theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

6 අවම කියවීම
බෙදාගන්න :
•••
ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

ඔබේ දරුවාගේ පස්වන මාසය තුල ඔබ බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද?

ඔබේ දරුවා පෙරලීම, දණ ගෑම සහ නිසි ලෙස උඩු අතට වාඩි වී සිටීමට පටන් ගනියි. ඔබේ දරුවාගේ පස්වන මාසය තුළ ඔබ බලාපොරොත්තු විය හැකි සියල්ල මෙන්න.

සුභ පැතුම් මව්වරුනි, ඔබගේ දරුවා ඔබව දෙපය මතම හිටවා තැබු මුල් සිව්මස  අවසන්,  ඔබේ කුඩා දරුවා ඔහුගේ මාස හයේ සලකුණට ළඟා වන බැවින් ඔබ සැමරිය යුතු අතර, සත්‍ය සුවිශේෂී ක්‍රියාකාරකම් සඳහා සූදානම් විය යුතු අතර, ඔබේ දරුවා ළදරු කථාවන් පටන්ගෙන, සමහර විට පෙරලීම පටන් ගන්නා අතර, සමහර විට දණ ගෑමද ආරම්භ කරනු ඇත.

ඉතින් ඔබේ දරුවාගේ පස්වන මාසය තුල ඔබ බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද?

භෞතික සංවර්ධනය

පස්වන මාසය තුළ මුල් අදියරවලදී ඔබ අපේක්ෂා කරන හෝ  ඔහු ආරම්භ කරන  වැදගත් සංධිස්ථාන කිහිපයක් තිබේ:

• උඩු වාඩි වී සිටීම: බොහෝ දරුවන්ට ඔවුන්ගේ පස්වන මාසය වන විට  පුංචි සහයක් සමග දීර්ඝ කාලයක්  නිසි ලෙස වාඩි වී සිටීමට හැකිය. එබැවින් ඔහුට  වාඩි වී සිටීමට දිරිගැන්වීමක් ලෙස ඔහුගේ පිටුපසින් බලය ලබා දීම සඳහා කුෂන්  එකක් තබන්න. ඔබට ඔබේ දරුවා වාඩි වී සිටිමෙන් ඔහු  සුවපහසුව ලබන විට  , ඔහුට ඔහුගේ උස් පුටුවට හඳුන්වා දිය හැකි අතර, ආහාර ගන්නා විට  මුළු පවුල සමඟ වාඩිවීමට අවස්ථාවක් ලබා දෙන්න.

• පෙරලීම : ඔබේ දරුවා තවම පෙරලීම ආරම්භ  නොකළේ නම්, ඔහුගේ පස්වන මාසය තුළ ඔහු පෙරලීමට උත්සහ දරන අතර  ඔහු පිටුපසින් කුස මතට  පෙරලීමෙන් සුවපහසුව ලබනවා  මෙයින් අදහස් වන්නේ ඔබ දරුවා තනියම තබා යන විට වඩාත් පරෙස්සම් විය යුතු බවයි. ඔබේ ගෙදර දොරේ වැඩ කටයුතු  හා කාර්යබහුල වනවිට  වැටීම් වැලැක්වීමට  ඔහුව පැදුරක් මත තැබීම  හොඳම දේ වනු ඇත.

• දණගෑම හා යමක් වෙත ඉක්මනින් යෑම : වයස අවුරුදු පහක් වයසැති දරුවා  දැනටමත් පටන්ගෙන නොමැති නම් දණගෑම හා යමක් වෙත ඉක්මනින් යෑම ආරම්භ කරයි. දරුවන් ඔවුන්ගේ කකුල් එක්ක වැඩ කිරීම ආරම්භ කරන අතර ඔවුන්ගේ කකුල් පැත්තෙන් පැත්තට හැරවීම කරන  අතර මූලික වශයෙන් එය එහා මෙහා කිරීමට  විශාල උත්සාහයක් දරයි.

සිතීමේ ක්‍රියාවලිය සංවර්ධනය

මාස පහක් යනු දරුවා තමාගේම අනන්‍යතාවයක් ඇති කරගැනීමට  පටන් ගන්නා අතර එලඹෙන මාසවලදී  ඔහු ගත කරන දරුවාගේ ආකාර ප්‍රීතිමත් , ප්‍රකාශශීලී, නොසංසුන් හෝ හැගීම්බර වීම වේ. මෙන්න ඔබට කළ හැකි දේ,

• වඩාත් ප්‍රතිචාරාත්මක හා අදහස් ප්‍රකාශ කරන සුලු වේ:  මාස පහක් තුළ ඔබේ දරුවා වඩාත් ම අදහස්  ප්‍රකාශ කරන සුලු මෙන්ම ප්‍රතිචාරත්මක වේ.  දිගු කාලයක් තිස්සේ ඔහු  ඔබ දෙස බලා සිටීනෙන් ඔබේ තොල් කියවීමටත්, ඔබ පවසන දේ තේරුම් ගැනීමටත් උත්සාහ කරනවා. හදිසියේම ඔබේ දරුවා කුරුල්ලෙකුගේ ශබ්ද , ඇඟිලි වලින් ඇති කරන ශබ්ද  සහ අසල්වැසි ගෙදරකින් ඇසෙන බිරීම් හඩ වැනි ශබ්ද ඇහුම්කන් දීමට උත්සාහ දරයි.

• හොදින් ග්‍රහණය කරගැනීම : ඔබේ දරුවාගේ පස් වෙනි මාසයේ දියුණු වන තවත් ප්‍රධාන කුසලතාවයක් වන්නේ  ග්‍රහණය කර ගැනීමයි. ඔබේ දරුවාට තම සෙල්ලම් බඩු ආදිය අල්ලා ගැනීමට හැකි වන අතර, එක් අතකින් අනෙක් අතට  ඒවා මාරු  කල හැකි බව ඔබට පෙනෙනු ඇත. එය විශාල ජයගග්‍රහණයකි.

• නිදාගැනීමේ චක්‍ර: මාස පහේදී ඔබේ දරුවා නිසි නින්දේ රටාවක් තිබිය යුතු අතර, ඔහු හොඳින් පෝෂණය කළ හොත්  ඔහුට කරදර වන කිසිවක් එහි නැත්තම් රාත්‍රියේ   හොදින් නිදාගැනීමට ඉඩ ඇත.  මෙයින් අදහස් වන්නේ ඔබ නින්දක් මෙන්ම  විවේක ගැනීම සඳහා වැඩි කාලයක් ලැබෙන බවයි. එබැවින් මෙම අදියර භුක්ති විඳින්න. කෙසේ වෙතත්, මෙම මව්වරුනි  ඔබේ දරුවා දිනපතා දීර්ඝ වේලාවක් නිදා නොගෙන සිටින අතර   ඔබව් ඔබේ දෙපා මත හිටවා තබයි.

සමාජීය හා හැගීම් වර්ධනය

ඔබේ දරුවාගේ කෝපය, කලකිරීම හා ප්‍රීතිය ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් තරම් වයසක් නොලැබෙන අතර, ඔහු මාස ​​පහේදී වඩාත් කැපී පෙනෙන ලෙස  ආදරය , සෙනෙහස  හා  සිනහා ඉපදීම ප්‍රදර්ශනය කරනු ඇත. ඔබ ඔහුගේ නමින් කතා කරන විට  හෝ ඔබ  ඔහු සමඟ සුහදව ක්‍රීඩා කරන විට ඔහු සිනාසෙනු ඇත.

ඔබේ දරුවාගේ වර්ධනය ගැන පස්වෙනි මාසය තුල වැඩි විස්තර දැනගැනීම සඳහා ඊළඟ පිටුවේ කියවන්න.

මව්වරුනි, මේ දිනවල ඔබේ ෆේස්බුක් ටයිම් ලයින්  එකේ මේ දින වල බොහෝ වීඩියෝ දර්ශනවලදී ඔබ දුටු  මේ සියලු පුංචි ශබ්ද ඔබට ඇසෙන  කාලය මෙයයි. සමාජ මාධ්‍ය  තුල බෙදාහදා ගැනීමට කිසිදු ගැටලුවක් නොමැති නම් ඔබේ දරුවාගේම වීඩියෝවක් නොකරන්නේ ඇයි?

කථනය සහ භාෂාව

ඔබේ දරුවාගේ සන්නිවේදන කුසලතා මේ අවධියේ දී ඉහළ මට්ටමක පවතින අතර, හදිසියේම ඔහුට විසුලු සංවේදී හැඟීමක් ඇති වන බව පෙනේ.

ඔබේ දරුවාගේ පුංචි ශබ්ද වැඩි වී ඇති බව ඔබ හදිසියේම දකින අතර ඔහුගේ පළමු  වදන් වන "ඩා..ඩා..", "බා..බා" සහ "මා..මා" යන වචන කියවීමට පටන් ගනු ඇත. ඔබ ඔහුගේ නම කියා අමතන හෝ විශේෂිත දෙයක් පවසන විට විශ්මයෙන් එය ප්‍රතිචාර දැක්වීමට උත්සහ කරනු ඇත.

දැනටමත් ඔබේ දරුවාගේ වචන ප්‍රමාණය වැඩි වී නොමැති නම්   ළදරුවන්ට සදහා ඇති පොත් කියවීමෙන් ඔබේ දරුවාට කියවීමට පටන් ගත හැකි වේ.  ඔබ  වතුර , අම්මා ,තාත්තා වැනි සෑම දිනකම භාවිතා කරන  පොදු වචන කිහිපයක්  ඔබේ දරුවාට නැවත උත්සාහ කරන්න.

මවුවරුනි, ඔබේ දරුවා සමඟ කතා කරන විට නිවැරදිව නාමයන් භාවිතා කල යුතු අතර, බොහෝ මිනිසුන්  කාරන ලෙස ගන්නා ලෙස ජලය සදහා  "ජෝජේ" වැනි වචන  භාවිතයෙන් දරුවා එය නම ලෙස වරදවා වටහා ගනී.

සෞඛ්‍ය  හා පෝෂණය

ඔබේ දරුවා වේගයෙන් වර්ධනය වන අතර ඔබේ දරුවා ඝන සහ වැඩිහිටි ආහාර සඳහා සූදානම් වී ඇති හෙයින්, ඔහුගේ කුසගින්න පසුගිය මාසයට වඩා සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇත. නමුත් පරිස්සම් වන්න, පස්වෙනි මාසයේදීද ඔබ  දරුවාට මව්කිරි  දිගටම ලබා දීමට වගබලා ගන්න.

කෙසේවෙතත්, ඔබේ දරුවා මාස පහ හමාරක් වන විට පොඩිකර ගත් කෙසෙල් හෝ පිරිසිදු එළවළු දියර වැනි සමහර පළතුරු රස බැලීමට ඔහුට  ලබා දීමට පටන් ගත හැකිය. එය රසබැලීමට පමණක් වන අතර ද  දිනකට තේ හැන්දකට වඩා නොදීමට වගබලා ගන්න. මව්කිරි දීමට අමතරව වෙනත් ආහාර ලබා දීමට ප්‍රථම විශ්වාස හා සුරක්ෂිතතාවය සදහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා ගෙන් උපදෙස් ලබා ගන්න.

• වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් මාස 6 කට  ආසන්න වත්ම ළදරුවාට   ජලය මද වශයෙන්  ලබා දීම ආරම්භ කිරීමට දෙමාපියන්ට උපදෙස් දෙයි. නමුත් එසේ කිරීමට පෙර වෛද්‍යවරයා  හමුවන්න.

දෙමව්පියන් සඳහා ඉඟි

1. ඔබ ඔබේ දරුවා සමඟ හැකි තරම් සන්නිවේදනය කළ යුතු අතර, ඔහුට එළදෙනගේ මෝ මෝ හඩ, බල්ලෙක්ගේ බව් බව් හඩ වැනි දේවල්  හඳුන්වා දෙන්නට උත්සාහ කරන්න. හැකි සෑමවිටම ඔහුට  ඔහුගේ නමින් අමතන්න. ඉක්මනින් ඔහු එයට ප්‍රතිචාර දැක්වීමට පටන් ගනිවි.

2. ඔබේ දරුවා වැඩිපුරම ක්‍රියාශීලී  මෙන්ම ඔහුට අනතුරක් කර ගත හැකි හෙයින්   මාස පහක් වයසැති  පෙරලෙන දණගාන පුංචි පැටියා කිසිවිටෙකත් තනි නොකරන්න.  ළමා ආරක්ෂාව පිලිබඳ ක්‍රම  ඔබ සලකා බැලිය යුතු අතර ඒ මගින්  කිසියම් අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවීම වැළැක්විය හැකිය .3. ඔබ අවට සිටින ජනයාට ඔබේ දරුවාට හඳුන්වා දිය හැකි අතර ඔබේ  වෙළඳ සංකීර්ණයේ හෝ  වෙළඳපොළට යනවිට ඔහුව ගෙන යන්න.

3. මාස හයක එන්නත් කිහිපයක්  එන්නත් කර ගැනීමට ඇති බැවින් වෛද්‍යවරයා  විසින් ලබා දෙන පරික්ෂා ලැයිස්තුව පරීක්ෂා කිරීමට වග බලා ගන්න.

ඔබේ දරුවා ප්‍රතිචාරය දක්වන අතරම පළමු වතාවට ප්‍රකාශ කරන කාලය ලෙස ඔබේ දරුවා සමඟ වඩාත්ම සතුටට පත් විය හැකි කාලය මාස පහයි. එබැවින් මෙම අදියර පූර්ණ ලෙසින් භුක්ති විඳින්න.

ඊළඟ මාසය : සයවන මාසය

පෙර මාසය  :  සතරවන මාසය

ඔබට ලිපියක් සම්බන්ධයෙන් යම් විවේචනයක්, ප්‍රශ්න හෝ විවරණයක් තිබේ නම් කරුණාකර ඒවා පහතින් සටහනක් යොදා බෙදාගන්න.

ඔබේ පුංචි පැටියාගේ වර්ධනය මාසයෙන් මාසයට ගෙන එන්නේ theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

  • ළදරු  සංවර්ධනය: අටවෙනි මාසය

    ළදරු සංවර්ධනය: අටවෙනි මාසය

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

single
  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

  • ළදරු  සංවර්ධනය: අටවෙනි මාසය

    ළදරු සංවර්ධනය: අටවෙනි මාසය

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor