සීසේරියන් සැත්කම් වලට සීමාවක් තිබේද?

මවුවරුන්ට ආරක්ෂිතව මුහුණ දියහැකි සීසේරියන් සැත්කම් ප්‍රමාණය ගැන ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? වැඩි විස්තර දැනගන්න කියවන්න!

වර්තමානයේ,  ඇතැම් මව්වරුන් ස්වාභාවික දරු ප්‍රසුතිය  වෙනුවට සීසේරියන් සැත්කම්  තෝරාගැනීම නිසා එය වඩා වැඩි වශයෙන් භාවිතා වෙමින් පවතී.

සීසෙරියන් සැත්කමකින්  තම මුල්ම දරුවා බිහිකල මවුවරුන්  ඔවුන්ගේ දෙවන දරුවා සදහාද සීසෙරියන් සැත්කමකට යොමු වීමට 90% ක සම්භාවිතාවයක් ඇත .

මව්වරුන්  සඳහා සීසේරියන් සැත්කම්  කොපමණ ආරක්ෂිතව කල හැකිද?

බොහෝ පැති වලින්  සීසෙරියන් සැත්කම්  කොපමණ ආරක්ෂිත වනවාද යන්න පිළිබඳ පැහැදිලි පිළිතුරක් නැත.

කෙසේ වෙතත්,  සිසේරියන් සැත්කම් වැඩි ප්‍රමාණයක් කිරීම කාන්තාවන්ට වඩා වැඩි අවදානමක් ඇති වේය යන්නට වෛද්‍යවරවරුන් එකඟ වේ.

වෛද්‍ය  මා්රා ෆ්රැන්සිස් ට අනුව  "සාමාන්යයෙන් සීසේරියන් සැත්කම් එකක් හෝ දෙකක්  මවට  හෝ දරුවාට  සැලකිය යුතු වැඩි අවදානමක් ඇති නොකරයි."

මීට අමතරව, මායෝ සෞඛ්‍ය  සායනයට අනුව කාන්තාවකගේ තුන්වන සීසෙරියන් සැත්කමකින් පසුව වැඩි අවදානමක් ඇත.

නමුත්  'සුරක්ෂිත' සිසේරියන් සංඛ්‍යාවක් නොමැත.

අවදානම් මොනවාද?

නැවත කරන  සීසේරියන් සැත්කම් සමග  පැමිණෙන අවදානම් තත්වයන්: 

කැලැල් ඇතිවීම - ඔබ සීසේරියන් සැත්කමකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම බාහිර මෙන්ම අභ්‍යන්තර කැළැල් ඇති වනු ඇත. මෙසේ ඇතිවෙන  කැළැල්  නිසා ඔබේ ඊළඟ සීසේරියන් සැත්කම් සදහා  අපහසු වේ.

නැවත සිදුකරන සීසේරියන් සැත්කම් වලින් පසු ඔබේ වැදෑමහ මගින් ඇතිවෙන ගැටලු , ඔබේ වැදැමහ ඇතැම් විට ඔබේ ගර්භාෂයේ බොහෝ රෝපණය  කළ හැකි අතර සමහර විට ඔබේ ගැබ් ගෙලහි විවරය පවා ආවරණය කල හැකිය .

මුත්‍රාශයේ හෝ ගුද මාර්ගයේ තුවාල - සාමාන්‍යයෙන් නිතර සිදු නොවුවත්  ඒවා නැවත නැවත සීසේරියන් සැත්කම් කිරීම සමග  ඇතිවිය හැක.

අධික රුධිර වහනය - අධික රුධිර වහනය සීසේරියන් සැත්කම්  සමග පැමිණෙන අවදානමක් වන අතර, සීසේරියන් සැත්කම්   ප්‍රමාණය වැඩිවෙත්ම  අධික රුධිර වහනයක් ඇතිවීමේ අවදානමද තිබේ. ඇතැම් අවස්ථාවල දී එය ගර්භාෂය ඉවත් කරන ලද Hysterectomy  අවශ්‍ය වේ.

දවස අවසානයේදී, ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම වැදගත් වන අතර සීසේරියන් සැත්කමක් හෝ ස්වභාවික ප්‍රසුතියක් ලබා ගැනීම  ඔබට අවශ්‍ය ද නැද්ද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඒ මගින් ඔබට ඒ ක්‍රම දෙකම සංසන්දනාත්මකව බැලිය හැකි අතර  ඔබ හා ඔබේ දරුවා සඳහා වඩාත්ම සුදුසු තෝරා ගත හැකිය.

දරු උපත් සිදුවෙන ආකාරය පිලිබඳ අම්මලාට හැමදාම තියෙන්නේ චකිතයක් , ඒ නිසා ඒ පිලිබඳ මේ පුංචි දැනුවත් කිරීම ගෙන එන්නේ  The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී