සිසේරියන් සැත්කමකින් පැටියට අවදානම් 3 ක්

lead image

සිසේරියන් සැත්කමකින් පසු ඔබේ පැටියට බලපෑ හැකි අවදානම් 3 ගැන දැන් කියවන්න.

ඔබ ඔබේ දරු පැටියා බිහි කරන්න තෝරා ගන්නේ සිසේරියන් සැත්කමක් ද? නැතිනම් සාමාන්‍ය දරු ප්‍රසුතියක්ද? මේ ලිපිය කියවාම ඔබට ඒ ගැන තවත් හිතන්න පුළුවන්.

වාර්තාවන් වලට අනුව දරු උපත් සඳහා  ලොව පුරා මව්වරු සිසේරියන් සැත්කම තෝර ගන්නා බව හෙළිවී තියෙනවා. බ්‍රිතාන්‍යයේ දරු උපත් 1/4 ක් සිසේරියන් සැත්කම් හරහා සිදුවන අතර ඇමරිකාවේ එය 1/3 ක් ලෙස සඳහන් වෙනවා. බ්‍රසීලයේ එය 100% ක් බව ද වාර්තා වෙනවා.

ආසියාව තුල චීනය වැඩිම සිසේරියන් සැත්කම් සිදුකරන අතර එය 50% ක් පමණ වෙනවා. ලංකාවේ එය 30%ක් පමණ වෙනවා 

මෙතරම් ගණනක් මෙයට යොමුවන්නේ ඇයි?

සංක්‍යා වලට වඩා ඒ සඳහා වන ඉල්ලුම පුදුම දනවන කාරණයක්. සංවර්ධනය වන රටවල නම් එය නවීන වෛද්‍ය පහසුකම් වල වැඩිවීම හා ජීවන තත්වය ඉහල යාම ලෙසද හඳුනාගෙන තියෙනවා.

බොහෝ ආසියාතික රටවල මෙය දෛවඥයන් විසින් ලබා දෙන ශුභ වේලාවන් වලට අනුව සිදුවන අතර වාසනාවන්ත දවසක් හා වේලාවන් වලට අනුව සැත්කම් කරවා ගැනීමට මිනිසුන් පුරුදුව සිටිනවා. සමහරුන් දකින ආකාරයට සාමාන්‍ය දරු උපතකදී සිසේරියන් සැත්කම තරම් ආරක්ෂාකාරී නොවීම ගැනත් අදහස් දක්වනවා.

 

නව සොයාගැනීම් වලට අනුව සිසේරියන් සැත්කමකින් පසු ඇතිවිය හැකි අවදානම් තත්වයන්

පර්යේෂණ වලට අනුව සිසේරියන් සැත්කම් දරුවන්ට බලපෑම් ඇති විය හැකි බව සොයාගෙන තිබෙනවා. මෙහිදී වැළඳීය හැකි රෝග කිහිපයක් හඳුන්වා දෙනවා. ඇදුම, දියවැඩියාව, තරබාරුකම, හතිය ඇතිවිය හැකි බව සොයාගෙන තිබෙනවා.

1. ඇදුම

ස්වසන පද්ධතිය හා සම්බන්දව ඇදුම රෝග ඇති විය හැකි අතර එමගින් හුස්මගැනීම අවහිර කරන වාතය යා හැකි මාර්ග අවහිර කරනවා. එනමුත් ඇදුම ජාන ගත රෝගයක් මෙන්ම පරිසරයෙන්ද ඇතිවිය හැකි රෝගයක් ලෙසද හඳුනාගෙන තිබෙනවා.

2. දියවැඩියාව පළමු වර්ගය

මෙහිදී ශරීරය විසින් ඊට ඉන්සියුලින් නිපදවීම නොකෙරෙන අතර හෝමෝන සීනි බවට හැරවීම සිදු වෙනවා. මෙය ජිවිතේ මුල් කාලයේදීම හඳුනාගන්නා අතර මෙය තරමක් විරල තත්වයක් ලෙස හඳුන්වනවා.

3. තරබාරුව

මේ තත්වය යම් විකලාංග තත්වයක් පෙන්නුම් කරන අතර ප්‍රමාණයට වඩා අවලස්සන ලෙස මහත් වීම දකින්න පුළුවන්. මෙවැනි අයට දියවැඩියාව, ඇදුම, පිළිකා වැනි රෝග ඇති වීමේ අවදානමක් ද තියෙනවා.

