හෘදයාබාධයක පෙරනිමිති කියන ඔබ නොදන්නා ලක්ෂණ 5ක්

අද කාලයේ හෘදයාබාධයක් යනු වයසක අයට සිමා වූ රෝගී තත්වයක් නොවේ. අවධානය යොමු කළ යුතු මෙම පෙරනිමිති 5 මගින් හෘදයාබාධයකින් වැළකීමට පුළුවන්.

හෘදයාබාධ සැදෙන්නේ වයසින් වැඩි අයට පමණකැයි ඔබ සිතනවා නම්, ඔබ වැරදියි.  වසර 2012දී පමණක් හෘදයාබාධ 450කට වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ වයස අවුරුදු 45ට අඩු පුද්ගලයින්ගෙන්.

මෙය විශාල සංක්‍යාවක් නොවන බව ඔබට හැඟෙන්නට හැකි මුත් මැදිවියට පා තැබූ අවධියේ පටන් හෘදයාබාධ වලට ගොදුරු වීමේ අවධානමක් ඇති බව මෙයින් තීව්ර වනවා.

මේ සම්බන්ධයෙන් යම් තරමින් හෝ සතුටට කරුණක් වන්නේ හෘදයාබාධකට මුහුණ දීමට ප්‍රථමදින කිහිපයකට හෝ ඇතැම් විට සති කිහිපයකටම කලින් එය හඳුන්වාගත් හැකි පෙර නිමිති කිහිපයක් පෙන්නුම් කිරීමයි. මේ නිසා හෘදයාබාධකින් වැළකීමේ හෝ කල් යැවීමේ හැකියාවක් ලැබෙනවා.

මේ ගැන තවදුරටත් දැනුවත් වීමට ප්‍රථමයෙන් හෘදයාබාධක් යනු කුමක්දැයි බලමු.

හෘදයාබාධ තත්වය

හදවතෙහි කාර්යය වන්නේ සිරුර තුළ රුධිරය පොම්ප කිරීමයි. සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හා වායූ වර්ග සැපයීමෙන් සහ ශරීරයෙන් අපද්‍රව්‍ය ඉවත් කිරීම මගින් ශරීරයේ ක්‍රියාකාරීව හා ජිවය පවත්වා ගෙන යනවා.

හෘදයේ මැද ස්තරය නොහොත් මයිමොකාඩියම සැදී තිබෙන්නේ මෙසේ රුධිරය පොම්ප කිරීමට දායක වන මාංශ පේශිවලින්.

හෘදයාබාධයක් නොහොත්  හෝ මයිමොකාඩියම් අබාධයකින් සිදු වන්නේ මෙම මයිමොකාඩියම් පටක නොහොත් මාංශ පේශි සුළු හෝ වැඩි ප්‍රමාණයක් මිය යාමයි. මෙසේ වුවහොත් එම මාංශ පේශි යලි යථා තත්වයට පත් කරන්නට බැහැ. මෙම හානිය වැඩි වන තරමට හදවතේ පටක වලට වන හානිය වැඩි වනවා. තත්වයේ ව්‍යකුලත්වයද ඒ අනුව වැඩි වනවා.

සිරුරට අවශ්‍ය රුධිරය පොම්ප කිරීමට අමතරව ඉන්ද්‍රියයක් වන හදවතටද හොඳ රුධිර සංසරණයක් අවශ්‍ය වනවා. හෘදයට රුධිරය සපයන රුධිරවාහිනී ධමනි ලෙස හැඳින්වෙනවා.  ඉතින් හෘදයාබාධයක් සිදුවීමට හේතු වන්නේ මෙසේ හදවතට සැපයෙන රුධිරයේ හදිසි අඩු වීමක් හෝ නැවතීමක් සිදු වීමයි. සිදුවන හෘදයාබාධය 90% කට හේතු වන්නේ මෙය සිදු වන්නේ කිරීටක ධමනි වලින් එකක් හෝ වැඩි සංඛ්යාවක් දැඩි ලෙස අවහිර වීමයි.

පහත සඳහන් කෙරෙන හේතුන් බොහොමයක් නිසා කිරීටක ධමනි තුල කාලයක් තිස්සේ ලිපිඩ තැන්පත් වීම සිදුවනවා. මේ නිසා මෙම වාහිනී තුලින් රුධිරය ගමන් කිරීම අපහසු වනවා. ඇතැම් විට මෙම සංසරණය තුලදී මෙම ලිපිඩ ස්තර කැබලි කැඩෙන්නට ඉඩ තිබෙනවා. මෙසේ වූ කල මෙම කැබලිද රුධිරය සමග එක් වී සංසරණය වන්නට පටන් ගන්නවා. මෙම කැබලි තවත් තුනී වූ බිත්තියක් තුලින් ගමන් කිරීමේදී එම මාර්ගය අවහිර කරන්නට ඉඩ තිබෙනවා. මෙය නිසා ඇතැම් විට රුධිර නාලය සම්පුර්ණයෙන් වැසීම නිසා රුධිර ගමනය සම්පුර්ණයෙන්ම අඩාල වන්නට ඉඩ තිබෙනවා. මෙවිට එම එම ධමනිය ආශ්‍රිත හදවතේ මාංශ පේශි විනාශ වනවා.

Atherosclerosis ලෙස හඳුන්වන ධමනි තුල ලිපිඩ තැන්පත් වීමේ ක්‍රියාවලිය වලක්වාගත නොහැකි හේතු කිහිපයක් වන්නේ;

  • වයස්ගත වීම
  • පවුල් වලින් පැවත එන ලිපිඩ තැන්පත් වීමේ ජානමය ප්‍රවණතාව
  • තට්ටය පෑදීම

මේ කෙසේ වෙතත් Atherosclerosis (රුධිර වාහිනී තුළ ලිපිද තැන්පත් වීම) තත්වය ඇති වීමට තුඩු දෙන භාහිර ක්‍රියාකාරකම් කිහිපයකුත් තිබෙනවා. මෙම ක්‍රියාකාරකම් වෙනස් කිරීම තුලින් තත්වය පලය කල හැකි වීම සතුටට කරුණක්.

Atherosclerosis (රුධිර වාහිනී තුළ ලිපිද තැන්පත් වීම) සිදු වීමට තුඩු දෙන භාහිර හේතුන්;

  • දුම්පානය කිරීම හෝ වෙනත් දුම්කොළ භාවිතය
  • හයිපර්චෝලෙස්ටෙරෝලියම් (Hypercholesterolemia) සහ හයිපර්ටිග්ලයිසර්සයිඩමේයා (hypertriglyceridemia) ආසාධිත තත්වය ඇතුළු lipoprotein අක්‍රමිකතා
  • ඩයිසයිලයිඩීඩියා (Dyslipidemia)
  • දියවැඩියාව
  • අධි රුධිර පීඩනය
  • තරබාරුකම (උදර ස්ථුලතාවය)
  • මානසික පීඩනය
  • නිසි ජීවන රටාවක් සහ/හෝ ව්‍යායාම නොමැති වීම
  • පළතුරු සහ එළවළු පරිභෝජනය අඩු කිරීම
  • මනා මුඛ සෞඛ්‍ය සනීපාරක්ෂාවක් නොමැති වීම
  • අධි මානසික පෞරුෂයක් ඇති පුද්ගලයින්

ඔබේ පවුල් ඉතිහාසය තුළ හෘදයාබාධ තත්වයන් වලට ගොදුරු වුවෙක් හෝ ගොදුරු වුවන් සිටි නම්  ඔබ හෘදයාබාධ තත්ව වලින් හා Atherosclerosis (රුධිර වාහිනී තුළ ලිපිද තැන්පත් වීම) වලින් වැලකි සිටීමට විශේෂයෙන් කටයුතු කල යුතුයි.

හෘදයාබාධයක පෙරනිමිති

හෘදයාබාධයක ඇති වඩාත් පොදු රෝග ලක්ෂණය වන්නේ පපුවේ වේදනාව බව අප දන්නවා. ඉතින්, සිරුරේ වම්පස දෙසට පැතිරෙන නොහොත් පපුවේ අස්ථි වලට පිටුපස දෙසට පැතිරෙන වේදනාවක් තිබේ නම් දෙවරක් නොසිතා ඔබ වහාම ගිලන් රථයක් ඇමතිය යුතුයි. එනමුත් මීට බොහෝ කලින් හඳුනාගත හැකි ලක්ෂණ තිබෙන බව ඔබ දන සිටියාද?

සෑම හෘද රෝගියකුටම දැඩි වේදනාවකින් නොදැනෙන බව ඔබ මතක තබා ගත යුතුය. අර්කන්සස් විශ්ව විද්යාලය (University of Arkansas) විසින් කාන්තාවන්ගේ හෘදයාබාධ පිළිබඳ සොයා බැලීම සඳහා වූ අධ්‍යයනයකදී සොයා ගනු ලැබුවේ කාන්තාවන්ගෙන් සියයට 43 ක් හෘදයාබාධයකට පෙර පපුවේ අසහනයක් ඔවුන්ට නොදැනුනු බවයි. බොහෝ අවස්ථාවලදී රෝග ලක්ෂණ අකර්මණ්ය විය.

මෙසේ සොයා ගනු ලැබූ පහත රෝග ලක්ෂණ ලොකු දෙයක් සේ ඔබට නොහැඟුනත්, නොසලකා හැරිය නොයුතු  කාරණා 5ක් මෙසේ හුවා දක්වමු.

1. අසාමාන්‍ය තෙහෙට්ටුව

කාන්තාවන්ගෙන් 70% ක් හෘදයාබාධයකට පෙර සති කිහිපයකට පෙර අසාමාන්ය ලෙස තෙහෙට්ටුවක් අත්දැක තිබුණි. හේතුවක් නොමැතිව ඔබට ඇඳෙන් බැසීමට අපහසු නම්  එළියට ගැනීමට අපහසු නම්, ඇති විය හැකි වෙනත් රෝග ලක්ෂණ ගැන ඔබ ඉතා අවධානයෙන් සිටිය යුතුයි.

2. නින්දට බාධා ඇති වීම

කාන්තාවන් 48% ක් මෙම තත්වය අත්දැක තිබු අතර, ඔබේ නින්දෙහි රටාවේ හදිසි වෙනස් වීමක් ඇත්නම්, නින්දට යාමට අපහසු බවක් ඇති වේ නම් ඔබ එය නොසලකා නොහැරිය යුතුය.

3. හුස්ම හිරවීම

සාමාන්‍ය දින චරියාවෙන් පසුව හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවීම කාන්තාවන්ගේ ප්රතිශතයයෙන් 42%ක් වුනා. සාමාන්‍යයෙන්  නින්ද නොයෑම හෝ උණ ගැනීම වැනි තත්ව යටතේ මෙය සිදු විය හැකි මුත් මෙම තත්වය දිගටම පවතී නම් අනිවාර්යයෙන් ඒ ගැන සැලකිලිමත් විය යුතු වනවා.

4. අහාර නොදිරවිම

කාන්තාවන්ගෙන් 39%ක් අහාර නොදිරවීමට මුහුණ දුන් අතර ගෑස් නිසා ඇතිවන බඩේ දැවිල්ල ආදියද ඇත දැක්ක. මෙම තත්වය දිගටම පවතී නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය පරීක්ෂාවක් කරගත යුතුයි.

5. කාංසාව

කාන්තාවන්ගෙන් 35% කට කනස්සලු ස්වභාවයක් දැනුනු අතර, කිසිදු හේතුවක් නොමැතිව කලබලකාරී ගතියක්ද පෙන්නුම් කරනු ලැබුවා. දෙමාපියන් කනස්සල්ලට පත්ව සිටිති. කෙසේ වෙතත්, කාංසාව පදනම් විරහිත බව ඔබට හැඟෙ නම් එය නොසලකා ඉන්න එපා.

ඔබ වයස අවුරුදු 40ට වැඩි කාන්තාවක් නම් වසරක් පාසා පුර්ණ පරීක්ෂාක් කරහැනීම අප තරයේ අනුමත කරනවා. ඔබේ දූ දරුවන් වෙනුවෙන් සෞඛ්ය සම්පන්නව ආහාර ගැනීම, නිතිපතා ව්යායාම් කිරීම, දුම්පානය නතර කිරීම වැනි සෞක්‍යයට හිතකර ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම ඔබේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වනවා.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා