ළදරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

ඔබේ කුඩා දරුවාගේ ආහාර පිළියෙල කිරමේදී හා  ගබඩා කිරීමේදී  ඔබ හා දරුවන් රැකබලාගන්නන් මතක තබා ගත යුතු දේවල් කියවන්න.

ඔබේ දරුවා ඔබගේ මව් කුසයේ මාස 9 ක් පුරා ආරක්ෂිතව තබා ගත් අතර දැන් ඔහු ඔබ සමග සිටියි. ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉගෙන ගැනීමෙන් ඔබ සහ වෙනත් දරුවන් රැකබලා ගන්නන් ඔහු ආරක්ෂා කර ගත හැක්කේ කෙසේදැයි  සොයා බලන්න.

ළදරු කාලයේදී කිරි සකස් කිරීමේ සහ ගබඩා කිරීමේ (මව්කිරි  හා කිරි ආදේශක ) සිට, මාස හයක් සම්පූර්ණ වීම දක්වා ඝන ආහාර නැවුම්ව හා සුරක්ෂිතව තබාගැනීම  යන මේ  සියල්ල මෙම ලිපිය ආවරණය කරනු ලැබේ.

* මෙම ලිපියෙහි තොරතුරු SingHealth  හා U.S.Food and Drug Administration  (FDA) ලබා ගන්නා  ලදි.

ළදරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ආහාර පිළියෙල කිරීම ගැන අපි සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ඊ කොලී, සැල්මොනෙල්ලා, කැම්පිලොබැක්ටර් සහ ලිස්ට්රියා විසින් ඇති කරන ආහාර හා සම්බන්ධ  බැක්ටීරියා ආසාදන වලට එරෙහිව සටන් කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රමාණවත් නොවන බැවින් කුඩා දරුවන්ගේ හා ළදරුවන්ගේ ආහාර නිසා ඇතිවෙන රෝග වලට  ගොදුරු වීමේ හැකියාවක් ඇති විය හැක.

එවැනි ආසාදනවලින් ඔබේ කුඩා දරුවා අතිශයින්ම අසනීප තත්වයට පත් කළ හැකිය. ඒ නිසා ඔහුගේ ආහාර හැසිරවීමේදී හා ආහාර පිළියෙල කිරීමේදී වඩාත් හොඳ සෞඛ්‍ය  පුරුදුවල නිරත වීම ඉතා වැදගත්  වෙනවා.

නිවසේ සහයකයින් හෝ දරුවාගේ ආච්චිලා සීයලා වැනි වෙනත් රැකබලා ගන්නන්   සෞඛ්‍ය සම්පන්න  ලෙස ආහාර පිළියෙල කිරීම  ගැන සැලකිලිමත් වීම වැදගත් වේ.

පළමු පියවර: අත් සේදීම

ඔබේ දරුවා අලුත උපන් දරුවෙකු හෝ ළදරුවෙකු වුවත් ඔබේ දරුවා බෙහෙවින් අසනීප කළ හැකි විෂබීජ  පැතිරීම වැළැක්වීම සඳහා නිසි ලෙස හා නිතර අත් සේදීම වැදගත් වෙනවා.

දිනපතා ක්‍රියාකාරකම් වලින් නිතර ඔබේ දෑත් වල  විෂබීජ තැවරිය හැකිය . අපිරිසුදු ඩයිපර්ස් මාරු කිරීම, අමු මස් හෝ මාළු පිළියෙළ කිරීම  හෝ ඔබේ සුරතලා ස්පර්ශ කිරීම උදාහරණ වේ. ඔබ ඔබේ දරුවාගේ  ආහාර පිළියෙල කිරීමට පෙර නිසි ලෙස ඔබේ අත් නොසේදුවොත්  පහසුවෙන් සහ ඉක්මණින් විෂබීජ ඔබේ දරුවාට ව්‍යාප්ත විය හැකිය.

නිසි අත් සේදීම සඳහා මෙම පියවර තුන මතක තබා ගන්න:

1. උණුසුම් වතුරෙන් ඔබේ අත් හොඳින් සෝදා සබන් ගාන්න.

2. අවම වශයෙන් තත්පර 20 ක් වත් ඇඟිලි, නියපොතු , මැණික් කටුව සහ ඇඟිලි අතර හොඳින් පිරිසිදු කරන්න.

3. අත් හොදින් සෝදා පිරිසිදු රෙදි කඩකින් හෝ සමග  ඉවත දැමිය හැකි කඩදාසි අත් පිස්නා භාවිතා කර අත පිසදා ගන්න.

ඔබ හා වෙනත් රැකබලා ගන්නන් ආහාර සම්බන්ධ කටයුතු කිරීමට පෙර හා පසු සහ ඩයපර් මාරු කිරීමෙන් පසු, වැසිකිළිය භාවිතයෙන් හෝ සුරතල් සතුන් ස්පර්ශ කිරීමෙන් පසු අත් සේදීම අවශ්‍ය වෙනවා.

මව්කිරි දෙවීමේදී හා ගබඩා කිරීමේදී දැඩි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරන්න.

දෙවු මව්කිරි හා කටයුතු කිරීම

ඔබේ දරුවාගේ ආහාර සඳහා ඔබට මව්කිරි දෙවීමට  අවශ්‍ය නම්, La, Leche League International (LLLI) වෙතින් ලබාගත් පහත සඳහන් ආරක්ෂිත ඉඟි මතක තබාගන්න.

* සෑම විටම මව්කිරි දෙවීමට,ඒ සමග කටයුතු කිරීමට සහ ගබඩා කිරීමට පෙර සබන් දා වතුරෙන් ඔබේ දෑත් හොදින් සෝදා ගන්න.

ගබඩා කරන බදුන් වර්ග

බෝතල්

• හොඳින් සවිවෙන පියනක් සහිත වීදුරු හෝ දෘඪ පැති සහිත  ප්ලාස්ටික් බෝතල් තෝර ගන්න.

• ප්ලාස්ටික් භාවිතා කරන්නේ නම්, ප්‍රතිචක්‍රිකරණ සංකේතයේ අංක 3 හෝ 7 ලෙස  හඳුනාගෙන ඇති BPA (bisphenol A) සහිත භාජන භාවිතා නොකරන්න.

•ආරක්ෂිත විකල්පයක් වන්නේ අංක 5 ප්‍රතිචක්රීකරණ සංකේතය සහිත සහ/ හෝ PP අකුර ස්ස් සහිත පොලිප්රොපිලීන් වේ (මෘදුයි, අර්ධ වළාකුළු).

•සැමවිටම  මව්කිරි ගබඩා කරන බදුන් උණුසුම්, සබන් දියර යොදා හොදින් සෝදන්න. ඉන්පසු සේදීමටත් භාවිතයට පෙර හොදින් වියළා ගැනීමටත් මතක තබාගන්න.

•කිරි බෝතලය  සම්පුර්ණයෙන්ම පුරවන්න එපා . කිරි ශීත වීමේදී සිදුවන ප්‍රසාරණය  සඳහා  අඟලක ඉඩක් තබන්න.

සටහන: ප්ලාස්ටික් බෝතල් ශීත කළ විට පුපුරා තිබුනොත් එය කැඩී බිඳී  යෑමට ඉඩ ඇත. බෝතලය කැඩී නම් එය ඇතුළත කිරි ඉවත් කරන්න.

බෑග්

• සෑමවිටම  මව්කිරි  තැන්පත් කිරීම සඳහා විශේෂයෙන් සාදන ලද බෑග් ශීත කිරීමට නිතරම භාවිතා කරන්න.

•බෑගය මුද්‍රා තැබීමට  පෙර,  ප්‍රාසාරණය සඳහා බෑගයේ අඟලක් පමණ ඉඩක් තබමින් ඉහලට වාතය මුදා හරින්න.

•ආසාදනය වීමේ අවදානම වැඩි බැවින් ළදරුවන්ට මව්කිරි ගබඩා කිරීම සඳහා සාමාන්‍ය  ප්ලාස්ටික් බෑග් කිසිවිටෙක භාවිතා නොකරන්න. තවද, ප්ලාස්ටික්වල ඇති රසායනික ද්‍රව්‍ය කිරි තුළට එකතු වීමේ අවදානමක්ද පවතී.

ඔබගේ දෙවු මව්කිරි  ශීතකරණයේ පිටුපසට වෙන්න පැහැදිලිව දිනය සටහන් කර ගබඩා කර තැබිය යුතුය. එය මස් හා මාළු වලින් වෙන් කර තබන්න .

ඔබේ මව්කිරි සනීපාරක්ෂකව ගබඩා කර ගැනීම

ගබඩා කර ඇති මව්කිරි ඇති නැවුම්බව තහවුරු කිරීම සහ එය දූෂිත වී නොමැති  බවට වග බලා ගන්න. LLLI වෙතින් පහත සඳහන්  කර ඇති ගබඩා කිරීම සදහා වන මාර්ගෝපදේශ මතක තබා ගන්න.

• ගබඩා කිරීමට පෙර ඔබේ මව්කිරි වල දිනය සටහන් කරන්න.

•ඔබේ දරුවාගේ දිවා සුරැකුම මධ්‍යස්ථානයට  ඔබ මව්කිරි යවනවා නම්, ඔහුගේ නම  අදාල බදුනේ  හෝ බෑගයේ ලේබල් කරන්න.

•හැකි සෑම අවස්ථාවකදීම, එය දෙවු වහා ශීතකරණයේ තැබීම  හෝ අධිශීතකරණයේ  මුදවා  ගබඩා කිරීම  කරන්න .

• නැවුම්ව දෙවු මව්කිරි  පැය 4-6 කට වඩා වැඩි කාලයක් කාමර උෂ්ණත්වයේ තබා ගත නොහැකිය. කිරි නරක් වීම වළක්වා ගැනීමට හැකි තරම් ශීතව තබා ගන්න.

•ඔබගේ දරුවා දවස් පහක් ඇතුළත එය පරිභෝජනය කරන්නේ නම් පමණක් එය ශීතකරණය දමන්න. එසේ නොමැති නම්, මාස හයකට වඩා වැඩි කාලයක් තබා ගැනීමට අධිශීතකරණයේ දමා මුදවාගන්න.

• මව්කිරි ඇසිරු බදුන්  වැඩි සීතලක් ඇති  ශීතකරණයේ හෝ අධිශීතකරණයේ පිටුපසින්ම අසුරන්න . එය සිසිලස  අඩු  ශීතකරණයේ හෝ අධිශීතකරණයේ දොරේ මව්කිරි ගබඩා කරන්න එපා. නොපිසු  මස් හෝ මාළු වලින් එය වෙන් කර තබන්න.

•ඔබට ශීතකරණයක් හෝ අධිශීතකරණයක් නොමැති නම්, ඔබේ කිරි ගබඩා කිරීම සඳහා සිසිල් බෑගයක් භාවිතා කරන්න.

• එක් එක් බෑගය හෝ බදුන තුල ඔබේ දරුවා සාමාන්‍යයෙන් එක් වරකට  පානය කරන ප්‍රමාණය  පමණක් ඇසිරීමෙන් නාස්තිය අඩු කර ගන්න.

කිරි ආදේශක හා කටයුතු කිරීම

•කිරි ආදේශක සකස් කිරීමේදී නිෂ්පාදකයාගේ උපදෙස් සෑම විටම අනුගමනය කරන්න. මිලදී ගන්නා ස්ථානයේදීම කල් ඉකුත් වීමේ දිනය පරීක්ෂා කරන්න.

•ඔබේ දරුවා පානය කර අවසන් වු පසු, පසුව පරිභෝජනය සදහා ඉතිරි කිරි බෝතලය  ශීතකරණයේ  නොතබන්න. ඒ ඔබේ දරුවාගේ මුඛයේ ඇති බැක්ටීරියා  බෝතලය තුළට කිරි පානය කරන විට ඇතුල් විය හැකිය. මෙම විෂබීජ කිරි ආදේශක  ශීතකරණයෙන් ගෙන නැවත කරන විට විශාල ගුණයකින් වැඩිවිය  හැක. මෙය වළක්වා ගැනීම සඳහා, ඔබේ දරුවා පානය කළ හැකි ප්‍රමාණයට පමණක් කිරි ආදේශක සකස් කරන්න.

• දොවාගත් මව්කිරි හා කටයුතු කිරීමේදී මෙන්ම කිරි ආදේව් පිළියෙල කිරීමට පෙර නිසි  පරිදි අත් සෝදන්න .හොදින් සෝදා  වියළන ලද බෝතල් භාවිතා කළ යුතුය.

• කාමර උෂ්ණත්වයේ දී බැක්ටීරියාව වේගයෙන් වර්ධනය වන අතර  කාමර උෂ්ණත්වයේ  පැය දෙකකට වැඩි කාලයක් නොතබන්න. මීට වඩා වැඩි කාලයක් කාමර උෂ්ණත්වයේ කිරි ආදේශක  තැබුවහොත් ඒවා ඉවත් කරන්න. න්

ඔබේ දරුවාගේ කිරි ආදේශක පානය කළ පසු, ඔහුගේ කෙල වල මිශ්‍ර වී ඇති බැක්ටීරියා කිරි තුළට ඇතුල් වී තිබිය හැකි නිසා පසුව පරිභෝජනය සදහා ශීතකරණයේ ගබඩා කර නොතබන්න.

ළදරු ආහාර පිළියෙල කිරීම

ඔබේ දරුවා ඝන ආහාර අනුභවය ආරම්භ  කිරීමෙන් පසු ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නීති මාලාව මතක තබා ගත යුතුය. කිරි සකස් කිරීමේදී මෙන් ආහාර පිළියෙල කිරීමට හා ආහාර හා කටයුතු  කිරීමට පෙර ඔබේ අත් (දරුවන් රැකබලාගන්නන් ) ද අත්  සේදීම වැදගත් වේ.

පහත සඳහන් උපදෙස් මතකයේ තබාගන්න. තවද ඔබගේ කුඩා දරුවාගේ සහයකයා හෝ ඔබේ දරුවන් රැකබලා ගන්නන් සමඟ බෙදා ගන්න.

•අමු සහ පිසින ලද ආහාර  ශීතකරණයේ තැබීමේදී  සහ සකස් කිරීමේදී  සෑම විටම වෙන් වෙන්ව තබන්න. මස්, මාළු, පළතුරු සහ එළවළු සඳහා වෙන් වෙන් කැබලි කර ගැනීමේ බෝර්ඩ් භාවිතා කරන්න.

•මස් හොදින් පිසින්න.

•ඔබේ කුඩා දරුවාගේ කෑම නැවත රත් කරන්නේ නම්, එය සම්පූර්ණයෙන්ම රත් කර  සිසිල් කර ගන්න. ඔබේ දරුවාට ආහාර සැපයීමට පෙර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට මතක තබාගන්න.

•ඔබ ඔබේ දරුවාට ඇසුරුම් කල ආහාර ලබාදෙයි නම්, පියනේ ආරක්ෂණ බොත්තම ගැලවී ඇත්දැයි පරීක්ෂා කරන්න . මළ බැදුනු පියන් සහිත හෝ කැඩුණු වීදුරුවලින් භාජන ඉවත් කරන්න. නිතරම මිලදී ගැනීමේ දී කල් ඉකුත් වීමේ දිනය පරීක්ෂා කරන්න.

• ආහාර කපන ලෑලි , බ්ලෙන්ඩර් සහ ආහාර සැකසුම් භාජන ඇතුළුව ළදරු ආහාර සැකසීම සඳහා භාවිතා කරන සියලු  උපකරණ සෝදා පිරිසිදු කිරීමට ඩිටර්ජන්ට් සහ උණුසුම් ජලය භාවිතා කරන්න.

•භාජනයකින් ඔබේ දරුවා කෙලින්ම ආහාර නොදෙන්න. ඉතිරි ආහාර ශීතකරණයේ නොතබන්න. හැන්දේ තැවරෙන  කෙළ වලින්  ආහාරය දුෂිත විය හැක.

ආහාරයක කොටසකසහ බෝතලයෙන් කොටසක් එකතු කිරීමේදී (පවිත්‍ර වියළි හැන්දක් භාවිතා කරමින්) භාවිතා කිරීම ගැන  සලකා බලන්න. ශීතකරණය තුළ ඇති බෝතල් පිලිබඳ මතක තබා ගන්න. ඔබේ දරුවාගේ බෝතලයේ  හෝ බදුනේ  ඉතිරි ආහාර ඉවත් කරන්න.

•වයස අවුරුදු එකට වඩා අඩු ළදරුවෙකුට මී පැණි දෙන්න එපා. මී පැණි වල  බරපතල රෝගාබාධ හෝ මරණයට හේතු විය හැකි බොටලිසම් නැමැති රෝගය  ඇති කරන ක්ලොස්ට්රිඩියම් බොටලිමම් ඔගනිසම් ජීවියෙකු  සිටිය හැක.

•   ඔබේ දරුවා ඉතා අසනීප කළ හැකි බැක්ටීරියා අඩංගු විය හැකි බැවින් ළදරුවන්ට හා කුඩා දරුවන්ට අමු හෝ පැස්චරීකරණය නොකළ කිරි නොදිය යුතු ය.

• ආහාර දුෂිත විය හැකි නිසා සෑමවිටම කුඩා දරුවාගේ අපිරිසිදු ඩයිපර් හා ඔබ බෝතල් හෝ ආහාර එකම බෑගයේ තබා නොගත යුතුය.

• පැය දෙකකට වඩා වැඩි කාලයක් කාමරයේ උෂ්ණත්වයේ දී ඔබේ දරුවාගේ ඝන ආහාර පිටත නොතබන්න.

• බැක්ටීරියාව පැල්ම හරහා ඇතුල් විය හැකි බැවින් ඔබේ දරුවාට පැලුනු පළතුරු නොදෙන්න. මදක් කැඩුණු කට්ටක්  සහිත බිත්තර සඳහාද එය අදාල වේ.

ආහාර ආශ්‍රිත රෝගාබාධ

දැඩි සනීපාරක්ෂක ක්‍රියාමාර්ග  අනුගමනය කිරීමෙන්, බොහෝ ආහාර ආශ්‍රිත රෝග වලින් වැළකිය හැකිය. නමුත් සමහර අවස්ථාවලදී අතපසු වීම් සිදු විය හැකි අතර, ඔබේ කුඩා දරුවා  දෙස බලා ඔහු තුල ඇති ලක්ෂණ දැනගැනීම ඔබට වැදගත් වේ.

විශේෂඥයන් පවසන පරිදි, ඔබේ දරුවා ආහාර විෂ වීමක් සිදු වී ඇත්නම්, කෑමට පසු පැය දෙක සිට පැය හතලිස් අටක් දක්වා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගනී. පාචනය, වමනය සහ උණ වැනි රෝග ලක්ෂණ  සාමාන්‍යයෙන්  දින දෙකකට පමණ පහව යන නමුත් බරපතළ තත්වයන් සති දෙකක් දක්වා කාලයක් පැවතිය හැක.

ඔබේ දරුවා සුපුරුදු තත්වයට වඩා වෙනස්  නම්, වමනය, උණ, සහ / හෝ පාචනය, ඇත්නම්  වහාම වෛද්‍යවරයා හමුවෙන්න.

වෛද්‍යවරයා හමුවිය යුත්තේ කුමන අවස්ථාවේදී ?

ඔබේ දරුවා (වයස නොසලකා ) පහත සඳහන් රෝග ලක්ෂණ කිසිවක් තිබේ නම්, ඔහුට දරුණු ආහාර විෂවීමක් ඇති විය හැකිය (හෝ දරුණු වෛරස් උදර ආසාදන) . වහාම වෛද්‍ය  ප්‍රතිකාර අවශ්‍ය  වේ.

•ලේ පාචනය

•දවස් දෙකකට වඩා වැඩි උණ පැවතීම

• දියර වර්ග පානය නොකිරීම

• වමනය හේතුවෙන් දියර හෝ ඝන ආහාර පිටවීම

ඔබේ දරුවාගේ වෛද්‍යවරයා විසින්  රෝග ලක්ෂණ ඇතිවීමට (ආහාර විෂ වීම හෝ උදර උණ) හේතු මොනවාදැයි සොයා බැලීම සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කරනු ඇත. ප්‍රතිඵල මත අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනු ඇත.

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. ඔබේ මිතුරන් හා පවුල සමඟ බෙදා ගන්න.

ඔබේ දරුවාගේ ආහාර සමග කටයුතු කල යුත්තේ කොතරම් පරිස්සමෙන්ද යන්න ඔබට මෙලෙස මතක් කරන්නේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී