ලොව වටා අනතුරුදායක සෙල්ෆි නිසා මරණ සිදුවන ප්‍රමාණය අසීමිත ලෙස වැඩි වෙමින් පවතිනවා. දැන් දැන් ලංකාවේ තත්වය ඊට සමාන වෙමින් පවතිනවා.
කොළඹ නගරයේ ප්‍රසිද්ධ ජාති ජාත්‍යන්තර පාසලක් වන ආසියානු අන්තර්ජාතික පාසලේ (Asian International School (AIS)) ක්‍රීඩාවට අතිශයින් දක්ෂ දීප්තිමත් සිසුවකු වන 15ස් හැවිරිදි තිනාල් සේනානායක සිසුවා තවත් සිසු සිවුවියන් කිහිප දෙනෙකු සමඟ දුම්රිය මාර්ගයේ සෙල්ෆි (Selfie) ගනිමින් සිටියදී කෝච්චියේ හැපී මිය යාමේ පුවතක් වාර්තා වන්නේ කොළඹ පිහිනුම් සමාජය (Colombo Swimming Club) අසබඩ දුම්රිය මාර්ගයේදී. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් දාහතර හැවිරිදි සිසුවියක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වනවා
ඔබත් සෙල්ෆි රැල්ලට හසු වූ කෙනෙක් නම් සෙල්ෆි පින්තුර ගැනීමේදී අනතුරුදායක සෙල්ෆි නිසා මරණ හා අනතුරු වලක්වා ගන්නේ කෙසේද
1. සැමවිටම ඔබගේ වටපිටාව ගැන අවධානයෙන් සිටින්න.
ඔබේ අතේ ජංගම දුරකථනයක් තුනබුනත් නැතත් නිතරම ඔබ සිටින පරිසරය ගැන ද සිටින ස්ථානය ගැන පූර්ණ අවබෝධයකින් සිටීම සාමාන්‍ය ජීවිතයේ දී ඉතාමත් වැදගත්.
විශේෂයෙන්ම සෙල්පි ගන්නා අවස්ථාවකදී ඔබේ පරිසරය වටා අනතුරුදායක බව, ගැටිති හෝ යම් යම් බාධක තිබෙනවා ද
ගැන අවධානයෙන් සිටින්න.
එසේත් නැත්නම් ඔබ පිටුපසින් සතෙකු, ළදරුවකුගේ හෝ වෙනත් කෙනෙක් සිටිනවාද වැනි නොයෙක් දේ ගැන ඔබේ අවධානය මග හැරෙන්නට පුළුවන්.
පුරුද්දක් ලෙස හැමවෙලාවකම ඔබ වටපිටාව ගැන අවධානයෙන් සිටීමෙන් මෙවැනි අනවශ්‍ය අනතුරු වළක්වා ගන්නට පුළුවන්
2. ලොව වටා අනතුරුදායක සෙල්ෆි නිසා මරණ හා අනතුරු පිළිබඳ දත්ත ගැන අවබෝධයෙන් සිටින්න
මෙවැනි අනතුරුදායක දත්ත ගැන අවබෝධයෙන් සිටීමිමු මෙවැනි විධායක මරණය වලක්වා ගත හැකිව තිබුණේ අනතුරු සහ මරණවල දත්ත සටහන් ගැන අවබෝධයෙන් සිටීමෙන්. එවැනි අනතුරු වලට අපි කවුරුත් ලක්විය හැකි බවට අවබෝධයක් ඔබට ලැබෙනවා.
3. ආත්මාර්ථකාමී ලෙස, අවදානම් තත්ත්ව විහින් ඇති කරගන්නට එපා
අනතුරුදායක ලෙස කඳු මුදුන්වල, නැතිනම් බිත්ති උඩ සිට, තාප්ප මත ආදිය සිට, දිය ඇළි වල සෙල්ෆි ගන්නා තරුණ පරපුර ඔබ යන එන මග ඔබත් දැක ඇති.
තරුණ ජ වය මත සියල්ල කළ හැකි සේ හැඟුනත් ස්වාභාවික අනතුරු හා හදිසි අනතුරු සමහරවිට වළක්වා ගන්නට හැකියාවක් නැතිව යන්නට් පුළුවන්.
මෙයට හොඳම පිළියම වන්නේ අනවශ්‍ය ලෙස විහින් අනතුරුදායක තත්ත්ව ඇති නොකරගෙන සිටීමයි.
4. අනුමත කළ ස්ථානවල පමණක් රැඳෙන්න
ඇතැම් ප්‍රසිද්ධ ස්ථානවල, එසේ නැතිනම් මහජනයා ගැවසෙන ස්ථානවල සහ සංචාරක ස්ථානවල බොහෝ විට අනතුරුදායක. යැයි හැඟෙන තැන්වල සීමා මායිම් පනවා තිබෙනවා.
නමුත් ඇතැම් තරුණ පිරිස් විසින් මෙවන් සීමා මායිම් නොතකා එම ප්‍රදේශවල සැරිසරන්නටත් ඡායාරූප දැනටත් පෙළඹෙනවා.
නීතියට ගරු කිරීම සහ සීමා පැනවූ ස්ථානවලට නොගොස්, තමන්ට අදාළ ස්ථානවල පමණක් ැඳී සිටීමෙන්. අනවශ්‍ය අනතුරු වළක්වා ගන්නට පුළුවන්
5. අනතුරුදායක ලෙස හැසිරෙන අනිත් පුද්ගලයන් සිටීනම් නොපැකිලී ඔවුන්ව නවත්වන්නට කටයුතු කරන්න
විශේෂයෙන්ම ලංකාවේ එක දිගට සිදුවන දුම්රිය මාර්ගයේ ඇතිවන මෙවන් අකල් මරණ වළක්වා ගත හැකි තවත් ක්‍රමයක් නම් හැමවිටම දුම්රිය මාර්ගයේ සෙල්ෆි පින්තූර ගැනීමෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටීමයි.
එපමණක් නොව ඔබේ දරුවන්ගේ යහළු මිත්‍රයෙක් හෝ දන්නා කියන කෙනෙක් මෙලෙස දුම්රිය මාර්ගයේ සෙල්ෆි පින්තූර ගන්නේ නම්. කෑගසාගෙන, නොපැකිලී එම ක්‍රියාව නොකරන්නට, ඔවුන් නවත්වන්නට ඉදිරිපත් වෙන්න.
මේ සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස අකල් මරණයට පත් වූ මෙම දරුවාගේ දෙමාපියන්ට හා පවුලේ සැමට theAsianparent Sri Lankaහි අපගේ සාතිශය සංවේගය පළ කරනවා. සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවියට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.