theAsianparent Logo

සහකරු සමඟ හොඳම ලිංගික ජීවිතය ගත කරන්නට උපකාර වන අසාමාන්‍ය ක්‍රම පහක්

ඔබේ ලිංගික ජීවිතය තුළ පිබිදීමක් අවශ්‍යද? විද්‍යාත්මක අධ්‍යයන වලට අනුව සොයාගත් ඔබට අනුගමනය කල හැකි නිදන කාමරයේ රහස් කිහිපයක් මේ.

ඔබ අලුත බැඳපු විවාහක යුවලක් වුවත්, දශක ගණනක් පුරා විවාහක යුවලක් වුවත් ඔබේ විවාහය තුල ලිංගික ජීවිතය කුල්මත් කරන්නට මේ විශේෂඥය උපදෙස් ඔබට අනුගමනය කරන්නට පුළුවන්.

 කාලයත් සමඟ ලිංගික ජීවිතය තවත් ඒකාකාරී දෛනික චර්යාවක් බවට පත් වනු ඇත. තවද ජිවිතයට රසය දෙන්නක් වෙනුවට මෙය ජිවිතයට බරක් වන්නටද පුළුවන්. සහකරුවන් අතර හීන වූ උද්යෝගය නිසා මත ගැටුම් වලට පවා තුඩු දිය හැකි බැවින් ලිංගික ජීවිතය අප්‍රසන්න වන අවස්ථාද නැතුවා නොවේ.          

විශේෂයෙන්ම දරුවන්ගේ වැඩ, ගේදොර වැඩ, වතු පිටි වල සහ අමතර වැඩ වල නියැලෙන විඩාපත් මව්වරුන්ටත්, රැකියා වල නියුතු කාර්යබහුල පියවරුන්ටත් ලිංගික ජීවිතය මානසික සැනසීමක් විනා මානසික ආතතියක් වීම අසාධාරණ නොවේද?

විද්‍යාත්මක අධ්‍යයන වලින් සොයාගෙන ඇති පරිදි සාර්ථක ලිංගික ජිවිතයක් කෙටි කාලින තෘප්තියක් පමණක් නොව පවුල් ජිවිතයේ දිගු කාලින සුභ සිද්ධියටව බලපාන බව  තහවුරු කර තිබෙනවා.

විශේෂයෙන්ම කිව යුත්තේ සාර්ථක ප්‍රසන්න ජීවිතයක් අගනා විවාහ සබඳතාවකට බලපාන මූලික සාධකයක් වන බවයි.

ඉතින් ඔබේ සහකරුත් සමඟ අද්විතීය ලිංගික ජීවිතයක් ගත කිරීමට මෙයම හේතුවක් වනවා නොවේද?

ලිංගික ජීවිතය ප්‍රබෝධමත් කරගැනීම සඳහා විද්යාත්මක පිටුබලයක් දුන් නිදන කාමරයේ රහස් කිහිපයක් මෙන්න!

1. ජිවන සුවඳ නැතහොත් මෘදු සුවඳ විලවුන් වර්ගයක් ආලේපනය

සුවඳ විලවුන් වලට වඩා සහකරුගේ ජිවන සුවඳ නැතහොත් දහදිය දුවන්ද මගින් සහකාරිය ලිංගිකව උත්තේජනය වන බව සොයාගෙන තිබෙනවා. 2007 වසරේ සිදු කල අධ්යයනයකින් පෙනී ගියේ පුරුෂයින්ගේ දහදිය සුවඳේ අඩංගු ඇන්ඩ්රොසඩිඩෝන් වැනි සංඝටක නිසා එමගින් කාන්තාවකගේ හෝමෝන මට්ටම් ප්‍රතික්‍රියා කොට කාන්තාවන්ව ලිංගිකව සක්‍රිය කරන අතර මොලයේ ක්‍රියාකාරීත්වයද කාර්යක්ෂම කරන බවයි.

ඔබේ සහකරු උද්දීපනය කිරීම සඳහා ඔබට මෘදු මල් සුවඳක් දෙන සුවඳ විලවුන් වර්ගයක්ද අලේප කරන්නට පුළුවන්. මෙය අසාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස පෙනුනත් අධ්‍යයන වලට අනුව මෙමගින් රුධිරයේ පෙනයිල් ශ්‍රාවය වැඩි සහ රුධිර ප්‍රවාහය වැඩි කොට ලිංගික උත්තේජනය වැඩි කරනු ලබනවා.

2. වැඩිපුර හිරු එළිය

වැඩිපුර හිරු එලියට නිරාවරණය වීම ඔබේ ලිංගික ජීවිතය තවත් කාර්යක්ෂම කරන බව ඔබ දැන සිටියාද? හිරු එළියෙන් නිකුත් කරන D විටමින් නිසා එමගින් පුරුෂයින්ගේ ශක්තිය වැඩි දියුණු කරන අතර කාන්තාවන්ගේ ටෙස්ටොස්ටරෝන් මට්ටම ඉහල යවන්නේ හොඳ ලිංගික සක්රියතවයක්ද ඇති කරමින්. ඉතින් මල් වත්තක හෝ මුහුදු වෙරළක ඇවිදින්නට ගොස් මදක් උණුසුම් වී නිදන කාමරයේ ඒ උණුසුම සමරන්නට අමතක කරන්න එපා!

3. කට දැවිල්ල කෑම අහාරයට ගන්න

ආදරය මිහිර තුල ජ්වලිත වන්නට කලින් ටිකක් කුල්මත් වෙලා හිටියොත් හොඳ නැද්ද?

වැඩිපුර කට දැවිල්ල අහාරයට ගන්නට කැමති පිරිමින්ගේ ටෙස්ටස්ටේරෝන් මට්ටම ඉහළ තත්වයක ඇති බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන් ලිංගිකව භෝ සේ සක්‍රිය වන බවත් සොයාගෙන තිබෙනවා. කුල්මත් අහාර වේලකින් පසුව එක් වී සතුට විඳීම ඔබට මහත් රසයක් ගෙනෙනවා නොඅනුමානයි.

4. බියජනක චිත්‍රපටයක් නරඹන්න

ඔව්! බියජනක චිත්‍රපටයක් ඔබ දෙදෙනා තවත් ලං කරන බව ඇත්තයි. නමුත් එම ලංවිම නිදන කාමරය තුලටද ව්‍යාප්ත කරගත හැකියි.

බියකරු චිත්‍රපට මගින් ශරීරයේ සානුකම්පිත ස්නායු පද්ධතිය  (SNS) කෙරෙහි බලපාන අතර මෙය ලිගික අවයව වල උත්ත්ජනයක්ද ඇතිකරන බ අව සොයාගෙන තිබෙනවා. එක් විමකර පෙර ත්‍රාසජනක චිත්‍රපටයක් නැරඹීම දෙදෙනාගේම ප්‍රබෝධමත් එක් වීමකට මුල පුරන බව අමතක කර ලිංගික  අත්දැකීමට රස මුසු කරනු ඇත.

5. මේස් පළඳින්න

මෙය අසාමාන්‍ය ලෙස ඔබට දැනෙන්නට හැකි මුත් 2011 වසරේ නෙදර්ලන්තයෙන් කළ අධ්යයනයකට අනුව, ඔබේ පාද උණුසුම් කර තබා ගැනීම මහත් තෘප්තියක් ගෙන දෙන බව සොයාගෙන තිබෙනවා

මේ හැම දේටම අමතරව කාමර උෂ්ණත්වයේ ඇති ප්‍රසන්න පරිසරයක් මගින් ඇයට සුරක්ෂිත මෙන්ම නිදහස් බවකුත්, සුවපහසුවත් ගෙන දෙන අතර ඔහුටද නිදහස් මානසිකත්වයක් තුළින් දෙදෙනාගේ ප්‍රබෝධමත් එක් වීමකට මුල පුරනු ඇත.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා