සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

lead image

පෝෂණය නැති නොකර රසවත් ආහාර වේලක් දරුවන්ට දෙන්න අම්මලා කැමතියි. ඒ වෙනුවෙන් මේ උපායන් 14 ගැන සිතා බලන්න.

හුඟක් දරුවන් සීනි නොදැම්මත් දත් ඒමට පෙර සිටම සීනි වලට කැමැත්තක් දක්වනවා. නමුත් සීනි වලට ආස නිසා දරුවන්ගේ කෑම වල පෝෂණය අඩු කළයුතු නැහැ. ස්වභාවයෙන්ම පැණිරස ඇති කෑම, කෑම වලට එකතු කිරීම ඊට හොඳම උපායක්.

මේ එවැනි ස්වභාවික පැණිරස ආහාර වර්ග ලැයිස්තුවක්.

කෙසෙල්

පොඩිකර ගත් කෙසෙල් වල සීනි වගේම පොටෑසියම් අඩංගු වෙනවා. එතරම් පැණි රස නැති අලිගැටපේර හෝ අකමැති ආහාර සමග මුසුකර දෙන්න පුළුවන්.

ඇපල්

ඇපල් පොඩිකර සාදා ගත් තලපය ඕනෑම කෑමකට මුසුකරන්න හොඳයි. බ්රොකලි වැනි කෑම වලටත්, අකමැති කෑම වලටත් මෙය මුසුකරන්න පුළුවන්.

පෙයාස්

ඇපල් වෙනුවට පෙයාසුත් තලපයක් ලෙස දරුවන්ගේ කෑම හා මුසුකරන්න පුළුවන්. ඉන් නොදැනුවත්වම පැණිරස බව දරුවන්ට දැනෙනවා.

බතල

මෙය අල වගේම දරුවන්ට ප්‍රධානව දෙන්න පුළුවන් ආහාරයක්. එහි ඇති පැණිරස ගතියට දරුවන් කැමති වෙනවා.

මව් කිරි

මව් කිරි ස්වභාවිකවම පැණි රස නිසා, සාදාගන්නා කෑම වලට මව් කිරි ටිකක් එක්කළ විට දරුවන්ට එහි සුපුරුදු රසයක් දැනෙනවා.

වැනිලා පවුඩර්

සීනි අඩංගු නොකළ වැනිලා පවුඩර් කෑමට එකතු කිරීමෙන් හොඳ රසයක් වගේම සුවඳකුත් ලැබෙනවා.

කැරට්

බතල තරමට පැණි රස නොවුනත් කැරට් වල ඇති පැණිරස බව කෑම වලට පැණිරස එක් කරනවා. තීරු වලට කපා බේක් කිරීමෙනුත් හොඳ පැණි රසක් ලැබෙනවා.

චෙරිස්

පැණිරස චෙරිස් වලිනුත් එතරම් රස නැති කෑම රසවත් කරන්න ලෙහෙසියෙන්ම පුළුවන්.

බෙරි

බෙරි පුංචි දරුවන්ට ඉතාම හොඳයි. ඔවුන් කැමති පළතුරක්. එහි ගුණයත් ඒ වගේමයි. යෝගට් වැනි දෙයක් ස්ට්‍රෝබෙරි සමග මුසුකර දීමෙන් ඔවුන් හුඟක් කැමති වේවි.

 

බීට්

තවත් යහමින් සීනි අඩංගු බීට් වල පැහැයට වගේම රසටත් දරුවන් කැමතියි.

කුරුඳු

කුරුඳු වල පැණි රසක් තියෙනවා. තිත්ත රස කපා දමන්න කුරුඳු වලට පුළුවන්. සුප් වර්ග හා එළවළු තලපයකට කුරුඳු කුඩු ටිකක් එක්කර ගැනීමෙන් ප්‍රණීත රසක් ලබාගන්න පුළුවන්.

රෝස් කරන ලද එළවළු

එළවළු රෝස් කිරීමෙන් එහි පැණි රස ගතිය වැඩිවෙනවා. එළවළු කොටු කැබලි වලට කපා ඔලිව් ඔයිල් ටිකක් දමා බේක් කරගන්න. ස්වභාවික සීනි කැරමල් ලෙස තැම්පත් වී රසයක් ගෙන දෙනවා.

පොල් තෙල්

පොල්තෙල් ඉතා රසවත් ස්වභාවික රසඛාරකයක්. එහි ඇති පෝෂණ ගුණයන් නිසා රස සේම ගුණ ඉහළින් ලැබෙනවා.

නිතර ස්වභාවික පලතුරු එළවළු ගෙදරදීම පිළියෙළ කර දරුවන්ට දෙන්න ඇත්නම් එය ඉතා අනර්ඝයි. මේ පණිවිඩය

theAsianparent Sri Lanka ඔබට ගෙන ආවේ ඒ වෙනුවෙනුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