දියණියගේ උරාබොන කෝප්පයක සිරවී තිබූ කුණු තට්ටුව දැක පියා බීරාන්ත වෙයි

දියණියගේ උරාබොන කෝප්පයක සිරවී තිබූ කුණු තට්ටුව දැක පියා බීරාන්ත වෙයි

ළමා කාලයේ මේ සිපි කප් එක කාටත් හුරුපුරුදු දෙයක්. ඒත් එය ආරක්ෂිතද?

අපි නිරන්තරයෙන් බෝතල් හා සූප්පු බට සහිත බෝතල් වල කෝප්පය හා අදාල කොටස් පිරිසිදු කළත් එහි බැක්ටීරියා ඇතිවෙනවා. මෙය ළදරුවන් විෂයෙහි ගත්තහම දිගු කාලයක්ම දරුවන්ගේ අත්‍යවශ්‍ය අංග බවට පත්වෙන උපාංග තියෙනවා. බිබ් එක, පැසිෆයර් එක, වෝකර් එක, තොටිල්ල සහ සිපි කප් (sippy cup) එකත් මේ අතර තියෙනවා.

ළමා කාලයේ මේ සිපි කප් එක කාටත් හුරුපුරුදු දෙයක්. සිපි කප් වල වැදගත්ම දෙය, එසේත් නැත්නම් වාසිය වන්නේ කිරි හෝ වෙන යමක් දමා වැසූ පසු දරුවාගේ උරා බීමේදී හැරුනු කොට වෙන කොයි ම වෙලාවකදී වත් කාන්දු වීමක් සිදු නොවීමයි (spill proof). ඒත් ඒ වාසියත් සමඟම එය ආරක්ෂිතද යන්න ගැටලුවක්.

බටහිර පියෙකු මේ ගැන ඉතා වැදගත් කාරණාවක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණා.

සිපි කප්

ක්‍රෙග් බෙර්ෆෝඩ් ගේ දුව නිතරම බඩ රිදෙන බව කියමින් සිටියා. මුලින් ඔහුට ඊට හේතුව හරියට සොයාගන්න බැරිවුණා. ඒ නිසා ඔවුන් බබාට කෑමට දීපු දේවල් ගැන කල්පනා කළා.

ඔහු ඇගේ එක් සිපි කප් එකක් පිරිසිදු කරන තුරු ඔහුට එය තේරුම් ගියේ නැහැ. “අපි නිතරම දරුවන් බොන මේ කෝප්පය ඉතා හොඳින් පිරිසිදු කර ජීවානුහරණය කළත් මගේ අවුරුදු 7 දුව ලෙඩ කරන්න ඊට පුළුවන් වුණා.”

මම හොඳ කැපෙන පිහියක් අරගෙන කෝප්පය දෙකට වෙන්කළා. එය ඉතා හයිය වුනත් තදින් උත්සාහ කරලා එහෙම කපා ගත්තා. එහි ඇතුලත ඇති කොටස් වල කොයිතරම් බැක්ටීරියාවන් ඇතිදැයි මට ඒක දැක්කම හිතාගන්න බැරිවුණා.

මේ තාත්තා මේ තොරතුරු අන්තර්ජාලයට මුදාහරිද්දී අනෙක් දෙමාපියන්ට එය අත්දකින්න ලැබුණු බවත් අච්චුවක් ලෙස රැඳුණු බැක්ටීරියා හා කුණු සිපි කප් ඇතුලත ඔවුන්ට දකින්නට ලැබී තිබුණා.

සිපි කප්

සිපි කප්

සිපි කප් කුණු තට්ටුවෙන් ආරක්ෂා වෙන්න නම්,

මේ ලෙස තැන්පත් වීමට තෙතමනය, සිර බව, උණුසුම හා ආහාර කැබලි එක්‍ රැස් වීම හේතු වෙනවා.  මේ ක්‍රියාවලිය වාතයේ තෙතමනය ඇති නම් තවත් ඉක්මනින් සිදුවෙනවා.

දිනපතා පිරිසිදු කරන කෝප්පය මේ ඉහත කාරණා වලට නිරාවරණය නොකරන්න වගබලා ගන්න. නටන වතුරෙන් තද කුණු තට්ටු ඉවත් කිරීම කරන්න පුළුවන්. නමුත් බුරුසුවක් ඇතුල් කළ නොහැකි තැන් ඉතා සියුම් ලෙස  පිරිසිදු කිරීම වැදගත්.

මේ විදිහට තට්ටු එක් එක් ආකාරයෙන් ඇතිවෙන්න පුළුවන්. පසුව කණගාටු වෙනවට වඩා ඒ ගැන අවධානයෙන් සිටීමයි වැදගත්.

සිපි කප්

 

මේ ලෙසින් පුස් ආකාරයට බක්ටීරියා බැඳීම දරුවාගේ කිරි බෝතල්, වෙනත් පිඟන් කෝප්ප, හැඳි වලද, දරුවාගේ ආහාර සෑදීමට උපකාරී වෙන බ්ලෙන්ඩරයේ පියන් අතර, දත් එන කාලයට සැපීම සඳහා බිළිඳාට දෙනු ලබන ටීතින් රින්ග් (Teething Ring), සූප්පු, නාන බේසමේ රබර් සෙල්ලම් බඩු මේ කොයි දේවල් වලත් තියෙන්න පුලුවන්. නිසියාකාරව පිරිසිඳු කිරීමක් කරගන්න අපහසු දෑ පාවිච්චියෙන් බැහැර කරනවා නම් වඩාත් සුදුසුයි.

සිපි කප් පිරිසිඳු කිරීමේදී සබන් හෝ සේදුම් කාරක දියරයන්ට අමතරව බ්ලීච්, විනාකිරි, බේකින් සෝඩා වැනි දේවල් උපකාරී කරගන්න පුලුවන්. මේවායින් පිරිසිඳු වීම පමණක් නොව ඒ භාජන වලින් එන දුර්ගන්දය ට ද ඒ හොඳ පිලියමක්. බටයක් සහිත සිපි කප් වලට ඉතා සිහින් බුරුසු වර්ග වෙලෙඩඳපොලේ තිබුනත් එතරම් සුලභ නැහැ. එනිසා cotton bud එකක් වැනි දෙයක් හෝ පාවිච්චි කර පිරිසිදු කරගැනීම වැදගත්.

මෙම ලිපියේ ඉහලින් සඳහන් කල පුංචි දියණියට වගේම මේ බැක්ටීයරියාවන් දරුවාට ශරීරගත වීමෙන් යටි බඩේ කැක්කුම්, වමනය, බඩ එලියේ යාම, විජලනය වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. එසේත් නැතිනම් ආසාත්මිකතාවන් ඇති වී නොයෙක් රෝග ලක්ශන මතුවන්නටත් පුලුවන්.

ඔබ නොසිතන අනතුරු ගැන නිතර ඔබ දැනුවත් කරන theAsianparent Sri Lanka ඔබට මේ සුවිශේෂ අනතුර ගැන කියන්න හිතුවා.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සංස්කරණය – බෝසඳුන් ගුණසේකර

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි