සිනහවේ මානසික අවපීඩනයෙන් පෙලෙන්නා කිසිඳු ආකාරයක විශාද තත්වයකින් පෙලෙන බව පිටතට නොදිස්වීම මෙම රෝගයේඇති භායානක ලක්ෂණයකි.

සමහරු තමන් මානසික අවපීඩනයෙන් පෙළෙන බව නොදැන සිටිය හැකිය. අනපේක්ෂිත සිනහසීමේ විශාදය (smiling depression) ස්වභාවය එයයි

සිනාසෙන මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයින් ඔබ දන්නා ඕනෑම අයෙකු විය හැකියි.

ඒ ඔබගේ ආයතන ප්‍රධානියා, ඔබේ හොඳම මිතුරා, හෝ සිය වෘත්තියේ ඉහළ ස්ථානයකට පැමිණි පුද්ගලයෙකු විය හැකිය. 

පැහැදිළි ලක්ෂණ දිස් වන විශාදයට වඩා සිනහසෙන මානසික අවපීඩනය අන්තුරුදායක විය හැක්කේ මේ නිසයි. 

සිනහසීමේ මානසික අවපීඩනය අනතුරු ඇඟවීම් කරන්නේ නැත 

සාමන්‍ය කනස්සලු තත්වයක් හෝ “යමක් හරි නැතැයි” යන සාමාන්‍ය හැඟීම හැරුණු කොට සිනහසීමේ විශාද තත්වයේ වෙනත් පැහැදිලි ලක්ෂණ කිසිවක් නොමැත.

මේ නිසා මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයින් බොහෝ විට තමන්ට විශාද තත්වයක් ඇති බවට කිසි සේත් පිළිනොගනිති.

ඔවුන්ට ජීවිතයේ අසාමාන්‍ය ගැටළු නැති බවටත්, සැම දේම සාමන්‍ය බවටත් තර්ක කරන්නට පෙළඹෙති. තමන් සතුවට විශාදය ඇති බව පිළිගැනීම  ප්‍රතික්ෂේප කරති.

සියදිවි නසා ගැනීමට පෙළඹීම, සැමවිටම මානසික අවපීඩනයෙන් පෙළෙන ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකි අනතුරුදායක තත්වයකි. කෙනෙකුට සියදිවි නසාගැනීමකට සිතක් පහළ වීම පැහැදිළි අනතුර් ඇඟවීමකි. 

සිනහසීමේ විශාදය (smiling depression)

කෙසේ වෙතත් සිනාසෙන මානසික අවපීඩනයේ දී, භයානක දෙය නම් අන්තුරු ඇඟවීම් නැතහොත් රතු කොඩි නොමැති  වීමයි.

මේ නිසා සියදිවි නසාගැනීම් ගැන ඔබට අසන්නට ලැබෙන්නේ මියගිය පුද්ගලයාට සමීප පුද්ගලයින් ඔහු හෝ ඇය සැමවිටම සතුටින් සිටින බව පවසන අතර ඔවුන් ගැටලුවක් ඇති බව දැන සිටියේ නැත.

මානසික රෝගාබාධ සම්බන්ධයෙන් වඩාත් දැනුවත් වීම අප සතු වන්නේ මේ නිසා වන අතර, මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයින් සහ උපකාර ලබා ගැනීමට තෝරා ගන්නා අය කෙරෙහි සමාජය විසින් ඇති කර ඇති අපකීර්තිය ඉවත් කිරීමට අපට කළ හැකි දේ කළ යුතුය.

සිනහසීමේ විශාදය තුළ ඇති මෙම භයානක ලක්ෂණය නිසා ඊට ගොදුරු වූ කෙනාගෙ සමීපතයින් පවා මවිතයට පත්වන දේ සිදු වේ.

සියදිවි හානිකරගැනීමකින් පසුව, සමීපතයින් විසින්, ඔහු හෝ ඇය සාමාන්‍ය ලෙස සිටි බවත්, කිසිඳු විශාද තත්වයක් පෙන්නුම් නොකළ බවත් පවසන අයුරු මාධ්‍ය හරහා ආදිය අපට නිතරදනකින්නට ලැබෙන්නේ මේ නිසයි.  

මානසික රෝග ගැන වඩාවබෝධයකින් ජීවත් වීම විශේෂයෙන්ම නූතන කාලයෙ අපගේ පරම වගකීමක් වනවා.

සමාජයේ මානසික රෝගීන් හා රෝග තත්ව හෙලා දැකීම, ඒ කෙරෙහි ඇති අපකීර්තිය සහ වැරදි කෝණයෙන් බැලීම හැකි තරම් වෙනස් කිරීමට උත්සයහ කිරීමද අපගේ වගකීමක් වනවා.

මානසික රෝග වලට සහය පැතීම කොහෙත්ම ලජ්ජා වීමට කාරණාවක් නොවේ. එය කෙනෙකුගේ නිර්භීත භාවයත්, ජීවිතය පිළිබඳව අපේක්ෂාසහගතව බැලීමත් පිළිබඹු කරයි. 

මානසික රෝග ගැන ඔබ දැනගත යුතු දේ (සිනහසීමේ විශාදය (smiling depression))

බොහෝ දෙනෙකු "මානසික රෝග" යන යෙදුම වැරදි ලෙස තේරුම් ගෙන ඉතා වැරදි ලෙස එය අර්තකථනය කිරීම කනගාටුවට කරුණක්.

ඔවුන් මානසික රෝග වලට ගොදුරු වූ රෝගීන් බොහෝවිට අර්ථ දක්වන්නේ “පිස්සු” හෝ “හිස නරක් වූ අය" ලෙසයි. 

මානසික අවපීඩන වලට ගොදුරු වූ රෝගීන්, ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත්, තමන්ට මානසික රෝග තත්වයක් ඇති බව පිළිනොගැනීමත් මේ අර්ථකතන වලට ප්‍රතිඵලයක් වනවා.

බොහෝ විට මානසික රෝගයකින් පෙළෙන අය සමහර විට ප්‍රතිකාර අත්හැරීමට හෝ තමන්ට අසනීපයක් ඇති බව සක්‍රියව ප්‍රතික්ෂේප කිරීමටද හේතු වේ.

මානසික රෝග පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් මෙන්න:

1. මානසික රෝග පිළිබඳව අධය්‍යනය කරන්න

මානසික රෝග තත්ව විශ්ලේෂණය කිරීම හා අධ්‍යයනය කිරීම තුළින්, ඊට ගොදුරු වූවන් දෙස වෙනස් හා බුධිමත් කෝණයකින් බලා ඔවුන් හොඳින් තේරුම්ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. 

2. මානසික රෝගයකින් පෙළෙන මිතුරන් හෝ හිතමිතුරන් සිටී නම්, ඔවුන් ගැන විවෘත මනසකින් බලා ඔවුන් ගැන අවබෝධය සහ අවධානය වැඩි කරගන්න.

මානසික රෝගයකින් පෙළෙන කිසිවෙකුව කොන් කරන්නට හෝ වෙනස් ආකාරයකින් සලකන්නට යොමුවන්න එපා; ඔවුන්ට ආදරය, ගෞරවය දී  අවබෝධයෙන් සලකන්න.

සියල්ලටම වඩා ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ආදරණීයයන්ගේ සහයෝගය සහ ඔවුන්ට වෙනස්කමක් සිදු නොවන බවට ඇති විශ්වාසයයි. 

3. මානසික රෝගයකින් පෙළෙන අය සමඟ ඉවසිලිවන්ත වන්න.

සමහර විට, මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයින් සමඟ කටයුතු කිරීම අපහසු විය හැකියි.

බොහෝ අවස්ථාවන්හීදී, ඔවුන්ගේ රෝගී තත්වය නිසා ඔවුන් වෙනස් ආකාරයකින් හැසිරෙන්නට පුළුවන්.

එබැවින් අපි ඔවුන් කෙරෙහි වඩාත් ඉවසිලිවන්ත විය යුතුයි. 

4. ඔබ මානසික රෝගයකින් පෙළෙන ලෙස ඔබට හැඟේ නම්, උපකාර පැතීමට බිය වන්න එපා.

හැකි ඉක්මනින්, මනෝචිකිත්සකයෙකුගෙන් උපකාර පැතීමට හෝ උපදේශනය ලබා ගැනීමට පැකිලෙන්න එපා.

ඉක්මනින් යහපත් මානසික සුවයක් ලබාගැනීමට ඔබගේ බුධිමත් සහ කඩිනම් පියවර ඉවහල් වනවා.

5. ධනාත්මකව සිටින්න.

ඔබ මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙක් නම් හෝ මානසික රෝගයකින් පෙළෙන අයෙකු ඔබ හඳුනන්නේ නම් හෝ, සෑම විටම ධනාත්මකව සිටීම ඉතා වැදගත් වනවා.

ධනාත්මකව මානසිකත්වයක් පවත්වාගෙන යාම, මානසික රෝගයකට මුහුණ දුන්නත් නොදුන්නත් ඔබට කළ හැකි සරලම දෙයයි. 

ඔබට එය දැනුනත් නැතත්, සියළු දේ නිරතුරු  යහපත් අතටම හැරෙන බවට නිතර විශ්වාස කරන්න. එය ලෝක දහමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera