නොදැන කරන වැරදී නිසා ඔබේ දරුවා අනතුරට පත් වේවි

ඔබත් මේ වැරදි කරනවද?

අපේ පැටවුන්ට හොඳම දේ දෙන්නයි අපි නිතරම මහන්සි වෙන්නේ. එත් ඔබ නොදැනුවත්ව කරන සමහර වැරදී නිසා ඔවුන්ගේ සෞක්‍යට විශාල බලපෑම් ඇති කළ හැකි බව දන්නවද? මේ කරුණු ඔබව ඒ පිලිබඳව දැනුවත් කරන්නයි.

1. ශීතකරණය තුළ සිදුවිය හැකි ආහාර විෂ වීම්

ඔබේ පැටියාට බඩේ අමාරුවක් හැදිලා. ඔබ දසඅතේ කල්පනා කරනවා. මෙච්චර පරිස්සමෙන් දරුවාගේ කෑම දීලත් කොහොමද ඒක වුනේ.

  • කිසි දිනක විවෘත කල කෑන් හෝ ලෝහ බඳුන් ශීතකරණය තුළ තබන්න එපා: අඩක් භාවිත කළ කිරි කෑන් එකක්, ටින් එකක් හෝ ටින් කල කෑම වල ඉතිරිය ඔබ ශීතකරණයට දමනවා නම් එය ඉක්මනින් නතර කරන්න. එම ලෝහමය ගුණයන් එහි අන්තර්ගතයට ඇතුල්වීමේ අවධානමක් තියෙනවා.
  • ශීතකරණය පිරිසිදුව තබන්න: සතියකට වරක් හෝ සතියකට දෙවරක් ඔබේ ශීතකරණය පිරිසිදු කරන්න මතක තබා ගන්න. මන්ද එහි හැලෙන විවිධ කෑම විෂ වීම් එහි වර්ධනය වන්නට පුළුවන්.
  • කල් ඉකුත් වූ ආහර ඉවත් කරන්න: විශේෂයෙන් ආහාරයට ගැනීමට පෙර ඒවායේ නිෂ්පාදිත හා කල් ඉකුත්වන දින පරික්ෂා කර බලන්න. විශේෂයෙන් ටික කාලයක් ශීතකරණය තුළ තිබු ආහාර ගැනීමට පෙර විශේෂයෙන් සැලකිලිමත් වන්න.

tv

 

2. වැඩිහිටියන්ට පමණක් සුදුසු දේ දරුවන් නැරඹීම 

විශේෂයෙන් රුපවාහිනී මගින් නරඹන තොරතුරු ඊට බලපෑ හැකියි.  සමීක්ෂණ වලට අනුව වයසට නොගැලපෙන තොරතුරු දරුවන්ට ලැබීම ඔවුනට අනිසි බලපෑම් ඇති කළ හැකි අතර අනිසි බිය වීම් හා අනාරක්ෂිත බව ඇතිවීමට ඉඩ ඇති බව සොයාගෙන  තිබෙනවා.

ඔබ ඔබේ දරුවා ගැන හා ඔහු මාධ්‍ය මගින් ලබාගන්න තොරතුරු ගැන සැලකිලිමත් නම්,

  • ඔවුන් නරඹන රූපවහිනි වැඩසටහන් ඔවුන්ට පෙර නරඹා එය ඔවුන්ට කොතරම් දුරට ගැලපේ දැයි දැනගන්න.
  • රුපවාහිනී හා අන්තර්ජාලය ඔබත් ඔවුනුත් එකට සිට භාවිත කල හැකි පොදු කාමරයක දී බැලීමට සැලසුම් කර දෙන්න.
  • ඔබගේ ජංගම දුරකථනය තුළ දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඇති මෘදුකාංග ගැන දැනුවත් වන්න.
  • ඔබේ දරුවන්ට අන්තර්ජාලය හා සයිබර් අවකාශයේ හොඳ නරක පැහැදිළි කර දෙන්න.
  • නිවසේ wifi සේවය ඇත්නම් එහි රහස්‍ය භාවය ක්‍රියාත්මක කරන්න.

මේ හේතු දරුවන්ගේ ආරක්ෂාව, හිතුවක්කාරකම්, ගරුකිරීම, බුද්ධිය, භයානක සිතුවිලි ඇති වීම, ප්‍රචණ්ඩත්වය වැනි ලක්ෂණ සඳහා මූලාරම්භය විය හැක.

3. දුම්පානයේ වක්‍ර බලපෑම් 

නගර තුල ජිවත් වන විට නිරන්තරයෙන් වාහන හා කර්මාන්ත ශාලා වලින් පිටවන දුම්වලට අපව නිරාවරණය වෙනවා. නමුත් නිවාස තුළ ඔබ හෝ ඔබේ පවුලේ අය දුම් පානය කරන්නේ නම් ඔබේ දරුවා ඉන් දැඩි පිඩාවට පත් විය හැකි බව හෙල්ත් ප්‍රමෝෂන් ආයතනය පවසනවා.

සිගරට් දුමෙහි 4000 කට වැඩි විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඉන් 400 ක්ම ඉතා විෂ සහිත වන අතර ඉන් දරුවන්ට විශාල බලපෑම් ඇති කළ  හැකි බව සොයාගෙන ඇත.

දුම් වැටියක් පානය කළ  පරිසරයක් තුළ වුවද එම අහිතකර රසායනයන් පැවතිය හැකි නිසා තෙවන ආකාරයට වන බලපෑම එනම් පරිසරයේ පැතිර ඇති දුම්ද ඉතා හානිකර බව සොයාගෙන ඇත.

දුම්වැටි පානය කරන්නන් සිටින පරිසරයකදී එහි ඇති බඩු භාණ්ඩ හා ඔවුන්ගේ ඇඳුම් වලින් පවා අහිතකර රසායනයන් තැම්පත් විම හේතුවෙන් එය දරුවන්ට අහිතකර බලපෑම් එල්ල කරනවා.

බලපෑම්: 
හෙම්බිරිස්සාව, ඇස හා නාසයේ අසාදන, කැසීම්, පෙනහළු වල වර්ධනයේ අඩුවීම්, කැස්ස, හතිය, ඇදුම, කන හා පපුවේ අසාදන, නිව්මෝනියාව හා SIDS හෙවත් හිටිහැටියේම ළදරුවන් මරණයට පත්වීම වැනි අති භයානක හේතු රැසක් හටගත හැකිය.

ළමයින්ට කරන වැරදී ඔබ සිතුවාට වැඩිය හානි දුම් පානයෙන් දරුවාට සිදු වෙයි

4. නිවෙස තුළ ඇඳුම් වියලීමට දැමීම.

වර්තමානයේ බොහෝ පවුල් ඉතා අඩු ඉඩ ප්‍රමාණයන් තුළ ජිවත් වන නිසා ඔවුන් තෙත ඇදුම් නිවෙස තුළ කාමරයක හෝ ආලින්දයේ වියලෙන්නට හරිනවා වෙන්න පුළුවන්.

දොර ජනෙල් වැසූ පරිසරයක් තුළදී ඇඳුම් වියලිමෙන්, ඇතුලත තෙතමනය වැඩි වීමෙන් විවිධ ලෙඩ රෝග වලට පාදක වන දුවිලි අංශුන් හා ඒවා වැඩි වීමට පරිසරයට සහය වෙනවා.

බලපෑම්: 
ඇදුම, උණ, සහ අසාත්මිකතා.

ළමයින්ට කරන වැරදී ඔබේ පැටියා හිරු කිරණට නිරාවරණය වන විට ඉන් ආරක්ෂා වීමට පිළියම් යෙදීම වැදගත් වෙනවා.

5. හිරු එලියට නිරාවරණය වීම

රෝග පාලනය හා මර්දනය මධ්‍යස්ථානයට අනුව අවස්ථා කිහිපයකදී පමණක් වුවත් ඔබේ දරුවා හිරු එලියට නිරාවරණය වුවහිත් පසු කාලීනව සමේ පිළිකා තත්වයන්ට ගොදුරු වීමේ අවධානම වැඩි බව සොයාගෙන ඇති නිසා ඔවුන් හිරු කිරණට නිරාවරණය වන විට ඉන් ආරක්ෂා වීමට පිළියම් යෙදීම වැදගත් වෙනවා.

  • දහවල් කාලයේ හිරු කිරණ මග හැරවීම යෝග්‍යයයි: විශේෂයෙන් දහවල් කාලය තුළ හිරු එළියේ කරන ක්‍රියාකාරකම් මගහැරීම අසුදුසු වන්නේ එම කාලය තුළ හිරු කිරනෙ හි පතිත බලය ඉතා වැඩි නිසයි.
  • නිවසින් පිටත දී: සෙවනක් යටට යන්න. නිවසින් පිටත දී  දහවල් කාලය තුළ ක්‍රියාකාරකම් හෝ යම් කිසි කාර්යයක නිරත වන්නේ නම් සෙවනක් ඇති ස්ථානයක රැදෙන්නට උනන්දු වන්න.
  • ශරීරය ආවරණය කරගන්න: හිරු කිරණට නිරාවරණය වන අවස්ථාවන් වලදී අත්, පා වැසෙන ලෙස ඇඳුම් තෝරා ගැනීම හා ඇඳුම් ලා වර්ණයන්ගෙන් තොර ගැනීමත් වැදගත්.
  • තොප්පියක් පැළදීම: හිරුගෙන් ආරක්ෂා වීමට තොප්පියක් පැළඳීම ඉතා සරල කාරණයක් වුවත් ඔබ දරුවන්ට තොප්පි තෝරා ගැනීමේදී ඔවුන්ගේ කන් සහ බෙල්ලට ද ආවරණය ලැබෙන ආකාරයේ තොප්පියක් තෝරා ගන්න අමතක කරන්න එපා.
  • අව්කණ්නාඩි පළදින්න: මෙය විලාසිතාවක් ලෙස කරන යෝජනාවක් නොවෙයි. නමුත් ඔබේ දරුවාගේ දෙනෙත් UV කිරණ වලින් රැකගැනීමට හොඳ අව්කණ්නාඩි දෙකක පැළදීම සුදුසු වෙනවා.  
  • හිරු ආවරණ ක්‍රීම් ගල්වන්න: පුංචි දරුවන් අව්වේ සෙල්ලම් කරන විට SPF15 හා UVA සහ UVB ආරක්ෂාව සහිත හිරු ආවරණ ක්‍රීම් එකක් හිරු සමග ගැටීමට මිනිත්තු 30 කට පෙර අලේප කිරීමට පුරුදු වෙන්න. 

දැන් ඔබට වැටහෙනවා නේද අපි නොසිතන ඉතා සරල කරුණු ඔබේ ජීවිතය සහ දරුවන්ගේ ජිවිත වලට කෙතරම් භායනක ප්‍රතිපල ළඟා කරනවද කියලා.

ඒ වෙනුවෙන් මේ මතක් කිරීම theAsianparent Sri Lanka අපි කරන්නේ ඔබේ හොඳම මිතුරියක් ලෙසින් ඔබේ සතුට හැමදා අපේක්ෂා කරන නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