5න් ඉවර වන ඕනෑම අංකයක වර්ගය හොයන්නේ කොහොමද?

lead image

අංක 5 අගට ඇති ඕනෑම ඉලක්කමක වර්ගය සැනකින් මනෝමයෙන්ම සොයාගන්නා හැටි මෙතැනින් බලාගන්න.

ඔන්න අම්මි තාත්තී, පුතාට දුවට චන්ඩියෝ වගේ ගණිතය වැඩ පෙන්නන්න පුළුවන් අවස්ථාවක් ඔයාලට දෙන්නයි මේ යන්නේ. පාසැලේ කියා නොදෙන මේ අපූරු ගණිතය විස්කම දරුවන්ට පමණක් නොවෙයි ඔබ අපිටත් ගොඩක්ම වටිනවා. 

මේ කියන්නේ අංක 5 අගට ඇති ඕනෑම ඉලක්කමක වර්ගය සැනකින් මනෝමයෙන්ම සොයාගන්නා හැටි...

ගණිතය

පහත ගණිතය වීඩියෝව බලලා දරුවාටත් කියා දෙන්න.

ඉතින් නොබෝ දිනකින් එන වාර විභාගයට මෙය යම් තරමින් හෝ උදව් වේවි යැයි සිතමු. 

මෙන්න මේවත් try කරන්න!

1. දවස පුරා ගණන් කරන්න

ඉතින් මේ ක්‍රියාකාරකම ආයාසයකින් තොරව දවසේ එදිනෙදා දේවල් දරුවා සමඟ ගණන් කිරීම සම්බන්ධවයි. දරුවා සමඟ පඩි පෙලේ පඩි ගණන, දුරකථනය නාද වුනු වාර ගණන වැනි දේ ගණන් කිරීමෙන් නිරායාසයෙන්ම දරුවාට ගණිතය විනෝදයක් වීම වැළක්විය නොහැක.

2. කේක් තැටි විනෝදය

ඔබට අවශ්ය දේ: මෆින් කේක් තැටියක් (හෝ හිස් බිත්තර බහාලුමක්), විශාල බොත්තම්.

පළමුව, තැටියේ කුටි තුළ මාකර් පෑනක් ආදරයෙන්  1 සිට අංක ලියාගන්න.

මීලඟට ඔබේ දරුවාට අංකයක් ලබා දී එය අදාළ කුටිය තුළට දමන්නට කියන්න. එමඟින් අදාල මෆින් ටින් අවකාශයේ නිවැරදි බොත්තම් ගණන තබන්නට ඔහුට/ඇයට කියන්න.

3. රබර් බෝල හෝ තාරාවන් ගණන් කිරීම

ඔබට අවශ්ය දේ: සෙල්ලම් රබර් බෝල හෝ රබර් තාරාවන්, දාදු කැටයක්, ජලය පිරවූ නොගැඹුරු බඳුනක්.

මෙය පෙර පාසල් දරු දැරියන්ට මහත් විනෝදයක් ගෙන දෙන ක්‍රීඩාවකි. තාරාවන් ගැන ගීයක් ගයා ක්‍රීඩාව ආරම්භ කරන්නට පුළුවන් (මගේ පොඩි තාරා)

මීළඟට, මේසය මත නොගැඹුරු ජල භාජනය තබන්න.

දරුවා ලවා මේසය මත දාදු කැටය දමන්න. එහි තිත් ගණන් කරන ලෙසත් අදාළ තිත් සංඛ්‍යාවට ගැලපෙන තාරාවන් සංක්‍යාව හෝ රබර් බෝල සංඛ්‍යාව ජාල බඳුනට දමන්නට  කියන්න.

දෙමාපියෙනි, වඩාත්ම වැදගත් වන්නේ මෙම ක්‍රියාවලිය තරම් විනෝදජනක එකක් කිරීමයි. එම විනෝදය තුළින් දරුවාට ගණිතය ඉගෙනීම විනෝදයක් වන අතර එමගින් තව දුරටත් ඉගෙන ගැනීමට උනන්දු වනවා.

පෙර පාසැල් දරුවන්ගේ ඉගෙනීම වඩාත් කාර්යක්ෂම වන්නේ විනෝදය හා සෙල්ලම් අනුසාරයෙන් ඉගැන්වීම තුලිනි. එබැවින් එය ප්‍රීතිමත් අත්දැකීමක් කිරීම අපගේ යුතුකමයි. දරුවාගේ උත්සාහය අගය කරන්න, ඊට ප්‍රශංසා කරන්න.මෙමගින් දරුවාග ගණිතය විනෝදජනක විෂයක් වීම වැළක්විය නොහැකි වනු ඇත!

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

 

Written by

Niloufer Perera