සීත සුළං සමඟින් එන කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

lead image

තොල් පැලිලා, කොරල සම මතු වෙලා, හිතට දුකයි, ගතත් කැතයි.. මොනවද මේ වෙන්නේ?

මේ දින වල උදෑසන සිත සුළඟත් එක්ක  කාලගුණය  හරිම ප්‍රසන්නයි. නමුත් ඒ සමඟ හමේ ඇති වන වියලි තත්වය නිසා නම් ගෙදර  හැමෝම පීඩාවෙන්. විශේෂයෙන්ම ගෙදර පොඩ්ඩෝ. ඉතින් ඔබත් මේ සීත දවස් වල මෙම අත්දැකීමට මුහුණ දෙනවාද?

කාලගුණයේ සුව විඳින ගමන්ම පවුලේ සැමගේ සම ආරක්ෂා කරගන්නටත් අමතක කරන්න හොඳ නැහැ. ඉතින් මෙම වියලි සම නැතිනම් කොරල සම ඇති වන්නට හේතුත් ඊට පහසුවෙන්ම කරගත් හැකි ප්‍රතිකාර ගැනත් විමසා බලමු.

කොරල සම නැතහොත් වියලි සම ඇතිවීමට තුඩු දෙන හේතු මොනවාද?

1. දේශගුණය මෙන්ම කාලගුණය

සිරුර අභ්‍යන්තරයේ ඇති වන හේතුන් වලට අමතරව භාහිර දේශගුණික හෝ කාලගුණික තත්ව බලපානවා. පිටත වාතය සිසිල් විට, සමේ ජලය ඉක්මනින් වාෂ්ප වනවා. එවිට සම ඉක්මනින් වියලී තද ගතියක් මෙන්ම පොතු ගැලවී කොරල සම වැනි තත්වයක්ද ඇති කරනවා.

2. අවට ස්වභාවික හෝ කෘතීම උෂ්ණත්වය

අවට උෂ්ණත්වය  අධික වූ විට සම මත ඇති තෙතමනය උරාගෙන වියලි සමක් ඇති වීම සිදු වනවා.

3. උණු දිය නෑම

රස්නේ වතුරෙන් පමණක් නෑමට අද බාල මහලු බොහෝ දෙනෙක් හුරු වී සිටිනවා. මෙම රස්නේ ජලය නිරතුරු සමං අමතා ගන්ටිම නිසා සම වියලීමට පටන් ගන්නවා. උණු වතුර වලට සම මතුපිට ඇති ස්වභාවික තෙල් ගතියද දියවී යන අතර ඒ වගේම නිතර ක්ලෝරීන් සහිත පිහිනුම් තටාක වල පිහිනීම වැනි කාර්‍යයන් මේ වියලීමට හේතුන් විදියට සලකන්න පුළුවන්.

4. තද අව්ව

තද අව්ව සම වියලීමට ලක් කරන අතර ඉන් විහිදෙන පාරජම්බෝල කිරණ සමේ ස්ථර හරහා ගොස් ඊට වඩා භයානක අබාධ ඇති කිරීමට තුඩු දෙනු ඇති. අවුවේ වැඩි වෙලා ගතකරනවා නම් ඇඟ හොඳින් ආවරණය වන ඇඳුම් ඇඳ සන්ස්ක්‍රීන් ආලේප කරගන්නද අමතක කරන්න එපා.

5. රසායනික  ද්‍රව්‍ය සහිත සබන් සහ ෂැම්පු වර්ග

මෙවැනි සේදුම්කාරක නිසා සමට හානි වී මෘදු බව පලවා හරින බව අප දන්නා කරුණක් වන අතර මේවායින් සම විලිමේ ප්‍රවනතාව වැඩි වනවා. ස්නානය කරන විට පමණට වඩා ඇතිල්ලීම නිසාද සමේ ස්වභාවික තෙල් තට්ටුව ඉවත්වී සම වියලෙන්න ඉඩ තිබෙනවා.

කොරල සම නැතහොත් වියලි සම ඇතිවීමට වළක්වාගන්නේ කෙසේද?

1. ඔලිව් තෙල්

ඔලිව් තෙල් වල අඩංගු ඇන්ටිඔක්සිඩන්ට් සහ සෞඛ්‍යමත් මේද වර්ග නිසා ඒවා සම මත ආලේපය ඔබේ සමට එය බෙහෙවින් හිතකරයි.

2. යොදය සහිත කිරි

කිරි වල ඇති තෙතමනය නිසා ඒවා පානය සහ ආහාරයට ගැනීම, සිරුරේ වියලි සහ කසන තත්වය පහ කරන්නට උපකාර වනවා.  කිරි වල ඇති ලැක්ටික් ඇසිඩ් වල පරිපුර්ණ බව නිසා තෙතමනය සම මත රඳවා තබන්නටද හැකි වන අතර සමේ දිප්තියද වර්ධනය කරනවා.

3. යෝගට්

යෝගට් යනු සම රැකගන්නට භාවිතා කරන්නට පුළුවන් හොඳම අත් බෙහෙතක්. කිරි වලින් සහ යොදයෙන් කුමක් හෝ ප්‍රථිපලයක් ලබා දෙනවා නම් ඒ සියල්ලම අප ආහාරයට ගන්නා සහ සමේ ආලේප කරනා යෝගට් වලිනුත් ලබා දෙනු ඇත.

4. පොල්තෙල්

පොල්තෙල් යනු වියලි සමකට හොඳම ප්‍රතිකාර ක්‍රමයක්. රාත්‍රී නින්දට පෙර අත් සහ කකුල් වල ආලේප කිරීමෙන් වියළි බව නැතිකර සුමුදු සමක් ලබාගත හැකියි.

5. කෝමාරිකා

කෝමාරිකා යනු සමකට ලබා දෙන්න පුළුවන් හොඳම බෙහෙතක්. හදිසි අනතුරක් නිසා සම පිලිස්සුනද කෝමාරිකා ඒ පිළිස්සුනු තැනට ගෑමෙන් මැරුණු සම ඉවත් වී අලුතින් සම නිපදවෙන්න පටන් ගනු ඇති.

6. මොයිස්චරයිසර්

ස්වාභාවිකව අලෙපනයක් නොවුවද හොඳ ප්‍රමිතියකින් යුත්  මොයිස්චරයිසරයක් සැම විටම සමේ අලේප කල යුතුය. ඔබේ මල්ලේ මෙම බෝතලයක් ළඟ තබා පවුලේ අයගෙත් හැකි සම විටම අලේප කිරීම පුරුද්දක් කරගත හැකියි.

ඉතින් මෙම ක්‍රම අධාරයෙන් ඔබේ සමත් පවුලේ අයගේ සමත් ස්වාභාවිකවම ටකගන්නට අවශ්‍ය පියවර ගනී යයි අපි විශ්වාස කරමු.

මෙවැනිම තවත් ලිපියක් ලාබාල පෙනුම ඇති සමක් සදහා ඔබේ මුහුණට ව්‍යායාම්!