තුන් හැවිරිදි දරුවාට ඔහුගේ උපකාරක පන්ති ගුරුවරයා පහර දෙයි

lead image

ඉන්දියාවේ වයස අවුරුදු තුනක පිරිමි ළමයකු වන ඩීව් කාෂාප්ට ඔහුගේ ටියුෂන් ගුරුවරයා විසින් දරුණු ලෙස පහර දී ඇතැයි වාර්තාවේ.

ඉන්දියාවේ වයස අවුරුදු තුනක පිරිමි ළමයකු වන ඩීව් කාෂාප්ට ඔහුගේ ටියුෂන් ගුරුවරයා විසින් දරුණු ලෙස පහර දී ඇතැයි වාර්තාවේ.

කාෂාප්ගේ මුහුණට සහ ඔහුගේ ශරීරයේ වෙනත් කොටස්වලට ලී කැබැල්ලකින් පහර දී ඇත. එහිදී ඇති වු ඉදිමීම  දවස් තුනක්  පුරාම පැවතුනි.

දරුවා  පහර දීමට ලක්වී සිහිසුන්ව වෙයි.

24 හැවිරිදි ලක්ෂ්මි නම් දරුවාගේ මව පවසා ඇත්තේ රැකියා සඳහා පිටත්ව යාමට පෙර ඇය තම  සැමියාගෙන් පුතාව ටියුෂන් පංතියට බාර දෙන ලෙස ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත්, තම නැන්දම්මා සවස ඔහුව ගෙන ඒමට ගිය විට  දරුවා සිහිසුන්ව වැටි සිට ඇත.

කම්පනයට පත් වු මිත්තණිය ඔහුව වහාම ගෙදරට ගෙන ගොස් පසුව වමනය කල  වතුර ටික ( ඔහු ගිලින බව පෙනෙන ලදී) දුන්නාය.

"මගේ පුතාව ගැනීමට  ඇයගේ නිවසට  පැමිණි විට ඔහු සිහිසුන්ව සිටින බව මට වැටහුණා.  ඔහුගේ ඇස් ප්‍රදේශයේ රතු වූ අතර මම ඔහුගේ නම කියු විට ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැහැ. මම ඔහුව නිවසට රැගෙන ගිය විට ඔහුගේ ඇස් ඉදිමී ඇති බව දුටුවෙන් එදින උදේ 9 ට පමණ අප ඔහුව රෝහලකට රැගෙන ගියා. එහිදී ඖෂධයක්  නිර්දේශ කර කලා. Daily වලට ලක්ෂ්මි පැවසුවා.

දරුවාගේ මුහුණ දරුණු ලෙස ඉදිමෙයි

ඔහුගේ සිරුරේ ලකුණු පැහැදිලිව දැකගත හැකි වු බැවින්, 19 හැවිරිදි භාග්‍යශ්‍රී පිල්ලේ ලෙස හඳුනාගෙන ඇති ගුරුවරයාට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දෙමාපියන් කටයුතු කර තිබේ.

මෙම සිද්ධිය ජේෂ්ඨ පරීක්ෂක අජේ චන්ද්‍රකඩේ විසින් DNA වෙත සිදුවීම පැහැදිලි කරන ලදී. "සඳුදා දරුවා පිල්ලේගේ නිවසට ගොස් ඇති අතර ඔහුගේ දෙමව්පියන් යලි නිවසට  පැමිණි විට දරුවාගේ මුහුණ දරුණු ලෙස ඉදිමී  ඇති බව දුටු අතර, ඔවුන් දරුවා ගෙන් විමසු විට ගුරුතුමා  ඔහුගේ අතට, පිටුපසට  සහ හිසට ලී  කෝටුවකින් පහර දුන් බව ඔහු  ඔවුන්ට පැවසා තිබෙනවා"

මෙම සිද්ධිය රටේ ළමා අපචාර සම්බන්ධයෙන් මෑත සිදුවීම්වලට ආසන්නතම අවස්ථාව වෙනවා .

ළමා අපචාර වැඩි වීමක්

"අපචාරය යනු"  කුමක්දැයි දෙමාපියන් තේරුම් ගත යුතු අතර එය කෲරත්වය හෝ ප්‍රචණ්ඩත්වය සමග විශේෂයෙන් නිතිපතා හෝ නැවත නැවතත් කටයුතු කිරීම  " වේ. ළමා අපචාර තැලීම් සහ කැඩුණු ඇටකටුවලට වඩා වේදනා දේ. දරුණු  ලිංගික හා මානසික අතවරවලට ලක්වීමෙන් ඇති වන භයානක ඇබ්බැහි වීම, ශාරීරික අතවර වලට වඩා භයානක ලෙස බලපෑම් කරන අතර  එයට ගොදුරු වූ පුද්ගලයෙකුට ගැඹුරු මානසික හා ශාරීරික කැළැලක් ජීවිතය පුරාවටම ඇති කරන බව ඇය පැවසුවාය.

එවැනි අවස්ථාවලදී කපූර් විසින් දෙමාපියන්  අමතර සැලකිල්ලක් දැක්විය යුතු බව පැවසු අතර ඇය පහත දැක්වෙන නීති ලැයිස්තුව දෙමාපියන් තදින් අනුගමනය කල යුතු බව පැවසුවාය.

• කිසිම වරදක් සිදු නොකළ දරුවාගෙන් ප්‍රශ්න කිරීම හා සැක කිරීම නොකරන්න.

• ඔබ ඔවුන් විශ්වාස කරන බව පෙන්වීමටද, දැන් ඔවුන් සුරක්ෂිතව සිටින බව පෙන්වියද කල යුතුය.

තම දරුවන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව දෙමාපියන් කල්පනාකාරී වීම හා ඔවුන් සමඟ සිදු විය හැකි යැයි සිතන ඕනෑම සැක කටයුතු යමක් ගැන  අවධානයෙන්  සිටිය යුතු බව කපූර් තවදුරටත් පැවසීය.

දරුවාගේ ආරක්ෂාව ගැන විමසිලිමත් වෙන ලෙස මෙම ඉල්ලීම ඔබගේ හිතවතිය theAsianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී