ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

lead image

අලුත උපන් බිලිඳෙකුගේ ජීවිතයේ පළමු අවුරුද්ද මානව සංවර්ධනය සඳහා වේගවත්ම එකක් වේ. එබැවින් ඔබගේ  මාස තුනක් වයසැති දරුවාට කල හැක්කේ කුමක්ද?

ඔබේ දරුවා මාස 3 ක් ගත කළ පසු ඔහු තවදුරටත්  අලුත උපන් බිළිඳෙකු වශයෙන් නොසලකන අතර දැන් ඔහු ළදරුවා ලෙස හැඳින්විය හැක.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනුව, ඔබගේ අලුත උපන් දරුවාගේ ජිවිතයේ මුල් දින 28 තුළ ජීවිතයේ නොනැසී පවතිනවා ගැනීමේ  වඩා ඉහළ අවදානමක් පවතින බැවින්, මෙම අලුත උපන් අවධියේදී ඔහුට ලබාදෙන පෝෂණය සහ රැකවරණය අතිශයින් තීරණාත්මක වේ.

ඔබගේ කුඩා දරුවා  ඊළඟ මට්ටමට උසස් වීම ලබා ඇති නමුත් ඔහුට ඉගෙන ගැනීමට තවත්  බොහෝ දේ ඇත. මේ වන විට ඔහුගේ වර්ධනය හා සංවර්ධනය ගැන ඔබ පුදුමයට පත් වනු නොඅනුමානය.

තුන්වෙනි මාසයේ භෞතික සංවර්ධනය

සිරුරේ ඉහල කොටසේ ශක්තිය

ඔබගේ මාස තුනක් වයසැති දරුවා  ඔහුගේ  බෙල්ලෙහි මාංශ පේශිවල ශක්තිය වැඩි කර ගන්නා අතර කුස මත වැතිර සිටින  වේලාවේදී (හෝ ඔහු ඉදිරිපස යටට සිටින සේ වැතිර සිටින විට) ඔහුට තම දෑත් මගින් පපුවට හා හිසට සහයක් ලබාදිය හැකි විය යුතුය.

සිරුරේ පහල කොටසේ ශක්තිය

ඔබේ ළදරුවා යටිකුරුව වැතිර  සිටින විට, ඔහු සිරුරේ පහල කොටසට වැඩි ශක්තිය ලබා ගන්නා බැවින්  ඔහුගේ කකුල් දිගු කර පහර එල්ල කල හැකිබව  ඔබට  නිරීක්ෂණය කළ හැකිය.

බෙල්ලේ  ශක්තිය සහ පාලනය

ඔබේ දරුවා ගේ බෙල්ල  මේ වන විටත් ශක්තිමත් වී ඇති අතර, ඔබ ඔහුව ඉහලට තබාගෙන සිටින විට හිස වැනෙන්නේ නැති බව ඔබට දැකිය හැකිය .

අත සහ ඇස සම්බන්ධීකරණය

ඔබේ ළදරුවාට දැන් දෑත දිග හැරීම, හැකිලීම හා අත් දෙකම එකට එකතු කිරීම කල හැකි අතර  ඔහු ඉදිරිපිට දීප්තිමත් වර්ණ සහිත එල්ලෙන  සෙල්ලම් බඩුවක්  තැබු විට ළදරුවා සිය දෑත් මගින් එය ගවේෂණය කිරීමට පටන්ගනී

අත මුඛයට ගෙන යෑම

දැන් ඔහු තම දෑතින් සෙල්ලම් බඩු අල්ලාගෙන එය ඔහුගේ මුඛය වෙත ඍජුවම  ගෙන යයි. නැතහොත් ඔහු තම අතගෙන මුඛයට ගෙනයයි. ඒ නිසා හදිසියේම ගිලී හෝ හිරවී අනතුරට ලක්විය හැකි කුඩා කොටස් රහිත  වයසට ගැලපෙන  ආරක්ෂිත සෙල්ලම් බඩු දරුවාට  ලබා දීමට මතක තබා ගන්න.

පෙරලීම

මාස තුනක් වනවිට ,ඔබගේ දරුවා  උඩුකුරුව තැබුවිට  ඔහුට යටිකුරුව පෙරලීමට හැකි වනු ඇත .  ඒ නිසා ඔබ ඔබේ ඩයපර් මාරු කරන විට හෝ ඔබ යහන මත ඔහු සමඟ සෙල්ලම් කරන විට ප්‍රවේශම් වන්න.

තුන්වෙනි මාසයේ සංවේදී වර්ධනය

ස්පර්ශ කිරීම

මෙම අවධියේදී, ඔබේ ළදරුවා ඔහු වටා ඇති දේවල් ගැන වැඩියෙන් දැනුවත් වන අතර ඔහු විවිධාකාර ස්පර්ශයන් අත්විදීමට  කැමැත්තක් දක්වනු ඇත.

ඇසීම

ඔබේ දරුවා ඔබේ කටහඩ ඇසුනු විට  ඔහුගේ හිස හරවා සිනාසෙනු  ඔබට දැකිය ඇති අතර, සියලුම ආකාරයේ සංගීතයට ඇහුම්කන් දීමට ඔහු කැමැත්තක්  දැක්වීමට පටන් ගනී.

පෙනීම

ඔබ ඔබේ දරුවා දෙස බලන විට, ඔහු ඔබේ ඇස්  දෙස බලා සිටීමට ඇස් හසුරුවනු ලබයි. කැඩපත තුළ ඔහුගේම පිළිබිඹුව දෙස  බලා ඔහු විනෝදයක් ලබනු ඇත.

ඔබේ ළදරුවාගේ ඇස් දැන් හොඳ යොමු කිරීමට හැකිය.

මාස තුනක් වයසැති දරුවාගේ සිතීමේ ක්‍රියාවලිය සංවර්ධනය

හේතුව හා ඵලය

ඔබගේ ළදරු කරකෙන සෙල්ලම් බඩුවකට පහරක් එල්ල කර  එය ගමන් කරන විට, ඔහු හේතුව හා  ඵලය පදනම් මූලධර්මය තේරුම් ගැනීමට පටන් ගන්නා අතර නව කුසලතාවන් කෙරෙහි ඇති  අවධානය වෙත ඔහුගේ මොලය  සම්බන්ධතා දහස් ගුණයක් ඇති කරයි.

චලනය වන වස්තුවන් අනුගමනය කරයි.

ඔබගේ ළදරුවාගේ දෑස් එකට කටයුතු  කල හැකි අතර විශේෂයෙන් සෙල්ලම් බඩු හෝ ඔබේ හස්තය වැනි  යම් දෙයක් තමන් ඉදිරිපිට ගමන් කරන විට ඒවාට  ගමන් කිරීමට හා  අවධානය යොමු කිරීමට පුලුවන්.

සමාජ සිනහව

ඔබේ දරුවාගේ සුන්දර සිනහව මවට හා පියාට පමණක් තවදුරටත් සීමා වී නොමැත. ඔහුට මුලින් සිනහා වෙන   ඕනෑම අයෙකු සමඟ සිනහා වීමට තරම් ඔහු පරිත්‍යාගශීලියි.

මිත්‍රශීලී වීම

ඔබේ පුංචි පැටියා ඔහු අවට සිටින අනෙක් ළදරුවන් සමග මෙන්ම කණ්නාඩියෙන් පෙනෙන තම ප්‍රතිබිම්බය සමග සතුට පල කිරීමට  පටන් ගනී.

හැඟීම් අවබෝධ කර ගැනීම

මාස තුනකදී ඔබේ පුංචි පැටියා  හැඟීම් සහ සන්නිවේදනය තේරුම් ගැනීම ආරම්භ කල හැකිය.  එබැවින් ඔබ ඔබේ මුහුණේ ප්‍රකාශයට වන දේ  ඔබ කියන දේ සමග සම්බන්ධ කිරීමට පටන් ගනියි.

මාස තුනක වු  දරුවෙකුගේ  කථන සංවර්ධනය

සන්නිවේදනය

මෙම අවධියේ දී,  ඔබේ දරුවාගේ සන්නිවේදනයේ ප්‍රධාන ක්‍රමය හැඬීම  නොවනු ඇත. පුංචි ශබ්ද ,ඕ ආ වැනි ස්වර ශබ්ද ඇති කිරීම තුලින් ඔහු වෙනත් ආකාරයකින් අදහස් ප්‍රකාශ කිරීම ආරම්භ වනු ඇත.

ළදරු කතාව

ඔබ ඔබේ කුඩා දරුවාට වැඩියෙන් කතා කරන තරමට, ඔහු ඉක්මනින්ම ඔබත් සන්නිවේදනය කිරීමට උත්සාහ කරන අතර  තමාගේම ශබ්ද නිර්මාණය කිරීමටත්, ඔහු  තමාගේම  ක්‍රම තුලින් සන්නිවේදනය කිරීමටත් පටන් ගනු ඇත.

ඔබගේ මාස තුනක් වයස දරුවා  සමඟ කලහැකි විනෝදජනක ක්‍රියාකාරකම්  මොනවාද? සොයා ගැනීමට ඊළඟ පිටුව කියවන්න.

සරල ක්‍රීඩා කිරීම තුලින් ඔබේ මාස තුනක් වු කුඩා දරුවා සමඟ  බැඳීමක් ඇති කරගන්න.

ඔබගේ මාස තුනක් වු දරුවා සමඟ කල හැකි ක්‍රීඩා

ඔබේ ළදරුවා සමඟ සමීපව කටයුතු  කිරීම තුලින් ඔහුගේ දියුණු සංවර්ධන හැකියාවන් දිරිමත් කිරීම වැදගත් වේ. එබැවින් මෙම අවධියේදී  පුංචි පැටියා සමග  ඔබට කල හැක්කේ කුමන ආකාරයේ ක්‍රීඩා වර්ගයන්ද?

එකෝමත් එක කාලෙක...

ඔබේ කුඩා දරුවාට ඔබ පවසන වචන තේරුම් නොගත හැකි අතර ඔහු තවමත් කියවිය නොහැකිය. නමුත්, ඔබේ ළදරුවාට ඔහු කෙතරම් කුඩා වුවත් කම් නැත හඩනගා කියවීම තුලින් විවිධ   ශබ්දය, වචන මෙන්ම  භාෂාව හුරු පුරුදු කිරීමට ඔහුට එය සහය වනු ඇත.  ඒ වගේම ඒ මගින් පොත් වල වටිනාකම සහ පොත් කියවීමෙන් ලැබෙන  ප්‍රීතිය ඔහු හදුනා ගනු ඇත.

ඔබට අවශ්‍ය  දේ: දීප්තිමත් පින්තූර සහිත ළදරු පොත්

කුසලතා සංවර්ධනය: පෙනීම, භාෂාව, කථාව

ළඟා වීම හා අත්පත් කර ගැනීම

දැන් ඔබේ ළදරුවාගේ බෙල්ලේ ශක්තිය වැඩි  අතර, ඔහුගේ හිසේ චලනයන් වඩාත් හොඳින් පාලනය කල හැකිය. අඩු ආධාර අවශ්‍යයි. ඔහු වටා තිබෙන ලෝකය ගැන ඉගෙනගන ගත හැකි නිසා දේවල් කරා ලගා වීම සහ සෙල්ලම් බඩු අත්පත් කර ගැනීම තුලින් ඔහු සතුටු වනු ඇත.

ඔහුගේ අතට අල්ලා ගැනීමට ඔහු දිගු වන විට (ඔහු බොහෝ විට අතට ගෙන ඒවා  ඔහු වෙතට වර්ණවත් පැහැති සෙල්ලම් වලලු හෝ ළදරු රැටල්ස් කිහිපයක් ඔහුට ලබා ගෙන නරඹන්න ඉඩ දෙන්න

ඔබට අවශ්‍ය  දේ: සෙල්ලම් බඩු, ළදරු රැට්ල්ස්, දීප්තිමත් වර්ණ සහිත වයසට ගැලපෙන සෙල්ලම් බඩු

දක්ෂතා සංවර්ධනය: චලන නිපුණතා, අත් අක්ෂි සම්බන්ධීකරණය

මලක බලය

මාස තුනක් වනවිට  ඔබේ ළදරුවා ඔහු වටා සිටින විවිධ මිනිසුන් ගැන දැනුවත්ව සිටින අතර, ඔහු නොදන්නා අය හා අදුරන අය අතර වෙනස ඔහුගේ  ගන්ධය හදුනාගැනීමේ හැකියාව තුලින් හදුනා ගනියි.

මල්, කුළුබඩු හෝ කුකීස් වැනි  විවිධාකාර ප්‍රසන්න සුවඳ ඇති ද්‍රව්‍ය  දේවල් එකතු කරගැනීමට උත්සහ කරන්න . ඒවා එකවරකට එක බැගින්  ඔබේ දරුවාගේ නාසය යටින් තබා පිළිබඳ ඔහු කැමති මොන සුවදටද යැයි බලන්න.

