නුවරඑළියේදී දැරියක් ජල පහරකට හසු වී මරු දකී

නුවරඑළියේදී දැරියක් ජල පහරකට හසු වී මරු දකී

ආපදාවකට පෙර, පසු හා ආපදා තත්වයට මුහුණ දෙන අයුරු සහ ආපදා මල්ල ගැන වටිනා ලිපියක්

COLOMBO (News 1st) පුවත් වලට අනුව නුවරඑළිය නගරයේ, ආගරපතන ටොරින්ටන් වත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයේ බෝක්කුවක් අසලදී පිටාර ගලමින් තිබු ජල පහරක් හරහා ගමන් කරමින් සිටි දැරියන් දෙදෙනකු එම ජල පහරට හසුවී ගසාගෙන ගොස් ඇත.

පොලීසිය පැවසුවේ සිද්ධියෙන් එක් දැරියක් මියගොස් ඇති බව  

අනෙක් දැරිය තවමත් සොයාගෙන නොමැති අතර ඇය සොයමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කරයි.

මෙම දැරියන් දෙදෙනා අතිරේක පන්තියකට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම ජල පහරට හසුවී ඇත. ඔවුන් 10 සහ 11 හැවිරිදි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි.

දිවයින පුරා පවතින අධික සුළං සහ වැසි තත්ත්වය නිසා ප්‍රදේශ ගනනාවක නාය යාම් සහ ගංවතුර තත්ව ඇතිවීමේ ප්‍රවණතාවක් ඇති බවට ආපදා කළම්නණාකරන මධ්‍යස්ථානය අනතුරු අඟවා ඇත. මේ පිළිබද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනයයි 

හදිසි ආපදා තත්වයකට සූදානම් වන්නේ කෙසේද?

  1. ඔබ වාසය කරන නිවස, වටපිටාව, පාසල, රැකියා කරන ස්තානය ආදිය ආපදා වලට ලක් වීමේ අවදානම්ක් ගැන දැයි සොයා බලන්න.
  2. නිවස වටපිටාවේ ඇති ආරක්ෂිත ස්ථාන ගැන අධ්‍යනය කරලා දැනුවත් වන්න.
  3. හදිසි අවස්ථාවකදී ඔබගේ නිවසේ අයත් අසල් වැසියන්ටත් එකතු විය හැකි ආරක්ෂිත ස්ථානයක් කල්තියා සූදානම් කර හැම දෙනාව ඒ ගැන දැනුවත් කරන්න.
  4. නිවසට නිවැසියන්ට අවදානම් ගෙනදෙන තිබේනම් තාප්ප බිත්ති තිබේනම් ඒවායේ ශක්තිමත් බව තහවුරු කරගන්න. අවදානම් සහිත ඒවා ඉවත් කිරීමට පියවර ගන්න.
  5. නිවසේ වටපිටාවාවේ අවහිර වුණු තැන මාර්ශුද්ධ පවිත්‍ර කරගන්න හොඳින් සුද්ද පවිත්‍ර කරගන්න.
  6. ගස් කඩා වැටීම්, පස්කඳු කඩාවැටීම්, පහළ සිට ඉහළට බිත්ති ඉරි තැලීම්, පොළවේ ඇතිවන ඉරිතැලීම්, අසාමාන්‍ය ශබ්ද වැනි දේවල් ගැන හොඳින් අවධානයෙන් හා විමසිලිමත්ව පසුවන්න.
  7. නිවසේ ප්‍රථමාධාර කට්ටලයක් නිතර සූදානමින් තබාගන.
  8. ආපදා මල්ල සැමවිටම සූදානමින් තබා ගන්න.

ආපදා පිළිබඳ අනතුරු ඇඟවීම් වලට අවධානය යොමු කරන්නේ කෙසේද?

  1. කාලගුණය සම්බන්ධ පුවත් ගැන නිතර අවධානයෙන් සිටින්න.
  2. හදිසි අනතුරු පිළිබඳව තොරතුරු සහ පුවත් දැනුම්්ද දීම් වලට සවන් දෙන්න.
  3. ගුවන් විදුලියෙන් රූප රූපවාහිනිය සහ කෙටි පණිවිඩ සේවාවන් වලට සම්බන්ධ වී කාලගුණය පිළිබඳව තොරතුරු වල නිරතුරුවම යාවත් කාලීනව සිටින්න.
  4. අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක් ඇති කාලවලදී රාත්‍රී කාලයේදී සහ හදිසි අවස්ථා වලදී ආරක්ෂිත ස්ථානයක් සූදානමින් තබා ගන්න.
  5. ඔබ වෙසෙන්නේ ජලග ගැලීම් වලට ලක්වන ප්‍රදේශයක නම් ආහාර ආහාර, පානීය ජලය, ගෘහ උපකරණ සහ යාන වාහන ආදිය, එම ජල ගැලීම් වලට හසු නොවන උසකින් හෝ වෙනත් ස්ථානයක තබන්නට වගබලාගන ගන්න.
  6. රසායනික ද්‍රව්‍ය, තීන්ත සහ තෙල් වර්ග ආදී අනතුරුදායක දේ ආරක්ෂාකාරී ස්ථානවල තබන්න.
  7. කෙටි පණිවිඩ සේවාවන්, සමාජ මාධ්‍ය, ශබ්දය විකාශන යන්ත්‍ර, සයිරන් වැනි ප්‍රජාවට අනතුරු ඇඟවීම් කිරීමේ මාධ්‍ය ගැන අවධානයෙන් සහ සෝදිසියෙන් සිටින්න.

