ළදරු ආහාර වට්ටෝරු සහ ඒවා හඳුන්වා දෙන ආකාර ගැන අගනා පොත් පිංචක්

lead image

අද ඔබ වෙත ගෙන එන මේ අනර්ඝ ආහාර වට්ටෝරු ඇතුලත් පොත් පිංච   ශ්‍රී ලංකා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාශය යටතේ ගෙන එන පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් ප්‍රකාශිත මෙම පොත් පිංච දරුවාගේ අහාර පිළියෙළ කිරීමෙහි ලා ඔබට ඉමහත් සේ වැදගත් වනවා නියතයි.

අලුත උපන් බිලිඳා සම්පුර්ණයෙන්ම මව්කිරි වලින් යැපෙන ආකාරයට ස්වභාවයෙන්ම හැඩ ගැසී තිබෙනවා. නමුත් මාස හයක් ඉක්මවූ පසු නියමිත ක්‍රමවේදයකට අනුව නියමිත ළදරු ආහාර වට්ටෝරු දරුවාට හඳුන්වා දිය යුතු වනවා. 

ඉතින් සම්පුර්ණයෙන්ම මව්කිරි වලින් යැපුණු දරුවාට ළදරු ආහාර හඳුන්වා දීමේදී බොහෝ මව්වරුන්ට දෙගිඩියාවක් නැතහොත් චකිතයක් ඇති වනවා. මීට හේතුව වන්නේ පුංචි මොළකැටියාට හානියක් නොවන ආකාරයෙන් සය නිරවද්‍ය ලෙසින් මේ කටයුත්ත කිරීමට මව්වරුන්ට ඇති උනන්දුව නිසායි.

අද ඔබ වෙත ගෙන එන මේ අනර්ඝ ආහාර වට්ටෝරු ඇතුලත් පොත් පිංච   ශ්‍රී ලංකා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාශය යටතේ ගෙන එන පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් ප්‍රකාශිත මෙම පොත් පිංච දරුවාගේ අහාර පිළියෙළ කිරීමෙහි ලා ඔබට ඉමහත් සේ වැදගත් වනවා නියතයි.

ළදරු ආහාර වට්ටෝරු සහ ඒවා හඳුන්වා දෙන ආකාරය ගැන අත්පොත

මුලදී දිනකට එක් වරක් පමණක් ආහාර ලබා දීම ප්‍රමාණවත් අතර එය නියමිත කාලසටහනකට අනුව සිදු කිරීම ඉතාමත් යෝග්‍යයි.

ආහාර වලට හුරු කිරීම, ආහාර ගිලීම ආදිය පහසු කිරීමට මුල් ආහාරයට දොවාගත් මව්කිරි ටිකක් එක් කරගත හැකියි. මුලදී පටන්ම ආහාර මදක් උකු ස්වභාවයෙන් ලබා දීම වඩාත්දෙ සුදුසුයි. එමගින් වැඩි ශක්තිය සහ පෝෂණය ලැබේ.

මාස 10ක් යන තුරු සිනි, ලුණු සහ රසකාරක දරුවාගේ ආහාරයට එක්කිරීමෙන් වැළකිය යුතුයි.

මාස 8 පමණ පසු වන විට බිත්තර සහ මාළු නිතර ආහාරයට එක් කල හැකි අතර මේ සම්බන්ධ පුර්ණ විස්තරය මෙහි ඇමිණු පොත් පිංචේ සඳහන් වනවා. 

ආහාර වේලෙන් අනතුරුව පලතුරු, යෝගට් වැනි දේ ලබා දිය හැකියි. ඒ වගේම ආහාර හඳුන්වා දීමත් සමග පානය සඳහා උණුකර නිවාගත් ජලය පාවිච්චි කරන්නටත් අමතක කරන්නට එපා!  

බිලිඳුන්ට දෙන ආහාර පිළිබඳව අප බිලිඳුන්ට දෙන මුලික ආහාර   ඝන ආහාර වලට ඔබේ දරුවා හුරු කරන්න ඉතා වටිනා ඉඟි 6 ක් වැනි ලිපි කිහිපයකින් ඔබ දැනුවත් කර තිබෙන අතර මේ පොත් පිංච බහාලාගෙන එය මුද්‍රණය කර තබා ගැනීම ඔබට වටිනා අත්වැලක් වේවි. 

ළදරු ආහාර වට්ටෝරු සහ ඒවා හඳුන්වා දෙන ආකාරය ගැන අත්පොත