theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සිසේරියන් සැත්කමකින් පසු ඇතිවන සාමාන්‍ය සිදුවීම් ගැන ඔබ දැනුවත්ද?

3 අවම කියවීම
සිසේරියන් සැත්කමකින් පසු ඇතිවන සාමාන්‍ය සිදුවීම් ගැන ඔබ දැනුවත්ද?සිසේරියන් සැත්කමකින් පසු ඇතිවන සාමාන්‍ය සිදුවීම් ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගැටළු සියල්ලට මේ පිළිතුරු වැදගත් වේවි.

ඊළඟ ගැබ් ගැනීමේදී සිසේරියන් සැත්කම කළ ස්ථානය අසල කැසීම හෝ දැවිල්ලක් ඇතිවේවිද? කුමක් සිදුවේවිද? ඔබට මෙවැනි ගැටළු හුඟක් ඇතිවෙන්නට පුළුවන්.

සමහර අම්මලා පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමකට කැමැත්තක් දක්වන බව පවසන්න පුළුවන්. නමුත් සමහරුන් එලෙස ඉල්ලීමක් කරන්නේ නැහැ. නමුත් හදිසි වෛද්‍ය තීරණ මත ඔවුන්ට සිසේරියන් සැත්කමකට මුහුණ දීමට සිදුවුවහොත් ඔවුන්ගේ සිතේ හුඟක් ගැටළු මතු වන්නට පුළුවන්.

සැත්කමේ කැපුමේ ප්‍රමාණය හා ප්‍රදේශය  

සිසේරියන් සැත්කමකදී ඇතිවෙන කැපුමේ ප්‍රමාණය, ස්ථානය කොයි වගේද? බොහෝ වෙලාවට මෙම විවෘත කිරීම අඟල් 4-6 දක්වා වන්නට පුළුවන්. හුඟක් වෙලාවට නාභියට පහළ කොටසේ මෙය සිදුවන්නට පුළුවන්. එය හුඟක් වෙලාවට ඔබ කොටට බ්ලවුසයක් ඇන්දත් දකින්නට ලැබෙන්නේ නැහැ. හුඟක් වෙලාවට නාභියට ඉතා පහළින් එය සිදුකරන නිසා කැළල ගැන ඔබට පසුතැවෙන්න වෙන්නේ නැහැ. ඉතාම හදිසි අවස්ථාවක හැරෙන්නට සාමාන්‍ය අවස්ථාවන් වලදී සිරස් අතට කැපුමක් සිදුවන්නේ නැහැ.

පෙනුම

මාස ගණනක් ගත වුණ පසු කැපුම රතු හෝ රෝස පැහැයෙන් දිස්වීම සාමාන්‍ය දෙයක්. නමුත් එය බිය විය යුතු කාරණයක් නම් නොවෙයි. එය සුවවීම දනවන ලකුණක්. ටිකෙන් ටික නොපෙනෙන තරමටම කැපුම සිහින් වීම සිදුවෙනවා. ඉතා උවමනාවෙන් බැලූවිට පමණක් පෙනෙන තරමට කැළල අඩුවී යනවා.

වර්තමානයේ තාක්ෂණය දියුණු නිසා මේ කැළල ගැන ඔබ බිය විය යුතු වන්නේ නැහැ.

නමුත් කලාතුරකින් සැත්කමේ කැළල තරමක් ඝන ස්වභාවයෙන් දකින්නට ලැබේවි. මෙවැනි ගැටළු වලට වර්තමානයේ වෛද්‍යවරුන් කොලජන් අඩංගු ක්‍රීම් වර්ග ගැලවීමට නිර්දේශ කරනවා. නමුත් උපතෙන්ම ශරීරය තුළ කෙලොයිසිස් උත්පාදනය වන අයට මේ තත්වය වැළැක්වීම අපහසු වෙනවා.

ඇදීමකදී සිදුවන්නේ කුමක්ද?

හුඟක් අම්මලාට ඇතිවෙන මේ ගැටලුව තවත් දරුවන් බිහිකිරීමේදී පැනනැගීම සාමාන්‍යයි.

පළමු කාරණය සිසේරියන් සැත්කමක තුවාලය සුව වූ පසු එය කැසීම වේදනාව නැවත ඇතිවන්නේ නැහැ. නමුත් නැවත ගැබ් ගැනීමකදී කැසීම ඇතිවන්නට පුළුවන්.

සමහර කාන්තාවන්ට ගැබ් ගෙන සති 6 ක් පමණ කාලයේදී දැවීම් හා කැසීම් සිසේරියන් කැළල ආසන්නයෙන් හට ගන්නා බව වාර්තා වෙනවා. නමුත් එය ගර්භනී කාලයේ සාමාන්‍ය තත්වයක්. එය ඔබගේ සිසේරියන් කැළල ගැන අවධානයෙන් සිටීමට කරන දැන්වීමක් වගෙයි. හුඟක් වෙලාවට කැපුමට ස්වභාවිකව ලැබිය යුතු කාලය නොලැබී යාම මත අනතුරු දායක තත්වයක් ඇතිවන්නට පුළුවන්. මේ නිසා එවැනි අවස්ථාවන් වල ප්‍රසව හා නාරී වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම වැදගත්.

හැම ප්‍රසූතියකදීම අලුත් කැළලක් ඇතිවෙනවද?

හුඟක් අවස්ථාව වල එසේ වන්නේ නැහැ. හුඟක් අම්මලා මෙය සිප් එකක් ලෙසත් හඳුන්වනවා. හැම අවස්ථාවකම එය විවෘත කර දරුවන් ප්‍රසූත කළ හැකි වෙනවා. එවිට වාර ගණන කාටවත් හොයාගන්න බැහැ. කිහිප වරක් එකම කැපුම විවර කිරීම සාමාන්‍යයෙන් සිදු වෙනවා.

 කැපුම අවට දැනීම

හුඟක් අවස්ථාවන් වල කැළල වටා සමේ දැනීම නොදනී යාම සාමාන්‍ය තත්වයක්. සමහර අම්මලාට නම් එය තාවකාලික වුනත් සමහර අම්මලාට එය දිගටම පවතින්න පුළුවන්. එය වැළකිය නොහැක්කක් නිසා ඒ ගැන බරපතල ලෙස සිතිය යුතු නැහැ.

අම්මලාගේ අත්දැකීම්

හුඟක් අම්මලා සැත්කමින් පසුව ඔවුන්ට කැළල ගැන කිසිදු දැනීමක් හෝ එය දකින්නටවත් නොලැබෙනවා කියලා කියනවා. සමහරුන් දවසේ විටින් විට කැසීම ඇතිවීම ගැන සඳහන් කළත් සමහරුන්ට නම් මාස කිහිපයක් ගෙවුන පසුවත් යම් වේදනාවක් දැනුන බව පවසනවා. හුඟක් වෙලාවට තද ව්‍යායාම හෝ බර එසවිමකදී එලෙස සිදුවෙනවා.

ඉතාම දුලබ අවස්ථාවන් ලෙස වසරක් පමණ වේදනාව පවතින්නට පුළුවන්. මා දන්නා කාන්තාවකට වසර 32ක් ගෙවීගියත් ඒ ආශ්‍රිතව කැසීම ඇතිවන බව පවසනවා. නමුත් දැන් දියුණුව සමග හුඟක් එය වෙනස්ව ඇති බව සිතීම වැදගත්.

අවසන් වශයෙන් සිසේරියන් සැත්කම ලොව වටා ඉතා සාමාන්‍ය සැත්කමක් ලෙස සිදුකරනවා වගේම බොහෝ විට සුවවීම කරදරකාරී නොවන ලෙස සිදුවෙනවා. සිසේරියන් සැත්කම් 4 කට මුහුණ දුන් කාන්තාවක් පැවසුවේ ඇයට කිසිදු ගැටළුවක් පැනනැගී නැති බවයි. අපේ ජීවිතයට මෙවැනි කැළලක් කිසිසේත්ම අනතුරු දායක වන්නේ නැති බව අපේ අම්මලාට දැනුම් දෙන්න අපි කැමතියි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • සිසේරියන් සැත්කමකින් පසු ඇතිවන සාමාන්‍ය සිදුවීම් ගැන ඔබ දැනුවත්ද?
බෙදාගන්න :
  • සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

    සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

  • පසු ගර්භණි සමයේ ඇතිවන හිසකෙස් ගැලවීයාමට ඔබත් මුහුණ දෙනවද?

    පසු ගර්භණි සමයේ ඇතිවන හිසකෙස් ගැලවීයාමට ඔබත් මුහුණ දෙනවද?

  • සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

    සිසේරියන් සැත්කම තුළින් පැටියට අවදානම් 3ක්

  • පසු ගර්භණි සමයේ ඇතිවන හිසකෙස් ගැලවීයාමට ඔබත් මුහුණ දෙනවද?

    පසු ගර්භණි සමයේ ඇතිවන හිසකෙස් ගැලවීයාමට ඔබත් මුහුණ දෙනවද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it