theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සෙල්ෆි ගන්නට ගිහින් සොයුරන් දෙදෙනෙක් මරුට

3 අවම කියවීම
සෙල්ෆි ගන්නට ගිහින් සොයුරන් දෙදෙනෙක් මරුටසෙල්ෆි ගන්නට ගිහින් සොයුරන් දෙදෙනෙක් මරුට

සෙල්ෆි චායාරුප ගන්නට ගොසින් නොසිතූ ලෙස දුම්රියට බිලි වූ ආදර සොයුරන් දෙදෙනෙකුගේ අනුවේදනීය කතාවක්. තවත් පාඩමක් ලොවට කියා දෙමින් ඔවුන් අවසන් ගමන් ගියහ.

ජංගම දුරකථන වලින් ඇති වන නොයෙක් අකාරයේ විපාක ගැන විවිධ ලිපි හා පුවත් මගින් නිතර කියවෙනවා. නොයෙක් උපාංග හා මෘදුකාංග ඔස්සේ ජංගම දුරකථන අද බාල මහලු කොයි කාවත් ග්‍රහණයට නතු කරගෙන තිබෙනවා. මෙයින් ඇති වන සම්බන්ධතා ගැටළු, මානසික හා ශාරීරික ගැටළු හා ඒවාට පිළියම් ගැන නොයෙකුත් දැනුවත් වීම් කෙරෙනවා. ඒ අපගේ අනාගත පරපුර මේ ජංගම දුරකථන බිල්ලෙන් මුදා ගැනීමටයි. එනමුත් දුරකථනය නිසා ඇතිවන ජිවිත හානිය මේ හැම දෙයකටම වඩා බරපතලයි.

මාස කිහිපයකට උඩදී සිදුවූ මේ හදිසි අනතුරත් අහස පොලව නුහුලන ඉතාමත්ම  ඛේදනීය පුවතක්. ටයිම්ස් ලංකා අඩවියේ පළ වූ මේ පුවත අනුව මෙසේ මියගියේ අනුරාධපුර නව නගරයේ පදිංචිව සිටි තිලක් ලක්ෂාන් රණවීර (12) සහ ශෂී මධුෂාන් රණවීර (24)  නම් වූ සොයුරන් දෙදෙනෙකි. ශෂී මධුෂාන් සිංගප්පුරුවේ හෝටල් කළමනාකරණය සම්බන්ධයෙන් උපාධියක් ලබා මෙරටට පැමිණියේ එදිනයි. ඔහු කැඳවා ඒමට අනුරාධපුරයේ සිට පැමිණි පවුලේ උදවිය ඔහුත් කැටුව ගුවන් තොටුපළෙන් ගාලු මුවදොරට සැම දෙන සතුටින් නික්ම යන්නේ විශේෂයෙන්ම පුංචි පුතු ලක්ෂාන්ගේ ආසාව නිසයි. ඔවුන් අවසන් වරට ගත් මෙම සෙල්ෆි චායාරුපය හද සසල කරවන්නේ ජීවිතය කෙතරම් අවිනිශ්චිතදැයි අපට යළි යළිත් පසක් කරමින්. නමුත් මෙය වලක්වාගත හැකිව තිබුනා නොවේද?

මේ ලිපිය ලියන්නේ මෙවන් මල් කැකුළු අකලට මිලින වීම යම් තාක් දුරට පාලනය කරන්නට වෙර දරන්නැයි දෙමාපිය ඔබට කරන ආයාචනයක් ලෙසයි.

නිවැරදි ලෙස ජංගම දුරකථන පාවිච්චිය දරුවන්ට හුරු කල හැකි ක්‍රම කිහිපයක්.

1. දරුවන්ට ජංගම දුරකථනය පාවිච්චියට දීම පාලනය කිරීම.

අද කාලයේ දෙමාපියන්ගේ ජංගම දුරකථන බොහෝ විට තියෙන්නේ දරුවන් ළඟ. දරුවන් සීග්‍රයෙන් තාක්ෂණය උකහා ගන්නා නිසා බොහෝ දෙමාපියන් දුරකථන පාවිච්චිය සඳහා යැපෙන්නේ දරුවන්ගෙන්.

මෙවන් තත්වයක් තිබේ නම් ඔබ අකමැත්තෙන් හෝ ස්මාට් ෆෝන් භාවිතයෙන් වැලකී සිටින්නට ඕනේ. මොකද ස්මාට් ෆෝන් වල ඇති විශාල ප්‍රශ්නයක් වන්නේ එහි ඇති අනේකවිධ විශේෂාංග නිසා මෙය පාවිච්චි කරන දරුවන් පමණක් නොව වැඩිහිටියන් පවා වෙනම ලෝකයක අතරමං වන්නේ ඉන්නා හිටිනා තැන හා වෙලාවක් ගැන නිනව්වක් නැතිව.

ඉහත සිදුවීමේදී පවා කැමරාව හසුරුවන්නේ වයස අවුරුදු දොළහක දරුවෙක්. මෙහි නොයෙකුත් සංඛේත පරිහරණය කරමින් පින්තුරු ගන්නා විට ඔහුට අවට වට පිටාව ගැන මොහොතකට නිනව්වක් නැති වෙන්නට ඇති. මේ නිසා දරුවන් වැඩිහිටියන් බවට පත් වන තුරුම දුරකථනය නොදී සිටීම ඉතාම යෝග්‍ය වන අතර, එය නොදීම බැරි නම් දිනකට පයක පමණ කාලයක් වෙන් කොට දී ඉන් ඔබ්බට දුරකථනය පාවිච්චි කරන්නට දීමෙන් වැලකී සිටිය යුතුයි.

2. දරුවන්ව හැකි තරම් එළිමහන් ක්‍රීඩා වලට යොමු කරවීම.

මෙය දුරකතනයට සම්බන්ධ මාතෘකාවක් නූනත්, එළිමහන් ක්‍රීඩා වල යෙදීමෙන් දරුවාට ඔබ හිතනවාට වඩා බොහෝ ගුණදායි ප්‍රතිපල ගෙන දෙනවා. අවට පරිසරය හා පුද්ගලයින් සමග ගැටීමෙන් දරුවා අවට ජිවත් වීමට, භාහිර අභියෝග වලට මුහුණ දීමට සිතින් හා ගතින් සුදානම් වනවා. මෙයින් දරුවන්ගේ පංචේන්ද්‍රියන් අවට පරිසරයේ ශබ්ධ, උෂ්ණත්වය, සුළඟ යනාදී සියළු වෙනස් වීම් කෙරෙහි මනාව සංවේදී වනවා. මෙවිට දරුවාට නිතැතින්ම භාහිර පරිසරයේ, මග තොටේ ආදී ආරක්ෂාකාරීව හැසිරීම සාමාන්‍ය දෙයක් වනවා.

3. දරුවන් ගැන විපරමින් සිටින්න

දරුවන් කෙරේ හැම විටම විපරමින් සිටීම ඉතා වැදගත්. ගමන් බිමන් යන දරුවන්ට අද බොහෝ මව්පියන් ආරක්ෂාව පිණිස ජංගම දුරකථන ලබා දෙනවා. මෙසේ දෙන්නට අවශ්‍යම නම් ස්මාර්ට් ෆෝන් නොදී සාමාන්‍ය ජංගම දුරකතනයක් අරන් දීම වැදගත්. මොවුන් පාර තොටේ තනිව ගමන් කරන්නේ නම් කිසි විටෙකත් ගීත ඇසීමට headphone යනාදිය පාවිච්චි නොකිරීමට උපදෙස් දිව යුතුයි. මේවා කන පැළඳීමෙන් පාර තොටේ ශබ්ධය නොදැනෙන අතර එය බොහෝ අනතුරුදායක වනවා.

මෙවන් ක්‍රම අනුගමනය කිරීමෙන් අපට යම් තාක් දුරට දරුවන් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් දරුවන් ආරක්ෂා කිරීමට මත්තෙන් අපද වැඩිහිටියන් හැටියට මේ නරක පුරුදු වලින් මිදී පොළොවේ පැය ගසා වටපිටාව ගැන සීරුවෙන් හා අවබෝධයෙන් කටයුතු කල හැකියි.

 

ඡායාරූප හිමිකම්: දිනමිණ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය පුවත්
  • /
  • සෙල්ෆි ගන්නට ගිහින් සොයුරන් දෙදෙනෙක් මරුට
බෙදාගන්න :
  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

  • එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

    එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

  • එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

    එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it