theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සූප්පුවක (pacifier) පටියට සිරවී මාස 16 ක් වයසැති පිරිමි දරුවෙකු මරණයට පත්වෙයි

2 අවම කියවීම
සූප්පුවක (pacifier) පටියට සිරවී මාස 16 ක් වයසැති පිරිමි දරුවෙකු මරණයට පත්වෙයිසූප්පුවක (pacifier) පටියට සිරවී මාස 16 ක් වයසැති පිරිමි දරුවෙකු මරණයට පත්වෙයි

මෙම නිතර උරණ සූප්පුව බහුල දරුවන්ට දෙන උපාංගයක් වුණත් ඊට දරුවෙකුට මරණය ළඟා කරන්න පුළුවන්ද?

මැලේසියාවේ අම්මා කෙනෙකුට මේ සිදුවීම වෙනකොට ඇගේ දරුවාට මාස 16 ක් පමණ වෙනවා. ඇය පැසිෆියර් එක දරුවාට දෙනකොට කිසිම මොහොතක ඉන් එයාගේ පුංචි පුතාට මරණය ළඟා වෙයි කියලා හිතන්න නම් නැතිව ඇති.

නමුත් එය සිදුවී හමාරයි. වාර්තාවෙන ආකාරයට මේ අවස්ථාවේ දරුවා තොටිල්ලෙන් එළියට එන්නට උත්සාහ කර තිබෙනවා. දරුවාගේ අම්මා එය දකිනකොට දරුවා සූප්පුවේ පටියට සිරවී කොටු වෙලා ඉඳලා තියෙනවා. ඒ මොහොතේ ඇගේ දරුවන් හතර දෙනාගෙන් එක්කෙනෙක් ඇය පාසලෙන් රැගෙන ආවා විතරයි. ඇය එතනට යනවිට නිල්පාට වූ  දරුවාගේ සිරුර දැකලා ඇයට සිහි නැතිව ගියා.

නමුත් පැසිෆියර් එකකින් දරුවෙකුට මරු කැඳවයි කියලා කවුද හිතන්නේ. දරුවෙකු සනසන්න හදන සූප්පුව දරුවෙක් මරණයට පත් කරනවාද?

 පැසිෆියර් එකකින් ඇති ප්‍රයෝජන

  • නොසන්සුන් දරුවන් සන්සුන් කරයි

මෙය හැම දරුවෙකුටම අදාල කරන්න බැහැ. නමුත් සමහර දරුවන්ගේ තනිකම නැති කරන්න ඔවුන්ට ආරක්ෂාව දැනෙන්න ඔවුන් පැසිෆියර් එකට පුරුදු වෙනවා.

  • පාවිච්චි කර විසි කරන්න පුළුවන්

ඔබේ දරුවා පැසිෆියර් එකට පුරුදු වුනත් එය විසිකර දමන්න පුළුවන්. නමුත් ඇඟිල්ල හෝ කකුලේ ඇඟිලි උරන්න හුරු වුනොත් එය විසි කරන්නවත් ඉන් ගැලවෙන්නවත් අමාරුයි.

  • කෙටි කාලයකට අවධානය වෙනතකට යොමු කරන්න

දරුවාට ඇඳුමක් ඇන්ඳවීමට නැතිනම් එන්නතක් දීමට සූදානම් වන්න. මොහොතකට ඔහුගේ අවධානය වෙනතකට යොමු කරන්න මෙය යොදාගන්න.

පැසිෆියර් එකකින් වන පාඩු

  • දරුවා එයට පුරුදු වෙන්න පුළුවන්

දරුවා නිදියන්නෙත් එය සමගම නම් නැවත නැගිට අඬන අවස්ථාවන් වල අවධානයෙන් සිටීම වැදගත්.

  • දත්වල ගැටළු වලට පාර කපනවා

පැසිෆියර් එකක් නිසි කාලයේදී දරුවාගෙන් වෙන් නොකළහොත් ඔවුන්ගේ දත් ඉදිරියට ඒමට ඉඩ තියෙනවා.

පැසිෆියර් එකක් දෙන විට කළයුතු නොකළයුතු දේවල්

  • හැම හේතුවකටම පැසිෆියර් එක දෙන්න එපා

සමහර විට හැමවිටම දරුවා එය ඉල්ලුවත් කිරි දීම අතර තුර එය නවත්වන විට පැසිෆියර් එක දෙන්න ඔබට පුළුවන්.

  • නිසි පැසිෆියර් එකක් තෝරා ගන්න

සිලිකන් හා නිතර සේදීමට හැකි ඒවා තෝරා ගැනීම හොඳයි. නමුත් කෑලි දෙකකට ඇති ඒවා අනතුරුදායක වෙන්න පුළුවන්. එහි කොටස් දරුවාට සිරවෙන්න පුළුවන්. 

  • දරුවා එය නොසොයයි නම් දෙන්න එපා

දරුවා සතුටෙන් තැබීමට මෙය යොදා ගන්නවා. ඔහු ඊට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත්නම් ඊට බලපෑම් කරන්න එපා. දරුවා නින්දෙන් එය පැත්තකට වැටෙයි නම් නැවත එය දෙන්න එපා.

  • නිතර පිරිසිදුව තබන්න

නිතර ජීවානුහරණය කර එය වසා තබන්න.

  • ඊට නූල් හෝ පටි දමන්න එපා

දරුවාගේ බෙල්ලේ එතෙන ලෙස දමා ගැනීමට ඉඩ ඇති නිසා ඒ ගැන නැවත හිතන්න.

මොහොතකට දරුවාට වන අනතුරු වගේම ඊට ඇබ්බැහි වීමත් දරුවාට හානිකර වෙන්න පුළුවන්. නමුත් වයස 2 න් පමණ පසුව දරුවාව පැසිෆියර් එකෙන් ඈත් කිරීම ඉතා හොඳයි.

අනතුරු ගැන අතවනන ද්‍රව්‍ය ගැන මුල සිටම හඳුනා ගැනීම ඔබට සැනසුම ළඟා කරනවා. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සුදානම් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • සූප්පුවක (pacifier) පටියට සිරවී මාස 16 ක් වයසැති පිරිමි දරුවෙකු මරණයට පත්වෙයි
බෙදාගන්න :
ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it