ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

ඔබේ දෙමසක් වයසැති බිලිඳාගේ වර්ධනයේ සංධිස්ඨාන නිසි පරිදි සිදු වනවාද? මෙතැනින් දැනගන්න

අලුත උපන් බිළිඳෙකුගේ පළමු වසර  තුල මානව සංවර්ධනය වේගවත්ම වන අතර ඇදහිය නොහැකියි. දැන ඇයට වයස මාස දෙකක් වෙනවා.

දැන් ඔබට ඔබේ දරුවාට වඩා හොඳට හදුනාගන්න ලැබීම සතුටට කරුණක් වී ඇති අතර, ඔබ දෙමාපියන් වීම ඉගනීම ආරම්භ කර ඇති අතර, ඔබට ඔබේ මාස දෙකක් වයසැති පුංචි පැටියාගේ  නැගී එන පෞරුෂත්වය දැකිය හැකි අතර ඇගේ කැමත්ත හා අකමැත්ත  ඔබ හදුනයි.

මේ අවධියේදි ඇය තුල සිදුවෙන වෙනස්වීම් යා ඇය පසු කරන සන්ධිස්ථාන මොනවාද?

භෞතික වර්ධනය

බෙල්ලේ පේශින් හා හිස පාලනය කිරීම

ඔබේ මාස දෙකක වයසැති දරුවාට ඇයගේ සිරුර තුල වැඩි පාලනයක් ඇති අතර, ඇය යටිකුරුව කුස මත වැතිරි සිටින විට හෝ ඇයව ඔබ උඩු අතට රඳවා තබාගැනීමේදී  ඇයගේ හිස මදක් ස්ථීරව ඔසවා තබාගන්න ඇයට පුළුවන්.

හොඳ සම්බන්ධීකරණය

ඇය යටිකුරුව කුස මත වැතිරි සිටින විට හුරුබුහුටි ලෙස සිය සිරුර තල්ලු කිරීමට පටන් ගත හැකි අතර ඇයගේ අත්පා චලන මෘදුය. තෘප්තිමත්භාවය අඩු අතර සම්බන්ධීකරණය මදක් වැඩිය.

පෙරලීම

ඔබේ මාස දෙකක් වයසැති දරුවා තවම පෙරගීම ආරම්භ කර නැතත් පෙරලීමට ඉඩ ඇති බැවින් විශේෂයෙන්ම උස් මතුපිටක  සිටින විට  ඩයපර් මාරු කිරීමේදි පරෙස්සම් වන්න.

ස්වයං සැනසීම

ඇය දිගටම උරාබීමේ හැකියාව සවිමත්ව පවත්වා ගන්නා අතර, ඇයට සැනසීමක් ලබා ගැනීමට ඇයගේ අත හෝ ඇගිලි උරාබීමට පටන් ගන්නා  අවධිය මෙයයි. එය ස්වයං සැනසීම ලෙස ද හැඳින්වේ.

ග්‍රහනය

ඔබේ දරුවාට ස්වභාවයෙන්ම  ග්‍රහණය කරගැනීමේ හැකියාවක් ඇති බව ඔබට පෙනෙන්නට ඇති නමුත්, ඇයගේ අතේ අතැඟි මෙහෙයවමින් ඇයගේ පුංචි අත් ග්‍රහනයෙන් මුදා ගැනීම ඇය ආරම්භ කරන අතර  හා සමහර විට ඇය අත වනා  ආචාර කිරීමට පවා ඉඩ ඇත.

කෙළ වැගිරීම

ඔබගේ දරුවාගේ කේට ග්‍රන්ථි වැඩ කිරීමට පටන් ගන්නා විට, ඇය සෑම තැනම තෙත් කරමින් කෙළ වගුරනවා ඇත. නමුත් එය සාමාන්‍යයෙන් මාස 4 කට පසුව සිදු වන දත් මෝදුවීම මේ මගින් අදහස්  නොකෙරේ.

ඔබේ මාස දෙකක් වයසැති දරුවාට  ඇය ඉදිරියේ ඇති දීප්තිමත් වර්ණ සහිත වස්තූන් දැකිය හැකිය

සංවේදී වර්ධනය

 

පෙනීම

ඔබගේ දරුවාගේ මුහුණේ සිට 60cm පමණ දුරට දැකිය හැකිය. ඔබේ දරුවාට මේ වන විට විවිධ වර්ණ අතර වෙනස හදුනාගැනීමට හැකි අතර, දීප්තිමත් ප්‍රාථමික වර්ණ හෝ පැහැදිලි, තද අකුරු මෝස්තර සහ හැඩ මාරුවෙන් මාරුවට තෝරාගනු ලබනවා.

රතු හා තැඹිලි වැනි සමාන වර්ණ අතර වෙනස හදුනාගැනීමට ඇයට අසීරූ වුවද, ඔබට  කළු හෝ සුදු හෝ ඉහල වර්ණ පරාසයන්  වල සෙල්ලම් බඩු, පොත් හා පින්තූර පෙන්විය හැකිය.

ඇසීම

මාස දෙකක් වන ඔබේ දරුවාට ඔබේ හා ඔබේ සහකරුගේ වැනි නිතර ඇසෙන කටහඬ අතර වෙනස හදුනාගන්නට හැකි වනු ඇත. ඇය වඩාත් හොඳින් සවන් යොමු කරනු ඇත.

ඔබේ දරුවාට යමක් ඇසෙන විට, විශේෂයෙන් ඔබේ කටහඬ, ශබ්දය එන දෙසට හිස හැරවීම මගින් ඇය ප්‍රතිචාර දක්වයි.

ඇයට සැනසීම දෙන හා ඇය නොසන්සුන්ව හැසිරෙන විට ඇයව සන්සුන් කල හැකි හුරුපුරුදු හඬ ඇසීමෙන් ඇයට සුවපහසුවක් දැනේ. එමනිසා ඔබ  ඇයට කතා කරන්න. ගායනා කරන්න.  ඇය ඔබේ හඬ හඳුනා ගැනීමට ඉගෙන ගනිවි.

සිතිමේ සංවර්ධනය

මුහුණුවර හඳුනාගැනීම

ඔබේ මාස දෙකක් වයසැති දරුවා මුහුණු වෙත අවධානය යොමු කිරීමට පටන් ගන්නා අතර, යම් දුරකදි පවා හුරුපුරුදු පුද්ගලයන් හදුනාගැනීමට සමත් වෙනු ඇත.

දුර

විනෝද ක්‍රිඩා කිරීම මගින් වස්තු ස්ථීරත්වය පිළිබඳ සංකල්පය ඇයව හඳුන්වා දීම ආරම්භ කල හැකිය.

සිනාහව

ඔබේ දරුවා ඇගේ පළමු බැබළෙන සිනහවෙන් ඔබේ හදවත උණු වීම වෙනුවෙන්  සූදානම් වන්න. එය හුදෙක් නොසලකා හැරිය යුත්තක් නොවේ.

කාලය

විසුලු මුහුණු මවමින් ඔබේ දරුවාගේ දත් නැති ආදරණිය කට පෙන්නා සිනාසීමට  ඔබට ඇයව දිරිමත් කළ හැකිය.

කම්මැලි වීම

එය විශ්වාස කිරීම හෝ නොකිරීම කල හැකිය, ඔබේ පුංචි පැටියා ඇත්ත වශයෙන්ම කිසියම් ක්‍රියාවකදී කම්මැලි බව පෙන්වීමට හෝ උත්තේජනයක් නොලැබුවිට හැඩීම  හෝ නොසංසුන් වීම සිදු වේ.

එමනිසා ඔබ මෙම සළකුණු ඔස්සේ  ඇයගේ අවශ්‍යතා හදුනාගෙන  ඇය සමඟ සෙල්ලම් කිරීමත්  ආදරය කිරීමත් කරන්න.

 

කථන සංවර්ධනය

ළදරු කථනය

ඔබගේ මාස දෙකක් වන ළදරුවා හැඩීම තුලින් සන්නිවේදනය කළත්, මෙම අවධියේදි ඔබට පුංච් පුංචි මිහිරි හඩවල් ඇසෙනු ඇත.

ඇය වචනයෙන් ප්‍රතිචාර දැක්විය නොහැකි වුවද ඔබ දරුවාට කතා කිරීම වැදගත්ය. ඒ මගින් ඇයගේ පළමු වචන සෑදීමට සකස්කර ගැනීමට ඇයව  දිරිගන්වනු ඇත. ඉක්මනින්ම ඇය කුඩා කථා පෙට්ටියක් බවට පත් වනු ඇත.

ඔබේ මාස දෙකක් වු දරුවාට පවසන දේ ඔබට නිශ්චිත නැතිනම්, පහත සඳහන් ඉඟි උත්සාහ කරන්න.

  • ඔබේ දරුවා ඇහුම්කන් දීම හා ප්‍රතිචාර දක්වන ආකාරය ගැන ඉගැන්විය හැකි සංවාදය පවත්වන්න - ඇගේ පිළිතුරු ප්‍රධාන වශයෙන් පුංචි පුංචි ශබ්ද වේවි.
  • ඔබේ කුඩා මුඛය ඔබගේ වචන භාවිතා කරන අයුරු අධ්‍යනයට ඔබේ දරුවාට හැකිවන සෙමින් හා පැහැදිලිව කතා කරන්න.
  • ඔබේ දරුවා පවසන බා බා නානා වැනි වචන අනුකරණය කරන්න.
  • ඔබ ළදරුවන්ගේ භාෂාව තේරුම් නොතේරුනත් ඔබ ඇය වෙත ප්‍රතිචාර දක්වන්න.
  • බිලිඳුන් විසින් අතපය චලනය භාවිතා කිරීමෙන්ද සන්නිවේදනය කරන බැවින් ඔබට අත්පොඩි ගැසීම සහ අත වනා අචාර කිරීම වැනි ඔබගේ පුංචි පැටියා අනුකරණය කරන්න පුළුවන්.
  • සන්නිවේදනය ශක්තිමත් කිරීම සදහා ඇය සිනාසෙන විට ඇයගේ මුහුණේ ඉරියව් සහ සිනහව අනුකරණය කරන්න.

ඔබේ මාස දෙකක් වු කුඩා දරුවාගේ සංවර්ධනය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ඊළඟ පිටුවට යන්න.

ඇය සන්තෝෂයෙන්ද  හෝ ඇයට නිදිමතදැයි දැන ගැනීමට ඔබේ මාස දෙකක්  වු ළදරුවාගේ ඉගි හඳුනා ගැනීමට ඉගෙන ගන්න

ළදරු ඉගි

ඔබේ මාස දෙක ක් වයසැති දරුවා ඔබට තවමත් කතා කිරීමට හෝ  ඇය කැමති  අකමැති දේ පැවසීමට   අසමත් වුවත් දෙමව්පියන් වශයෙන් ඇයට ඔබට පවසන්න අවැසි දෑ හදුනාගන්න මේ ඉගි තුලින් ඉගෙන ගත හැකිය.

ධනාත්මක ඉගි:

  • ඔබේ මුහුණ දෙස බලයි.
  • ඇගේ දෑත් සහ කකුල්වල මෘදුව සොලවයි
  • ඔබ වෙත ළඟාවෙයි
  • ඇයගේ දෑස් හෝ හිස ඔබ වෙත හරවයි
  • සිනාසෙයි
  • මෘදු ශබ්ද
  • මුහුණේ සතුටුදායක හැගීම් ප්‍රකාශනය

සෘණාත්මක ඉගි: 

  • ඇයගේ හිස සහ ඇස් ඉවතට හරවයි
  • හඩයි
  • නොසංසුන් බව
  • කැස්ස
  • පිටපසට හැරීම
  • වටේට කැරවීම
  • මුහුණේ පෙනුම
  • ඈනුම් හැරීම

නිදාගන්නා රටාව

මාස දෙකක් වයසැති දරුවෙකුට දිනකට පැය 15 සිට 16 දක්වා නින්දක් අවශ්‍ය වන අතර සාමාන්‍යයෙන් සෑම පැය තුනකටම වරක් ආහාර ගැනීම සඳහා අවදි වෙයි. නමුත් මේ අවධියේදී, ඔබේ දරුවා රාත්‍රි කාලය තුල නින්දක් නොලබන නමුත් එසේ කරන දරුවන්ද සිටියි. (වාසනාවන්ත දෙමව්පියන්).

ඉවසන්න. ඒ වගේම ඔබේ දරුවාට නිදිමත බවක් දැනෙන විට, ඇයව තොටිල්ලට දමා ඇයට තනිව නින්ද  වෙත ලගා වෙන්න ඇයට උදව් කරන්න.

නින්දමත ඇති බවට ඉගි

  • මුහුණේ පෙනුම
  • නිදිමත හගවන ශබ්ද
  • වේදනාව,බය ප්‍රකාශ කරන ශබ්ද
  • ඈනුම
  • ඇස් පොඩි කිරීම
  • හදිසි වේගය අඩු වීමකින් සිදුවන ස්ථිර නැති අත් පා චලන
  • කන කැසීම
  • හිස කැසීම
  • කණස්සල්ල
  • පෝෂණය කරන ලෙස ඉල්ලීම

මෙම විඩාපත් නිදි ලක්ෂණ කිහිපයක් ඔබ දකිනවා නම්, ඔබ ඇයගේ අවශ්‍යතා හදුනාගෙන ඇය සම්පූර්ණයෙන් විඩාපත් හෝ නොසංසුන් වීමට පෙර  ඇයට සැහැල්ලු වීමට උපකාරී කරන්න.

හදිසි ළදරු මරණ සින්ඩ්රෝමය (SIDS) අවදානම අඩු කිරීම සදහා සෑම ළදරුවෙක්ම යටිකුරුව නිදාගැනීමට සැලැස්වීම වැදගත්ය.

කොට්ට, බ්ලැන්කට් සහ පිරවූ සතුන් වැනි සියලු මෘදු දේවල් ඔබේ දරුවාගේ තොටිල්ලෙන් ඉවත් කළ යුතුය. එවැනි දෙයක් මගින් ඔබේ දරුවා නිදා සිටියදී ඇයගේ මුහුණ සිරවීමට ඉඩ ඇත.

ඔබ දැන් ඔබේ  මාස දෙකක් වු දරුවා සමග ක්‍රීඩා කිරීමට පටන් ගත හැකිය

ඔබේ මාස දෙකක් වු දරුවා සමඟ සෙල්ලම් කිරීමට ක්‍රීඩා

සංගීත සදහා වේලාවක්

ඇය සවන් දෙන නිපුණතා වඩා හොඳින් වර්ධනය වන විට, ඇය විවිධ ශබ්ද සහ සංගීත වර්ගවලට ඇහුම්කන් දෙමින් විනෝදය ලබනවා. ඒ නිසා ඇයට ප්‍රියමනාප ගීත කීපයක් ගායනා කරන්න. ඇය ඇහුම්කන් දීමෙන් ඇය කකුල් සොලවන  බව  ඔබට පෙනෙනු ඇත. හරියට පුංචි ළදරු නැටුමක් වාගෙයි.

ඔබට අවශ්‍ය වනුයේ සංගීතයයි.

කුසලතා වර්ධනය: සවන් දීම, පයින් ගැසීම

මෙන්න මාලු මෙන්න මාලු

ඔබේ දරුවාගේ පෙනීම ඉක්මණින් වර්ධනය වන හෙයින්, ටැංකිය වටේ පිහානා යන  වර්ණවත් මාළු නැරඹීම වැනි සරල ක්‍රීඩාවක්  ඔබේ පුංචි පැටියා ඇයගේ ඇස්වලින් ඒවා නිරීක්ෂණය කිරීමට සුදුසු වේ.

විවිධ ප්‍රමාණ සහ වර්ණ මාළු  ඇයට නැරඹීමට ඉතාම සිත් ගන්නා සුළු වේවි.

ඔබට අවශ්‍ය වන්නේ විවිධ මාලු ඉන්න ටැංකියක්

කුසලතා වර්ධනය: දැක්ම

විනෝද ළදරු ව්‍යායාම

ඔබගේ පුංචි පැටියා විවිධ විශේෂාංග රාශියක් ඇතිව ළදරු ජිම් එකකට යොමු කරන්න.

  • දීප්තිමත් වර්ණවත් මෝස්තර
  • එල්ලෙන සෙල්ලම් බඩු
  • ශබ්ද නිකුත් කරන සෙල්ලම් බඩු
  • ළදරු ආරක්ෂිත කැඩපත
  • සැහැල්ලු ආකෘතියකින් යුක්ත පාදම
  • ආලෝකය
  • සංගීතය

ඔබේ දරුවා විවිධාකාර අංගයන් ගවේෂණය කිරීම හා ඒවා කටයුතු කිරීමට උදව් කරමින් ක්‍රීඩා කිරීමට ඔබේ දරුවාට උදව් කරන්න. (එල්ලෙන සෙල්ලම් බඩු, සෙලවෙන ශබ්ද සෙල්ලම් බඩු, රෙදි ආදිය දැනීමට).

 

දක්ෂතා වර්ධනය: සංවේදී  හා චලන කුසලතා

කණගාටු විය යුත්තේ කවදාද?

සෑම ළදරුවෙකුටම විවිධ අනුපාතයන් ගෙන් වර්ධනය වන අතර, ළදරුවන් දෙදෙනෙකුගේ වර්ධනය සමාන නොවේ. නමුත් පහත දැක්වෙන රතු එළි වැදගත් වේ.

  • විශාල ශබ්ද ප්‍රතිචාර නොදැක්වීම (දොර වැසීම, කාර් සීනු, බල්ලන් බිරීම ආදිය)
  • ඔවුන් ගමන් කරන විට ඇස්වලින් පෙනෙන දෑ නිරීක්ෂණය නොකිරීම
  • ඇය හදුනන අයට පවා සිනාහවක් නොදැක්වීම
  • ඇගේ දෑත් මුඛය වෙත ගෙන නොයෑම
  • ඇය කුසමත වැතිරිමට සැලැස් වු විට හිස කෙලින් තබාගත නොහැකි වීම

ඔබේ දරුවාගේ වර්ධනය පිළිබඳව ඔබට යම්කිසි ගැටළු ඇති නම් වහාම ළමා රෝගී විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් හමුවෙන්න.

ඔබගේ දරුවාගේ පෙර මාස: පළමු මාසය

ඔබේ දරුවා ඊලග  මාසයේ: තුන්වෙනි මාසය

මාස දෙකක් වයසැති ඔබේ දරුවාට දැන් කුමක් කළ හැකිද? අපගේ පාඨකයන් සමඟ බෙදාගැනීමට ඔබට කිසියම් අපුර්ව වු අත්දැකීමක් තිබේද? පහත සටහනක් යොදා අපට කියන්න.

මාසයෙන් මාසය පුංචි පැටියාගේ වර්ධනය ඔබ වෙත ගෙන එන්නේ The Asianparent Sri  Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී