theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළදරු සංවර්ධනය: අටවෙනි මාසය

6 අවම කියවීම
ළදරු  සංවර්ධනය: අටවෙනි මාසයළදරු  සංවර්ධනය: අටවෙනි මාසය

ඔබේ දරුවා මේ මාසයේදී ඉගෙන ගන්නේ මොනවාද ?

ඔහ්, ඒක හරිම සුන්දර  වයසක්,  ඔබේ පුංචි පැටියා පිරුණු කම්මුල් සමග සම්පූර්ණයෙන්ම පිරි සිටින අතර, ඔබ ඒවා මුළු දවසම මිරිකමින් හා සිපගන්නවා.

මෙය ඔබ හැම දෙනාටම සතුටුදායක මාසයක් වන අතර ඔබගේ දරුවා බොහෝ විට වඩා වැඩියෙන්  ගමන් කරයි. (ළදරු ආරක්ෂාව ගැන හිතන්න අම්මේ , තාත්තා ).

සමහරවිට ඔහු ඉතා ආදරණීය  හඩවල්  ඇති කරන නමුත් අවම වශයෙන් තව මාස කීපයක්වත් යනතුරු වචන ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට නොහැකි වුවද, ඔබට ඔබේම ක්‍රමයකින් ඔහුගේ ආදරණීය ශබ්ද  වලට ප්‍රතිචාර දැක්විය හැකිය.

සංවර්ධනයේ දී මේ මාසයේ ඔබේ පුංචි පැටියා ගෙන් අපේක්ෂා කළ යුත්තේ කුමක් ද? අපි සොයා බලමු.

භෞතික සංවර්ධනය

ඔබේ පුංචි පැටියා මේ වන වන විට දණගානවා විය හැකිය.

බොහොමයක් ළදරුවන් මේ වන විට දණගෑම  පටන්ගෙන ඇති අතර  ඔබගේ පුංචි පැටියා එය තවමත් ආරම්භ කර නොමැති නම්, ඒ ගැන බිය වන්න එපා. සමහර ළදරුවන් ඉක්මනට දණගෑම ආරම්භ කරන  අතර අනෙක් අය පවා මෙම අවධිය මග හැර යන්න පුලුවන්.

ඔබගේ දරුවාට  භාවිතා කල හැකි විකල්ප ලෙස ප්‍රවේශමෙන් ගමන් කිරීම  (ඔහුගේ කුස මත), ඉදිරියට ඇදි යෑම  (ඔහුගේ පිටුපස මත) සහ පෙරලීම  (එසේ හුරුබුහුටියි , බලන්න ඔහු වස්තුන් තුලට  පනින්නේ නැහැ .).

ඔබේ දරුවාගේ චලන කුසලතාවන් දිනෙන් දින වැඩි දියුණු වේ. ඒ නිසා ඔබ ඔබේ පුංචි පැටියා කාමරය හරහා ගොස් සෙල්ලම් බඩුවක් ගැනීම  හෝ ඉතා පහසුවෙන් බ්ලොක්ස් හා බෝල වැනි සෙල්ලම් බඩු හා සෙල්ලම් කිරීම ඔබට දැකිය හැකිය.

ඔබේ දරුවාගේ චලන කුසලතාවන් වැඩි දියුණු කිරීම සඳහා එකිනෙක සවිවෙන  ප්ලාස්ටික් කෝප්ප කිහිපයක් හෝ පහසුවෙන් එකට සවි කලහැකි බ්ලොක්ස් සුදුසු  සෙල්ලම් බඩු වෙනවා.

මාස කීපයක් තුළදී සිදු කිරීමට යන සියලු වැදගත් අදියර වලට සූදානම් කිරීම සඳහා, ඔබේ දරුවා පුටුවක් හෝ පුංචි මේසයක් අල්ලා ගනිමින් සිටගෙන සිටීමට පුරුදු කරන්න.

ඔබගේ පුංචි පැටියාගේ pincer ග්‍රහණය -  ඔහු වස්තුන් අල්ලා ගැනීම සඳහා ඔහුගේ මාපට සහ තවත් ඇඟිල්ලක් භාවිතා කරන අතර එය දැන් හොඳින් සංවර්ධනය වී ඇත. ඔහුට මෙම ග්‍රහණය පිලිබඳ පැහැදිලි අවබෝධයක් ඇති බැවින්, ඔහු දේවල් ඉක්මනින් අහුලා, ඔහුගේ මුඛය තබා ගැනීම හෝ නාසය තුලට තල්ලු කරන බැවින් කුඩා වස්තුන් වලට අවධානය යොමු කරන්න.

ටොයිලට් පේපර් රෝල් එකට ගැලපෙන තරම්  දෙයක් යම් දෙයක් කුඩා නම්, ඒ මගින් ඔබේ දරුවාට හිරවීමේ අනතුරක් ඇති බව මතක තබා ගන්න.

අත්පොඩි ගැසීම  සහ ඔහුගේ හිස සෙලවීම මේ මාසයේ ඔබේ පුංචි පැටියාගේ අනෙක් දක්ෂතාවන් වේ. ඔහුත් සමග අත්පොඩි ගැසීමට හා හිස සෙලවීමට අමතක කරන්න එපා.

සිතීමේ ක්‍රියාවලියේ සංවර්ධනය

ළදරු ඔබ සමඟ හැංගිමුත්තන් වැනි ක්‍රීඩා කිරීම කැමතියි.

ඔබේ දරුවා වස්තූන් නැවත නැවත විසි කරමින් නැවත අහුල ගැනීමට කැමැත්තක් දක්වනවාද ? (එසේත නැත්නම් ඔබ එසේ කිරීම අපේක්ෂා කරනවාද?)?  මෙය නැවත නැවත  කරන විට ටිකක් වෙහෙසට පත් වුනත්  ඒ මගින් හේතුව සහ ඵලය පිළිබඳ අදහස තේරුම් ගැනීමෙන්  දරුවාගේ  සිතීමේ ක්‍රියාවලියේ සංවර්ධනය පෙන්නුම් කරයි. මම මෙය අත්හරිනවා , අම්මා එක අහුලන්න ඕනී

'ගැටළු විසඳීම' සඳහා ඔහු සුපුරුදු හැසිරීම් එක්කර නව ක්‍රම වලින් උත්සහ කිරීම  තුලින්  සිතීමේ ක්‍රියාවලියේ සංවර්ධනය පෙන්නුම් කරයි. නිදසුනක් වශයෙන්, ඔහු තම ප්‍රියතම සෙල්ලම් බඩුට ලගා වීමට  සහ එකවරම දණගා යනවා.

මේ අතරතුර, ඔබේ දරුවා  සමග වස්තුන් සගවමින් නැවත පෙන්වමින් සෙල්ලම් කිරීම මගින් වස්තු වල ස්ථාවරභාවය ඔහුගේ සංවේදන ඉස්මතු කල හැක.

කථාව සහ භාෂාව

ඔබේ දරුවාගේ අවධානය දිනෙන් දින වැඩි වන බැවින්, ඔහුට වැඩිපුර පොත් කියවීමට උත්සාහ කරන්න.

භාෂා කුසලතාවන් මේ මාසයේ ප්‍රදර්ශනය වන අතර එය සුරතල්ම ළදරු අඛණ්ඩ ශබ්ද මාලාවක් විය හැක.

ඔබේ දරුවා තවමත් ඔබ හැර වෙන කිසිවෙකුට අම්මා යැයි  අමතන්නේ නම්, ඒ ගැන කණගාටු නොවන්න. ඊළඟ සති කිහිපය තුළ ඔහු නිවැරදි පුද්ගලයාට වචනය යොමු කිරීමට ඉගෙන ගනු ඇත. ඔබේ දරුවාගෙන් ප්‍රශ්නයක් ඇසීමට උත්සාහ කරන්න. ඔහු වචන යොදා නොගත්තත්, ඔහුගේ තේරුම් ගැනීම හා ප්‍රතිචාර දැක්වීම කුඩා ඉරියව්ව වලින් ඔබ  පුදුමයට පත් විය හැකිය.

ඔබේ ප්‍රශ්නයට බොහෝ විට ඔබට ලැබෙන හොඳම ප්‍රතිචාරය වනුයේ "බා..බා.."  "ඩා..ඩා.." වුවත් දිගටම කථා කිරීම තුලින් අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම මගින් ළදරුවන්ගේ භාෂා කුසලතා වැඩිදියුණු කර ගැනීමට දායක වනු ඇත.

මේ වයසේදී සමහර දෙමව්පියන් දරුවෙකුගේ සංඥා භාෂාව හඳුන්වා දීම ආරම්භ කරනවා. එය ඔබේ දරුවාගේ සීමිත භාෂා පරාසය තුල කණස්සල්ලෙන් තොරව අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රයෝජනවත් වේ.

ඔබේ දරුවා මේ මාසයේ කතන්දර වලට  ඇහුම්කන් දීමෙන් වැඩි උනන්දුවක් දැක්විය හැකිය. පසුගිය මාසයේ ඔහු පොත්පත් ගැන උනන්දුවක් දැක්වුයේ නැත්නම්, දැන් නැවත උත්සාහ කරන්න.

දරුවන්ට ඇතැම් කථා හෝ පොත් වලට වඩා වැඩි කැමැත්තක් ඇති බව ඔබට පෙනේවි. මෙය බොහෝ විට ඔහුගේ ප්‍රියතම වර්ණ, පින්තූර සහ සමහර කථා කියවන ආකාරය  බොහෝ විට ඒ හා සම්බන්ධ විය හැකිය. දරුවාට කියවීම සුන්දර බැදීමක් ඇති කරගැනීම මෙන්ම  ඔහුගේ භාෂාව සහ සන්නිවේදන හැකියාවන් වර්ධනය කර ගැනීමටද උදව් වේ.

සමාජීය හා හැගීම් වර්ධනය

ඔබේ දරුවාගේ වඩාත් සුවිශේෂී සිනහව හා සුරතලය ඔබ වෙනුවෙන් වෙන්වී ඇත.

ඔබේ කුඩා  සමනලයන් ආගන්තුකයන්ට (හෝ දැන සිටින පුද්ගලයින්ගේ) එතරම් මිත්‍රශීලී නොවේ නම් පුදුම නොවන්න. ඔහු දැනටමත් හුරුපුරුදු හා  නුපුරුදු අතර වෙනස හදුනා ගැනීමට  පටන් ගෙන ඇති නිසා ඔහු  අවට  ආගන්තුකයින් සිටින විට කනස්සල්ලට පත්ව වීම පුදුමයක් නොවේ.

මෙම වර්ධනය නිසා, ඔහුට සුවපහසු නොවන අය වෙත යන්නට ඔහුට බල නොකරන්න. ඔවුන් නැවත නැවතත් ඔසවාගෙන  සිටීමට හෝ සුරතල්  කිරීමට උත්සාහ කළත් ඔබ ඔවුන්ට  ඔබේ දරුවා මේ අවධියේදී ඔහු අවට සිටින නොහදුනන අය සමග සුවපහසුවක් නොලබන බව හොඳින්  (නමුත් ඍජුවම ) ඔවුන්ට පැහැදිලි කරන්න.

ඔබේ දරුවාට ඔවුන්ව හුරුපුරුදු වීම  සඳහා ටිකක් වේලාවක් දෙන්න කියා ඔවුන්ගෙන් ඉල්ලන්න. ඔහුගේ ක්ෂනික සිනහවක් හෝ සුරතල් වීමක් ලෙස ඔවුන්ට ප්‍රතිඵල ලැබෙනු ඇත.

සියලු සිනහාවන්ගේ දීප්තිය  හා සුරතල් සිනහාවන් මුළු ලෝකයෙන්ම  ඔහුගේ හදබැදි මිනිසුන් සිටින  පවුල වෙනුවෙන් වෙන් කර ඇත.

සෞඛ්‍ය  හා පෝෂණය

ළදරුවන්ට අතින් අල්ලා ගත හැකි විවිධ ආහාර මේ වනවිට උත්සාහ කළත්, හැම විටම ළදරුවාව සමීපව අධීක්ෂණය කරන්න.

ඔබ ළදරුවා දැන් හොඳන් ග්‍රහණය කරගන්නෙක් බැවින්, ඔහුට පහසුවෙන්ම අල්ලා ගත හැකි කෙසෙල් හෝ අලිගැටපේර වැනි  ආහාර  ලබා දීමට  උත්සාහ කරන්න. ආහාර සෑම විටම කුඩා කැබලි වලට කපා ලබා දිය යුතු  අතර, ඔබේ දරුවාට හිරවීමට ඉඩ ඇති  ඝන ආහාර හෝ විශාල කැබලි ලබා  නොදෙන්න . ඔබේ දරුවාට හිරවීමේ අවදානම ඇති  මිදි හා ඇට වර්ග වැනි ආහාර ලබා දීමෙන් වළකින්න.

මේ වන විට ඉතා රසවත් වන අතර ආහාර වර්ග රාශියක් ඉදිරිපත් කළ යුතුය. ඔහුගේ කිරිපිටි පැටවුන් අඩු නම් කනස්සල්ලෙන් සිටින්න එපා - ඔහු දැන් ඝන ආහාර අනුභව කරන බව සාමාන්ය දෙයක්.

ඔබේ දරුවා මේ වන විට ගන්නා විවිධ ආහාර නිසා ඔබ උද්‍යෝගීමත් වනු නොඅනුමානය.   ඔහුගේ මව්කිරි පානය අඩු වුවහොත්,  කනස්සල්ලට පත් නොවන්න. දරුවා ඝන ආහාර ගන්නා නිසා මේ තත්වය සාමාන්‍යයි.

මව්වරුනි, පියවරුනි , ඔබේ දරුවා ආහාර ගන්නා විට කිසිවිටෙකත් ඔබේ අවධානයෙන් බැහැර නොකරන්න.

දෙමව්පියන් සඳහා ඉඟි

• ඔබේ දරුවාගේ චලනය වැඩි වන හෙයින්, මුළු නිවසම ළදරුවන්ට ආරක්ෂිත බව පරීක්ෂා කරන්න. කුස්සිය සහ නාන කාමරය වැනි 'අනතුරුදායක ස්ථාන' අවහිර කළ හැකි නම් එයත් වඩාත් සුදුසු වේ.

• හැකිතාක් දුරට දරුවා  ඇවිදින්න ගෙන යන්න.  නැවුම් වාතය ඔහුට සුදුසු වේ. නමුත් එවැනි  කුඩා චාරිකා වලදී  ඔහු  බොහෝ අලුත් දේවල් වලට නිරාවරණය වන නිසා ඔහුගේ සිතීමේ ක්‍රියාවලියේ වර්ධනය ඉහල නංවයි.

• දරුවන්  රූපවාහිනිය නැරඹීමට කැමති  නමුත් එවැනි පුරුද්දක් එතරම් කුඩා වයසකදී  පුරුදු වීම දිරිමත් නොකිරීමට උත්සාහ කරන්න. ඔබේ දරුවා යම් විනෝදාස්වාදයක් අවශ්‍ය බව ඔබට හැඟෙන්නේ නම් කියවීම, ගායනය හෝ ඔහු සමග කථා  කිරීම තුලින්  එය ලබා දෙන්න.

මව්වරුනි, පියවරුනි, ඔබේ දරුවා මේ ලිපියේ සඳහන් කර ඇති කඩඉම් ඉක්මවා නොගියොත්, කනස්සල්ලට පත් වෙන්න එපා. සෑම ළදරුවෙකුටම  තමන්ගේම වේගයකින් වර්ධනය ඇත.

කෙසේවෙතත්, ඔබ කනස්සල්ලට පත්වුවහොත්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා  සමඟ මේ සම්බන්ධයෙන් කථා කරන්න.

ඔබේ පුංචි පැටියාගේ වර්ධනය මාසයෙන් මාසයට ගෙන එන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ළදරු සංවර්ධනය: අටවෙනි මාසය
බෙදාගන්න :
  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it