ලෝකයේ හොදම බිරිද ඔබද?

බිරිදක් වීම දුෂ්කරයි . සෑම දෙයක්ම  කිරීම සඳහා කාර්යය කිරීම  සහ කැපවීම අවශ්‍ය වේ. සමහර විට ඔබට එය අවබෝධ නොවී ඇති නමුත්,  මෙන්න මේ දේවල් 11 කිරීමෙන් ලෝකයේ  සිටින හොඳම බිරිද බවට ඔබ දැනටමත්  පත්වෙලා.

විවාහය වැඩ අධිකය. දුෂ්කරය. බිරිඳක් හා  මවක් ලෙස? හොඳයි, ඔබ නිවැරදිව එය විස්තර කිරීම සඳහා තවත්  විශේෂණ එකතු කරන්න වෙනවා . ඉතින් ඔබ දැනටමත් හොඳම බිරිඳක්  සේ  කටයුතු කරනවා . ඔබට ඒ සදහා  අගය කිරීමක් ලැබිය යුතුය. ඔබ එය කරන බව ඔබ දන්නවා .

සමහර විට, ඔබ අසරණයි. ඔබට ලෝකයේ ඉන්න නරකම  බිරිඳ යැයි සිතෙන්න පුළුවන් . කණගාටු වෙන්න එපා . ඒක ඔබ හරියටම කරනවා . ඔබ කරන බොහෝ දේ නිසා ඔබ හොදම බිරිද වෙනවා. මෙන්න  ඉන් කිහිපයක්,

ඔබ සදහටම හොදම බිරිද කරන කාරණා 11ක්

1. ඔබේ සැමියාගේ සාර්ථකත්වය කෙරෙහි ඔබට  උනන්දුවක් ඇති වෙනවා .

ඔබේ ස්වාමිපුරුෂයා රැකියාවේ උසස් වීමක් ලැබීම, පිබිදීමක් ඇතිවීම හෝ  ඔබේ දරුවන්ගේ    ඇඳුම්  සාර්ථකව වෙනස් කිරීම  (හා අලංකාරව)   වුවත් එය සාර්ථකත්වයයි. ඔබට  ඔහුට උදව් කරන්න බැහැ, නමුත්  ඔහු ගැන යම් ආඩම්බරයක් දැනෙනවා. දැනටමත් ඔබ හොඳම බිරිඳ බවට පත් කරන්නේ මෙම ගුණාංගයයි. ඇයි? ඔහු ඔබට සැලකිල්ල දක්වන නිසයි. ඔබ සහයෝගශීලී වේ. ඔබ ඔහුගේ උද්යෝගය හා ආඩම්බරය  බෙදාගන්නවා.

2. ඔබ තවමත් ඔහුගේ ප්‍රියතම චිත්‍රපටය නරඹනවා. (එයට ඔබ අකමැති වුනත් )

එය කාන්තාවන්ගේ කැපවීමයි. ඔබ දෙපල එක්ව චිත්‍රපට බොහොමයක්  නරඹා තියෙන්න පුළුවන් . එහෙත්,  කතාව අර්ථවත් නොවිය හැකි  අතර, චරිතය දුර්වල විය හැකිය .

ඔබ ඔහුට ආදරේ නිසා ඒ සමඟ එහි රැදි සිටීම  නිසා හොඳම බිරිඳ ඔබ වේ. එය   චිත්‍රපටයක් පමණයි. එය විකාශනය වන්නේ  පැයක් හමාරක් පමණයි.

3. ඔබ තනි පුද්ගලයෙකු වේ.

ඔබේ ස්වාමිපුරුෂයාට සහ ඔබේ පවුලට සාමාන්‍යයෙන්  ඔබේ ප්‍රමුඛතාවය ලැබේ. නමුත් මේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින අය ඔවුන් පමණක් නොවේ . ඔබේ අනෙක් ඉහල ප්‍රමුඛතාව ලැබිය යුත්තේ ඔබටයි.

ඔබේ සන්තෝෂය අනිත් අය මත රඳා නොපවතින  නිසා ඔබ හොඳම බිරිඳ වේ. ඔබ ඔබම වේ. ඔබට වෙනම  පුද්ගලයෙකු ලෙස  ඔබේම ජීවිතක් ඇත. එය ඔබව ශක්තිමත් කරාවි.

4. ඔබ ඔහුගේ ප්‍රියතම  ආහාර පිසිනවා.

මෙය ඇත්ත වශයෙන්ම වැදගත් විය හැකිය . කෙනෙකුගේ ප්‍රියතම  ආහාර වේලක් පිසීමෙන් ඒ පුද්ගලයා  වෙනුවෙන්  කළ හැකි සුන්දරතම  දේ වලින් එකකි. ඔබ දෙදෙනාට එකිනෙකාගේ ප්‍රියතම ආහාර වේල පිසීමට  ගත හැකි නම් එය වඩා හොඳ වේ.  ඔවුන්ට ඉතා ගැඹුරින්  විනෝදයෙන් යමක් ලබා දෙන්න  කල්පනා කරනවා. ඉතා හොද වැඩක් වෙනවා.

5. ඔබට  හාස්‍ය රසය තියෙනවා.

ඔබට හාස්‍ය රසය තිබෙන නිසා, ඔබ ඉතිහාසයේ හොඳම බිරිඳ වේ. එය ඕනෑම සම්බන්ධතාවක් සඳහා වැදගත් වේ. ඒ නිසා ඔබ හා ඔබේ සැමියා මානසික ආතතිය හමුවේ හොද කල්පනාවෙන් කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම කියන විදියටම සිනහව යනු හොඳම ඖෂධයක්  වේ.

6. ඔබ විශ්වාසවන්තයි.

ඔබේ ස්වාමිපුරුෂයා ඇතුළු බොහෝ අයට වෙනත් කෙනෙකුට යමක් පැවරීම දුෂ්කර විය හැකිය. ඔබේ ස්වාමිපුරුෂයා ඔබව නිශ්චිතවම විශ්වාස කරන විට, එය ඉතා විශාල ගනුදෙනුවක් වෙනවා . ඔබ ඔහුගේ විශ්වාසවන්තියයි. ඔබ  ඔහුගේ ශක්තියයි. ඔහුට රදා පැවතිය හැකි  පුද්ගලයා වීමට ඔහු ඔබව තෝරා ගත්තා . ඔහුට ඔබ සමඟ සියල්ල බෙදා ගත හැකිය . ඒ ඔහුට ඔබට විශ්වාස කළ හැකි බව ඔහු දන්නා නිසයි.

7. ඔබ ඔහුගේ මිතුරන් සමඟ හොඳ කොන්දේසි සහිතව සිටිනවා

ඔයාගේ සැමියාගේ යාළුවෝ ඔහුත් එක්ක ඉන්නේ ඔබ එන්නත් කලින් , ඔහු ඔහුගේ  සහය පද්ධතියත් එක්ක ඔබව විශ්වාස කිරීම   ඉතා සලකුණක් වෙනවා . ඔබේ සැමියාට අවශ්‍ය  උපකාර ලබා දීම වෙනුවෙන් ඔබ  ඔහුගේ මිතුරන්ට   ස්තුතිවන්ත වෙනවා . ඔබට ඔහුගේ මෙම අවශ්‍යතා  තනියම සම්පුර්ණ  කළ නොහැකි බව ඔහු දන්නවා.

8. ඔබ ඔහුට ඔබ වෙනුවෙන් දේවල් කරන්න ඉඩ දෙනවා.

ඔබ ඔහු වෙනුවෙන් බොහෝ දේ කර ඇති නමුත් ඔබ වෙනුවෙන්  දේවල් කිරීමට ඔහුට ඉඩ ලබා දීම හොදම බිරිද වීම යන්නෙන් අදහස් කෙරෙනවා . හොඳම බිරිඳ යනු ඔහු වෙනුවෙන් සෑම දෙයක්ම කිරීම පමණක්  නොවේ. එය කාර්යය බෙදාහදා ගැනීම සහ හවුල්කරුවන් වීමත් වෙනවා . ඒ නිසා  ඔබේ බැඳීම නිසා එය ගැඹුරු වෙනවා.

9. ඔබ සන්නිවේදනය කරනවා

සෑම සබඳතාවකම සන්නිවේදනය වැදගත් වෙනවා .  සම්බන්ධයක් ඇති වීමට  ප්‍රධානතම හේතුව එයයි. සන්නිවේදනය විවෘතව හා අවංකව පවත්වා ගැනීමෙන් ඔබ  දෙදෙනගේ බැදීම   සහතික කරනවා . ඔබ ගැඹුරු රාත්‍රියේ  ගැඹුරු  සාකච්ඡා පැවැත්විය හැකිය, නැතහොත් ඔබ  ආදරය කරන බව පවසමින්   ඔබ එකිනෙකාට ආදරණීය     සටහන් තබා ගත හැකිය.

10. ඔබ ඔහු සමඟ කාලය ගත කිරීමෙන් විනෝදය ලබනවා.

ඇත්තෙන්ම ඔබට ඔහු සමඟ කාලය ගත කිරීම අවංකව හා නුවණට හුරු වෙනවා. ඔබ ඔහු සමඟ සිටින විට, ඔබගේ දුරකථනයෙහි වෙනත් දෙයක් කිරීම සඳහා කාලය  ගත කරන්නේ නැහැ . ඔබ ඔහු වෙනුවෙන් වැය කරන කාලය අගය කරන අතර ඔහු ඔබ වෙනුවෙන්  වැය කරන කාලයද ඔබ  අගය කරනවා. ඔබ ඔහුගේ ඇසුරින්  විනෝදය  ලබන  අතර  ඒක තමයි හොඳම කොටස වෙනවා.

11. ඔබ එය සාර්ථක  කර ගැනීම  සඳහා උත්සාහයක් දරනවා

අපි කිව්වා වගේම විවාහය කාර්යයන්  ගෙන් පිරී පවතිනවා . වැඩ කිරීමට සහ  කැපවීමෙන්  ඔබ දැනටමත් හොඳම බිරිඳ වී ඇති බව සලකුණක් වෙනවා.

ඔබ හොදම බිරිදයි.

විවිධාකාර යථාර්ථයන් සහ විවිධාකාර මාදිලීන් අතරින් ඔබ හොඳම බිරිඳ බවට පත් කරන බොහෝ දේවල් තවත් තියෙනවා .  වෙන කිසිවෙකු විසින් ඔබේම ස්වාමිපුරුෂයා පවා නිර්වද්‍යතාව සහතික  නොකල  යුතු  ඔබගේ ඇති වටිනාකම ඔබට තියෙනවා.  ඔබ ලෝකයේ හොඳම බිරිඳයි එය ඔබ  දන්නවා.

ලෝකයේ හොදම බිරිදගේ මේ ආදරණීය සලකුණු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී