මං ඔයාගේ සුදු අම්මාට හුගක් ආදරෙයි පුතේ...

මං ඔයාගේ සුදු අම්මාට හුගක් ආදරෙයි පුතේ...

".පුංචි පුතේ මේ ඔයාගේ තාත්තාගේ හිතේ අම්මී වෙනුවෙන් ඇති ආදරයයි..." නදීශා ලක්මිණී ගෙන් තවත් සුන්දර කවියක්.

අම්මාට ආදරෙයි: "හැම අම්මෙක්ම පුංචි පැංචෙක් මේ ලෝකෙට ගේන්න පෙරුම් පුරද්දි එයාට එක හීනයක් තියෙනවා. ඒ තමයි මගේ පුතේ ඔයාගේ තාත්තාගේ ආදරේ.

ඒක හරිම අහිංසක හීනයක්. පුංචි පුතේ මේ ඔයාගේ තාත්තාගේ හිතේ ඔයාගේ අම්මා වෙනුවෙන් ඇති ආදරයයි."

අම්මාට ආදරෙයි...

දැන ගත් දා සදක් පායන බව අප අහසේ

ලංවී හෙමිහිට රස රහසකි ඈ මට කිවේ

කැන්දා ගෙන එන්නට මගේ ලේ උරුමේ

ඇගේ ජීවිතයයි පුතුනි උගසට තැබුවේ

 

කැමට පිරිය නැතිවීලයි ඈ ඉකි බින්දේ

නෑ එක බත් පිඩුවක් එදවස මං කෑවේ

බලනා විටදි කැඩපත ලග වැහැරුන රූපේ

එක වදනකින් නෑ මං ඇගේ හිත පෙලුවේ

 

සුසිනිදු අතැගිලි රලු වෙන විට රහසේ

ආදරයෙන් මං ඇගේ දෝතම පිරිමැද්දේ

දිගු කෙස් වැටිය ඈ අතහැර ගිය දවසේ

ඈ වෙනුවෙන් මගේ හද නොවැ ඉකිබින්දේ

 

නිල් ඇස් සැගවුන විට සුදු මුහුණේ රැලි අස්සේ

ඇගේ කිසි කැතක් නෑ මගේ ආදර ඇස් දුටුවේ

කැටයම් ඇවිත් නවතින විට ඉස්සුන කුස මත්තේ

ඉදිමුන ඇගේ දෙපා මගේ දෝතිනි පිරිමැද්දේ

 

හඩ ගා හඩන විට විලියෙන් ඈ අදුරු රැයේ

මගේ හදවතයි දහස් වර ඉපද මිය ගියේ

හිනැහුන විට ඈ නුඹ හොවා ලයේ

සුසුමක් වැටුනා මට තව මතක තියේ

 

නුඹ වෙනුවෙන් දන්දී රුසිරු දෙතිස් පැයේ

වැහැරුන මුහුණ මට හැමදා රුවට පෙනේ

නුඔ වෙනුවෙන් ඈ කැප වු හැම මොහොතේ

මා වෙනුවෙන් නෑ කිසිවක් මං පැතුවේ...