දියණියගේ උරාබොන කෝප්පයක (සිපි කප්) සිරවී තිබූ කුණු තට්ටුව දැක පියා බීරාන්ත වෙයි

lead image

ළමා කාලයේ මේ සිපි කප් එක කාටත් හුරුපුරුදු දෙයක්. ඒත් එය ආරක්ෂිතද?

අපි නිරන්තරයෙන් බෝතල් හා සූප්පු බට සහිත බෝතල් වල කෝප්පය හා අදාල කොටස් පිරිසිදු කළත් එහි බැක්ටීරියා ඇතිවෙනවා.

මෙය ළදරුවන් විෂයෙහි ගත්තහම දිගු කාලයක්ම දරුවන්ගේ අත්‍යවශ්‍ය අංග බවට පත්වෙන උපාංග තියෙනවා.

බිබ් එක, පැසිෆියර් එක, වෝකර් එක, තොටිල්ල සහ සිපි කප් එකත් මේ අතර තියෙනවා. ළමා කාලයේ මේ සිපි කප් එක කාටත් හුරුපුරුදු දෙයක්. ඒත් එය ආරක්ෂිතද ? බටහිර පියෙකු මේ ගැන ඉතා වැදගත් කාරණාවක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණා.

ක්‍රෙග් බෙර්ෆෝඩ් ගේ දුව නිතරම ඇගේ බඩ රිදෙන බව කියමින් සිටියා. නමුත් මුලින් ඔහුට ඊට හේතුව හරියට සොයාගන්න බැරිවුණා. ඒ නිසා ඔහුගේ බිරිඳත් ඔහුත් බබාට කෑමට දීපු දේවල් ගැන කල්පනා කළා.

ඔහු ඇගේ එක් සිපි කප් එකක් පිරිසිදු කරන තුරු ඔහුට එය තේරුම් ගියේ නැහැ. අපි නිතරම දරුවන් බොන මේ කෝප්පය ඉතා හොඳින් පිරිසිදු කර ජීවානුහරණය කළත් මගේ අවුරුදු 7 දුව ලෙඩ කරන්න ඊට පුළුවන් වුණා.

මම හොඳ කැපෙන පිහියක් අරගෙන කෝප්පය දෙකට වෙන්කළා. එය ඉතා හයිය වුනත් තදින් උත්සාහ කරලා එහෙම කපා ගත්තා. එහි ඇතුලත ඇති කොටස් වල කොයිතරම් බැක්ටීරියාවන් ඇතිදැයි මට ඒක දැක්කම හිතාගන්න බැරිවුණා.

මේ තාත්තා මේ තොරතුරු අන්තර්ජාලයට මුදාහරිද්දී අනෙක් දෙමාපියන්ට එය අත්දකින්න ලැබුණු බවත් අච්චුවක් ලෙස රැඳුණු බැක්ටීරියා හා කුණු සිපි කප් ඇතුලත ඔවුන්ට දකින්නට ලැබී තිබුණා.

මේ සිපි කප් කුණු තට්ටුවෙන් ආරක්ෂා වෙන්න නම්,

මේ ලෙස තැම්පත් වීමට තෙතමනය, සිර බව, උණුසුම හා ආහාර හේතු වෙනවා. දිනපතා පිරිසිදු කරන කෝප්පය මේ ඉහත කාරණා වලට නිරාවරණය නොකරන්න වගබලා ගන්න. නටන වතුරෙන් මේ තද කුණු තට්ටු ඉවත් කිරීම කරන්න පුළුවන්. නමුත් සමහර එනම් බුරුසුවක් ඇතුල් කළ නොහැකි තැන් ඉතා සියුම් ලෙස පිරිසිදු කළ යුතු වෙනවා. නිතර මේ ලෙස පිරිසිදු කිරීම වැදගත්.

මේ විදිහට තට්ටු එක් එක් ආකාරයෙන් ඇතිවෙන්න පුළුවන්. පසුව කණගාටු වෙනවට වඩා ඒ ගැන අවධානයෙන් සිටීමයි වැදගත්.

නොසිතන අනතුරු ගැන නිතර ඔබ දැනුවත් කරන theAsianparent Sri Lanka ඔබට මේ සුවිශේෂ අනතුර ගැන කියන්න හිතුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