මිලින වු විට කදුලු නොහෙලා ඒ මල් වලට ජීවත් වෙන්න පාර කියාදෙමු.

සියදිවි නසාගැනීම වූ කලී ක්ෂනික පෙළඹීමකින් වන්නක් ලෙස බොහෝ අය දුටුවද එය එසේනොවේ. එය බොහෝ  සංකීර්ණ මානසික ක්‍රියාවලියක පීඩනය දැරීමේ උපරිමයෙන් ඔබ්බට යෑමක අවසාන ප්‍රතිඵලය වේ.

අද සමාජ ජාල පුරා සැරිසරන්නේ සියදිවි නසාගත්තවුන්ගේ වතගොතය. බොහෝ අය එයට  විවිධ අර්ථකථන දෙන්න උත්සාහ කරන මුත් මේ ප්‍රශ්නයට කිසිවෙකු නිවැරදිව අමතා නැත. ක්‍රමයෙන් උග්‍ර වෙන මේ ගැටලුව පිලිබඳ විවිධ මතිමතාන්තර පමණක්  දරයි.

සියදිවි නසා ගන්නා තැනැත්තා ප්‍රසිද්ධ චරිතයක් නම් අනේ අපොයි කියන්නත් නාදුනන්නෙක්  නම් මෝඩකමක් ලෙස අර්ථ දක්වන්නත් උත්සුක වන ලොවක අනේ ඒ ජීවිතය බේරාගන්න තිබුනා යැයි පවසන කිසිවෙකු නැත.

ඔව් ඒ ජීවිතය රැකගන්න තිබුනා.

සියදිවි නසාගැනීම වූ කලී ක්ෂනික පෙළඹීමකින් වන්නක් ලෙස බොහෝ අය දුටුවද එය එසේනොවේ. එය බොහෝ  සංකීර්ණ මානසික ක්‍රියාවලියක පීඩනය දැරීමේ උපරිමයෙන් ඔබ්බට යෑමක අවසාන ප්‍රතිඵලය වේ.

ආදරයෙන් පැරදීම, ආර්ථික ගැටලු, විවිධ මානසික තත්වයන් මෙන්ම දරුවන් ලැබීමෙන් පසු හෝමෝන වෙනස් වීම නිසා ඇතිවෙන ආතතියද මෙයට හේතුවේ.

ඇත්තටම මොකද කරන්න පුලුවන් ?

ඊලග බිල්ල ඔබේ සහෝදරයා ,දරුවා වෙන්න පුලුවන්.

• තමන්ගේ සෑම අයෙක් ගැනීම විමසිල්ලෙන් ඉන්න. තනිවෙන්න උත්සාහ කරයි නම්, නිතර කෝපයෙන් සිටියි නම්, බොහෝ කල්පනා කරයි නම්, ආහාර ප්‍රතික්ෂේප කිරීම ,අපිලිවෙලට ඇදුම් ඇදීම වැනි වෙනස් ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න.

• ඔබට කවුරුන් හෝ මානසික ආතතියෙන් පෙලෙන බව දැනුනොත් ඔහු හෝ ඇය තනි කරන්න එපා.

• ඔහු හෝ ඇයව වහාම මානසික  වෛද්‍යවරයකු වෙත ගෙන යන්න. නැත්තම් 1333 අංකයට අමතන්න. ඇමතුම  සදහා ගාස්තු අය නොවේ.

• ඖෂධ මගින් මෙන්ම නිසි උපදේශන සේවාවක් මගින් මෙවැනි මානසික තත්වයන් බොහෝ දුරට පාලනය කලහැකිය.

• ඔබට වුවද ඔබේ මානසික තත්වයේ වෙනසක් දැනේ නම්, ජිවිතය පිලිබඳ කලකිරීමක් දැනේ නම් ඔබේ විශ්වාසවන්තයාට ඒ පිලිබඳ දැනුම් දී නිසි ප්‍රතිකාර සදහා යොමු වෙන්න.

කල්පනාවෙන් ඒ ජිවිතය ඔබේ අතෙයි.

ඔබේ දරුවන් අනාගතේ දවසක මෙලෙස නොවන්නට ලෝකයේ යථාර්ථය පහදා දිය යුතු අතර ඔවුන් ගැන විමසිල්ලෙන් සිටීමෙන් මෙවැනි තත්ව වලක්වා ගත හැකිය.

ඒ වගේම විමසිල්ලෙන් සිටීම තුලින් අනෙක් මෙවැනි තත්වයන්ට පත් වුවන් හදුනාගන්නත් ඔවුන්ට උදව් කරන්නත් ඔබේ දරුවාට කියා දෙන්න.

එන්න අපි එකතු වෙමු. අපේ අනාගත පරපුර සියදිවි නසාගැනීමේ ආකල්පයෙන් මුදවා ගමු.

මේ පිලිබඳ ඔබේ අදහස් අප හා බෙදා ගන්න.