මෙම අනිසි ප්‍රතිඵල ඇතිවීම පිලිබඳ සමීක්ෂණ ඇමරිකාවේ නිව්යෝක් සරසවිය හා චීනයේ ෂෙකින් සරසවිය මගින් සොයාගත් දත්ත ඇසුරෙන් ලබාගත් තොරතුරු වන අතර  සිසේරියන් සැත්කමක් හා මෙම රෝග ඇතිවීම අතර ඇති   සම්බන්දතාවය පිලිබඳ වාර්තා සටහන් වන්නේ නැත.

සාමාන්‍ය දරු ප්‍රසුතියේ වාසි

  • සිසේරියන් සැත්කමකට වඩා අඩු කාලයකින් සුවය ලැබෙනවා.
  • බැරෑරුම් සැත්කමක් සිදු වන්නේ නැහැ.
  • සාමාන්‍ය ප්‍රසුතියේදී දරුවට හුස්ම ගැනීම අපහසු වෙනවා.
  • මවගේ සාමාන්‍ය දරු ප්‍රසුතියේ ක්‍රියාවලිය සමග දරුවා හොඳ බැක්ටීරියාවන්ට ලක්වීමෙන් ඔවුන්ගේ ප්‍රතිශක්තිය ශක්තිමත් වෙනවා.

සාමාන්‍ය දරු ප්‍රසුතියේ ඇති අවාසි

  • යෝනි මාර්ගයේ හා අවට පටක ඇදීම හෝ ඉරීමට ලක්වෙන්න පුළුවන්.
  • ශ්‍රෝණි මාංශ පේශින් දුර්වල වීමෙන් මුත්‍රා පාලනය වැනි දේ දුර්වල වීම.
  • ගුද මාර්ගය හා යෝනි මාර්ගය අතර ප්‍රදේශයේ වේදනාවන් හටගැනීම.
  • දරුවා ප්‍රසූතයෙන් එළියට ඒමට බොහෝ වෙර දැරීම නිසා දරුවාගේ හිස් කබලට හා කරපටි අස්ථි ප්‍රදේශයට හානි සිදු වෙන්න පුළුවන්.

සිසේරියන් සැත්කමක වාසි

  • දරු උපත පිලිබඳ නිශ්චිත දිනයක් මුල සිටම දන ගැනීමට හැකි වීම
  • මවට බොහෝ වෙලාවක් ප්‍රසුත ක්‍රියාවලියේ ගත කිරීමට සිදු නොවීම
  • ශ්‍රෝණි ප්‍රදේශයේ පටු බවක් ඇති මව්වරුන්ට මෙම ක්‍රමය තොර ගැනීමට හැකි වීම.

සිසේරියන් සැත්කමක අවාසි

  • හෘද රෝග හා තරබාරු කාන්තාවන්ට ඉතා ඉහළ අවදානම් සහිත තත්ත්ව තිබීම.
  • බැරෑරුම් සැත්කමකට ලක්වීම.
  • සාමාන්‍ය ප්‍රසුතියකට වඩා අසාදන ඇතිවීමේ අවදානම හා රුධිර වහනය වැඩිවීම
  • සුවවීමට වැඩිකාලයක් ගතවීම.
  • දරුවන්ට ස්වසන අපහසුත ඇතිවීමේ ප්‍රවණතා වැඩි වීම.

දරු ප්‍රසුතියකට සුදානම් වන මවකට බොහෝ දේ ගැන හරි වැටහීමකින් ඊට සුදානම් වීම වැදගත් වෙනවා. ඔබේ සෞක්‍ය , දරුවා ගර්භාෂය තුළ සිටින ආකාරය හා මීට පෙර ඔබ සිසේරියන් සැත්කමකට භාජනය වී ඇත්නම් එයද සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

කෙසේ වෙතත් මේ සියල්ලටම ඔබ සුදානම් විය යුත්තේ අනපේක්ෂිත අවස්ථාවන් සිදුවිය හැකි නිසයි. ඔබ දැනුවත් නම් ඔබට පසුව ඒ ගැන පසුතැවීමට සිදුවන්නේ නැහැ. ඒ නිසායි ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka ඔබ වෙනුවෙන් මේ සියලු කරුණු රැස්කර ඔබට ඉදිරිපත් කරන්නේ.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