අලුත උපන් දරුවාට ඝන ආහාර නොදිය යුත්තේ ඇයි?

lead image

මාස 6 ට අඩු දරුවන්ට ඝන ළදරු ආහාර ආහාර ලබා දීමෙන් දරුවාට ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන්.

ළදරු ආහාර සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුත්තේ ඇයි?  මේ පුංචි දරුවාගේ ඛේදනීය මරණය දෙමව්පියන්ට හා ළදරුවන් රැකබලා ගන්නන්ට  ඒ සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබාදේවි.

හැම  අම්මා කෙනෙක්ම කැමති  තමන්ගේ පුංචි  පැටියාට  උපරිම  පෝෂණය දෙන්න.

දරුවා කුසගින්නේ හඩනවා නම් ඊට වඩා වේදනාවක්  දෙමව්පියන්ට හෝ රැකබලා ගන්නෙකුට තවත් නැහැ.

කොහොම  වුනත් , ළදරුවෙකු රැකබලා ගැනීමට සම්බන්ධ සියලුම වැඩිහිටියන් දරුවාගේ වයස අනුව ඔහුගේ  පෝෂණ අවශ්‍යතා පිළිබඳව දැනුවත් වීම අතිශයින්ම  වැදගත් වෙනවා.

අලුත උපන් බිළිඳුන්ට ආහාර  ලබා දෙන විට ඔවුන් ලබා දීමට සුදුසු හා නුසුදුසු දේවල් දැන සිටීම විශේෂයෙන් වැදගත් වෙනවා.

ඝන ළදරු ආහාර ලබා දීමෙන් දරුවෙක්  මියයයි 

අලුත උපන් දරුවන්ට ළදරු ආහාර ලබා දීම සම්බන්ධයෙන්  දැනුවත් වීම කොතරම්  වැදගත්ද?

ඒ සම්බන්ධයෙන් පෙන්වා දීමට ඛේදජනක සිදුවීමක් මුල් වෙනවා.  ඒ අවසනාවන්ත සිදුවීමට හේතු වුයේ ළදරු ආහාර ලබා දීම සම්බන්ධයෙන් මුලික දැනුම නොතිබීමයි.

ඉන්දුනීසියාවේදී,  ආච්චි  අම්මා කෙනෙක්  දින 10 ක් වයසැති බිළිඳෙකුට කෙසෙල් කැද ලබා දුන්නා. ඒ නිසා අවසානයේදී දරුවා මිය ගියා.

එම අවාසනාවන්ත දිනයේදී දරුවාට ප්‍රතිකාර කළ හදිසි ප්‍රතිකාර අංශයේ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකාවක් ලෙස  Lia Imelda Siregar සිටියා.

ඇය සපයන ලද තොරතුරු  අනුව සිදුවීමේ තොරතුරු මෙන්න.

අලුත උපන් දරුවෙකුට ළදරු ආහාර ලබා දීම පිලිබඳ දැනුවත් වීමේ වැදගත්කම

ආච්චි අම්මා ඝන ආහාර ලබා දීමෙන් පසු පුංචි  ළදරුවෙක් මිය ගියා. ඒ ගැන ලියා ෆේස්බුක් සටහනක මෙසේ ලියා තබනවා.

මේ  පුංචි දරුවාගේ  ආච්චි අම්මාට  අලුත උපන් බිළිඳුන්ගේ ළදරු ආහාර ගැන දැනුමක් නොතිබූ බව පැහැදිලි වෙනවා.

ඇය දින 10 ක් වයසැති ළදරුවෙකුට  ඝන  ආහාර සුදුසු බව උපකල්පනය කලා.

“අනේ ආච්චි අම්මේ මට ඝන ආහාර දෙන්න එපා.”

ලියා සිය ෆේස්බුක්හි  විස්තර  සහිත ඉන්දුනීසියානු භාෂාවෙන් තැබු සටහන පහත පරිදි වෙනවා. මෙය අප සැමට පාඩමක් ලබා දෙනවා.

