ඔබ දෙවරක් නොසිතූ මේ පුරුද්දෙන් ඔබේ හිස කෙස් වලට හානි වෙන්න පුළුවන්

ඔබ දෙවරක් නොසිතූ මේ පුරුද්දෙන් ඔබේ හිස කෙස් වලට හානි වෙන්න පුළුවන්

කවදාවත් නොහිතපු පුංචි පුරුද්දකින් දිගු කාලීනව ඔබේ හිස කෙස් වලට හානි සිදුවෙන්න පුළුවන්.

කොණ්ඩේ එහෙ මෙහෙ විසිරිලා අවුල් වෙලා ඉන්න ඔබ ආස නැහැ. නමුත් සමහර හිස කෙස් හානි පුරුදු එවලේම නැති වුනත් දිගුකාලීනව ඔබේ කොණ්ඩයේ ඝනකම හා ප්‍රමාණය අඩු කරන්න සමත් වෙනවා. 

හිස කෙස් හානි සිදු කරන පුරුද්දක්...

ෆ්‍රැන්සිස් කැටනිස් ( Art and Autonomy, New York City) මේ තොරතුරු Yahoo Health සමග බෙදාගෙන තිබුණා. එහි කේෂාලන්කරණ ශිල්පියෙකුට අනුව කොණ්ඩය අපේ බෑග් එකේ කරපටියටත් කැඩිලා බුරුල්වෙලා ගැලවිලා යනවා.

ඒ නිසා වර්තමානයේ සමහර අය අතේ ගෙනියන බෑග් වලට හුරු වෙලා තියෙනවා. එත් ඔබට ලොකු බෑග් එකක් ගෙනියන්න උවමනා නම් එය කරේ දාගෙන යනකොට හිස කෙස් වලට අසු නොවන ලෙස දමාගෙන යන්න ප්‍රවේසම් වෙන්න. නැතිනම් කෙස් රොදින් කොටසක් ක්ලිප් එකක් ආධාරයෙන් රඳවා ගන්න.

ඒ අතරම හිස කෙස් වලට නිසි සත්කාරයක් නොලැබුනොත් හිස කෙස් ඉක්මනින් කැඩිලා යනවා. හිස කෙස් හානි සිදු වෙනවා. ඒ වගේම වියළි කෙස් ගස් අග පැලෙනවා. මේ තත්වය වෙනස් කරගන්න ඔබට පියවර 3 ක් පිළිපදින්න පුළුවන්.

හිස කෙස් හානි අඩු කරන පිළියම්

1.ඔබ භාවිතා කරන නිෂ්පාදන වෙනස් කරන්න

ඔබේ හිසකෙස් වල තෙල් සහිත බව පවත්වාගෙන යන්න ෂැම්පු වර්ගයක් තෝරාගන්න. වියළි කෙස් ඉක්මනින් කැඩී යාමට බඳුන් වෙනවා.

ෂියා බටර්, ආර්ගන් ඔයිල්, ආමන්ඩ් ඔයිල් අඩංගු ෂැම්පු වර්ගයක් තෝරා ගැනීම මේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් වෙයි. මෙවැනි ෂැම්පු මගින් හිසකෙස් වල තෙල් සහිත බව රැකදෙනවා.

ඒ වගේම ස්වභාවයෙන්ම ඔබේ හිසකෙස් කර්ල් හෝ අවුල් වුන ස්වභාවයක් ගනී නම් සල්ෆේට් අඩංගු ෂැම්පු වර්ගයක් තෝරා ගන්න එපා. සල්ෆේට් ඉතා සැර රසායනයක් නිසා හිස කෙස් වල තෙල් ගතිය ඉවත් කරනවා.

හිස කෙස්

2. තෙතමනය හොඳින් ඇති කන්ඩිෂනර් එකක් තෝරා ගන්න

මෙවැනි කන්ඩිෂනර් මගින් ෂැම්පු කිරීමෙන් පසු කෙස් ගැලවී යාම නැතිවෙන, තෙල් සහිත බව නැවත ලබා දෙනවා. කුමන ෂැම්පු වර්ගයක් වුවත් හිසකෙස් වියළි කරන අතර එහි ප්‍රමාණයන් එක් එක් ෂැම්පු වලට අනුව වෙනස් වෙනවා.

ඒ වගේම සිලිකොන් රහිත කන්ඩිෂනර් වර්ගයක් පාවිච්චි කරන්නත් මතක තියාගන්න. බොහෝ නිෂ්පාදන වල සිලිකොන් ඇත්තේ එමගින් තෙතමනය රඳවා තබන නිසායි. 

නමුත් ඒවා පිරිසිදු කිරීමට සැර ෂැම්පු වර්ග ඕනේ වෙනවා. ඒ නිසා වඩා මෘදු කෝමාරිකා සාරය වැනි සාරයන් ඇති නිෂ්පාදන තෝරාගන්න.

ඒ වගේම ඔලිව් ඔයිල්, පොල් තෙල්, මොරොක්කෝ ඔයිල් වැනි තෙල් වලින් හිස කෙස් වලට ඩීප් කන්ඩිෂනර් සත්කාරයක් ලබාදෙනවා.

3. දරුණු රසායනයන් අඩංගු නිෂ්පාදන වලින් වැළකෙන්න

බොහෝ විලාසිතාවන් සඳහා යොදාගන්න නිෂ්පාදන වල ඉතා නරක රසායනයන් අඩංගු කරලා තියෙනවා. මධ්‍යසාර හා සුවඳ ඛාරකද ඒ අතර තියෙනවා.

ඒ නිසා නිතරම එනම් හණ ඇට, පොල් තෙල් හා ඔර්ගන් තෙල් වැනි තෙල් වලින්  සාදා ගන්නා ලද නිෂ්පාදන තෝරා ගන්න. එමගින් තෙතමනය රකිනවා පමණක් නෙමෙයි හිස කෙස් වලට කඩා හැලෙන ලස්සන පෙනුමකුත් ගේනවා.  

 හැමදේම අතරේ ඔබේ ලස්සන, නිරෝගීකම රැකගන්න ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka කල්පනා කළේ ඔබේ පැවැත්ම ඔබේ නිරෝගීකම බලපෑමක් ඇති නොවන ලෙස කටයුතු කරන්න ඉගෙන ගන්නයි.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Written by

Bianchi Mendoza