ළදරුවන්ගේ සොදුරු ආදරය ඔබටද?

lead image

ළදරුවන්ගේ ආදරය හදුනාගන්නේ කෙසේද?

ළදරුවන්ගේ ආදරය භාෂාව ඔබ දන්නවාද? ළදරුවන්ට වදනක් හෝ පැවසිය නොහැකි අවදියේ දී පවා ළදරුවන්ගේ සොදුරු ආදරය ඔබට කියන්නේ කෙසේදැයි සොයා බලන්න.

ඔවුන්ගේ පුංචි පැටව් ලොකු වෙන අයුරු බලාසිටීමේ අපූරු හැගීම දෙමාපියන් දන්නවා . ඔවුන් ඔවුන්ගේ ළදරු වියට ඇතුල් වෙද්දී ඔවුන්ගේ පෞරුෂත්වය හැඩ ගැසෙන්න පටන්ගන්නවා.

සෑම කුඩා අංගචලනයක්ම වදනක්ම අම්මාටයි තාත්තාටයි ගොඩාක් වටිනවා. නමුත් ඔවුන්ද වාචික නොවන ක්‍රම වලින් ඔවුන්ගේ අදහස් හා හැගීම් ප්‍රකාශ කිරීම වර්ධනය කරන බව ඔබ දැන සිටියාද?

ළදරුවන්ගේ සොදුරු ආදරය ප්‍රකාශ කිරීම සලකන විට එය ළදරුවන්ගේ ආදර භාෂාව ලෙස විශේෂඥයින් හදුන්වනවා.

ළදරුවන්ගේ ආදරය: සලකුණු 6ක් මෙන්න:

1. තව චුට්ටක්  ඉන්න  කියනවා

ඔබ නිවසින් පිටවීම වළක්වා ගැනීමට ඔවුන් ඔබව සිප වැළදගනිමින් ඔබේ අවධානය ලබා ගන්නවා. ඔබව ඔවුන් ලගින් තබා ගැනීමට අවශ්‍ය වීම ළදරුවන්ගේ සොදුරු ආදරය පෙන්වන ක්‍රමයක් වේ.

2. ආහාර ගන්නා වේලාවේ යුද්ධ කරනවා.

එයට කැමති නොවෙන්න පුළුවන්.  නමුත් ආහාර සමග සෙල්ලම් කිරීම ඔවුන්ගේ ආදරය පෙන්වන ක්‍රමයක් වේ. ළදරුවන්ට ආහාර වේලාව විනෝදාත්මක අත්හදා බැලීම් ලබා දෙනවා. අලුත් රසයන් හදුනා ගැනීමෙන් ඔවුන් විනෝදයට පත් වේ.

අන්න ඒ නිසා ඔවුන්ට ඒ ආහාර ඔබට කැවීමටත් ඔබ හා බෙදාගැනීමටත් අවශ්‍ය වෙනවා. ඔවුන් ආහාර ගන්නා විට පුංචි යුද්ධයක් කලත් එය ඔවුන් ආදරය ප්‍රකාශ කරන ක්‍රමයක් වෙනවා.

3. අල්ලන සෙල්ලම් කරන්න කථා කරනවා.

ඉවතට දුවමින් ඔබට ඔවුන්ව අල්ලන්න යැයි පැවසීම ඔවුන්ගේ නිදහස භුක්ති විදීමක් වන අතර ඔබ ලගින් සිට ඔවුන්ට මග පෙන්වන බවට සහතික වීමක් සොයනවා.

4.ඔබත් සමග දේවල් බෙදා ගන්නවා.

ඔවුන් බෙදාහදා ගැනීම ඉගෙන ගනිමින් සිටින නිසා ළදරුවන්ට බෙදා ගැනීම අභියෝගයක් වෙන්න පුළුවන්. නමුත් ඔවුන් ආදරය කරන දෙමව්පියන් සමග ඔවුන් ආස කරන ආහාරයක් හෝ සෙල්ලම් බඩුවක් බෙදා ගන්න මැලිවෙන්නේ නැහැ.

5. ඔවුන් සමග චර්‍යාවන් නැවත නැවත කිරීමට ඉල්ලනවා.

නෑම, පොත් කියවීම ,සෙල්ලම් කිරීම වැනි සමහර චර්‍යාවන් ළදරුවන්ට ආරාක්ෂාවේ හැගීමක් ලබා දෙනවා. අම්මා හා තාත්තා මේ අවස්ථා බෙදා ගැනීමට ඉල්ලා සිටීම ළදරුවන් මම ඔබට ආදරෙයි. මම ඔබ සමග කාලය ගත කරන්න කැමතියි යන්න පවසන ක්‍රමයක් වේ.

6.ඔවුන් යන සෑම තැනකම පිරවු සෙල්ලම් බඩු හෝ බෝනික්කන් ගෙන යනවා.

අම්මායි, තාත්තායි ලග නැති අවස්ථා වල ළදරුවන් සුවපහසුව ලබා දෙන පිරවු සෙල්ලම් බඩු හෝ බෝනික්කන් වැනි දෙයක් ඔවුන්ට අවශ්‍ය වෙනවා.

ඒවාට ඔවුන්ගේ ඇති ආදරය ළදරුවන්ගේ සොදුරු ආදරය ඔබට පෙන්වන එක් ක්‍රමයක් වෙනවා.

ළදරුවන්ගේ සොදුරු ආදරය ඔබට මුළු මහත් ලෝකයක් , ඒ ආදරය ගැන දැන ගත හැකි මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී