සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

එදිනෙදා  දකින මෙම එළවළු වල පුදුම  සහගත හා අසාමාන්‍ය  සුවකිරීමේ බලයක් ඇති බව පෙනෙන්නට තියෙනවා.

ඔබේ දරුවා සෙම්ප්‍රතිශ්‍යාව වැළදී ඇති විට අලුත් අත්බෙහෙතක්  ලෙස අර්තාපල් පටි ගැන ඔබ කවදා හෝ අසා තිබේද?

ඔබ ඕනෑම දෙයක් උත්සාහ කිරීමට කැමතියි, එය නිසැකයි. ඔබ ඔබේ දරුවාගේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කරනවා. නමුත් සමහර විට ඔබ එහි ප්‍රතිඵල සඳහා නොඉවසිලිමත් වේ.  සියලුම වගකීම් ඔබම ගන්න තීරණය කරනවා.

සෑම විටම,  අන්තර්ජාලයේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් හෝ අන්තර්ජාලය ඔස්සේ පළපුරුදු මව්වරුන්ගේ  උපකාරය ලබා ගැනීමේදී  සැලකිලිමත් විය යුතුය. කෙසේ වෙතත්, වඩාත්ම අසාමාන්‍ය පිළියම් පවා ක්‍රියාත්මක වෙන බව දැන ගැනීමත් සතුටට කරුණකි.

මවක් සෙම්ප්‍රතිශ්‍යාව ට අපූරු අත්බෙහෙතක් ඉදිරිපත් කරනවා

"මම රෝගී වු දරුවන්ගේ මේස් ඇතුලට අල පෙති යොදනවා කියලා ලිපියක දුටුවා" යනුවෙන් කැලිෆෝනියාවේ  මවක් වු ඩෙබි වේගන් ෆේස් බුක්  සටහනක් යෙදුවා. "ඩේයරිස්ට ටිකක් සෙම්ප්‍රතිශ්‍යාව තිබුණු නිසා රාත්‍රී  8 ත් 9.00 ත් අතර මම ඔහුගේ මේස් පතුලට අල පෙති කිහිපයක් දැම්මා"

තවදුරටත්, ඇය ඇයගේ මේ අසාමාන්‍ය පිළියම ඇගේ පුතුට ක්‍රියාත්මක වුනු බව ඇය විස්තර කළා. "ඔහු රාත්‍රිය පුරා කැස්ස ඇති වුනේ නැහැ. නාසයෙන් දියර ගැලුවේ  නැහැ . නාසය  සිර නොවුන බැවින්  ඔහු පැය 12 ක් නිදාගත්තා."

උදෑසන බලනවිට, මේස් තුළ තිබූ අල පෙති කළු පැහැති වී ඇති බව ඇය දුටුවා.

ඇගේ පෝස්ට් සති කීපයකින් පසු 300,000 වාරයක් පමණ ෂෙයාර්  වුනා. අර්තාපල් පෙති ඉතා ජනප්‍රිය  පිළියමක් බවට පත් වුණා.

www.facebook.com/debbie.knobelsdorf/posts/10215067931158793

අර්තාපල් පෙති : එය සත්‍යයක් ද? නැත්නම් මෝඩ රැවටීමක්ද?

මෙම නිවසේ පිළියමක් ගැන ඩිබී පමණක් නොව වෛද්‍ය පර්යේෂක ජෙනී හිල්ස් ද සෞඛ්‍ය  හා ස්වභාවික ලෝකය පිළිබඳ ලිපිය තුල වර්ණනා කර ඇත.

හිල්ස්ට අනුව, අර්තාපල් වලට බැක්ටීරියා සහ වෛරස් විනාශ කිරීමට හැකි ප්‍රතිවිෂ සංඝටක ඇති බව දීර්ඝකාලීනව  විශ්වාස කර ඇත. මෙම දැනුම පුරාණ  චීනය හා ඊජිප්තුව දක්වා විහිද යයි.

ඔබ එය උත්සාහ කිරීමට කැමති නම්, මෙන්න එය කරන ආකාරය:

අඟල් 1/8 ක් පමණ ඝනකම් වූ අර්තාපල් පෙති කපන්න, එය ඔබේ දරුවාගේ මේස් එකේ  පතුලට දමන්න. එක රැයක් එසේ තබන්න .

සමහර මව්වරුන්  සෙම්ප්‍රතිශ්‍යාව සදහා  එහි බලපෑම  දිවුරනවා පමණක් නොව එයට දරුවාගේ උණ පහලට ගෙන ඒමට  උපකාර විය හැකිය.

WebMD අනුව, අර්තාපල් පොතු වල ප්‍රතිබැක්ටීරියා සංඝටක   ඇත. අමු අර්තාපල් වලට ආතරයිටිස්, ආසාදන, පිලිස්සුම් සහ ඇස් ලෙඩ   රෝග ලක්ෂණ අඩු කිරීමට උපකාරි වේ

යුෂ කර  භාවිතා  කරන විට, අර්තාපල් වලට බඩවැල් ආබාධ සහ ඉදිමීම් සඳහා උපකාර කළ හැකිය.

එය  කුඩු කර  ජලයට මිශ්‍ර  කළ විට ඉක්මනින්  බර අඩු කර ගැනීමට උපකාරී වේ.

අත්බෙහෙත් ලබාදීම කොතරම් සරල වුවත්, ඔබේ දරුවා රෝගාතුර වූ විට ඔබේ දරුවාගේ වෛද්‍යවරයාගේ  උපදෙස් ලබා ගැනීම ඉතා සුදුසු  වේ.

එය ආරක්ෂිත වේ.  ඔබේ දරුවාට ගැලපෙන ප්‍රතිකාරය ඔබේ වෛද්‍යවරයා  නියම කරාවි.

ලොවපුරා ඇති අපූරු අත්බෙහෙත් ඔබ ලගට ගෙන එන්නේ the Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි