අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

lead image

පියෙකුට නොදෙවනි සීයා කෙනෙක් තම මිනිබිරියන් කෙලෙසීමේ කඳුළු කතාව. ඔබේ දරුවන් හැකි තාක් ඇස් මානයේ තබාගන්න

අම්මලා තාත්තලා දරුවෝ බලාගන්නේ තම පනටත් වඩා ආදරෙන් තමන්ගේම ඇස් දෙක වගෙයි. අම්මලා තාත්තලාට දෙවෙනි තැන ගන්නේ දරුවන්ගේ ආච්චිලා සීයලායි. සමහර විට දක්නට ලැබෙන්නේ අම්ම තාත්තාටත් වඩා ආච්චිලා සීයලා දරුවන්ට ආදරය කරන බවක්. එවන් ලොවක කාමාශාවන් හමුවේ තම මිනිබිරියන් කෙලෙසිය හැකි සීයලා සත්‍යයෙන්ම වසන බවට පසක් කර දෙන අනුවේදනීය පුවතක් වාර්තා වන්නේ ඩේලි නිව්ස් පුවත් පතේ පසුගිය සතියේ පළවූ ප්රවෘත්තියකින්.

අනුරාධපුර ශික්ෂණ හා ළමා කාර්යාංශය විසින් ඊයේ සවස හැට හැවිරිදි පුද්ගලයෙකු මෙම සීයාව අත්අඩංගුවට ගෙන තිබුනේ සිය මිණිබිරියන් දෙදෙනාට ලිංගික ලිංගික අතවර කිරීම හේතුවෙනි.

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සීයාගේ නිවසේ තබා සිටි 7 හැවිරිදි සහ 14 හැවිරිදි දැරියන් දෙදෙනා කලක සිටම මෙම සියා අතින් අතවරයට ලක්ව ඇති බව වාර්තා වනවා.

දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මෙම සිදුවීම දරු දෙදෙනා විසින් තම දෙමාපියන්ට දැනුම් දී ඇත. ඒ අනුව තම දූවරුන් දෙදෙනාගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර ඇත.

සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අනුරාධපුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනවා.

දරුවන් අපචාර වලින් ආරක්ෂා කර ගත හැකි ආකාර ගැන අප ලිපි කිහිපයක් හරහා ඔබ දැනුවත් කර තිබෙනවා. එම ලිපි අතුරින් පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද? යන මේ වැදගත් ලිපිය යළි කියවීමට අප ඔබට ආදරයෙන් ආරාධනා කරන්නේ දරුවන්ට ඔබ නොදැනුවත්ව යම් කෙනෙක්ගෙන් පිඩාවට ලක් වනවාද කියා කල් තියා දැනගන්නටත්, ඉන් දරුවන් මුදවා ගන්නටත් ඔබට කළ හැකි දෑ යනාදී වැදගත් තොරතොරු රැසකින් ඔබට දැනුවත් විය හැකි නිසා.

හැකි තරම් දරුවන් ඔබේ ඇස් මානයේම තබා ගන්න. ඔවුන් ඔබේ පණ මෙන් රැකගන්න.