theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළදරු සංවර්ධනය: සත්වෙනි මාසය

6 අවම කියවීම
ළදරු  සංවර්ධනය: සත්වෙනි මාසයළදරු  සංවර්ධනය: සත්වෙනි මාසය

ඔබේ දරුවා දැන් ඇයගේ පළමු වසරෙන් භාගයක්ම ගෙවා අවසානයි. ඔබේ  දරුවා මාස හතේ වයස් සීමාවේදී  පසු කරන  වැදගත් සන්ධිස්ථාන සොයා බලන්න.

පළමුව, සුභ පැතුම්! ඔබේ දරුවා දැන් ඇයගේ පළමු වසරෙන් භාගයක්ම  ගෙවා අවසානයි. ඔබේ පුංචි පැටියා  දිනෙන් දින වඩාත් ස්වාධීන සහ ජංගම  වෙන අයුරු දැක ගත හැකි අතර  ඇයගේ එහි අද්විතීය පෞද්ගලිකත්වය වර්ධනය කරගනියි.

භෞතික සංවර්ධනය

ඔබේ දරුවා ඇගේම විදිහට හැසිරීමට උත්සාහ කරයි. සෑම ළදරුවෙක්ම වෙනස් ය. ඇතැම් ළදරුවන් දණගෑම  පටන්ගන්නා  අතර අනෙක් අය පෙරලීමේ හැකියාවේ උපරිමයට යයි. ඔබගේ පොඩි දරුවා  ලගා වී ලබාගන්නා වස්තුන් පරීක්ෂා කිරීමේදි සෙමින් ගමන් කිරීම , වස්තුන් දෙසට ගමබ් කිරීම, පෙරලීම , දණගෑම, හෝ මේ සියල්ලේම එකතුවක් අපේක්ෂා කිරීමට අපේක්ෂා කලහැක.

එපමණක් නොව, ඇයගේ පාදවලින්  ඇයගේ බර තරමක් දුරට ඔසවාගෙන සිටිය හැකි අතර, උඩ පැනීමට  කැමති වේ. ඇයට උදව්වකින් තොරව ඉදගත හැකිය.(නමුත්, ඇය එය තවමත් නොහැකි  නම් කණගාටු නොවන්න) ඇයගේ කුස මත  වැතිර සිටියදී  අත් වලින් ඔසවමින් ඇයට  වාඩි වීමට හැකිය.

ඔබේ දරුවාගේ අත භාවිත කිරීම වැඩි වේ. ඇය මහපට ඇගිල්ල හා අනෙක් ඇගිලි භාවිතා කර වස්තූන් රඳවා තබාගැනීමේ කලාව ඉක්මනින් ප්‍රගුණ කරන අතර එය පයින්සර් ග්‍රහණය වේ . ඇය අතින් අතට සෙල්ලම් බඩු මාරු කරන, ඒවා බිම දමමින් නැවත අහුලන ඇයගේ චලන  කුසලතාවන්හි මෙම තීරනාත්මක අවධියට ඇතුල්වීම දෙස බලා සිටින්න. ඇයට කෝප්පයකින් පානය කිරීමේදී හා හැන්දක් භාවිතයේදී ඇල්ලීමේ හැකියාව වැඩි දියුණු වේ.

මේ වන විට ඇය අත්පොඩි ගැසීම ඇරඹිය හැකි අතර  එය බොහෝ විනෝදයක් ලබා දෙන බව වටහා ගනී.

මෙම යුගයේ දී බොහෝ දරුවන්ගේ පළමු දත සදහා පැල්ම ඇතිවන අතර , ඇය අතිශයින් දරදඬු , නොසංසුන් දරුවෙකු  වීම ගැන පුදුමයට පත් නොවන්න. ඇයගේ අසහනය සුවපත් කිරීම සඳහා, සීතල පිරිසිදු රෙදි කැබැල්ලක් හෝ දත් එන විට සැපීමට දෙන සෙල්ලම් බඩුවක් සැපීමට  දෙන්න. පහළ ඇන්දේ මැද කෘන්තක දත් දෙක සාමාන්‍යයෙන් පළමුව පැමිණේ.  ඔබට දරුවාගේ දත් කිසිවක් පෙනෙන්නට නොමැති නම්, කරදර නොවන්න. සමහර ළදරුවන්ට දත් ඒමට  වසරකට වඩා වැඩි කාලයක් ගතවේ.

සිතීමේ ක්‍රියාවලියේ සංවර්ධනය

ඔබේ වයස මාස හතක්  වු දරුවාගේ මතකය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති බව ඔබට පෙනී යනු ඇත. ඇයට දැන් ඇය දන්නා පුද්ගලයන් හා  නොදන්නා අය අතර වෙනස හඳුනා ගත හැකි අතර, ආගන්තුකයන්ගෙන් ඈත් වීමට කැමති වේ.

වස්තු ස්ථීරතාව පිළිබඳ සංකල්පය ඇයට  වඩාත් පැහැදිලිය. මිනිසුන් සහ වස්තූන් තාවකාලිකව නොපෙනුනත් ඒවා පවතින බව ඇය වටහාගෙන ඇති අතර ඒ නිසා, ඇය භාණ්ඩ සැගවීමේ සෙල්ලම් කිරීමට කැමතියි.

ඇගේ මොළය වර්ධනය වන විට ඇය වස්තු නිරීක්ෂණය කිරීමේ උනන්දුවක් දක්වයි. එහි විශාලත්වය සහ හැඩය අනුව වස්තූන් වර්ග කිරීමට ඇය සතු හැකියාව  ඔබට සතුටක් ගෙන දෙනු ඇත.

ඔබේ දරුවා නැවත නැවත කිරීම  හා ඉදිරියට වෙන දේවල් වලට  කැමතියි . එබැවින් ඇය එකම නැලවිලි ගීතය  නැවත නැවතත් සවන් දීමෙන් වෙහෙසට පත් නොවේ. විශේෂයෙන් ක්‍රියාවන් හා බැදුනු ගීත සදහා කැමතිය.

පුංචි දරුවා  පුද්ගලය හා දේවල් වලට වැඩි ඇල්මක් දැක්වීම ආරම්භ කරන අතර  ඔබ ඇයගේ  සෙල්ලම් බඩු හා වෙනත් දේවල්  ඈත් කරන විට  හඬ නගන්න ඉඩ තියෙනවා .

කථනය සහ භාෂාව

ඔබේ දරුවා ශබ්ද, අංග චලන සහ මුහුණේ ප්‍රකාශයන් හරහා සන්නිවේදනය කරනු ඇත. ඔබට සිනාහා හඩවල්, හා උස් ශබ්ද ඇසෙනු ඇත. ඇයට අත වනා ආචාර කිරීමට   හෝ ප හාදුවක් පාකර එවීමට පුලුවන්.

මෙම අවධියේදී ඇතැම් ළදරුවන්ට ඔවුන්ට  ඇසෙන ශබ්ද නැවත නැවත පවසයි.  ඔබේ දරුවාගේ කථා කිරීමට  "බා..බා..බා.." හෝ "ඩා..ඩා..ඩා.." වැනි ශබ්ද මාලාවන් ඇතුළත් විය හැකිය.  ඉඳ හිට "අම්මා" හෝ "තාත්තා" යන්න ඇසීම ගැන  පුදුමයට පත් නොවන්න.

පුංචි පැටියා භාෂාවේ තේරුම් ගැනීමට පටන් ගනියි. ඔබ "එපා" කියන විට ඇය තේරුම්ගෙන ප්‍රතිචාර දක්වයි. ඇයට විවිධ ස්වරයෙන් ශබ්ද නිකුත් කල හැකි අතර ඔබ  තදින් කථා කල විට ඇයගේ ඇස් කදුලින් බරවේ.

ඇයට ඇයගේ නමින් කථා කරනවා ඇසෙන විට ඇගේ හිස හරවා ප්‍රතිතිචාර දක්වයි.

සමාජ හා හැඟීම් සංවර්ධනය

මෙම කාලය තුළ දෙමාපියන්ට ඇති විශාලතම ගැටළුව වන්නේ, දරුවා වෙන්වීමේ කනස්සල්ල පටන් ගත් විට  ඔබ පිටත්ව යාමට උත්සාහ කරන සෑම මොහොතකම හැඩීමයි. රාත්‍රියේ ඇයට ඔබව සොයා ගැනීමට නොහැකි නම් ඇය  කනස්සල්ලට පත්ව සිටින බව ඔබට පෙනෙනු ඇත.

ඔබේ දරුවාට ඔබගෙන් වෙන් වීමට නොහැකි බව සිතීම ඔබට සතුටට කරුණක් විය හැකියි. නමුත් එය සමහර අවස්ථාවලදී කලකිරීමට ලබා දිය හැකියි. මෙය තාවකාලික අදියරක් බව මතක තබා ගන්න. මෙය ගෙවී යනවා.

ඒ වගේම දරුවාට දන්නා දේ  වටපිටාවේ තිබීමෙන්  වඩා සුරක්ෂිත භාවයක් දැනෙන නිසා ආගන්තුක කනස්සල්ල ඔබට මුහුණ දීමට තවත් හේතුවක් විය හැකිය.

ළදරුවෙකු වටා ආගන්තුකයින් සිටියදී ඔබේ දරුවාට ඔබේ තුරුලේදී ආරක්ෂාවක් දැනෙනු ඇත.  ඉක්මන් නොවන්න, ඇයව නව පුද්ගලයෙකුගේ අතට දෙන්න. ඇයට ඇයගේ ක්‍රමයකට උණුසුම හා සුවපහසුව  ලබා ගැනීමට ඉඩ දෙන්න.

සෞඛ්‍ය  හා පෝෂණය

දැන් ඔබේ වයස මාස හතක්  වු දරුවා දැනටමත්  ඝන ආහාර  ගන්නා අතර උකු ආහාර වෙනුවට  පොඩිකර ගත් පලතුරු හා එළවළු වැනි ආහාර වර්ග හඳුන්වා දීම ආරම්භ කරන්න. මෙමගින් ඔබගේ දරුවාට අලුත් රසයන් මෙන්ම හපන ආකාරය ඉගෙන ගැනීමට උපකාරී වේ.

සෑම විටම, එක් වරකට එක නව ආහාරයක් උත්සාහ කරන්න. පාචනය, වමනය, පලු දැමීම හෝ ඇදුම වැනි ආසාත්මිකතා හෝ ප්‍රතික්‍රියාවක් වේදැයි දින කිහිපයක් බලන්න.

කුඩා දරුවාට ග්‍රහණය කල හැකි බැවින් ඇයට හැන්දක් භාවිතයට දීම අඩු සහිත කෝප්පයෙන්  පානය කිරීමට දීම  හොඳ අදහසක් විය හැකිය. අතපසුවීම් සහ අවුල් ජාලයක් සඳහා සූදානම් විය යුතු අතර, එය ඇයගේ  ඉගෙනුම් ක්‍රියාවලියේ අංගයක් වන අතර ඇගේ වැරැදි ඇයට වර්ධනය වීමට  උදව් කරනවා විතරයි.

දෙමව්පියන් සඳහා ඉඟි

• ඔබේ කුඩා දරුවා සහයකින් තොරව කොතරම්  සතුටක් ලැබුනත් ඇය පෙරලීම ඉඩ ඇති බැවින් කුෂන් ආධාරක අසලම තබන්න.

•  දිරිමත් කිරීම සඳහා, ඔබේ දරුවාට ලගා වීමට හැකි ස්ථානයක තබා ඇය එයට ලගා වී  ලබා ගන්න දරන  උත්සාහ නරඹන්න.

• මෙම අවධියේ වෙන් වීමේ කාංසාව සමඟ කටයුතු කිරීම සඳහා, දරුවා නිදා සිටියදී ඔබේ ගමන් පිටත්වීම් සැලසුම් කිරීම හොඳම වේ. ඔබේ වෙන්වීම් ඉතාම කෙටිව තබා ගන්න. එසේ නැත්තම් ඔබ පිටවෙන තුරු දරුවා රැකබලා ගන්නාට  සෙල්ලම් බඩුවක් හෝ පොතක් භාවිතා කර  ඔබේ දරුවාගේ අවධානය වෙනස් කිරීමට පවසන්න.

• දරුවා වැඩියෙන්  චලනය වන නිසා , නිවස තුල ආරක්ෂාව තර කිරීමට  වග බලාගන්න. විදුලි ප්ලග් ආවරණය කරන්න,බිඳී ගිය හෝ තියුණු වස්තූන්ට දරුවාට ලගාවිය  නොහැකි බව සහතික කරගන්න. පඩි පෙළේ ඉහළ හා පහළ ගේට්ටු සවි කරන්න.

• මතකය සහ ශ්‍රවණ හැකියාව වර්ධනය කිරීම සඳහා නැලවිලි ගී ගායනා කරන්න. ඔබට දරුවා හා රග දක්වමින් ගායනා හැකි ළදරු ගීත උත්සාහ කරන්න.

• එය ඒක පාර්ශිවික සංවාදයක් විය හැකිය, නමුත් පුංචි දරුවාට දිගටම කතා කරන්න. ඔබේ දරුවා ඔබට ඇහුම්කන් දෙන අතර, ඔබ පවසන සෑම දෙයක්ම මතකයේ තබා ගනු ඇත.

• විවිධ හැඩයන් සහිත සෙල්ලම් බඩු ඔබේ දරුවාට චලන හා සිතීමේ හැකියාවන් වර්ධනයට උදව් කරයි. සරල හැඩ වර්ග හඳුන්වා දීම හොඳ කාලයක් වේ. ඔබේ ළදරුවා මිනිසුන් හෝ දේවල් පෙනෙන හා නොපෙනෙන ක්‍රීඩා වලට කැමතියි.

• ඔබේ දරුවාට සැබවින්ම කාර්යයක් කිරීමට නොහැකි විට ඔබේ කලබල නොවී උපකාර කිරීමට උත්සාහ කරන්න. ඔබ ඇයගේ කාර්යයන් පහසු නොකලොත් ඇය වඩාත් ස්වාධීන වනු දැකිය හැකිය.

අවසාන වශයෙන්,  හුදෙක් මේවා මාර්ගෝපදේශක බව මතක තබා ගැනීම වැදගත්ය. සියළුම ළදරුවන් වෙනස් ය. ඔවුන් තමන්ගේම වේගයක් හා  කාලයක් තුල කාර්යයන් කරනු ලබයි. එසේම, නොමේරූ ළදරුවන් පූර්ණකාලීනව ඉපදෙන දරුවාට වඩා අඩු වේගයකින් සංධිස්ථාන වලට ලගා වේ.

කෙසේ වෙතත්, ඔබ ඔබේ දරුවාගේ සංවර්ධනය පිළිබඳ ඇත්ත වශයෙන්ම සැලකිලිමත් නම්, ඒ පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

ඉදිරි මාස කිහිපය තුළ තවත් සංවර්ධන ජයග්‍රහණය දක්නට ලැබේ. ඔබේ කුඩා දරුවාගේ  ජයග්‍රහණ ගැන ප්‍රීති වන්න.

පෙර මාසය: සයවන මාසය

ඊලග මාසය: අටවන මාසය

ඔබේ පුංචි පැටියාගේ වර්ධනය මාසයෙන් මාසයට ගෙන එන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ළදරු සංවර්ධනය: සත්වෙනි මාසය
බෙදාගන්න :
  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it