කාන්තාවන් බහුල ලෙස මුහුණදෙන හිසකෙස් ආශ්‍රිත ගැටලු හා ඒවාට පිළියම්

කාන්තාවන් බහුල ලෙස මුහුණදෙන හිසකෙස් ආශ්‍රිත ගැටලු හා ඒවාට පිළියම්

හිසකින් හැලීම කාන්තාවන් අතර ඉතාම බහුලතම ගැටලුවයි. මෙම ගැටළුවට කදිම පිලියමක් අපගේ ආදරණීය රසිකාවක් වන හස්නා අතීක් විසින් අප වෙත ඉදිරිපත් කරනවා.

කාන්තාවන් අතර සුලභ ගැටළුවක් තමයි හිසකෙස්පිළිබඳ ගැටලු.

අද ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගුරුවරුන් අතර සුලභ ලෙස දකින්නට පුළුවන් කෙස් ආශ්‍රිත ගැටලු සහ ඒවාට පිළියම් ගැනයි.

හිසකෙස්ආශ්‍රිත ගැටලු හා ඒවාට පිළියම්
1. ඉස්හොරි

ඉස්හොරි යනු හිස්කබල මත තැන්පත් වුණු කොරපොතු වැනි ස්ථරයක්. මෙම තත්ත්වය ඇතිවන්නට හේතු ගණනාවක්ම බලපානවා. මින් විශේෂ හේතුවක් වන්නේ නිසි ලෙස පෝෂණයය නොලැබීමයි.

සිරුරේ විජලන තත්ත්වයත් තවත් ප්‍රදාන සාදකයක්.

ඉස්හොරි වලට සුදුසුම පිළියමක් වන්නේ හොඳින් conditioner භාවිතා. උලුහාල් සහ දෙහි එකට තම්බා හොදින් බ්ලෙන්ඩර් කර ස්නානය කරන විට හිසේ ආලේප කිරීමත් ඉතාම හොඳ ස්වභාවික කන්ඩිෂනර් සත්කාරයක් .

2. වියලි හිසකෙස්

වියලි කෙස් වලට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ නිතර ෂැම්පු භාවිතා කිරීමයි. නිසි ලෙස ජලය පානය නොකිරීම නිසා ද වියළි හිසකෙස්තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්.

විියළි කෙස් වලට හොඳ ප්‍රතිකර්මයක් වන්නේ හිසේ වල හොඳින් තෙල් ගැල්විමයි. ස්නානය කරනවිට දිනපතා ෂැම්පු පාවිච්චි නොකිරීමත් සතියකට, තුන්වරක් පමණක් හොඳ කන්ඩිශනර් වර්ගයක් පාවිච්චි කිරීමත්, හොඳින් ජලය පානය කිරීමත් මගින් මෙම තත්වය පාලනය කරගන්නට පුළුවන්.

3. හිසකෙස්අගිස් පැලීම

හිසකෙස්බලාගෙන බැලීම්ත් බොහෝ කාන්තාවන් ට පොදු ප්‍රශ්නයක්. මෙයට හේ හේතුව නිතර කොන්ඩය අව්වට නිරාවරණය වීම සහ කෙස් වලට සත්කාර අඩුවීම වැනි හේතූයි.

මෙයට ප්‍රධාන සත්කාරයක් වන්නේ නිතරම හිසකෙස්කප්පාදු කිරීම්යි. මාස දෙකකට සැරයක් වත් හිස්කෙස් කැපීමක් සිදු කරනවානම් හිසකකෙස්වල නිරෝගී පෙනුම රැක ගන්නට පහසුයි.

4. හිසකෙස්වල ඇති නිරෝගී බව නැතිවීම

ඇතැම්විට හිසකෙස්වල නැවුම් බවක් පෙනෙන්නට නැහැ. මෙය බොහෝ කාන්තාවන්ට මහත් ගැටලුවක්. ඇතැම් විට කෙස් වල කළු පැහැය අඩු වී දුර්වර්ණ වන අවස්ථා පවා තිබෙනවා.

මෙයට සුදුසු ප්‍රතිකාරයක් වන්නේ සිසිල් ජලයෙන් හිස සේදීම පුරුද්දක් කර ගැනීමයි. නිතර හිස තෙලෙන් සම්බාහනය කරගැනීමත්, කෙස් හොඳින් රැකබලා ගැනීමත් මගින් එම තත්වය මඟහැර ගන්නට පුළුවන්.

5. හිස්කකෙස් අකලට සුදුවීම

අද කාලයේ බොහෝ කාන්තාවන් වයසට යන්නට කලින් හිසකෙස්වලින් විශාල ප්‍රමාණයක් අකලට සුදුව වන බව අප දැක තිබෙනවා. මෙයට නුතන සෞඛ්‍ය පුරුදු බලපානවා ඇති.

මෙයට කදිම ප්‍රතිකර්මයක් වන්නෙ ස්නානය කරන්නට මත්තෙන් රතු ගෙඩි ටිකක් පොඩි කර එම ඉස්ම හිසමත ආලෙප කිරිමයි. මෙම අලෙපය විනාඩි ඩහයක් පමන තබා හිස හොන්ඩින් හොඳින් සොඩාගන්නට පුලුවන්.

6. හිසකෙස්හැලීම

හිසකෙස්හැලීම කාන්තාවන් අතර ඉතාම බහුලතම ගැටලුවයි. මෙම ගැටළුවට කදිම පිලියමක් අපගේ ආදරණීය රසිකාවක් වන හස්නා අතීක් විසින් අප වෙත ඉදිරිපත් කරනවා.

Hasna Atheeq හස්නා Our joyfilled nestහි නිර්මාතෘවරියයි. මේ ඇයගේ කථාවයි. ඇගේ අත්දුටු ප්‍රතිකාරය ඔබටත් ලස්සන කෙස් කලඹක් දායක කරාවි:

 අගනා තෙල් ප්‍රතිකාරයක්

අති පිරිසිදු පොල්තෙල් (Extra virgin coconut oil)  500ml

ඔලිව් තෙල්  (Olive oil)  200ml

කලුදුරු තෙල් (Black cumin/Baraka oil) 100 ml

එඬෙරු තෙල් (Castro oil) 50ml

ආමන්ඩ් තෙල් (Almond oil) 50ml

තල තෙල් (Sesame oil) 50 ml

හිසකෙස්

  1. පොල් තෙල් ලිපේ තියලා රත් කරන්න. ලිප නිවන්න.
  2. ඒකට කරපින්චා කොල අහුරක්, උලුහාල්, කලුදුරු ඇට දාන්න.
  3. අනිත් තෙල් වර්ග කලවම් කරන්න. දවස් දෙකක් අව්වේ කකාරලා විදුරු බෝතලේකට දාන්න.

දැන් තෙල් ගාන විදිය දන්නව නේද? 

හොදට තෙල් ගාලා ඔලුව මඩාජ් කරලාවෙඅස්නි ටවල් එකකින් ඔතන්න.  මේකට කියන්නෙ හීට් ටර්බන් ට්‍රීට්මන්ට්.

පැය භාගෙකට පස්සෙ නාන්න.

ඉතින් මෙ ලිපිය ඔබටත් ඔබේ තරුණ දූවරුන්ටත් ලස්සන කේශ කලාපයක් දායාද කරන්නට උපකාර වේවි කියා හිතනවා.

Written by

Niloufer Perera