theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකල යුත්තේ ඇයි?

3 අවම කියවීම
හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකල යුත්තේ ඇයි?හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකල යුත්තේ ඇයි?

හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කිරීමට පෙර ඔබට  දෙවරක් සිතීමට  මෙය හේතු වේවි. මෙම බලපෑම්  වලින් මිදීමට ඔබ භාවිතා කරන ස්නානය සහ රූපලාවන්‍ය  නිෂ්පාදන රැගෙන යන්න.

හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කිරීමට පෙර ඔබට  දෙවරක් සිතීමට  මෙය හේතු වේවි. මෙම බලපෑම්  වලින් මිදීමට ඔබ භාවිතා කරන ස්නානය සහ රූපලාවන්‍ය  නිෂ්පාදන රැගෙන යන්න.

අපි බොහෝ දෙනා හෝටල් වලට ගිය වහාම  කරන පළමු දෙය වන්නේ නාන කාමරයේ අවශ්‍ය දේවල් තබා තිබේද යන්න පරීක්ෂා   කිරීමයි. නමුත් අපි ඔබට කියන්නට යන ඉතාම බලවත් හේතුන් නිසා හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන කවදාවත් භාවිතා නොකල  යුතුය.

හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකළ යුත්තේ  ඇයි යන්නට ඉතා වටිනා හේතු හයක් මෙන්න.

1. ඒවා ඇදහිය නොහැකි  ලෙස නාස්තිකාර වේ.

බොහෝ විට, ඔබ එහි රැඳී සිටින කාලයේ දී සම්පුර්ණයෙන්ම  ෂැම්පූ හෝ ජෙල් ෂවර් බෝතලයක් භාවිතා කිරීමට ඔබට නොහැකි වනු ඇත. ඔබ  එය නිවසට රැගෙන  යෑමට  අදහසක් නොමැති  නම්, ඉතිරි කොටස ඉවත් කරනවා . එය භාවිතා කර ඉවත් කල හැකි හිස පීරන පනාවටද අදාල වේ. ඔබ එය වරක් භාවිතා කළ පසු එය ඉවත් කිරීමට  සිදු වේ . ඒ වෙනුවට, නිවසින් ෂැම්පු සහ ෂවර් ජෙල් ගෙන ඒමට    නැවත පිරවිය හැකි බෝතල් භාවිතා  කරන්න . ඔබේම හිස  පීරන පනාව  ගෙන ඒමට අමතක නොකරන්න.

2. හෙයාර් ඩයර් එක අපිරිසිදුයි.

ඒබීසී ප්‍රවෘත්ති සේවයට අනුව, ඔබ කවදාවත්ම නොමිලේ ලබාදෙන හෙයාර් ඩයර් එක  භාවිතා නොකළ යුතුය. ඒ මෙය හෝටල් නානකාමරයක ඇති අපිරිසිදුම දේවල් වලින් එකක් වීම නිසයි. මෙය හැර නානකාමරයේ ඇති අනෙක් සියල්ල පිරිසිදු කර නැවත  තැම්පත් කරයි. ඔබට එය භාවිතා කළ යුතු නම්, පළමුව එය පිරිසිදු කිරීමට ඔබ විෂබීජ නාශක විප්ස්   භාවිතා කිරීම සුදුසු වේ.

3. හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන වල හානිදායක   රසායනික ද්‍රව්‍ය  අඩංගු විය හැකි බැවින් භාවිතා නොකරන්න.

සමහර නවීන හෝටල් සීයට සීයක් ස්වාභාවික නාන හා ශරීර නිෂ්පාදන ලබා දෙන බව සත්‍යයක් නමුත්  බොහෝ විශාල හෝටල් සංකීර්ණ ලබාදෙන නිෂ්පාදන වල ඔබේ සමට මෙන්ම පරිසරයට හානිකර වන රසායනික ද්‍රව්‍ය  අඩංගු වේ. සෑම විටම ඔබේම නාන සහ ශරීර නිෂ්පාදන  රැගෙන යෑම සුරක්ෂිත  වීමට  හොඳම මග  වේ.

4. මෙම නිෂ්පාදන වලට  ඔබේ සමට ඍණාත්මක ලෙස බලපෑ හැකිය.

ස්නානය සහ රූපලාවන්‍ය  නිපැයුම් සලකන  විට අප සියල්ලම ඉගෙන  ගත් අසීරු  එක් දෙයක් නම් ඒ සියල්ල සෑම සමකට සුදුසු නොවීමයි. නමුත්     හෝටල් මෙම නිෂ්පාදන විශාල වශයෙන් කරන නිසා ඔබේ පුද්ගලික අවශ්‍යතා සපුරාලිය නොහැක. එබැවින් ඔබේ ඔබේ සමට  නොගැලපෙන   මෙම නිෂ්පාදන භාවිතා කරන විට, බිබිලි හෝ වියළි සම වැනි අසාත්මිකතා ඇති විය හැක.

5. ඒ මගින් ඔබේ පවුලේ හිසකෙස් වලට හානි වි හැකිය.

අපේ සමට මෙන්ම හිසකෙස් වලට ද මෙය සිදු වේ. අපි හැමෝටම තියෙන්නේ විවිධ කෙස් වර්ග,  හෝටලයේ ෂැම්පු භාවිතයෙන් ඔබගේ පවුලේ හිසකෙස් වලට හානි විය හැකිය. මෙම නිෂ්පාදනවල අඩංගු ද්‍රව්‍ය   බෝතල් මත පැහැදිලිව සදහන් කර නැත්තම්  ඒවා භාවිතයෙන්   වැලකීම  වඩා සුදුසුය.

6. විශේෂයෙන්ම ළමයින්ගේ   කැළඹීම්   සමේ   සිදුරු, අපහසුතා  ඇති විය හැකිය.

හෝටල්වල ඇති මුහුණේ ගාන සබන්  භාවිතා කිරීම ගැන  සිතන්නටවත් එපා. පළමුවෙන්ම, ඒවා ඔබේ සම සම සිදුරු කිරීමට  හේතු විය හැකිය. විශේෂයෙන් ඔබ ඉතා සංවේදී නම්, ඔබේ පුංචි පැටියාගේ  මෘදු සමත් ඒ ලෙසින්ම අපහසුතාවයට  පත් විය හැක. දෙවනුව, ඔබ එම  සබන් කැටය විවෘත කළ පසු,  ඔබ එහි රැදි සිටින ඉතිරි කාලයේදී   දූෂිත වනු ඇත.

සාරාංශය :

1. ඔබේ පිරිසිදු කරන දේවල් , විශේෂයෙන්ම ළමා නිෂ්පාදන අරගෙන යන්න.

2. හෝටල් හෙයාර් ඩයර් භාවිතයෙන් වළකින්න.

3. නිෂ්පාදන ගෙන්වන ස්ථාන   තැන  හෝටලයෙන් අසන්න.

මෙය කියවීමෙන් පසු, හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන කිසි විටෙකත් නැවත කිසිදාක ඔබ භාවිතා නොකරන බව පැවසීම ආරක්ෂිතයි නේද? අමතක කරන්න එපා, ඔබ හෝටල් වල භාවිතා නොකළ යුතු වෙනත් දේවලද ඇත.

හෝටල් වලදී භාවිතා නොකල යුතු දේවල් ගැන මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • හෝටල් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකල යුත්තේ ඇයි?
බෙදාගන්න :
  • ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

    ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

  • ගර්භණි සමය තුළ ඇසුරට නොගතයුතු රූපලාවන්‍ය නිෂ්පාදන 12ක්

    ගර්භණි සමය තුළ ඇසුරට නොගතයුතු රූපලාවන්‍ය නිෂ්පාදන 12ක්

  • ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

    ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

  • ගර්භණි සමය තුළ ඇසුරට නොගතයුතු රූපලාවන්‍ය නිෂ්පාදන 12ක්

    ගර්භණි සමය තුළ ඇසුරට නොගතයුතු රූපලාවන්‍ය නිෂ්පාදන 12ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it