සීසේරියන් තුවාල කැලල: ලොව පුරා ගිය අසීමිත කැපකිරීමක ආදරණීය සලකුණ

lead image

මෙම සීසේරියන් තුවාල කැලල සහිත  ඡායාරූපය ලොව වටා මව්වරුන්ගේ නිර්භීතකම සදහා සාක්ෂියක් වේ. ඇයි කියා කියවන්න.

අම්මාගේ කලවා මත සුවබර   නින්දක්  ලබන මේ ආදරණීය අලුත උපන්  දරුවා දෙස බලන්න. මේ අම්මාගේ කුස  හරහා ගිය සීසේරියන් තුවාල කැලල ඔබ දුටුවාද?

නමුත් මෙය කැළලක් විතරක්ම  නෙවෙයි.

එය කිහිප ආකාරයකින් ජීවිතයේ ප්‍රබල සලකුණක් වන අතර එය අම්මාගේ ජීවිතයද සුරකිමින්  මේ ලොවට අලුත් ජීවිතයක් ගෙන ඒමට විවර වී යලිත් වැසුනු දොරටුවයි.

නම නොදන්නා මවක් සහ ඇගේ දරුවාගේ සිත් ඇදගන්නාසුළු මේ කලු හා සුදු  ඡායාරූපය   ඡායාරූප ශිල්පී හෙලන් කාමිනා විසින්  ගෙන ඇත.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/12/c section scar 1.jpg සීසේරියන් තුවාල කැලල: ලොව පුරා ගිය අසීමිත කැපකිරීමක ආදරණීය සලකුණ

කාමිනා ඇගේ ෆේස්බුක් පිටුවෙහි ලොව පුරා ගිය මෙම අලංකාර ඡායාරූපයේ පිටුපස කතාව කියා තිබෙනවා:

"ටික කාලෙකට පෙර මම මේ අම්මාගේ ගර්භණීත්වය ඡායාරූප ගත කලා.

"සීසේරියන් සැත්කමකට මුණදෙන්න වේ යැයි ඇය කොතරම් බය දැයි මට කිව්වා. පසුගිය සතියේ ඇයගේ දරු ප්‍රසුතිය සිදු වු අතර  එය සංකූලතා ඇතිවීම නිසා සිදුකෙරුනු හදිසි සීසේරියන් සැත්කමක් වුනා.  

"ඇයගේ සහ ඇයගේ දරු පැටියාගේ ජීවිතය සුරකිමින් ඇයගේ භයානක සිහිනය ඉටු වී ඇති නිසා  අද උදෑසන මට  පැමිණ මෙම විශේෂිත ඡායාරූපයට ගන්නා ලෙස ඇය ඉල්ලා සිටියා."

සීසේරියන් සලකුණක් එපා...

තමන්ගේ  තුවාල කැලල්, ගැටිති හා ප්‍රසිද්ධියේ මව්කිරි දෙන ඡායාරූප  සමාජ මාධ්‍ය තුල පල කිරීමට නැඹුරුතාවක්  තියෙන මාපියන්ගේ ලෝකය තුළ සීසේරියන් සලකුණ තවමත් සංවේදී මාතෘකාවක් ලෙස පිළිගැනීමට ලක් වී ඇත.

දරුවා බිහිකිරීමට කාන්තාවකගේ කුස හා ගර්භාෂය හරහා සීසේරියන් කැපුම යොදනු ලබනවා. සමහර කාන්තාවන්  සීසේරියන්  සැත්කම තෝරා ගත්තත් මවට හෝ දරුවාට සාමාන්‍ය උපත් මාර්ගය හරහා කරන ප්‍රසුතිය අවදානමක් දරනවා නම් පමණක් මෙම ක්‍රියාවලිය සිදුකරනු ලබනවා.

ඡායාරූපයේ  සිටින අම්මා වැනි බොහෝ කාන්තාවන් ගර්භනී අවධියේදී මෙම ක්‍රියාවලියට බෙහෙවින් බිය වන අතර අනෙක් අය සීසේරියන් සැත්කමකින් පසු ඇතිවෙන කැලල ගැන බියක් දක්වනවා .

දරුවා උපත් මාර්ගයෙන් උපත නොලබන්නේ නම් ඒ ගැන අසාධාරණ හේතු දැක්වීමක් සමඟ මෙම කැලල සාමාන්‍යයෙන් සම්බන්ධතාවයක් තියෙනවා. එනම්, සීසේරියන් සැත්කම යනු දරුවා ශල්‍යකර්මයකින්  ඉවත් කිරීම පමණක් නිසා එය සැබෑ උපතක් නොවේ යන්නයි.

සිසේරියන් සැත්කමකින් ඔබ දරුවා බිහිකිරිමෙන්  ඔබ උපත් මාර්ගය හරහා සාමාන්‍ය දරු උපතක් සිදුකල කාන්තාවකට වඩා ඔබ මාතෘත්වයෙන් පහල වැටීමක් සිදු වෙන්නේ නැහැ.

කාමිනාගේ ඡායාරූපය ඉදිරිපත් කරන ලද ප්‍රබල පණිවිඩය වැදගත් වන්නේ මෙන්න මේ නිසයි .

ඒ මගින් එක් මවක් ඇයගේ ජීවිතය සුරකිමින් එක් ලෝකයකින් තවත් ලොවකට දරු උපතක් සිදු කල කැලල (ඇත්ත වශයෙන්ම උපත් දොරටුව) ආඩම්බරයෙන් පෙන්නුම් කරනවා.  ඒ මගින් දරුණු භීතියට මුහුන දී ජයගත් මවක් පෙන්වනවා.

ඔබට මවගේ මුහුණ දැකිය නොහැකි වුවද, පුංචි පැටියා සුවසේ නිදාසිටින්නේ ආදරයෙන් පිරි පරිසරයක් අවට ඇති නිසා  බව මවක් වශයෙන් ඔබ දන්නවා.

කාන්තාවක් දරු උපත සිදු කරන්නේ සීසේරියන් සැත්කමකින් වුවද උපත් මාර්ගය හරහා සාමාන්‍ය දරු උපතක් ලෙස වුවද දරුවා කෙරෙහි ඇයගේ ආදරය වෙනස් නොවන බව මෙම ඡායාරූපය අපට මතක් කරදෙනවා.

ඒ මගින් ඇය ඇත්ත වශයෙන්ම දරු උපත ලබා දී නැති බව  අදහස් නොකෙරෙන අතර  නිසැකව ම ඇය මවකගේ හෝ කාන්තාවගේ තත්වයෙන් පහත වැටීමක් සිදුනොවේ.

සීසේරියන් සැත්කමකට වටිනා ජීවිත බේරාගැනීමට හැකියාව ඇති බවත් අපි මතක් කරනවා. සීසේරියන් සැත්කමකට මුහුණ දෙන මව්වරු නිර්භීත මෙන්ම බලවත් වන අතර ඔවුන්ගේ සීසේරියන් තුවාල කැලල ඒ සඳහා සාඩම්බර සාක්ෂියක් බව අපිට වැටහෙනවා.

මෙම කැළැල් සැමරීම කල යුතුය. මෙය ලැජ්ජාවක් නොවේ. කාමිනාගේ ඡායාරූපය  වැනි කණගාටුව දනවන ප්‍රබල ඡායාරූපයත් සමග, අපට සීසේරියන් සැත්කම ගැන  පැතිර යන ඍනාත්මක මතයන් ඉවත් කළ හැකිය.

කැලලක්   යනු අවමානයක්  සේ සලකන ලෝකයක අභිමානයක් වන  සීසේරියන් තුවාල කැලලට the Asianparent Sri Lanka අපි හිස නවා ආචාර දක්වනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී