සිසේරියන් සැත්කමින් පසු මව් කිරි දීම ගැන අම්මලාගෙන්ම උපදෙස්

Share this article with other mums

සිසේරියන් සැත්කමක් කළහම මව්කිරි දෙන්න බැරි වෙයි කියලා ඔබ බියෙන් ඉන්නවද? එහෙනම් මේ අත්දැකීම් කියවලා බලන්න.

එය ඇත්තටම තරමක් අභියෝගයක්. නමුත් සිසේරියන් සැත්කමක් සිදුකළා කියලා ඔබට කිරිදීම නොකර ඉන්න බැරි වෙන්නේ නැහැ. නියම සහය හා උපායන් ක්‍රියාත්මක කළහොත් ඔබේ පැටියට පහසුවෙන් කිරි ටික බොන්න පුළුවන්.

පළමු පියවරෙන්ම අරඹන්න

මාජරී චෑන් ඇගේ සිසේරියන් සැත්කම අවසන් වූ වහාම දරුවා කිරි දෙන්න පුළුවන් වුණ ආඩම්බරය දරාගෙන ඉන්න අම්මා කෙනෙක්. ඇගේ පැටියා පිරිසිදු කර අවසන් වූ ගමන්ම ඇගේ ළඟ කිරි උරා බොන්න පටන් ගත්තා. නමුත් හැම අම්මා කෙනෙකුටම මෙය කරන්න අමාරුයි.

වැදගත්ම දෙය තමයි ඔබට හැකියාව ලැබුණු පසු මේ ක්‍රියාවලිය ආරම්භ කිරීම. පළමු වරට මවක් වූ තවත් මවක් ඇය තව දුරටත් සිසේරියන් සැත්කමින් පසු දැණුන වේදනාව විස්තර කළ අතරම, ඉන් ඇය නොනැවතී මාස 8 ක් යනතුරු දරුවාට මව් කිරි ලබා දුන්නා.

ඒ මොහොත ඔබටත් දරුවාටත් ජීවිත කාලයටම වැදගත් අවස්ථාවක්. මුලින් දරුවාට කිරිදීමේ ක්‍රියාවලිය අමාරු වුනත් එය කෙමෙන් පහසු දෙයක් බවට පෙරලෙන්න නිතර නිතර කිරි දීමෙන් කිරි නිෂ්පාදන ක්‍රියාවලිය හොඳින් සිදු වෙනවා.

මව් කිරි දීමට ඔබට පහසු ඉරියව්වක් තෝරාගන්න

සිසේරියන් සැත්කමකින් පසු ඔබට පහසු ඉරියව්වක් තෝරාගැනීම ඉතාම අපහසු කාර්යයක්. තවමත් සුවවෙමින් තිබෙන ඔබේ ශරීරය ඊට හේතුවයි. පහසු ඉරියව්වක් තෝරා ගැනීම අපහසු වන්නේ ඒ නිසයි.

සිසේරියන් සැත්කමින් පසු ඇලයට හැරී කිරිදීම තමයි ඉතාම පහසු ක්‍රමය වන්නේ. මෙහිදී අම්මත් බබාත් දෙදෙනාම ඇලයට හැරී කිරි දීම කරන්න පුළුවන්. දෙදෙනාගේ මුහුණට මුහුණ හැරී ඍජුවම ළංවී කිරි දීම පහසු වෙන්න පුළුවන්. ටින් නිවේරා පවසන ආකාරයට ඇගේ දියණියන් දෙදෙනාටම සිසේරියන් සැත්කමින් පසු ඇය මේ ඉරියව්වෙන් මව් කිරි ලබාදුන් බව කියනවා.

ෆුට්බෝල් හෝ ක්ලච් හෝල්ඩ් ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙනුත් ඔබේ පැටියා බඩ මත හිඳිම මග හැරෙනවා. ඔබට අත යටින් කොට්ටයක් තබා අත උඩ බබාව තබාගෙන කිරි දීමත් කරන්න පුළුවන්.

උදව් ඉල්ලන්න පසුබට වෙන්න එපා

සිසේරියන් සැත්කමකින් පසුව රෝහලේ වගේම නිවසේ අයගේ සහයෝගය ලැබීමත් ඉතා වැදගත්. මෙය සම්පුර්ණයෙන්ම ඔබව සුව වීමට බෙහෙවින්ම උදව් කරනවා.

රෝහලේ සිටින විට වගේම නිවසට ගිය පසුත් විශේෂඥ උපදෙස් ලබාගන්න උනන්දු වෙන්න. වේදනාවට ලබා ගන්නා බෙහෙත් වර්ග ආදිය මව් කිරි වලට බලපෑමක් නොවන ලෙස ලබාගැනීමටත් මේ උපදෙස් උදව් වෙනවා. ඒ වගේම නිවසේදී ඔබේ උදව්වට කවුරුන් හෝ සිටීමත් වැදගත්. ඔබ වැඩකරන අම්මා කෙනෙක් නම් ලියා කරුනුන්ගන්ට අනුව එවිට තමන්ට ඇවිදීම හා පෙරලීමත් අපහසු වුණා.   

මේ තත්වය තරමක් හෝ සාමාන්‍ය කරගන්න ඇය වෙත දරුවා ලබාදීමට ඇය තවත් කෙනෙකුගේ සහය ගත්තා. මාස නවයක් යනතුරු ඇය මව් කිරි දුන්නා වගේම ඇය සම්පූර්ණ සුවය ලබන තුරු උදව් ලබා ගත්තා.

ඒ වගේම නිවසේ අනෙකුත් වැඩ වලට තවත් අයගේ සහය ලබාගන්න පුළුවන් නම් එය හුඟක් වැදගත්. මේ නිසා නිසි විවේකය පෝෂණය ඔබට ලබාගන්න පහසුයි.  ඒ වගේම ඔබ ගන්න ආහාර ඔබේ ශරීරය තුළ නිපදවෙන කිරි වලට අඩු වෙන බව අමතක කරන්න එපා. මේ හැමදේම සිසේරියන් සැත්කමකින් පසු ඉතා හොඳින් මව් කිරි ලබාදෙන්න උදව්වක් වේවි.

මව් කිරි දීමේ ආශ්චර්ය තවත් වරක් සනාථ කරමින් theAsianparent Sri Lanka අපි ඔබේ දැනුම පුළුල් කරන්න මෙවරත් උත්සාහ කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Breastfeeding advice