ඔබේ දරුවාගේ හිසකෙස් අතර පැසුනු කෙස් ගහක්? මොකද කරන්නේ?

අකලට පැසුණු දරුවාගේ හිසකෙස් ගැන ඔබ කනස්සල්ලෙන්ද? ඊට හේතු සාධක සහ ඉන් මිදීමට අවශ්‍ය පිළියම් ගැන මෙතැනින් මනාව දැනුවත් වන්න.

ළමයින්ගේ හිසකෙස්  අකලට පැසීම

දරුවන්ගේ හිසකෙස් අකලට පැසීම හා බැදුනු බොහෝ මිත්‍යා විශ්වාසයන් ඇත.

දරුවන්ගේ හෝ වැඩිහිටියන්ගේ පවා  අළුපැහැ හිසකෙස් ඇතිවිට එය කැනිටිස් (canities) ලෙස හැදින්වේ.

බොහෝ වර්ග වල කැනිටිස් තිබෙන අතර පුළුල්ව කථා කලා වුවද එය හිසකෙස් වල වර්ණය නැතිවීම වේ.

එමනිසා මෙලනින් වර්ණ අඩුවීම හෝ නැතිවීම සිදුවෙමින් අළු හෝ සුදු හිසකෙස් ඇතිවීම සිදුවේ.

හිසකෙස් අකලට පැසීම සිදු වීමට ප්‍රධාන හේතු තුනක් මෙන්න:

1. ජානමය හේතු

ඔබට අකලට  හිසකෙස් පැසී  ඇත්නම් ඔබේ දරුවාට එය ඇතිවීමේ හැකියාව ඉහලය. හිසකෙස් පැසීම පරම්පරාවෙන් උරුම වෙන දෙමව්පියන් ගෙන් දරුවන්ට යන තත්වයක් වේ.

මෙය සෞඛ්‍ය තත්වය පෙනෙවන දර්ශකයක් නොවේ. එයින් අදහස් වන්නේ හිසකෙස්  පැසීමයි. එය එපමණයි.

ඒවගේම විටිලිගෝ (vitiligo)තත්වයේදී කෙස් වර්ණය වෙනස්වීම පැල්ලම් ලෙස දැකිය හැකිය. එයට අමතරව tuberous sclerosis , neurofibromatosis , waardenburg syndrome වැනි තත්වයන් මෙන්ම මෙයද පවුල තුල සංසරණය වන අඩු බහුලතාවයෙන් තත්වයක් වේ.

2. ඌණතාවයන්

Pernicious anaemia සමග එන විටමින් බී 12 වල ඌණතාවය අකලට හිසකෙස්  පැසීමට බලපානවා.

මාළු, මස්, කිරි වැනි සත්ව නිෂ්පාදන වල මෙම විටමින් වර්ගය අඩංගු  නමුත්  සීරියල් හා අනෙක් ආහාරද ශක්තිමත් කරනවා. නිවැරදි ප්‍රමාණය ගැනීමෙන් තත්වය යහපත් අතට හරවන්න පුළුවන්.

3. හෝමෝන හෝ වෙනත්  ස්‍රාවී ග්‍රන්ථි වල ගැටළු

තයිරොයිඩ් ග්‍රන්ථිය අඩුවෙන් හෝ වැඩියෙන් ක්‍රියාකාරී වීමෙන් ඇතිවෙන තත්වයන් අකලට හිසකෙස් පැසීම ඇතිවීමට හේතු විය හැක. මෙය රුධිර පරීක්ෂණයකින් පහසුවෙන් හදුනා ගත හැකි අතර ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා ඒ පිලිබඳ වැඩි විස්තර පවසාවි.

හිසකෙස් පැසීමට හේතු නොවන දේවල්

දරුවන්ගේ හිසකෙස් පැසීම බොහෝ තත්වයන් පෙන්නුම් කරන නමුත් බොහොමයක් ඒවා දුර්ලභ වේ. එනම් මේ තත්වය ගැන බොහෝ වැරදි මත  ඇති අතර මෙන්න මේ දේවල් හතර  හිසකෙස් පැසීමට හේතු නොවේ.

1. මානසික ආතතිය :දරුවන් තුල මානසික ආතතිය දුර්ලභ වේ. කොහොම නමුත් මෙය දරුවන්ගේ හිසකෙස් පැසීමට හේතු නොවේ. එනම් ඔබට ඔබේ දරුවාට මානසික ආතතිය හා කටයුතු කිරීමට උදව් කරන්නේ නම් එය ඔවුන්ගේ පාසැල් හා ජීවිතයේ අවධානය හා හැකියාවන් වැඩි දියුණු වීමට හේතු වේ.

2. හදවතේ තත්වයන් : හිස්කබලට රුධිර සැපයුම අඩුවීමෙන් හිසකෙස් පැසෙන බව ප්‍රසිද්ධ මිත්‍යා මතයක් පෙන්වා දෙනවා. ඒ වගේම එයට හේතුව නිරෝගී නොවන හදවත බවයි. මෙය මිත්‍යාවක් වේ. 

3.උකුණන් : උකුණන් හා උකුණු බිත්තර විශේෂයෙන් පාසැල් යන ළමුන්ගේ බහුල වේ. ඒ සදහා ප්‍රතිකාර අවශ්‍ය වන නමුත් එය හිසකෙස් පැසීමට හේතු නොවේ.

4. හිස ගල්වන තෙල් හිගකම :  හිස ගල්වන තෙල් සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ බහුලව භාවිතා කරයි. මිත්‍යාවකට අනුව තෙල් හිස නොගැල්වීම නිසා හිසකෙස් පැසීමට ලක් වේ. මෙය මිත්‍යාවක් වේ. 

එමනිසා මව්වරුනි, ඔබේ දරුවා නිරෝගී නම් සාමාන්‍ය ලෙස වර්ධනය වේ නම් ඔබ ඔහුගේ පැසුනු කෙස් ගසක් සොයා ගත් පමණින් බයවෙන්න එපා. එහි කිසිවක්  නැතිවිය හැකිය. නමුත් ඔබට තවදුරටත් සැකයක් ඇතිනම් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

දරුවන්ගේ හිසකෙස් පැසීම ගැන ඔබට  මේ තොරතුරු ආදරයෙන් තිළිණ කරන්නේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

දරුවාගේ හිසකෙස් වර්ධනය සම්බන්ධ තවත් ලිපියක් ඔබගේ දරුවාගේ හිස කෙස් සම්පුර්ණයෙන්ම ඉවත්  කිරීමෙන් කොණ්ඩය නැවත ඝනව වැඩේද ?