theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළදරු වර්ධනය: හතරවෙනි මාසය

7 අවම කියවීම
ළදරු වර්ධනය: හතරවෙනි මාසයළදරු වර්ධනය: හතරවෙනි මාසය

වික්‍රමාන්විතව හා මදක් රස පරීක්ෂකයෙක් වෙනවා.  ඔබ සුදානම් විය  යුත්තේ මෙන්න මේ දේවල් වලටයි .

ඔබේ පුංචි පැටියාට  දැන් මාස හතරක් වන අතර ඔහුගේ ජීවිතයේ වඩාත්ම ලස්සන අවධිය වේ. මේ වන විට ඔහු වඩාත් අදහස් ප්‍රකාශ කරන අතර, නිතර ඔහුට සිනහවන්,  පුංචි ශබ්ද මෙන්ම ක්ෂනික සිනහවන් ඔබට දැකිය හැකිය.

කොච්චර ලස්සනයිද?

ඒ වගේම, ඔහු තම කුස මත වැතිර සිටින විට ඔහුගේ හිස ඉහළට එසවීමට උත්සහ කරයි නම් බය වෙන්න එපා. එය ඔබගේ පැටියා  අලුත්  දේවල් උත්සහ කරන අතර ඉක්මනින් වර්ධනය වීමට ඉගෙන ගන්නා බව දැන ගැනීමට මාර්ගයක් වෙනවා.

අළුත් දෙමව්පියෙකු වශයෙන්  ඔහු තුළ නව භෞතික වෙනස්කම් බොහොමයක් ඔබට දැකිය හැකිය.

සිව්වන මාසය වන විට, දරුවාගේ උපත් බර දෙගුණ වන අතර එවිට  ඔබට ඔහුගේ පිරුණු  කම්මුලින් මිරිකන්නේ නැතිව සිටීමට  නොහැකි වනු ඇත.

නමුත් මෙය ඔබට හැගීම්  නම් රෝලකෝස්ටරයට සඳහා සූදානම් වීමට කාලයද වෙනවා. ඔහු ඔබට ලබා දෙන එම ප්‍රීතිය හා ආඩම්බරය ඔබගේ පටක කරාද ළඟා වනු ඇත.

මොකද වෙන්න යන්නේ? ඔබ අසාවි.හොඳයි, මෙන්න මේ මාසයේ ඔබගේ පුංචි පැටියා තුල ඔබ දැක ඇති තීරණාත්මක වෙනස්කම් කිහිපයක් මෙන්න!

භෞතික සංවර්ධනය

ඔබේ දරුවාගේ සිව්වැනි මාසයේ දී,  දරුවාගේ භෞතික සංවර්ධනය ඔබ හිතනවාට වඩා වේගවත් වේ. අප සඳහන් කළ පරිදි ඔහු උපත බර මෙන් දෙගුණයක් විය යුතුය.

නමුත් එය පමණක් නොවේ.

• හිස පාලනය කිරීම: ඔහුගේ හිස ස්ථීරව, සහයකින් තොරව තබාගන්න උත්සහ  ඔබ දකිනු ඇත. ඔබේ කුඩා ගවේෂකයා සුපිරි ලෙස ක්‍රියාකාරී නම්, ඔහුගේ යටිපතුල් තද මතුපිටක ගැටෙන  විට ඔහුගේ කකුල්  පහලට තල්ලු කිරීමට උත්සාහ කරනු ඔබට පෙනේවි.

• පෙරළීම සහ හැරීම: මේ මාසය වන විට ඔහු නිතර නිතර චලනය කිරීමට ඉගෙන ගන්නා බැවින්, ඔහු කුස මත සිට ආපසු හැරෙන මොහොත පටිගත කර ගැනීමට ඔබගේ වීඩියෝ කැමරාව සඳහා සුදානම් කර තබනු ඇත. මේ මොහොතේදී, ඔබට ඔහු  ඔහුගේ අත් මුව දෙසට ගෙන යනු දැකිය හැකි අතර කුස මත වැතිර සිටින අතර වැලමිට උඩට තල්ලු කරන්න පුලුවන්.

• රස බැලීම හා ඉගෙනීම: මේ අවධිය  තුළ ඔබේ දරුවා අහුලා ගන්නා ඕනෑම  දෙයක් මුඛය වෙත ගෙන යයි. එම නිසා  ඔබ සතුව එල්ලන සෙල්ලම් බඩුවක් හෝ ශබ්දය හා ආලෝකය පවා දිය හැකි රැටල් එකක් කරනවා තියෙන්නේ  නම්, ඔබේ දරුවා එය අල්ලා ගැනීමට උත්සාහ කර, එය සොලවා , හසුකරගෙන   මුඛය වෙත ගෙනයයි. ඇත්ත වශයෙන්ම, එය ඔබේ කොණ්ඩය  වුවත් විය හැකි බැවින් ඔබ  සූදානම් විය යුතුය.

• ඔබ ඔබේ දරුවා රඳවා තබා ගන්නා විට, ඔබේ කන් ඇති තියුණු ආභරණ හා මාල පවා ඉවත් කිරීමට වගබලා ගන්න. ඒ  එය දිලිසුනොත්,  ඔහුට එය ඇද ගැනීමට හා ඔහුගේ මුඛය තුලට  දමා ගන්න අවශ්‍ය වෙනවා. ඔහුගේ දෑත් වැඩිපුර භාවිතා හැකි වීම නිසා හා දක්ෂ වීම  නිසා මූලිකවම ඔහු මෙය කරනු ලබයි.

• දියුණු සංවේදන : මේ කාලය වන විට, ඔබේ දරුවාගේ ඇස් වලට එක්ව ගමන් කල හැකි අතර ඕනෑම විශේෂිත චලනයක් හෝ දීප්තිමත් වස්තුවකට වඩා හොඳින් අවධානය යොමු කිරීමට හැකිය. ඒ ඔහුගේ දර්ශනය මේ වන විට 20/40 වීමයි. ඔහු වර්ණ සහ ඒවායේ  වෙනස්කම් හදුනා ගැනීමටද සමත් වනු ඇත. එමනිසා ඔබේ දරුවාගේ ඇස් දෙකම එකට ගමන් නොකරන බව හෝ වපර ඇස් ඔබ දකිනවා නම්, එය ළමා රෝග විශේෂඥයෙක්  හමුවෙන්න

දැන් හොඳ ආරංචියක්.

සිව් වන මාසයේ දී ඔබේ පුංචි පැටියා ස්ථාවර කාලසටහනක් අනුගතව නිදාගනු ඇත. මෙයින් අදහස් වන්නේ, ඔබ දෙදෙනාටම පූර්ණ රාත්‍රී නින්ද භුක්ති විඳීමට හැකිවනු ඇති බවය. සාමාන්‍යයෙන්, මේ කාලය වන විට ළදරුවා පැය හතක් හෝ අටක් නිදාගනු ලබයි . මෙහිදි එක පාරක් හෝ දෙපාරක් ලෙස දිනකට පැය 12 ක් හෝ 13 ක් පමණ නිදා සිටිනු  ඔබට දැකිය හැකිය.

ඔන්න සුභ පැතුම්, දැන් ඔයාගේ නින්ද දැන් ආපහු ගන්න පුලුවන්!

සිතීමේ ක්‍රියාවලිය  සංවර්ධනය

මෙම අවධිය සියලු ශාරීරික වෙනස්කම් ඔබ දකින අතරතුර, මෙම මාසය තුළදී සිදුවෙන වේගවත් සිතීමේ ක්‍රියාවලියේ සංවර්ධනය දැක ඔබ පුදුමයට පත් වනු ඇත.

• වඩාත් ප්‍රකාශකාරී වේ: ඔබේ කුඩා දරුවාට මාස ​​හතරක් ගත වන විට ප්‍රකාශ කිරීමට ඔහුට ඇති හැකියාව වැඩි වනු ඇත,ඔහුට  ඔහුගේ සන්තෝෂය හෝ දුක වඩා පහසුවෙන් ඔබට කියන්නට හැකිය.

• වැඩියෙන් ප්‍රතිචාර දක්වයි: එයින් අදහස් වන්නේ ඔහු ඔබේ ආදරයට නිතර  ප්‍රතිචාර දක්වන බවයි. ඔබ ඔහුට කථා කරන විට ඔහු පිළිගැනීමෙන් හෝ ඔහු කෙරෙහි ඇති සෙනෙහස නිසාවෙන්  ඔබ දෙස බලා සිනාසෙනු ඇත.

• වඩා හොඳ දෑත් අක්ෂි සම්බන්ධීකරණයක් ඇතිවේ: ඔහුගේ අත සහ අක්ෂි සම්බන්ධීකරණය මෙම කාලය තුළ වැඩිදියුණු වනු ඇත. මෙයින් අදහස් වන්නේ ඔහු වස්තු යම් තැනක තබා  ඒවා වඩාත් කාර්යක්ෂමව ලබා ගැනීමටයි. එම නිසා ඔහුගේ චලන හැකියාවන් තව දුරටත් වර්ධනය වනු ඇත.  ඔහු වස්තුවක් දැක ඔහුගේ ඇස් වලින් එය ලුහුබදිනු ඔබ  දකිනු ඇත.

එහෙත් හොඳම දේ වන්නේ ඔහු වටා තිබෙන සියල්ල ඔහුට  හඳුනා ගත හැකි වීමය. ඒ නිසා ඔබ ඔහුට නම කියා කතා කරන්න. ඔහු ඔබට ඇහුම්කන් දෙන නිසා ඔබ ඔහුට කතා කරන බව දන්නවා.

ඔබේ සිව් මාසය ගැන දිගටම කියවන්න අඔහු වටා සිටින අයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද කියා බලන්න.

සමාජ හා හැඟීම් සංවර්ධනය

ඔබේ දරුවාගේ හැගීම්  හා සමාජීය වර්ධනය ගැන සැලකිලිමත් වන විට, මෙම මාසයේ නව සංවර්ධන කිහිපයක් දැකීමට ලැබීම ඔබට  සතුටට කරුණක් වනු ඇත. ඔබේ දරුවාට දැන් හැඟීම් ප්‍රකාශ කිරීමට  මෙන්ම ප්‍රතිචාර දැක්වීමටත්   හැකි නිසා ඔහු නිතරම සිනාසෙනු ඇත. දැන් ඔබේ දවස සෑදීමට අවශ්‍ය නොවේ!

නමුත් ඔබේ හැඟීම්වලට ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රකාශ කිරීම සඳහා ඉහළ හැකියාවක් ද පැමිනෙන්නේ හැඩීමේ සාධාරණ කොටසක්ද සමගයි.

ඔබ ඔබේ දරුවා සමඟ සෙල්ලම් කරන්න කැමතියි නමුත් හදිසියේම නැවත්වනවා නම්, ඔබ ඔහුව දුකට පත් කරනවා. එහෙත්, කරදර නොවන්න, මෙය ඔහුට ම අලුත්  වේ. මෙම යුගයේදී ඔහු සෙල්ලම් කිරීමට කැමතියි. ඔහු සෙල්ලම් කිරීම   නතර කිරීමට කැමැති , අකමැති ඔහු  දැනුම් දීමට ඉඩ ඇත.

එසේම, ඔබ ඔහු දෙස  බලා මුහුණ විවිධ ලෙස වෙනස් කල හොත්, ඔහු එය අනුකරණය කිරීමට උත්සහ කරන විට, බිය නොවන්න. මෙම සුන්දර යුගයේදී බිලිඳුන් විසින් පෙනෙන දෙය අනුකරණය කරන අතර මුහුණු සෑදීමද එයට ඇතුළත් වේ.

කථනය සහ භාෂාව

ඔහු හැසිරෙන හෝ වර්ධනය වෙන ආකාරය තේරුම් ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. ඔබගේ පුංචි පැටියා  ඔබෙන් සියල්ල අහුලා  ගන්නා බව අපි අමතක නොකරමු.

එමනිසා ඔබ ඔබේ දරුවාට ගීතවත් හඩින්  'මගේ පුංචි පැටියා ' යනුවෙන් පැවසු විට, ඔබේ දරුවා තමා ඇසූ දේ අනුකරණයට උත්සාහ කරන බව දැන ගන්න. නිශ්චිතවම නොවේ, නමුත් ඔහු මේ වන විට කතා කිරීමට පටන් ගනී.

ඔහු ඔහුගේම භාෂාවක් කථා කරන බව අප නිතරම පවසනවා.

ඔබේ දරුවාගේ භාෂා කුසලතාවන් දිරිමත් කිරීම සඳහා වැඩිහිටියෙකු සමඟ කරන ආකාරයට  ඔබේ කුඩා දරුවා සමඟ කතා කිරීමට උත්සාහ කරන්න. ගීතවත් භාෂාව  ළදරුවන්ට යහපත් බව පර්යේෂණය මගින් සොයාගෙන ඇත. එය ඔවුන්ට  වේගවත් කතා කරන ආකාරය ඉගෙන ගැනීමට  උපකාරී වේ.

ඔබ සම්පූර්ණ වාක්‍යයක්  සහ නිසි ව්‍යාකරණ භාවිතා කළ යුතු අතර "කරුණාකර" සහ "ස්තූතියි" වැනි වදන් නිතර  භාවිතා කරන්න . ඔබේ පැටියාට එහි තේරුම සම්පූර්ණයෙන් වටහා නොගත නොහැකි වුවත්, එම ප්‍රකාශයේ වතාවරණය  වටහා ගැනීම සහ වචන සහ එහි අර්ථය අනාගතයේදී සමාන්තරව වටහා ගනු ඇත.

සෞඛ්‍ය  හා පෝෂණය

ළදරුවන්ට මාස 6 ක් දක්වා මව්කිරි යුතු බවත් ඝන ආහාර ඊට පසු පටන් ගත යුතු බවත් වෛද්‍යවරු උපදෙස් දෙයි. නමුත් සමහර විශාල   ළදරුවන් මව්කිරි හෝ කිරි ආදේශක වලින් සෑහිමකට පත් වන්නේ නැත.

මේ තත්ත්වය තුළ ඔබට කල හැක්කේ කුමක්ද?

හොඳයි, ඔබට ඔබේ වෛද්‍යවරයා  ඉදිරියට යන්න අවස්ථාව දෙනවා නම්, ඔබේ දරුවාට ස්ථීරවම හිස ඔසවා සිටීමට හිදගෙන හැකි නම්, සිව් වන මාසයේ දී ඝන ආහාර ආරම්භ කළ හැකිය. නමුත් ඔබේ දරුවාගේ පළමු ආහාර යකඩ අඩංගු විය යුතු අතර, මව්කිරි හෝ කිරි ආදේශක සමඟ මිශ්‍ර  කළ යුතු බව මතක තබා ගන්න.

අපගේ උපදෙස නම්, ඔබේ දරුවාට එය භාවිතය පුරුදු කර ගැනීම සඳහා කිරි ආදේශකය මෙන් යකඩ මිශ්‍රණය සකස් කළ යුතුය. ටිකෙන් ටික  ආහාර ගැනීමට හා ජීර්ණයට ඇති හැකියාව මත පදනම්ව ආහාරයේ ඝණකම වැඩි කර ගන්න.

දෙමව්පියන් සඳහා ඉඟි

ඔබේ පුංචි පැටියා  ඔහුගේ ගවේෂණ ආරම්භ කලා පමණයි. ඒ වගේම, ඔහු තමාට අසුවෙන ඕනෑම දෙයක් අහුලා ගැනීමට ඉඩ ඇති නිසා, එම දේවල් හැකි තරම් ආරක්ෂිත සහ දරුවා හිතකර කර ගැනීමට උත්සාහ කරන්න.

• සෙල්ලම් කිරීමට ඔහුට ඉඩක් දෙන්න: ඔබට ඔබේ දරුවාට පොත් පත් හා මෘදු සෙල්ලම් බඩු වැනි ගවේෂණය කිරීමට හැකි බොහෝ දේ ලබා දිය හැකිය.  ඔහු ඒ වෙනුවට හැන්දක් ගන්නේ නම්,  ඔහු  ලී හැන්දක් දෙන්න. එපමණක්  පමණක් නොව එය ඔහුට ගිල දැමීමට තරම් කුඩා නොවීමටත් හා ඔහුට රිදවා ගැනීමට තරම් විශාල නොවීමටත් බවට වග බලා ගන්න. වැදගත්ම දෙය නම්, සෑම අවස්ථාවකදීම ඔබ ඔහු  ( සෙල්ලම් කරන විටදී)අසලම  තබා ගන්න.

• නිතරම ගායනා කරන්න, ඔහු සමඟ කතා කරන්න: මේ යුගයේ දී, ඔබේ දරුවා ඔහුගේ හිස ස්ථාවර තබා ගැනීමට  ඉගෙන ගනු ඇත, ඒ නිසා ඔබේ  ඔහුව උකුලේ තබා ගෙන ගායනා කරන්න, ඔහු සමඟ සෙල්ලම් කිරීම හෝ ඔහුට පොතක් කියවීම කරන්න . අපට විශ්වාස කරන්න, ඔහු ඔබේ මෘදු  සැනසීම පිරි හඬට ඇහුම්කන් දීමට ඔහු කැමැත්තෙන් සිටින අතර මේ වන විට ඔහු ඔබ දෙස ප්‍රවේශමෙන් බැලීමටත් සිනහවකින් අහිමි වීමත් සමඟ සිනහවකින් ඔබව නැහැවීමටත්  ඉගෙන ගනී.

• නිවස දරුවාට ආරක්ෂිතයි: එසේම, නිවස වටා ගමන් කිරීමට සූදානම් වන දරුවා සූදානම් වීම සඳහා දරුවා සූදානම් වීම සදහා ළමා ආරක්ෂාව  සලකා බැලිය යුතුවේ. පඩි පෙළට ගේට්ටු එකතු කළ හැකි අතර  කබඩ් අගුල් දමා ,වයර්  ඉවත් කල යුතුය.

ඊට අමතරව, ඔබගේ සහ ඔබේ දරුවාගේ ජීවිතයේ මෙම ලස්සන අවධිය භුක්ති විඳින්න. ඔහුට ගවේෂකයෙකු වීමට ඉඩ දෙන්න.

මීළඟ මාසය: පස්වෙනි මාසය

පෙර මාසය : තුන්වෙනි මාසය

ඔබේ පුංචි පැටියාගේ වර්ධනය මාසයෙන් මාසයට ගෙන එන්නේ theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ළදරු වර්ධනය: හතරවෙනි මාසය
බෙදාගන්න :
  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it