ළදරුවන්ගේ ආහාර වර්ජනය හා කටයුතු කිරීම: දෙමාපියන්ට උපදෙස්

දරුවන්ගේ ආහාර වර්ජනය හා ඒ ගැන කටයුතු කිරීමට අවැසි බොහෝ දේ දැන ගැනීමට මෙම ලිපිය දිගටම කියවන්න.

ඔබේ  දරුවාගේ මුහුණේ පෙනුම දුටුවිට එය ආහාර වර්ජිත දිනයක් බව ඔබ දන්නවා.

ඔබට හුරුපුරුදු එහි තත්වය මෙන්න

ඔබේ දරුවා අවුරුද්දක් ගතවීමට පෙර ඔහුගේ ආහාර ගැනීමේ ස්විචය නිවා දමා ඇති හැඩයි. ආහාර වේලාව දැන් ඔබත් ඔබේ දරුවාත් අතර යුද්ධයක් බවට පත් වෙලා.

ඇය ආහාරයෙන් වැඩි කොටසක් බිමට, බිත්තියට හෝ ඔබ දෙසට විසිකරනවා.නැත්තම් ඇය කට රැලිකර සිගිති නාසය උඩට උස්සා හිස දෙපසට වනමින් ආහාර ගැනීම සම්පුර්ණයෙන්ම වාගේ ප්‍රතික්ෂේප කරනවා.

මෙසේ වනවිට ඔබ ආහාර වර්ජනයක් අත්විදිමින් ඉන්න බව ඔබ දන්නවා. ඔබ ආහාර පිසීම ගැන කණගාටු වන්නට පටන් ගන්නා අතර ආහාර වේල් ලගාවන විට එය යුද්ධයක් බවත් ඔබ පරදින බවත් ඔබ දන්න නිසා නැවත කනස්සල්ලට පත්වෙනවා.

දරුවන්ගේ ආහාර වර්ජනය මව්වරුන්ට අධික පීඩනයක් ලබාදීමට හේතුවෙන අතර ඔවුන්ගේ දරුවන් රැකබලා ගැනීමේ හැකියාව ගැන නැවත නැවතත්  හිතන්න පෙළඹෙනවා.

ඔබගේ කලින් සිට හොදින් ආහාර ගන්නා හපනාට මොකද වුනේ? ඔබ කරන වැරැද්ද මොකද්ද යැයි ඔබ පුදුම වෙනවා.

දෙමාපියනි, ඔබ කිසිම වරදක් නොකරන බව සහතිකයි. ළදරුවන්ගේ ආහාර වර්ජනය තරමක් සාමාන්‍ය වන අතර ඔබේ දරුවාගේ වර්ධනයේ මේ අවධිය දී ඒවා බලාපොරොත්තු වෙන්න පුලුවන්.

ළදරුවන්ගේ ආහාර වර්ජනය ගැන තවත් බොහෝ දෑ දැන ගන්න ඊලග පිටුව කියවන්න.

ළදරුවන්ගේ ආහාර වර්ජනය ඇතිවන්නේ ඇයි?

ඔවුන්ගේ වයස අවුරුද්දෙන් පටන් ගෙන වසර පහක් වෙනතුරු පවතින අතර දරුවා වර්ධනය මුල් අවුරුද්දට සාපේක්ෂව පසුගාමී වේ. ඔබගේ දරුවාගේ ආහාර රුචිය අඩුවීම වර්ධනයේ මේ අවධියේ බලාපොරොත්තු වෙන්න පුලුවන්.

දරුවාට වයස අවුරුදු එක පිරෙන විට ඔවුන්ගේ ශාරීරික වර්ධනයද අඩුවෙන නිසා ආහාර රුචියද අඩුවේ.

මේ විදියට බලන්න.පළමු අවුරුද්දේදි දරුවන් කිලෝ හතක් දක්වා බරවැඩි කරගන්නා අතර අවුරුදු එකේ සිට පහ දක්වා බර වැඩි කරගන්නේ වසරකට කිලෝ දෙක බැගිනි.

මෙම වයසේ සිටින දරුවන්  මාස තුන හතර බර වැඩි නොවී සිටිනවා.  එමනිසා ඔවුන් වේගයෙන් වර්ධනය වෙන්නේ නැහැ. එම නිසා ඔවුන්ට අවශ්‍ය වන්නේ අඩු කැලරි ප්‍රමාණයකි. නමුත් ඔබට ඔවුන්ගේ ආහාර රුචිය අඩුවී ඇතිබව පේනවා. සමහර වේලාවට එය සම්පුර්ණයෙන්ම නැතිවෙලා. සයිලෝජිකල් ඇනේරික්සියා ලෙස මෙය හදුන්වනවා.

මෙම වයසේදී දරුවන් කොපමණ ප්‍රමාණයක් ආහාරයට ගැනීමට තෝරා ගන්නවාද යන්න ඔවුන්ගේ මොලයේ ආහාර රුචික මධ්‍යස්ථානය මගින් පාලනය කරනු ලබනවා. එනම් ඔවුන් වර්ධනයට හා ශක්තියට අවශ්‍ය ප්‍රමාණය පමණක් ආහාරට ගන්නවා.

සමහර දවස් වලට ඔවුන්ගේ ආහාර සදහා කිසිවක් තෝරා ගන්නේ නැහැ. මෙම මනස හා සම්බන්ධ තොරතුරු වලට අමතරව දියුණු වන ආශාව පාලනයත්, නිදහස හා ඔහුගේ වටපිටාව ගැන වු ආශාව හා පරිසරය ඔබේ දරුවාගේ ආහාර වර්ජනයට හේතු විය හැක.

ඔබේ ළාබාල දරුවන්ගේ දත් එන හා රෝගී වූ කාලවකවානු වල ඔබ මෙම ආහාර වර්ජනය නිතර අත්විදීමට ඉඩ තියෙනවා. ( මගේ පුතුන් දෙදෙනා තුලම මෙය මම දුටුවා.)

දරුවන්ගේ ආහාර වර්ජනය සමග කටයුතු කරන්නේ කෙසේද?

බල කරන්න එපා

ආහාර ගැනීමට බලකල දරුවන්ගේ ආහාර සම්බන්ධ ගැටලු වර්ධනයට හේතු වන බව පරීක්ෂණ පෙන්වා දී තිබෙනවා.

ඒ වෙනුවට ඔබේ දරුවා කොතරම් ප්‍රමාණයක් කොතරම් වේලාවක් ආහාරයට ගන්නවාද යන්න තීරණය කිරීමට ඉඩදෙන්න. මෙමගින් වයසින් වැඩෙත්ම වැදගත් හැකියාවක් වන ඇය ගන්නා ආහාර ප්‍රමාණය තමා විසින්ම තීරණය කිරීමට උදව් කරන්න. ඇයට ආහාර ප්‍රමාණවත් බව පෙන්වු විට ආහාර ගැනීම නැවැත්වීමට ඇයට ඉඩදෙන්න.

ඔබේ දරුවාට ආහාර ගැනීම නැවැත්වීමට අවශ්‍ය වු විට එයට ඉඩදෙන්න.

එය ඔබ ගැන නොවේ.

ළදරුවන්ගේ ආහාර වර්ජනය පෞද්ගලිකව ගන්න එපා. ඇත්තෙන්ම එය ඔබේ දරුවන් රැකබලා ගැනීමේ හෝ ආහාර පිසීමේ හැකියාවන් වල පිළිඹිබුවක් නොවේ. ඉහත විස්තර කරන ලද පරිදි එය දරුවන්ගේ වර්ධනයේ සාමාන්‍ය කොටසක් පමණක් වේ.

සෞඛ්‍යමත් තෝරා ගැනීම් කරන්න

ඔබේ දරුවා ආහාර වර්ජනය කරන විට ඔබට ඒ සදහා බලපෑම් කල නොහැකි අතර සෞඛ්‍යමත් හා පෝෂ්‍යදායි ආහාර වේලක් ඇයට ලබා දීමට සහතික වන්න.

ඇය කටවල් කිහිපයක් පමණක් ආහාරයට ගත්විට පවා එය පෝෂ්‍ය ගුණාංග සපිරි බව ඔබ දන්නවා.

බාධාවන් ඉවත් කරන්න.

සෑම ආහාර වේලක්ම විනෝදජනක නමුත් රූපවාහිනිය වැනි බාධක ඉවත් කරමින් සංසුන් කරන්න. එමගින් ඔබ ඔබේ දරුවාට ආහාර ගැනීම අරමුණු කරගන්න උදව් කරනවා.

දවස පුරා ඔබේ දරුවා ලබාගන්නා පෝෂ්‍ය ගුණයෙන් හීන ආහාර සීමා කරන්න. එම ආහාර වෙනුවට සෞඛ්‍යමත් විසදුමක් ලෙස පලතුරු ලබා දීමට උත්සහ කරන්න.

කෙටි ආහාර සීමා කරන්න

බිස්කට් හා රසවත් කෑම පුංචි ළමයි ප්‍රිය කරන බව සත්‍ය නමුත් මේවා විශාල වශයෙන් ලබාදීම නිසා ප්‍රධාන කෑම වේල් සදහා වු කැමැත්ත ඇය වෙතින් ගිලිහි යෑමට හේතුවෙනවා.

දවසට වරක් ලෙස කෙටි ආහාර සීමා කරන්න උත්සහ කරන්න. එයත් ප්‍රධාන ආහාර වේලට කලින් අමතර කැලරි එකතු නොකරන  පලතුරක් වැනි දෙයක් වීමට  සහතික වන්න.

කුඩා ප්‍රමාණයන් ලබා දෙන්න.

කුඩා ප්‍රමාණයන් ලබාදීම  සුදුසු වෙනවා. හොදට ආහාර ගන්නෙක් වුවත් කන්දක් තරම් ආහාර දුටුවිට යටපත් වී යනවා. අහස උසට ගොඩ ගැසු දරුවාගේ ආහාර පිගාන කොටිදෙනක ( ඕනෑම කෙනෙකුට) වුනත් ආහාර වර්ජනයකට පොළඹවන්න පුලුවන්. ඒ වෙනුවට ඉතා කුඩා ආහාර වේල් හා ඇය කෑමට කැමති දේවල් වැඩියෙන් ලබාදෙමින් පටන්ගන්න.

මෙම ක්‍රමයෙන් ඔබ කරන ආහාර නාස්තිය ද අඩුවෙන අතර දරුවා භාගෙට ආහාර ගෙන හෝ සම්පුර්ණයෙන්ම නොගෙන ඉවත් කරන ඉතුරු ප්‍රමාණය ගැන ඇතිවෙන කනස්සල්ල අපි සියල්ලන්ම දන්නවා.

ඔබේ දරුවාට වදයක් සේ දැනෙන්නට හරින්න එපා.

සමහර දෙමාපියන් අවබෝධයකින් තොරව ඔයා ආහාර කන්නේ නැහැ කියන්නේ මට ආදරේ නැහැ යැයි කියන්න ඉඩ තියෙනවා. එසේ නැත්තම් ආහාර නොමැතිව කුසගින්නේ ඉන්න දරුවන් ගැන කථා කරනවා. ඔවුන් ඍනාත්මකව සිතන්න පටන්ගන්න නිසා දරුවාට ආහාර ගන්නා වේලාව එපා වේවි.

කායිස් ජී. රේටර් ( සෞඛ්‍ය පෝෂණවේදී, සහතිකලත් යෝග්‍යතා පුහුණුකරු, ජිවන රටා පුහුණුකරු) පහත සදහන් දේවල් වලට එරෙහිව දෙමව්පියන්ට අවවාද කරනවා.

• ඔබේ සහෝදරයා / සහෝදරිය ආහාර ගන්නවා වගේ ඔබ ආහාර ගන්නේ නැත්තේ ඇයි?

• ඔබ කෑම තෝරනවා.

• ඔබ  රාත්‍රී ආහාර වේල ගත්තේ නැති නිසා මම ඔබත් එක්ක තරහයි.

• ඔබ මේ එලවළු කෑවේ නැත්තම් අතුරුපසත් නෑ. රූපවාහිනිය බලන්නත් දෙන්නෙත් නෑ.

මෙය ආහාර හා ආහාර වේල් පිලිබඳ ඍනාත්මක පැත්තට ඔවුන්ව හැරවීමට හේතු වෙනවා. එය දරුවාගේ ජිවිතයේ පෝෂ්‍ය ගුණයෙන් යුත් ආහාරයක් වෙනවා වෙනුවට ඔවුන් හසුරුවන ආයුධයක් බවට පත්වෙනවා.

මතක තබාගන්න. වේලාවකට ඔබේ දරුවා ඇයගේ ආහාර සදහා කැමති වෙන අතර අනෙක් වේලාවේදි ඇය එම කෑම පිගාන දෙස බලන එකක් වත් නෑ.  මෙම තත්වය දත් ඒම, රෝගී වීම සමග වර්ධනය වේ.

ඔබේ දරුවා ආහාර ගන්නවා නිතර දකින්න අපහසු වුනත් ඉදිරි සති හෝ දින කිහිපය ඇතුලත ඇය ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ  ප්‍රමාණයක් ගන්නවාට නිසැකය.

ඔබේ දරුවා ඝන ආහාර ගැනීම පටන්ගන්නා විටම දරුවා විසින්ම කිරි වැරීම පිලිබඳව සලකා බැලීම අනාගතයේ ඇතිවෙන ආහාර වර්ජනය හා යුද්ධය අවම කරනු ලබයි.

විශේෂඥයින්ට අනුව, ඔබේ දරුවා දිනකට ගන්නා ආහාර ප්‍රමාණය නොව සතියකට ගන්න ආහාර ප්‍රමාණය  වැදගත් වේ. ඔහු නිරෝගි හා ක්‍රියාකාරි වන තාක් ආහාර වර්ජනය හිතන්නවත් දෙයක් නොවේ.

දෙමාපියන් දරුවන්ව ඝන ආහාර ලෝකයට හදුන්වා දෙනවා පමණක් නොවේ ඔබේ දරුවාට ඔහුව පෝෂණය කරන්න අවස්ථාව ලබා දෙන ප්‍රථම අවස්ථාවේදී  (මාස හයේදී ) ඔබ දරුවා විසින් කිරි වැරීම පිලිබඳවත් සලකා බලන්න අවශ්‍ය වෙනවා.

මෙම ක්‍රමයේ වැදගත් කම වන්නේ ඔබේ  දරුවාට ආහාර ලබාදීම අපහසු වන අවධිය වනවිට ඇයට කුසගින්න දැනෙන විට පෝෂණයට අවශ්‍ය දේවල් ඇය ආහාරයට ගන්නා බව ඔබ දන්නා නිසා ඔබේ පීඩනය අඩුවේවි.

කෙසේ නමුත් ආහාර වර්ජනය දරුවාගේ වර්ධනයේ සාමාන්‍ය කොටසක් බව පෙන්වා දෙන අතර ඔබ දරුවාගේ වර්ධනය ගැන තවදුරටත් කණගාටු වෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

දෙමව්පියනි, ළදරුවන්ගේ ආහාර වර්ජනය සමග කටයුතු කරන්නේ කෙසේද? සටහනක් තබා අප හා බෙදා ගන්න.

ඔබේ නිවසෙත් පුංචි ආහාර වර්ජකයෙක් ඉන්නවාද? මේ උපදෙස් the Asianparent Sri Lanka ඔබ වෙත ගෙන එන්නේ අන්න ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී