රසවත් ගුණවත් සොසේජස් (Sausages) ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි

රසවත් ගුණවත් සොසේජස් (Sausages) ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි

ගෙදරදීම රසවත් ගුණවත් සොසේජස් (Sausages) හදාගන්නේ මෙහෙමයි.

පසුගිය සති අන්තයේ විශේෂ මොනවත් හැදුවෙ නැතත් පුංචි දෙයක් හැදුවේ නැත්තේම නැහැ. ඕනෑම පොඩිත්තෙක් කැමති, කල් තියන් වුනත් කන්න පුලුවන් දෙයක්. ඒ තමා සොසේජස්.

කඩෙන් ගන්න සොසේජස් වල ප්‍රමිතීන් ගැන අපි ගොඩක් දේ අහලා තියෙනවනේ. කොහොමත් සැකසූ ආහාර (processed food) දරුවන්ට තියා වැඩිහිටියන්ටවත් එතරම් හිතකර නැහැ.   ඉතින් මට හිතුනා සොසේජස් ගෙදරම හදන්න.

මම නම් හැදුවෙ පොඩි කල කුකුල් මස් (මින්ස්ඩ් චිකන්) වලින්. ඔයාලට කැමති ඕනම මස් වර්ගයකින්, මාලු ( ටූනා වගේ කටු අහක් කරන්න ලේසි වර්ග), පොලොස්, පොඩි කල සෝයා මස්, හතු වර්ග වගේ වෙජිටේරියන් අයට හරියන විදියටත් හදාගන්න පුලුවන්.

සොසේජස් recipe

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් බ්‍රෙස්ට් දෙකක් (පොඩි කරලා/මින්ස් කරලා ගන්න). කැමති නම් ටර්කි, ඩක්, පෝක්, බීෆ්, මට්න්, මාලු, පොලොස්, සෝයා මීට්, හතු වර්ග මෙකී නොකී කැමති දෙයක් ගන්න.
  • බිත්තර සුදු මද - 3ක්
  • වියලාගත් පාන් කුඩු - මේස හැඳි 1ක්
  • පාන් පිටි - මේස හැඳි 1ක්
  • කෝර්න් පිටි - තේ හැඳි 1ක්
  • කෑලි මිරිස් - තේ හැඳි 1ක්
  • ගම්මිරිස් කෑලි - තේ හැඳි 1ක්
  • හූරපු සාදික්කා - තේ හැඳි 1ක්
  • කරාබු නැටි - 3 ක් කුඩු කරලා
  • චූටියට කපාපු පොඩි සයිස් බී ලූනු ගෙඩි 1ක්
  • සුදු ලූනු - ගෙඩි 2ක් 
  • අමු මිරිස් - කරල් 3ක්
  • වියලි කුඩු කල rosemary, oregano, thyme තේ හැඳි 1/4 බැගින්
  • වෙජිටබල් ඔයිල් මේස හැඳි 1ක්
  • ලුණු - අවශ්‍ය පමන

සාදන ක්‍රමය 

ඉහත සියලු කළමනා ඔක්කොම ජාති එකට එකතු කරලා කලවම් කරගන්න.

දැන් මෙම මිශ්‍රණය පැය භාගයක් අධි ශීතකරණයේ තබාගන්න

එලියට අරන් තව සැරයක් ග්‍රයින්ඩර් එකේ දමා තලපයක් සේ හොඳින් අඹරා ගන්න.

ග්‍රයින්ඩර් එක තුලට අයිස් කැට තුනක් විතර එකතු කර ග්‍රයින්ඩ් කරගන්න පුළුවන්.

ලන්ච් ශීට් එකක් දෙකට කපලා හදාගත්ත මිශ්‍රණයෙන් මේස හැඳි දෙක තුන වගේ එකින් එකට තියා ගන්න.

ඊට පස්සෙ ඒක සිලින්ඩර හැඩේ එන්න රෝල් කරන් දෙපැත්ත ගම් ටේප් ආධාරයෙන් හොඳින් සීල් කරගන්න. කැමති නම් නූලකින් බඳින්නත් පුලුවන්.

ඉන්පසු මෙය රයිස් කුකර් එකේ විනාඩි 15-20ක් පමණ ස්ටීම් කරගන්න.

දැන් මේ ස්ටීම් කල සොසෙජස් එවෙලේ බැදලා කන්නත් පුලුවනි. අධිශීතකරණයේ තබා කල් තියාගෙන කන්නත් පුලුවනි.

ලුනු මිරිස් ආදිය අවශ්‍ය පරිදි එකතු කරගන්න පුළුවන්.

“මේවට අමතරව මම මේ සොසේජ් එකට OATS සහ THRIPOSHA දෙකම එකතු කරගත්තා. බේකින් පව්ඩර් චුට්ටකුත් දැම්මා...හරිම රසවත් ... ඊයේ බත rice cooker එකේ තියන කොට උඩින් තැටියේ දාල තමා ස්ටීම් කරගත්තේ.

මම මහත්තයාට මේ මිශ්‍රණයෙන් ටිකක් වෙන් කරලා කොච්චි නයි මිරිස් ටිකකුත් එකතු කරලා විශේෂ සොසේජ් එකක් පිළියෙළ කලා.  සේරම කලේ blender එකේ ...”

අද ලිපිය ඔබට ගෙනාවේ අන්තර්ජාලයෙන් උපුටා ගත්තු රෙසිපි එකක් ආශ්‍රයෙන් ශ්‍රී ලංකන් මම්ස් සමුහයේ සාමාජිකාවක් වන බෝසඳුන් ඩයස් ගුණතිලක ඒවා තිබු අගේ අත්දැකීම් මුසු කල රෙසිපියක්.

ඉතින් ඔබත් මෙය ගෙදර හැමෝම එක්කම රස විඳීවි කියා සිහිතනවා.

 

 

Written by

Niloufer Perera