හදිසි ආපදා අවස්තාවකට මුහුණ දෙන්නේ කෙසේද?

  1. කලබළබල නොවී සන්සුන්ව සිටින්න. විශේෂයෙන්ම ඔබේ දරුවන් ඉදිරියේ ඔබ සන්සුන් ව සිටීම ඉතාමත්ම වැදගත්. ඔබ අනවශ්‍ය ලෙස කලබල වූ විට එය දරුවන් තුළ අනිසි බියක් ඇති කරනවා.
  2. ප්‍රධාන විදුලිය ජලය සහ කෙගෙන සැපයුම් නිෂ්ක්‍රීය කරන්න
    ඔබගේ නිවස හදිසි ආපදා තර්ජනයකට ලක්ව සිටී නම් ප්‍රදේශය හඳුනාගත් ආරක්ෂාකාරී ස්ථානයකද යන්න.
  3. අපි හා ආපදා මල්ල ඔබ සතුඋඹ සතුව තබා ගන්න යන තැන්වල එය ඔබ සමග රැගෙන යන්න.
  4. ගංවතුරේ ක්‍රීඩා කිරීමෙන් හා පකපිහිනීමෙන් වළකින්න
  5. ගංවතුරට හසුවූ ආහාර අනුභවයට නොගන්න.
  6. උණුකර නිවාගත් ජලය පානය කරන්න.
  7. වියලි ස්ථාන සොයා ඇදෙන විෂ සතුන්ගෙන් ප්‍රවේශම් වන්න.
  8. ජල ගැල්මට ගොදුරු වූ අනෙකුත් අයට සහයවන්න, උපකාර කරන්න.
  9. ළමා වැඩිහිටි ගැබිනි මව්වරු සහ විශේෂිත අවධානයක් අවධානයට ලක් කළ යුතු අය ගැන සෝදිසියෙන් සිටින්න

ආපදාවකින් පසු ත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද?

  1. යළිත් ඔබ සිටි ස්ථානවලට යෑමෙන් ආරක්ෂිත යැයි තහවුරු කරන කර ගැනීමෙන් පසුව පමණක් කරන්න යන්න.
  2. ඔබගේ නිවස සහ වටපිටාව හොඳින් පවිත්‍ර කොට විෂබීජහරණය කරගන්න.
  3. ළිං ජලය සහ පානීය ජලය ආරක්ෂිත යැයි තහවුරු කරන තුරු ඒවා පරිහරණය නොකරන්න.
  4. ආපදාමල්ල ඔබ ළඟම තබා ගන්න.
  5. 117  අමතා, ආපදා අවදානම් බව පහව ගොස් ඇත්දැයි තහවුරු කරගන්න.

ආපදා මල්ල තුළ අඩංගු විය යුතු කළමලමණා

  1. වැදගත් ලිපි ලේඛන (උප්පැන්න සහතික, මරණ සහතික, විවාහ සහතික, අධ්‍යාපන සහතික, වාහන ලිපි ලේඛන, ඉඩම් ඔප්පු තිරප්පු සහ වෙනත් වැදගත් ලියකියවිලි)
  2. ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර, වෛද්‍ය සායනික කාඩ් හා ඖෂධ වට්ටෝරු, වැදගත් ඖෂධ
  3. වතුර බෝතල්, කුඩා විදුලි පන්දමක්, සනීපාරක්ෂක උපකරණ
  4. පවුලේ දුරකථන අංක නාමාවලියක්, දුරකතන සහ චාජර්, ළදරුවන්ට සහ වැඩිහිටියන්ට අවශ්‍ය විශේෂ උපකරණ
  5. ළදරුවන්ට හා වැඩිහිටියන්ට අවශ්‍ය වන විශේෂ උපකරණ, සමුර්දි මුද්දර, රත්තර්න් බඩු හා මුදල්, කෙටි ආහාර (බිස්කට් වැනි දෑ)

හදිසි ආපදා  තත්වයකදී හදිසි ඇමතුම් - 117 අමතන්න

පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 / +94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052

 

Written by

Niloufer Perera