හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

හිසකෙස් ශක්තිමත්ව දීප්තිමත්ව තම්බාගැනීමට මව්වරුන්ට මෙන්ම දූ දරුවන්ටද කදිම විශ්මිත තෛලයක් ගෙදර කුස්සියෙන්ම සොයාගත හැකි අඩුම කුඩුම වලින් පහසුවෙන් සාදාගන්න.

හිසකෙස් ශක්තිමත්ව දීප්තිමත්ව තම්බාගැනීම අද කාලයේ මව්වරුන් පමණක් නොවේ පුංචි දුවරුන් පවා සුළුවෙන් සලකන දෙයක් වනවා. අතීතයේ කෙස් කළඹ නිරෝගිව තබා ගැනීමට දවසෙන් පයක් හෝ වැඩි කාලයක් හිසට සත්කාර කිරීමට කාන්තාවන් පුරුදු වී සිටි මුත්, අද කොණ්ඩය පිරන්නට පනාව අතට ගන්නා තුරු හිස් කබලට කිසිඳු සත්කාරයක් කෙරෙන්නේ නැති තරම්.

අද ඔබ වෙත ගෙන එන්නේ ඉතාමත්ම දීප්තිමත් මෙන්ම ශක්තිමත් කෙස් කළඹක් ගෙන දෙන අගනා තෛලයක් සාදාගැනීමට උපකාර වන වට්ටෝරුවක්. මෙය කාන්තා ඔබට පමණක් නොවේ ඔබේ දු දරුවන්ගේද හිසේ ආලේප කර  හිසකෙස් නිරෝගී කරගන්නට යොදාගන්නට ඔබට ආරාධනා කරනවා.

මුලින්ම මෙම තෛලයේ අඩංගු මුලික සංඝටක හා ඒවායේ මූලික ප්‍රයෝජන ගැන තොරතුරු බිඳක් ගෙන එමු.

පොල් තෙල් 100ml

පොල් තෙල් මගින් හිස් කෙස් සුමුදු වී හිස් කබලේ තෙතමනය පවත්වාගෙන යාමට උපකාර වනවා.

ඔලිව් තෙල් 100ml

ඔලිව් තෙල් කෙස් වල ආතතිය පවත්වාගෙන යාමට උපකාර වනවා. මේ නිසා කෙස් කැඩී යාම් වලකිනවා. මේ නිසා ඔලිව් තෙල් මගින් හිසකෙස් පෝෂණය වනවා මෙන්ම වියළි යාමෙන්ද වලකිනවා.

තල තෙල් 100ml

තල තෙල් යනු පෝෂ්‍යගුණයෙන් සපිරි තෙල් වර්ගයක් වන අතර මෙය හිස්කබල මත සම්බාහනය කිරීමෙන් හිස්කබලේ තෙතමනය වඩවා හිස් හොරි මර්ධනය කර හිසකෙස් වර්ධනය වැඩිදියුණු කරයි.

අබ තෙල් 100ml

අබ තෙල් යනු හිසකෙස් වල වර්ධනය සහ තෙතමනය වැඩි කරන තවත් ස්වභාවික තෛලයකි.

ආමන්ඩ් තෙල් 100ml

ආමන්ඩ් තෙල් වලින් කෙස්ගස් වල රෝමකුප ශක්තිමත් කිරීමෙන් හිසකෙස් ශක්තිමත් කර ගැලවී යාම වලක්වා, කෙස්ගස් ශක්තිමත් කරයි.

එඬරු තෙල් 100ml

එඬරු තෙල් වල ඇති විෂබීජ, දිලිර සහ බක්ටිරියානාශක ගුණය නිසා හිසකබලේ ඇති විය හැකි ආසාදන වලින් හිස ආරක්ෂා කරයි. මින් හිසකෙස් ගැලවී යාම වලකිනු ඇත.

වියළි නෙල්ලි - මිට 2ක්

කරපිංචා කොල - මිට දෙකක්

රතු ළුණු - ගෙඩි කිහිපයක්

සාදන ක්‍රමය

1. ඉහත සඳහන් කල තෙල් වර්ග 100ml බැගින් එකට එකතු කර, මද ගින්නේ රත් වන්නට තබන්න.

2. මෙම තෛල මිශ්‍රණයට වියළි නෙල්ලි මිටි දෙකකුත්, කරපිංචා කොළ මිටි දෙකකුත් එක් කරන්න.

3. කරපිංචා කොළ කළු පැහැ ගැන්වෙන තුරු තබන්න.

4. මීළඟට රතු ලුණු ගෙඩි කිහිපය ඔඋන්චියට කපා තෙලට එකතු කරන්න

5. රතු ලුණුකහ පැහැ ගැන්වෙන තෙක් බැදුණු පසු ලිප නිවා සිසිල් වන්නට හරින්න.

6. දැන් මෙය පෙරාගෙන හොඳින් වසාගත හැකි බෝතලයක ගබඩා කර අවශ්‍ය පරිදි පාවිච්චි කරන්න.

ඉතින් ඔබත් මෙම තෛලය සාදාගෙන ගෙදර අය සමඟ පාවිච්චි කරන්න. ලැබෙන ප්‍රතිපල අප පාඨකයින් සමඟ බෙදාගන්න.

හිසකෙස් වලට ආදරති ඔබට ප්‍රසුතියෙන් පසු කෙස් ගැලවී යාම සම්බන්ධ ලිපියකි මේ පසු ගර්භණි සමයේ ඇතිවන හිසකෙස් ගැලවීයාමට ඔබත් මුහුණ දෙනවද?