අද දහවල් අප වෙත නොමේරූ දින 10 ක් වයසැති දරුවෙකු ගෙනාවා. දරුවාගේ  නව වෙනි දින  ඔහුගේ ආච්චි අම්මා  ඔහුට කෙසෙල් කැඳ බඳුනක් ලබා දීලා තිබුනා.

“දරුවා හඩා වැටුනා. ඒ නිසා මම කෙසෙල් සමග බත් පොඩි කළා.  මම මගේ ළමයින්ට එසේ ලබා දී  ගැටළුවක් නොවුන නිසා මෙය  ප්‍රශ්නයක් නොවේවියැයි  මම හිතුවා. නමුත් දරුවාගේ  ගුද මාර්ගයෙන් තද ගඳක් සමග අලුත් ලේ ගැලුවා. මම කළ දේ ගැන මට දුකයි. මට මීට කලින් වින්නඹු මාතාවන් අනතුරු අඟවා තිබුණා. ඒත් මම  හිතුවක්කාර වුනා. ඔහුගේ උපත් බර කිලෝග්‍රෑම් 1.8 ක්න වුනා. නමුත් එය දින 10 ක් ගත වෙද්දී කිලෝග්‍රෑම් 1.3 දක්වා අඩු වුනා. ”

මේ ආච්චි අම්මා ඇගේ පළමු මුනුබුරා වෙනුවෙන් දිගටම හඩා වැටුනා.

කාලය දැන් වෙනස් වෙලා. අපට කළ හැකි දේ සියල්ල පැයක තිස්සේ කලත් අවසානයේදී ඒ පුංචි දෙනෙත් සදහටම පියාගත්තා.

අලුත උපන් දරුවාට ඝන ආහාර නොදිය යුත්තේ ඇයි?

“ආච්චි අම්මේ… අනේ ආයේ කවදාවත්ම  අලුත උපන් බිළිඳුන්ට ඝන ආහාර දෙන්න එපා. ඔහු තම නහයෙන්, කටින් විතරක් නෙමෙයි  ගුදයෙන් පවා ලේ පිට කරමින් ජීවතය රැකගන්න ගත්ත උත්සාහය දිහා අපි අනුකම්පාවෙන් බලාගෙන හිටියා. ඔවුන්ගේ බඩවැල් අප තරම් ශක්තිමත් නැහැ. ආයේ කවදාවත්ම ඒ වැරැද්ද කරන්න එපා ආච්චි අම්මේ..”

අපට ඔහුගේ ලේ  ගලා යෑමට ඉඩ දී බලා සිටිය නොහැකි වුනා. කුඩා පයිප්පයකින් ඔහුගේ මුඛයේ සහ නාසයේ තිබූ රුධිරය ඉවතට ගත්තා. එවිට  පුංචි  දරුවාගේ   හුස්ම පවා හිර වුනා.

අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ප්‍රතිචාර

ඛේදජනක සිදුවීමේ විස්තර ඇතුලත් ලියාගේ ෆේස්බුක් සටහන ලොව පුරා පැතිර ගියා.

පුංචි  දරුවාගේ  අකල් මරණය ගැන බොහෝ අන්තර්ජාලය භාවිතා කරන්නන් සිය ශෝකය ප්‍රකාශ කළා.

“අලුත උපන් බිළිඳුන්ට මව්කිරි පමණක් දෙන්න.  කිසි විටෙකත් ඝන ආහාර ලබා දෙන්න එපා,” එලෙස බොහෝ අය අදහස් දැක්වුවා.

“ළදරුවන්ට ඝන ආහාර ඉක්මනින් හඳුන්වා දීමේ අන්තරායන් බොහෝ දෙමව්පියන් සහ කුඩා දරුවන් රැකබලා ගන්නන් දැනුවත් නැහැ.”

“ඒ වගේම  අලුත උපන් දරුවන්ට ළදරු ආහාර ලබාදීම  පිළිබඳ වෙනත් වැදගත් තොරතුරු තවමත් ඔවුන් වටහා ගෙන නැහැ.  එය කනගාටුවට කරුණක් වෙනවා.”

“මගේ දරුවාට සති දෙකේ සිට ඝන වු  ආහාර දුන් නිසා දරුවන්ගේ බර වැඩි වුනා,” පවසමින් ඡායාරූප බෙදාගත් අම්මලාද  අදහස් දැක්වූවන් අතර  සිටියා. තම වැඩිහිටියන් කළ නිසා  ඔවුන් මෙය කළ බව මෙම මව්වරුන් පිළිගත්තා.

නමුත් තිත්ත ඇත්ත නම් අලුත උපන් බිළිඳුන්ට ඝන ආහාර ලබා දීමෙන්  කුඩා දරුවාගේ සෞඛ්‍යයට අනතුරක් වෙන්න පුළුවන් .

ඒ වගේම  මේ අහිංසක දරුවාට වාගේම  ජිවිතය  පවා අහිමි වෙන්න  පුළුවන් .

ළදරු ආහාර : මාස හයකට වඩා අඩු ළදරුවන්ට ඝන ආහාර හදුන්වා නොදෙන්නේ ඇයි?

අලුත උපන් බිළිඳුන්ට මාස හය දක්වා හොදින්  මව්කිරි පමණක්  ලබා දිය යුතුය.

ඒ මගින් අලුත උපන් බිළිඳුන්ගේ ළදරු ආහාර අවශ්‍යතා  හා පෝෂණ අවශ්‍යතා සපුරාලනු ලබනවා.

ඔබට කිසියම් හේතුවක් නිසා මව්කිරි ලබා දෙන්න නොහැකිද?

එසේනම්  ඔබේ අලුත උපන් බිළිඳාට ලබා දිය හැකි එකම ආහාරය කිරි ආදේශක  (ළදරුවන් සඳහා සකස් කර ඇති) වෙනවා.

මව්කිරි පමණක් දෙන ළදරුවෙකුට ජලය  අවශ්‍ය නැහැ .

මව්කිරි දුන්නත් කිරි ආදේශක දුන්නත් ළදරුවන්ට අවම වශයෙන් මාස හයක් වන තුරු ඝන ආහාර ලබා දෙන්න අවශ්‍ය නැහැ .

බොහෝ මව්වරුන් අවදානම නොදැන ළදරුවන්ට ඝන ආහාර වේලාසනින් ලබා දෙනවා. 2013 දී Paediatrics සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක් ඒ බව පෙන්වා දෙනවා. 

මෙම අධ්‍යයනයට සහභාගී වූ මව්වරුන් 1300 දෙනාගෙන් 40% ක්ම මාස හයකට වන්නට පෙර සිය ළදරුවන්ට ඝන  ආහාර ලබා දී තියෙනවා.

මෙම ළදරුවන්ගෙන් අඩකට මාස හතරේදී ඝන ආහාර ලබා දීම ආරම්භ කර තියෙනවා.  ඉතිරි කොටසට මාසයක් වැනි කුඩා වයසේදී   ඝන ආහාර හඳුන්වා දී තියෙනවා.

ළදරුවන්ට ඝන ආහාර හඳුන්වා දීමට මාස හයක් වන තුරු  සිටීමට වැදගත් හේතු තියෙනවා.

•  ඝන  ආහාර ගිලීමට  හා දිරවීමට අපහසුය.

ළදරුවාගේ ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණයෙන් සංවර්ධනය වී නැහැ. එමනිසා, එම ඝන ආහාර ඉස්ම ලෙස දුන්නත් ඵලදායී  ලෙස ජීර්ණය කරන්න  බැහැ.

• ඝන  ආහාර මව්කිරි තරම් පෝෂ්‍යදායී නැහැ.

ළදරුවකුට වර්ධනය වීමට හා සංවර්ධනය වීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවල ඝන ආහාර වල අඩුය.

•  වේලාසනින් හඳුන්වා දෙන ඝන ආහාර නිසා අසාත්මිකතා සහ දද වැනි සෞඛ්‍ය ගැටලු  ඇතිවෙන්න පුළුවන්.

දරුවන් වයසින් වැඩෙත්ම දියවැඩියාව සහ සීලියාක් රෝගය  (ග්ලූටන් පරිභෝජනය හේතුවෙන් අජීර්ණය) වැනි නිදන්ගත රෝග ඇතිවෙන්න පුළුවන්. ඒ සදහා   වේලාසන  ඝන ආහාර හඳුන්වා දීම හේතුවෙන බව පර්යේෂකයන් විසින් සොයාගෙන තියෙනවා.

ළදරු ආහාර: ළදරුවන් හැම තිස්සේම අඩන්නේ කුසගින්න නිසාම නොවෙයි.

තම ළදරුවන්ට ආහාර ජීර්ණය කරන්න මේ වයස  සුදුසුයි. මව්කිරි හෝ කිරි ආදේශක වලට  අමතරව  පෝෂ්‍ය පදාර්ථ අවශ්‍යයි.  ළදරුවන් නොසංසුන්  වන්නේ  කුසගින්න නිසයි.  

ඒ නිසා ඔවුන්ට ආහාර දෙන්න ඕනී. ඔය වගේ  හොඳ හොඳ හේතු  ගොඩාක් තම ළදරුවන්ට වේලාසන ඝන ආහාර හඳුන්වා දුන් මව්වරුන්ට මුලදී පෙනුනා.

“ මම දරුවාට  කැඳ හෝ කෙසෙල් ආහාරයට  දුන්නොත්  මගේ පුංචි  පැටියා  වඩාත් හොඳින් හා සතුටින් නිදා ගනීවි. සමහර විට දරුවා අඩන්න ඇත්තේ බඩගින්න නිසා,” යැයි සමහර මව්වරු තර්ක කරනවා.

කුසගින්න නිසා විතරක්  ළදරුවන් අඩන්නේ නැහැ, අම්මේ! සියළුම ළදරුවන්, විශේෂයෙන් අලුත උපන් බිළිඳුන්,  ඔවුන්ගේ අවශ්‍යතා වැඩිහිටියන්ට දන්වන එක ක්‍රමයක් වන්නේ ඇඩීමයි.

සෑම ඇඩිමක්ම කුසගින්න නිසාම ඇතිවෙන්නේ නැහැ. සමහර විට දරුවන්ගේ  ඩයපර් එක තෙත් වෙලා  වෙන්න පුළුවන්.  එහෙම නැත්තම් ලොකු ශබ්දෙකට බය වෙලා, සීතලක් දැනිලා නැත්තම් ආදරේ ඕනී නිසා ඔබට තුරුල් වෙන්න අවැසි වෙලා වෙන්නත් පුළුවන්.

ඔබේ  මාස හයකට අඩු කුඩා දරුවා  මව්කිරි බීම පවා නොතකා නිතර අඩනවා නම්, ඔබ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා ගෙන් උපදෙස් ලබා ගන්න.

ඔබේ දරුවාට බඩගිනි යැයි ඔබ සිතන නිසා නොසැලකිලිමත් ලෙස ඔහුට ඝන ආහාර දෙන්න එපා . ඒ අතරම, අලුත උපන් බිළිඳුන්ගේ ළදරු ආහාර පරිභෝජනය සහ අවශ්‍යතා පිළිබඳ ඔබේ දරුවාගේ අනෙකුත් රැකබලා ගන්නන් (විශේෂයෙන් ඔවුන් වැඩිහිටි නම්) දැනුවත් කිරීම වැදගත් වෙනවා.

ළදරු ආහාර ගැන නොදැනුවත්කම භයානකයි

එය මෙම අසරණ දරුවා සිය ජීවිතයෙන් වන්දි ගෙවා ඔප්පු කලා.

මාස හයකට වඩා අඩු ළදරුවන්ට ඝන ආහාර හඳුන්වා දීමේ අන්තරායන් අවබෝධ කර ගැනීම සඳහා මෙම ලිපිය  මව්වරුන් හා අනෙකුත් දරුවන් රැකබලා ගන්නන්  සමඟ බෙදා ගන්න.

මෙවැනි වැළැක්විය හැකි ඛේදවාචකයන් යලි සිදු නොවේවා.

මේ වැදගත් මතක් කිරීම ඔබ වෙත කරන්නේ the Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

app info
get app banner