ඔබට අවශ්‍ය  දේ: මල්, කුළු බඩු, කුකීස් හෝ ප්‍රසන්න සුවඳක් සහිත වෙනත් ඕනෑම දෙයක්

දක්ෂතා සංවර්ධනය: සුවඳ

ස්පර්ශය දැනීම

ඔබගේ ළදරුවාගේ ස්පර්ශය පිළිබඳ හැඟීම වර්ධනය වෙමින් පවතින අතර ඔහු වටා ඇති සෑම දෙයක්ම අත් වලින්  ගවේෂණය කරනවා. ඒවා තම අත් සහ  ඇඟිලි වලින් ස්පර්ශ කිරීමෙන්   එය ඔහුට දැනෙනවා.

මෘදු වෙල්වට්, සිහින් කපු, සිනිදු සම්, වැනි තවත් විවිධාකාර මතුපිට ආවරණ රාශියක් ඔහුට ලබා දෙන්න.

ඔබට අවශ්‍ය වන්නේ : විවිධ ආකාරයේ දේවල් වල විවිධ මතූපිට ආවරණ

දක්ෂතා සංවර්ධනය: ස්පර්ශ, චලන නිපුණතා

ප්‍රයෝජනවත් උපදෙස්

ඔබ යන සෑම තැනකදීම, ඔබේ දරුවා පිළිබඳ හොඳ උපදෙස් ලබා දෙන  හොඳ චේතනාවක් ඇති අය සමග සම්බන්ධතා ඇති කර ගන්න.  එමනිසා තොරතුරු වැඩි වී ඉන් පීඩනයට පත් නොවන්න.

ඔබේ මාස තුනේ දරුවා  වෙනුවෙන් ඔබට මතක තබා ගැනීමට ප්‍රයෝජනවත් උපදෙස් කිහිපයක් පහත දැක්වේ:

වර්ධන වේගය

ඔබේ දරුවා මදක් උස් හා කෙට්ටු බවක් පෙනෙන්නට ඇති බවක් පෙනෙන්නට තිබුණත්, ඒ ඔහු ප්‍රමාණවත් පෝෂණයක් නොලැබෙන නිසා නොවේ.  ඔබේගේ ලගම නැදෑයින් අතිශය සැලකිලිමත් වූ දෙය කුමක් වුවත් නොසලකා හරින්න.

ඇත්ත වශයෙන්ම එයට හේතුව ඔහුගේ අස්ථි  සහ මාංශ පේශි වර්ධනයේ වේගය වන අතර ඔහුගේ පාද ලිහිල් වේ.

ඔබ ඔබේ සහජ බුද්ධියට ඇහුම්කන් දෙන්න. ඔබට හා ඔබේ දරුවාට  ගැලපෙන දේ කරන්න.

රාත්‍රිය පුරා නිදා ගැනීම

බොහෝමයක්  දරුවන් මාස තුනක් වනවිට රාත්‍රිය  පුරා නිදා ගත්තත්,   සෑම  බිළිඳක්ම සමාන නොවන අතර ඔවුන් ඔවුන්ගේ නින්ද සම්බන්ධ සන්ධිස්ථානය කරා ලගාවී නැහැ.

ඔබ නිදි නැති රාත්‍රින්ගෙන් වෙහෙසට පත් වී ඇති අතර සමහර විට ඔබ ඔබේ පුංචි  පැටියාට හඩන්නට ඉඩදී මෙන් නින්දට යැවීම පිළිබඳව උපදෙස් ලැබෙනවා  හැකිය.( Ferber  ක්‍රමය)

කෙසේ වෙතත් මෙය ඔබගේ දරුවා සඳහා වැඩ නොකරනු ඇති අතර ඔබේ මාපියන්ගේ විශ්වාසයන්ට එරෙහිව පවා යා හැකිය, එබැවින් ඔබේ ප්‍රාථමික සහජ බුද්ධිය  මෙහෙයවමින් ඔබ හරි යැයි සිතන දෙය කරන්න.

ඝන ආහාර නවත්වන්න!

රාත්‍රිය පුරා නිදා ගැනීමට  දරුවාට උදව් කිරීමට  (කිරි බෝතලයට තුළ සිරීයල් දැමීම  හෝ පොඩි කරන  ලද කෙසෙල් හැන්දෙන් කැවීම) ඔබේ දරුවාට යම්කිසි ඝන ආහාරයක් ලබා දීමට ඔබට උපදෙස් ලබා දෙන වැඩිහිටි කාන්තාවන් ඔබට සිටිනවාද?

මෙම උපදේශය නොසලකා හරින්න. ඔබ අධ්‍යනයන් වලින් පෙන්වා දී ඇත්තේ නොමේරූ වල ජීර්ණ පද්ධතියක් ඇති බැවින් ආහාර දිරවීමට අපහසු වන අතර  කුඩා අවධියේදී ඔබේ කුඩා දරුවාට ආහාර  දීම හානිකර විය හැකිය.

ඉක්මනින්ම ඝණ ආහාර හඳුන්වා දීම මගින්  තරබාරුකම, ආසාත්මිකතා ප්‍රතික්‍රියා ,ජීර්ණ ගැටළු මෙන්ම මාරන්තික විය හැකි සිරවීම් තත්ත්වයන් ඇති විය හැකිය.

මාස හයක් පමණ වනවිට  ළදරුවන් ඝන ආහාර ගැනීමට  සූදානම්ය. එබැවින් දැනට ඔහුට  කිරි පෝෂණය ලබා දිය යුතු වේ.

කණගාටු විය යුත්තේ කවදාද?

විවිධ ළදරුවන් විවිධාකාර අනුපාතයකින් වර්ධනය වුවද, ඔබගේ පුංචි පැටියා පහත දේවල් කිරීමට නොහැකි බව ඔබට පෙනී යයි නම් ඊලග  සායන වාරයේදී  එය වෛද්‍යවරයාට  දැනුම් දෙන්න .

• ශබ්ද නගා ඇති වන ශබ්ද වලට ප්‍රතිචාර නොදැක්වීම (දොර අරින විට  හෝ කාර් හෝර්න් වැනි)

• තමාගේම අත්  හදුනා නොගැනීම

• ඔබේ කටහඬට සිනහා නොදැක්වීම

• ඔහුගේ දෑස්  චලනය වන දේවල්  අනුගමනය නොකිරීම

• භාණ්ඩ ග්‍රහණය කර නොගැනීම

• අන් අයට සිනානොවීම

• ඔහුගේ හිසට සහයක් දෙන්න නොහැකි වීම

• ඔහු ඇති අවට සෙල්ලම් බඩු කරා ලගා වීම හෝ ග්‍රහණ නොකිරීම

• ළදරු  කතා කිරීම හෝ ඔබ කරන ශබ්ද කිසිවක් අනුකරණය නොකිරීම

• වස්තූන්ට මුඛයට නොගෙන ඒම

•   ඔහුගේ ඇසක් හෝ දෑසම සෑම දිශාවකට ගමන් කිරීමේ අපහසුතාවයක් තිබීම

• බොහෝ විට  ඇස් වපර වීම (සාමාන්‍යයෙන් පළමු මාස ​​කිහිපය තුළ ඇස් වපරවීම සාමාන්‍යය වුවත් )

• නව මුහුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම නැතහොත් අලුත් මුහුණු හෝ වටපිටාව තුළ බියට පත් බවක් පෙනීම

අනෙක් දරුවන්ට වඩා දරුවාගේ වේගවත් බව ඇති කිරීමට තරඟයක් නොතිබිය  යුතු වුවද, ඔබේ මාස තුනක් වන අවධියේදී  ලගවිය  යුතු  වර්ධන සන්ධිස්ථාන ඇති අතර, ඔබේ ළදරුවාගේ  සංවර්ධනය පිළිබඳව කණස්සල්ලක් ඇත්නම් ඔහුගේ වෛද්‍යවරයා සමඟ ඒ පිලිබඳ කථා කරන්න .

ඔබේ දරුවාගේ පෙර මාසය : දෙවන මාසය

ඔබේ මාස තුනක් වයස දරුවාට කුමක් කළ හැකිද? අපගේ පාඨකයන් සමඟ බෙදාගැනීමට වෙනත් විනෝද ක්‍රියාකාරකම් ඔබට තිබේද? පහතින් සටහනක් යොදා අපට කියන්න.

ඔබේ පුංචි පැටියාගේ වර්ධනය මාසයෙන් මාසයට ගෙන එන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී