theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළදරු සංවර්ධනය: හයවෙනි මාසය

5 අවම කියවීම
ළදරු සංවර්ධනය: හයවෙනි මාසයළදරු සංවර්ධනය: හයවෙනි මාසය

ඔබ ඔබේ දරුවාට හයවෙනි මාසයේදී  කළ හැක්කේ කුමක්දැයි විශ්වාස නොකරනු ඇත. ඇය වැඩි කතාබහ, ක්‍රියාශීලී වීම හා  මුළු රාත්‍රිය පුරා නින්ද ලබා ගැනීම කරනු ඇත.

අගෙයි, ඔබ ඔබේ කුඩා ප්‍රීතිමත් දරුවා සමඟ ඔබ අවුරුද්දකින් භාගයක්ම  ගත කර ඇති බව විශ්වාස කළ හැකිද? මම දන්නවා ඔබ මොනවද හිතන්නේ කියලා - කාලය ඉගිල ගියේ කොහේටද ?

හයවෙනි මාසය ඔබට හා ඔබේ කුඩා දරුවා සඳහා ප්‍රධාන අවධියක් වේ. ඇය සමඟ ඔබ සමග අන්තර් ක්‍රියා කරන  ආකාරයේ දැවැන්ත වෙනසක් දැකීමට හැකි අතර බොහෝ වෛද්‍යවරුන් ඝන ආහාර ආරම්භ කිරීමට සුදුසු කාලය ලෙස මාස හයක් නිර්දේශ කරති.

මෙම විශාල වෙනස්කම් වලින් පසු, හයවන මාසයේදී ඔබේ දරුවා ඔබ සමඟ බැදීම වඩාත් තර කර ගනු ඇත. මෙම අවධියේදී ඇගේ වටපිටාව පිළිබඳව වැඩි අවබෝධයක් ලබාගන්නා අතර ඇයගේ හැසිරීම් වලට  ඔබගේ ප්‍රතිචාර දැක්වීම වටහා ගනියි. ඇය ඔබේ අවධානය ලබා ගැනීම  සඳහා වෙහෙසී වැඩ කරන බැවින් බොහෝ සිනාහවන් බලාපොරොත්තු වෙනවා.

භෞතික සංවර්ධනය

බොහෝමයක් ළදරුවන් සිය පිට මත සිට කුස මතට  ආපසු කුස මත සිට පිටට පෙරලීම ආරම්භ කරමින් මෙම මාසය තුළ ඔබේ කුඩා  දරුවා සිය ඇවිදීමේ චාරිකාව  ආරම්භ කිරීම දැකීම ඔබව ප්‍රීතියට පත් කරාවි. මෙයින් අදහස් වන්නේ ඔවුන් උස් මතුපිටක සිටින විට ඔවුන් කෙරෙහි ඔබේ වැඩි අවධානයක් තිබිය යුතු බවයි. ඩයපර් මාරු කරන  කාලය අතරතුර, ඔබ පෙරලීමට අඩු අවදානමක් සහිත පැදුරක් හෝ බිම මත තැබීම  අවශ්‍ය වේ.

සමහර ළදරුවන් ඉක්මනින්  පෙරළීමට ඉගෙනගනී. අනිත් පිරිස ප්‍රථම  ඔවුන්ගේ කුස පැත්ත පමණක් හැරී කලබලයට පත්ව සිටිනවා. ඔබේ දරුවාගේ දෑත් හා කකුල් ශක්තිමත් කිරීම සඳහා දිවා කාලය තුළ කුස මත වැතිර සිටීම දිරිමත් කිරීම අත්‍යවශ්ය වේ.

ඔබේ දරුවා ඔවුන්ගේ කුස මතට පෙරලී ඇත්නම්, නිසැකවම ඔබ බොහෝ උද්දාමයට පත් වී ඇති. මෙම ප්‍රතික්‍රියාව දැකීම ඔබේ දරුවව එම ක්‍රියාවලිය  දිගටම කරගෙන යාමට දිරිගන්වනු ඇත.

ඔවුන්ගේ කුස මත වැතිර සිටිය දී ඔවුන්ට සෙල්ලම් බඩු ලබා දීම ද නව හැඟීම සඳහා පුරුදු වීමට උදව් කරනු ඇත.

මේ පෙරලීමත් සමග , මෙම අවධියේ රාත්‍රී  කාලය තුළ බොහෝ දරුවන් පැය හය අටක් හෝ පැය අටක් නිදාගන්නා බව ඔබ අසා ඇති, 

වර්ධනය අනුව, මාස හයේදී ඔබ ඔබේ දරුවාගේ වර්ධන වේගය මසකට රාත්තල් 1.5 සිට 2  දක්වා සාපේක්ෂව මසකට පවුම් 1 ක්  බැගින් වැඩිවෙනු ඔබට දැකිය හැකිය.

සිතීමේ ක්‍රියාවලිය සංවර්ධනය

මෙම අවධියේදී, ඔබේ දරුවා හුරුපුරුදු ගීත හා පෙරපාසැල් ගී රටා වලට ඇහුම් කන් දෙන අතර මීලඟට කුමක් සිදු වනු ඇත්දැයි අපේක්ෂා කිරීමට හැකිය .

මාස හයේදී ඔබේ දරුවාගේ සංවේදී සංකල්පයේ  ඔබට සමස්ත වර්ධනයක් පෙනෙනු ඇත. මෘදු,ලොම් සහිත , රළු හෝ සීරෙන වැනි විවිධාකාර මතු පිට කල් ස්පර්ශ කිරීමට ඔවුන් කැමතියි.  බැදීම වැඩි කරගැනීමට ස්පර්ශය වැඩි කරන පොත් ගන්න.

ඇස් පෙනීම ද වැඩි දියුණු වනු ඇත. ඔබේ ළදරුවා ඉතා දීප්තිමත් වර්ණවත් දේවල් වලට ආකර්ෂණය වී අල්ලා ගන්න උත්සහ දරන බව ඔබ දකිනු ඇත. ඔබේ කරාබු දිහාද බලාවි.

සමාජ හා හැඟීම් සංවර්ධනය

ඇගේ හය මාසයක් වන විට් , විශේෂයෙන්ම අම්මා සහ තාත්තා වැනි හුරුපුරුදු පුද්ගලයන් සමඟ සම්බන්ධතාවයක් පැවැත්වීම තුලින් උද්‍යෝගීමත් වන අතර, නුපුරුදු පුද්ගලයන් පිවිසෙන විට ඇය  බියට පත් සලකුනු දැකිය හැකිය.

ඔබේ දරුවාගේ අලුත් ප්‍රියතම විනෝදාංශයන්ගෙන් එකක් වන්නේ ඔබේ මුහුණ සමඟ සෙල්ලම් කිරීම වන අතර, සාමාන්‍යයෙන්  ඔබේ අවධානය දිගින් දිගටම  ලබා ගැනීමට උත්සාහ දරයි.

ඔබගෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා, පුංචි පුංචි ශබ්ද, සිනහාවන් නගනු බලා සිටින්න.

මෙය නායකත්වය අනුගමනය කලහැකි  ක්‍රීඩා සඳහා හොඳ කාලයක් වේ. විනෝද ක්‍රීඩාවක් ලෙස ඔබේ කුඩා පැටියා මුලින්ම සිදු කරන  ඔබ ශබ්ද අනුකරණය කරමින්, පසුව ඇයට සතුන්ගේ ශබ්ද අනුකරණයට  හඳුන්වා දෙන්න.  සෑම සතෙකුගේම පින්තූර පෙන්වීම සහ එම සතාගේ නම කිවීම මෙන්ම ශබ්දය එකට එකතු කිරීම මගින් භාෂා සංවර්ධනය සදහා මෙම කාලය භාවිතා කරන්න ඔබට පුලුවන්

කථනය සහ භාෂාව

කැමරාව එළියට ගන්න. මාස හයේදී, ඔබේ දරුවා එක් එක් අකුරු  පුනරුච්චාරණය කිරීමට කැමැත්තක් දක්වන අතර සමහර අවස්ථාවලදී හදවත උණු කරන "මා මා" සහ "ඩා ඩා" ශබ්ද ඔබට ඇසිය හැකිය . ඇයගේ පුංචි පුංචි මිමිණීම් තුලින් තමන් ඉතා ශක්තිමත්ව කථා කරන බවැය සිතනවා. එබැවින් ප්‍රතිචාර දැක්වීමෙන් ඇයව ධෛර්යමත් කිරීමට වග බලා ගන්න.

ඇය කතා කරන විට හිස සැලීම  හෝ ඇය යමක් පෙන්වීමේදී එහි නම කීම තුලින්  ඇයගේ භාෂා නිපුණතා සංවර්ධනය කිරීමට උපකාර වේ. ඔබේ කුඩා දරුවාගේ  භාෂා හැකියාව දියුණු කර ගැනීමට තවත් ක්‍රමයක් වන්නේ ඔබ ඇය ඉදිරිපිට කරන දේවල් විස්තර කිරිමයි. එය ගෙදර දොරේ වැඩ කරන අතරතුරේදී  කරන මෝඩ කතා බහක් ලෙස දැනෙනවා විය හැකිය. නමුත් එම වචන සහ ශබ්දයන් අනාගතය සඳහා ඇගේ මොලය තුල ගබඩා වේවි.

සෞඛ්‍ය හා පෝෂණය

මෙම අදියරේදී ඔබගේ දරුවා කිරි වැරීම ආරම්භ කිරීමට සූදානමින් සිටී. මව්කිරි සමග මිශ්‍ර වූ ඝන ආහාර මිශ්‍රණයෙන් පටන්ගෙන පළතුරු සහ එළවළු වෙත යොමු වෙන්න.

වරකට  එක් ආහාරයක් හඳුන්වා දී එය දින කිහිපයක් ලබා දීම මගින් , බිබිලි දැමීම ,පාචනය හෝ වමනය වැනි ඕනෑම ආකාරයක අසාත්මික ප්‍රතික්‍රියාවක් නිරීක්ෂණය කරන්න. නමුත්  යම් ආහාරයට  කැමති නැති නිසා ඔබේ දරුවාට එය ආසාත්මික යැයි  නොසිතන්න. බිලිඳුන් තෝරා ආහාර ගනියි. නව ආහාර කිහිප වතාවක්ම උත්සාහ කිරීමෙන් ඇයව ආකර්ෂණීය නව රසයන් භාවිතා කිරීමට පොළඹවා ගත හැකි වනු ඇත.

ළමා රෝග පිළිබඳ ඇමරිකානු ඇකඩමිය තීරණය කර ඇත්තේ මාස හයකට පසුව ළදරුවන්ට බිත්තර හෝ මාළු ලබා දීම හා අසාත්මිකතාවයන් ඇතිවීම අතර සම්බන්ධතාවයක් නොමැති බවය. එහෙත් මී පැණි සහ එළදෙනුන්ගේ කිරි වැන  සමහර ආහාර තවත් මාස හයකට යනතුරු නොදිය යුතුය.

දෙමව්පියන් සඳහා ඉඟි

මෙය ඔබේ කුඩා දරුවා  සඳහා විශාල සංවර්ධන අවධියක් වේ. විවිධ කුසලතාවන් දිරිමත් කිරීමට උපකාර වන සෙල්ලම් බඩු කිහිපයක් නිවසේ තැබීමට  වගබලා ගන්න. අත් හා දෑස් සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු   සෙල්ලම් බඩු ඉතා විශිෂ්ටයි. ඔබේ දරුවාගේ ප්‍රියතම සෙල්ලම් බඩුවක්  ඇයගෙන් කෙටි දුරකින් තැබීමෙන්  ඇයට ඒ දෙසට දණ ගා යන්නට  පොළඹවනු ඇත.

ඔබේ දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන්න. දැන් ඔබේ කුඩා දරුවා  වඩාත් චලනය වෙන අතර, සියලු දොරවල්, කැබිනට් හා ජනේල මත ආරක්ෂක උපකරණ ස්ථාපනය කිරීම අතිශය වැදගත් වේ. සියලුම පොත් රාක්ක බිත්තියට සවි කල යුතුය, ළදරුවන් ඒවා අල්ලාගෙන  නැගී සිටීමට කැමතියි.

මෙම මාසය තුල ප්‍රධාන වර්ධන සන්ධිස්ථාන ලෙස පුංචි ශබ්ද නිකුත් කිරීම, ඇස් යොමු කිරීම, සිනාසීම  හා ශබ්ද වලට ප්‍රතිචාර දැක්වීමයි. එම කැමරාව සුදානම් කර ඒවා සියල්ලම පටිගත  කරන්න.

ඊළඟ මාසය: හත්වෙනි මාසය

පෙර මාසය: පස්වෙනි මාසය

ඔබේ පුංචි පැටියාගේ වර්ධනය මාසයෙන් මාසයට ගෙන එන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • වර්ධනය
  • /
  • ළදරු සංවර්ධනය: හයවෙනි මාසය
බෙදාගන්න :
  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it