theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සුන්දර විවාහයක් ලබාගන්නට ඔබට පිළිපැදිය හැකි රීති 7ක්

3 අවම කියවීම
බෙදාගන්න :
•••
සුන්දර විවාහයක් ලබාගන්නට ඔබට පිළිපැදිය හැකි රීති 7ක්

විවාහය මනාව පවත්වා ගැනීම සදහා ඔබ සතු වගකීම් බොහොමයක් වෙයි. ඒ සදහා මේ පුංචි උපදෙස් කිහිපය ඔබ සදහාමයි.

සුභ විවාහය...

නිවසේ නිතර තිබු අවුල් වියවුල් හින්දා

බිරිදක අනියම් පෙමක හිත බැන්දා

අනියම් සැමියාගේ ගේ හිත ගන්නද මන්දා

ඈ සියතින් සැමියාගේ ගෙල සින්දා

 

පියාගේ දිවිය උදුරා ගත් හින්දා

අම්මාගේ අත් වල විලංගු බැන්දා

පැටවුන් තිදෙනෙක් තනි වු හන්දා

කුමක් කරන්නද මේ උරුමෙද කරුමෙද මන්දා

ලොව ගමන් කරමින් සිටින්නේ මොන මෘග යුගයටදැයි මාද නොදනී. නමුත් දැන් අසන්නට ලැබෙන්නේ ම්ලේච්චත්වයෙන් උපරිමයට ගිය වුන් ඉතිරි කල සෝසුසුම්ය.

රුවිනි සුන්දර යුවතියකි. ඇය දමිත් හා සුභ විවාහය ක එක වී යුග දිවියක් ගෙව්වා. ඒ කැදැල්ලට දුපුතුන් තිදෙනෙක්ද එකතු වුනා.

ඇත්තටම ඔවුන්ගේ ආදරය පෑල දොරින් පලා ගියේ ඇයිදැයි තවමත් රහසක් වුවද රුවිනි තම ව්‍යාපාරික සැමියා යටතේ සේවය කල නලින් සමග අසම්මත පෙමක පැටලෙද්දී ඇයට වයස තිස්තුනක්ද නලීන්ට වයස විස්සක්ද වුවා පමණි.

අසම්මත ආදරය ගලා යන්නට ඇත. පසුගිය දිනෙක එහි වියරු ඵලය එලියට ආවා. රුවිනි හා නලීන් එක්වී දමිත්ව කපා කොටා මරා දැමුවේ පුංචි දරු තිදෙනාට පිය සෙනෙහස සදහටම අහිමි කරමින්, කල පවි කිසිදිනෙක සැගවිය නොහැකි බව පසක් කරමින් රුවිනි හා ලාබාල අනියම් සැමියා නිතීයේ රැහැනට කොටු වුවා. අද අවිහිංසක දරු පැටව් තිදෙනෙක් දෙමව්පියන් අහිමිව ජීවිතය විදවනවා.

මම  අද මේ කථාව ඔබ වෙත ගෙන ආවේ මෙය ඔබේ රසවින්දනය සදහා නොවේ. මේ කෙටි කතාවක් හො නව කතාවක්ද නොවේ. මේ මෑතකදි අප අතරම සිදු වු වියරු ආදරයක ඛේදවාචකයකි. අවසානය වුයේ දරු තිදෙනෙකුට යන එන මං නැතිවීමය.

සුභ විවාහය

සුභ විවාහය 

විවාහය යන නිතී රාමුවට කොටු වී දෙදෙනෙක් ජීවිතය බෙදා ගැනීම පෙරදිග සමාජයේ සාමාන්‍යයෙන් සිදුවන ක්‍රමය වේ. නමුත් මේ විවාහය තුල කොටු වන්නේ හාත්පසින්ම එකිනෙකාට වෙනස් චරිත දෙකකි. ඒ චරිත ජිවිතය ගලපා නොගත්තොත් අවසානය ඔවුන් දෙපලගේම ජීවිත අපායාක් කරනු ඇත.

විවාහයට පෙර මොහොතක් හිතන්න

ආදර හෝ වේවා යොජිත හෝ වේවා විවාහයට පෙර මොහොතක් හිතන්න. විවාහය ජිවිතයේ නැවත ඉපදීම ලෙස අයෙක් අර්ථ ගන්වනු ලබයි. ජීවිතයෙන් වැඩිම කාලයක් අප ජිවත් වන්නේ විවාහය තුලදී අප හදුනා ගන්නා නන්නාදුනා අයෙක් සමගයි. ඒ නිසා විවාහය ගැන විවාහට පෙර සිතිය යුතු දෑ බොහො වෙයි.

විවාහය තුල ඔබගේ භූමිකාව

විවාහය මනාව පවත්වා ගැනීම සදහා ඔබ සතු වගකීම් බොහොමයක් වෙයි. ඒ සදහා මේ පුංචි උපදෙස් කිහිපය ඔබ සදහාමයි.

1 නිවැරදි පුද්ගලයා තොරාගන්න

විවාහය ආදර හෝවේවා යොජිත හෝවේවා ඔබ තොරා ගත යුත්තේ ඔබට ගැලපෙන නිවැරදි පුද්ගලයා වේ. අදහස්  ගැලපීම සීයට සීයක් අවශ්‍ය  නොවුනද අදහස් ගලපා ගත හැකි වීය යුතු වීම ඉතා වැදගත්ය.

2 එකිනෙකාගේ රුචි අරුචිකම් හදුනාගන්න.

විවාහය තුලදී එකිනෙකාගේ රුචි අරුචිකම් හදුනා ගැනීම බොහො වැදගත් වේ. සැමියා කැමති සියල්ලටම බිරිදත් බිරිද කැමති සියල්ලටම සැමියාත් අනිවාර්යයෙන්ම කැමති විය යුතු යැයි නියමයක් නැත. නමුත් එකිනෙකාගේ රුචි අරුචිකම් වෙනුවෙන් නම්‍යශිලී විය යුතුය.

3 එකිනෙකා වෙනුවෙන් කැප වෙන්න

කැපවීම සම්බන්ධතා ස්ථාවර කරන බව නොරහසකි. විවාහය යනු විවිධ වු පුද්ගලයන් දෙදෙනෙක් ගලපා ගන්න උත්සහා ගන්නා සම්බන්ධතාවයක් වන බැවින් ඒකිනෙකා කෙරෙහි වු කැපවීම එහිදි බොහො වැදගත් වේ.

 

4 එකිනෙකාට ආදරය කරන්න

ආදරය ලබන්නට මෙලොව වු සියලුම ජිවින් කැමත්තක් දක්වයි. සහකරුට සහකාරියට අවැසි ආදරය නොලැබී යාමෙන් වෙනත් ආදරයක් කෙරේ ඔවුන්ගේ හිත ඇදෙන්නට පුළුවන්. අනියම් සම්බන්ධතාවයකට හේතුව හුදෙක්ම ලිංගිකත්වය නිසාම සිදු නොවෙයි. මිනිසුන් ආදරය වෙනුවෙන් මෙන්ම හුදකලාව මග හැර ගැනීමටද අනියම් ඇසුරකට පෙළඹේ.

5 එකිනෙකා තේරෑම් ගන්න

ඒකිනෙකා කෙරෙහි මනා අවබොධයක් පවත්වා ගැනීමද වැදගත් වේ. ඒ තුලින් අනෙක් තැනැත්තාගේ මානසික තත්වය අවශ්‍යතාව මනාව වටහා ගත හැකි වේ.

6 ගැටලු වලට ඒක්ව මුහුණ දෙන්න

ගැටලු වලදී දෙදෙනා සාකච්ඡා කර ඒක්ව මුහුණදෙන්න. තීරණයක් ගැනීමට පෙර අනෙක් තැනැත්තෙගේ අදහස් විමසන්න. අඩදබර කර නොගන්න.

7 ඉවසන්න

ඉවසීමෙන් සැනසීම ලැබේ යන කියමන ඔබට මතක් කරමි. හැකි සෑමවිටම ඉවසන්න. එය බොහෝ විය ලොකු විනාශයක් වලක්වන්නත් පුළුවන්.

ඒ වගේම විවාහය තුල එකිනෙකගේ මානසික තත්වය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වන අතර එක් අයෙක් හෝ මානසික පසුබෑමකට ලක් වේ නම් අනෙක් කෙනා අවශ්‍ය මානසික සහය, උපදේශන සේවා, ප්‍රතිකාර ලබා දිය යුතුය

අනියම් පෙමින් විවාහය සුරක්ෂිත  කිරීමට මේ පුංචි උපදෙස් ටිකක් පමණයි. ක්‍රියාව තුලින් විවාහය මෙන්ම ඔබේ පවුලද රැකගැනීම ඔබ සතු වගකමකි.

 

Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සුන්දර විවාහයක් ලබාගන්නට ඔබට පිළිපැදිය හැකි රීති 7ක්
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

    බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

single
  • බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

    බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor