ළමයින්ට පැරසිටමෝල් දීමේදී දෙමාපියන් දැනගත යුතු වැදගත් කාරනයක්

ළමයින්ට පැරසිටමෝල් දීමේදී දෙමාපියන් දැනගත යුතු වැදගත් කාරනයක්

ප්‍රවේශම් වන්න! මේ දෙකේම (සිරප් සහ බිංදු), අඩංගු වන්නේ පැරසිටමෝල් වුවත්, ඒවායේ මිලිලීටර් එකක අඩංගු පැරසිටමෝල් ප්‍රමාණය බෙහෙවින් වෙනස් බව වටහා ගන්න - ළමා රෝග පිළිබඳ මහාචාර්ය, වෛද්‍ය ප්‍රියන්ත පෙරේරා

පුංචි බබාලට බෙහෙත් දීමේදී, අම්මලා අතින් අම්මලා අතින් වැරදීම් සිදු වෙන්නට පුළුවන්.  ළමා පැනඩෝල් හෝ පැරසෙටමෝල් (Paracetamol) දරුවන්ට ලබා දීමේදී ඔබ හිතනවාට වඩා ප්‍රවේසම් විය යුතු කාරනා තිබෙන්වා.

​​බොහෝ දෙමාපියන් බබාගේ බෙහෙත් දෙන ආකාරයන් ගැන සිතා බලන්න.මාත්‍රාවන් හා කරන වැරදි වත් පිළිවෙත් නිසාම ඔවුන් බලාපොරොත්තු වන යහපත් ප්‍රථිපලයන්ට වඩා අයහපත් ප්‍රථිපල ලැබෙන ප්‍රමාණය වැඩියි. උදාහරණයක් ලෙස හෙම්බිරිස්සාව සඳහා වන බෙහෙත් වර්ග වලට පැරසිටමෝල් අඩංගු වෙනවා.

ඉතින් ඔබ ඉහතින් කියූ බෙහෙත් වර්ගය ඔබේ දරුවට නහයෙන් සොටු දියර ගැලීම නිසා ලබා දෙනවා යයි සිතමු.එසේ දුන්නොත් සහ උණට වෙනත් වෙළඳ නාමයක් සහිත පැරසිටමෝල් ලබා දුන්නොත් බබාගේ බෙහෙත් නිර්දේශිත මාත්‍රාව මෙන් දෙගුණයක් පැරසිටමෝල් ලැබෙනවා.

මෙම තත්වය හමුවේ, තමන්ගේ අත්දැකීම් ඇසුරින් දෙමාපිය අප හා වැදගත් පණිවුඩයක් බෙදාගන්නා වෛද්‍ය සටහනක් තමා මේ. මෙම පණිවුඩය අපට ගෙන එන්නේ රාගම වෛද්‍ය පීඨයේ, ළමා රෝග පිළිබඳ මහාචාර්ය, වෛද්‍ය ප්‍රියන්ත පෙරේරා මහතායි.

පහත ලිපිය වෛද්‍ය ප්‍රියන්ත පෙරේරා මහාචාර්ය තුමාගේ මුහුණු පොතෙන් උපුටාගත් එතුමාගේම වචන වලින් ඔබ අතරට පත් කරනවා.

ළමා පැනඩෝල් ගැන රාගම වෛද්‍ය පීඨයේ, ළමා රෝග පිළිබඳ මහාචාර්ය, වෛද්‍ය ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස්

“මව්වරුනි ප්‍රවේශම් වන්න, වෙළෙඳ පොළේ දියර පැනඩෝල් වර්ග දෙකක් ඇත. එකක් පැන්ඩෝල් සිරප් වන අතර, එහි මිලිලීටර් පහකම අඩංගු වන්නේ පැරසිටමෝල් මිලිග්‍රෑම් 120 (120 mg) කි. 

අනික පැන්ඩෝල් බිංදු (drops) වන අතර එහි මිලිලීටර් එකක පමණක් මිලිග්‍රෑම් 100ක් ඇත. මිලිලීටර් පහක මිලිග්‍රෑම් 500ක් ඇත. 

බැරි වෙලාවත් සිරප් යයි සිතා බිංදු ලබා දුන්නොත්, මාරාන්තික විය හැකි පැරසිටමෝල් විෂ වීමක් ඇති විය හැක. උදාහරණයක් ලෙස දරුවෙකුට ලබා දිය යුත්තේ මිලිග්‍රෑම් 120 ක් යයි සිතමු. එනම් සිරප් එකෙන් නම් මිලිලීටර් පහකි.

යම් හෙයකින් අතපසු වීමකින්, පැන්ඩෝල් බිංදු වලින් මිලිලීටර් පහක් දුන්නොත්, දරුවාට පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 ක් දෙනු ඇත. 

මෙසේ සිදු වූ අවස්ථා තුනකට, මට ප්‍රතිකාර කිරීමට සිදු විය. මෙහි භයානක කම නිසාම, ටික කළකට ඉහත, ශ්‍රී ලංකා ළමා රෝග සංගමයේ ඉල්ලීම මත පැන්ඩෝල් බිංදු වෙළඳ පොළෙන් ඉවත් කරන ලදී. 

නමුත් පැන්ඩෝල් බිංදු නැවත වෙළෙඳ පොළට පැමිණ ඇත. මගේ රෝගී දරුවන්ගේ අම්මලාට මම උපදෙස් දෙන්නේ, සිරප් පමණක් භාවිතා කරණ ලෙසයි. 

මව්වරුනි, කරුණාකර මේ ගැන දැනුවත් වන්න…” 

ළමා රෝග පිළිබඳ මහාචාර්ය, වෛද්‍ය ප්‍රියන්ත පෙරේරා මහතාගේ  එම උපදෙස් වලට අමතරව, දෙමාපියන් හැටියට දරුවන්ගේ බෙහෙත් ගැන අප සැලකිලිමත් විය යුතු කාරණා කීපයක් ගැනද සලකා බලමු.

දරුවන්ට බෙහෙත් දීමේදී සැලකිලිමත් විය යුතු තවත් කරුණු කිහිපයක්
ළමා පැනඩෝල්

අසනීප දරුවාට බෙහෙත් දීමේදී මෙවන් පුංචි දේවල් ගැන වුවත් ඔබ ඉතා කල්පනාකාරී විය යුතුයි.

1. ප්‍රතිජීවක ඖෂධ මාත්‍රාවන් නියමිත කාලයට පෙර නොගෙන නතර කිරීම

අප බොහෝ දෙනෙක් මේ වැරැද්ද කරනවා. අපේ දරුවා ප්‍රතිජීවක ඖෂධ දින කිහිපයක් ගනිද්දී සුව අතට හැරෙනවා. ඉතින් අපි කරන්නේ තවදුරටත් ප්‍රතිජීවක ඖෂධ දෙන එක නවත්තනවා.

ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කරන්නේ විෂබීජ හා අනෙකුත් ආසාදන සමග සටන් කිරීමටයි. ඔබ නිර්දේශිත කාල සීමාවට පෙර ප්‍රතිජීවක ඖෂධ නතර කළහොත් විෂබීජ නැවත පණ ගැන්වීමේ අවස්ථාව වැඩියි.

සින්ගපුරුවේ වෛද්‍ය රවුට් මහතාට අනුව, විෂබීජ වර්ධනය වීමත් ප්‍රතිශක්තියත් ඇති අතර මෙම වැඩිම අනුව ප්‍රතිජීවක ඖෂධ මාත්‍රාවන් හා ගත යුතු කාල සීමාවන් නිර්ණය වෙනවා. ඒ නිසා සමහර බැක්ටීරියාවන් විනාශ කිරීමට නම් ප්‍රතිජීවක ඖෂධ නිර්දේශිත කාලය දරුවන්ට ලබා දීම හරිම වැදගත්.

ඉතින් ඔබ කල යුත්තේ

දරුවා සුව අතට පත් වී අතැයි දකින්නට ලැබුනත් නිර්දේශිත කාලය තෙක් එම බෙහෙත් ලබා දීමයි.

2. සෞඛය ගැටළු වලට අමතරව බෙහෙත් ලබා දෙන අවස්ථාවන් ඔබට තිබෙනවද?

කියන්න බලන්න ඔබේ දරුවා ගුවන් ගමනකදී නින්දට නොයා බොහෝ කරදරකාරී ලෙස හැසිරෙද්දී ඔබත් කැස්සට දෙන පැණියෙන් ටිකක් එහෙම දීලා තියෙනවද? ඔබත් මේ වැරැද්ද කරනවා නම් නැවත වරක් ඒ ගැන සිතා බලන්න.

ජෝර්ජ් ටවුන් වෛද්‍ය විද්‍යාලයේ කරන ලද සමීක්ෂණ වලට අනුව ප්‍රසිද්ධ බෙහෙත්, පැණි වර්ග දරුවන් ගුවන් ගමන් අතර වාරයේ නින්දට යැවීමට අපහසු අවස්ථාවන් වලදී ලබා දෙන බව සොයාගත්තා.

තවද ඉන් අනවශ්‍ය ලෙස දරුවන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට සමත් වන බවත් සොයා ගත්තා.

මේ වෙනුවට ඔබට කල හැකි දේවල් තිබෙනවද?

ඔවුන් කැමතිම සෙල්ලම් බඩු පෝෂණීය රසවත් කෑම වර්ග කිහිපයක් සහ ඔබේ ඉවසීමෙන් වැඩිපුර ප්‍රමාණයකුත් රැගෙන යන්න අමතක නොකරන්න. එය එතරම් ම අපහසු නොවේවි!

3. දරුවන්ට දෙන බෙහෙත් මාත්‍රාවන් දිය යුත්තේ වයස අනුව ට වඩා බර අනුවයි.

වෛද්‍ය රවුට් මහතාට අනුව මේ බෙහෙත් වැඩියෙන් දීම හෝ අඩුවෙන් දීමද වැලැක්විය යුතුම කරුණකි.

දරුවන්ගේ පරිවෘත්තිය චක්‍රය ක්‍රියාත්මක වන්නේ වයස අනුව නොව බර අනුවයි.

එමෙන්ම වෛද්‍ය නිර්දේශයේදී ඔබේ දරුවා අඩු බර හෝ වැඩි බර අංශයෙන් නිර්ණය කර ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.

පරික්ෂණ වලට අනුව වැඩි බර ළමුන්ගේ පරිවෘත්තිය චක්‍රය නිසි වයසේ දරුවන්ට වඩා වැඩි බව සොයාගෙන ඇත.

ඉන් පැහැදිලි වන්නේ වැඩි බර ළමුන් සඳහා නිසැකව වැඩි බෙහෙත් මාත්‍රාවන් අවශ්‍ය වන බව නොවේද?

ඉතින් ඔබ කල යුත්තේ කුමක්ද?

නිතරම ඔබේ දරුවාගේ බර ගැන අවදානයෙන් සිටින්න. ඔවුන් අඩු බර හෝ වැඩි බර යන අංශ වල සිටී නම් ඒ බව බෙහෙත් ලබා දීමට පෙර මතක තබා ගත යුතුමයි. ඔබේ ළමා වෛද්‍යවරයා ඊට අනුව බබාගේ බෙහෙත් නිර්දේශ කරනු ඇත.

4. නිසි ලෙස මාත්‍රාවන් මැනීම නොකළහොත්

මේස හැන්ද, තේ හැන්ද යන ප්‍රමාණ නිරතුරුව බෙහෙත් ලබා දීමේදී නිවැරදි නොවන්න පුළුවන්.

ජාත්‍යන්තරව කරන ලද පරීක්ෂණ වලට අනුව සමහර නිවෙස්වල ඇති බොහෝ හැඳි වල ප්‍රමාණ එකිනෙකට සුළු හෝ විශාල වශයෙන් වෙනස්කම් ඇති බව සොයාගෙන තිබෙනවා.

එමෙන්ම මුද්‍රිත මාත්‍රා සහිත කුඩා කෝප්ප ආදියද භාවිතයේදී ඇස් මට්ටමට බබාගේ බෙහෙත් දැමීම හා සමහර ම්ව්වරුන් ප්‍රමාණය අනුමාන කිරීම මත වත්කිරීම ආදිය නිසා ද වැරදීම් බහුලව සිදුවන බව සොයාගෙන ඇත.

ඔබට කල හැක්කේ කුමක්ද?

තේ හැඳි හෝ මේස හැඳි භාවිතයට වඩා සිලින්ජයකින් බෙහෙත් වර්ග දීම හා මිලිලීටර් වලින් බෙහෙත් නිර්දේශය හා ලබාදීම ද ජාත්‍යන්තර වශයෙන් ළමා වෛද්‍ය වරුන් පිළිගන්න ක්‍රමයයි.

5. එකම බෙහෙත නියමිත වාර ගණනට වැඩියෙන් දුන්නොත්?

මගේ පුතාට හොඳට උණ ගත්තා. අපි ඉක්මනට පැනඩෝල් දුන්නා. පැයකින් විතර බලනකොටත් උණ ටිකක්වත් අඩු වෙලා නෑ. අපි අයෙත් පැනඩෝල් දුන්නා.

මෙවැනි අවස්ථා වලට ඔබත් මුහුණදී තිබෙනවාද?

නමුත් මෙවැනි සිදුවීමක් ඔබේ දරුවාගේ සෞඛයට නරක ලෙස බලපාන බව ඔබ දන්නවද?

එහෙනම් ඔබ කල යුත්තේ කුමක්ද?

අප පැය 24 ක් තුළ වාර 4 කට වඩා පැරසිටමෝල් විශේෂයන් දරුවන්ට ලබා දීම නොකළ යුත්තක්.

පැය 6 කට වරක් මාත්‍රාවක් ලබා දීම සුදුසු අනුමත ක්‍රමයකි.

මෙය මතක තබා ගැනීම අපහසු නම් බෙහෙත් ලබා දුන් වේලාවන් සටහන් කර ගැනීම වඩාත් පහසු වේවි.

6. උණ එතරම් නැත්නම් බෙහෙත් ඕනෙද?

උණ යනුවෙන් අදහස් කරන්නේ අපේ ශරීරයේ යම් අසාදනයකට එරෙහිව දැඩිව අරගල කරන අවස්ථාව යි.

ඔබේ දරුවාට ඉතා අවම සීමාවක උෂ්ණත්වයකින් උණ බව සටහන් කරන්නේ නම් එකවර බෙහෙත් දීම නොකර සිටීම ඔබට කල හැකියි.

මන්ද ශරීරය ස්වාභාවිකව ආසාදනයන් සමග සටන් කිරීමට අවස්ථාව දීම වඩාත් යෝග්‍ය නිසයි.

මන්ද එය දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනයට ඉවහල් වෙනවා.

වෛද්‍ය රවුට් මහතා පවසන ආකාරයට සමහර ළමයින් අවම උණ තත්වයන් හිදී ඉතා අපහසුවෙන් පසු වුවත්, සමහර ළමයින් එසේ නොපෙන්වන බවයි.

කෙසේ වෙතත් උණට බෙහෙත් ලබා දීම මගින් ශරීර උෂ්ණත්වය නිසා ඇති වන අපහසුතා මග හැරීම මූලිකව සිදුවන ක්‍රියාකාරීත්වයයි.

ඒ වෙනුවට ඔබ කල යුත්තේ කුමක්ද?

මද රස්නයක් පමණක් ඇත්නම් ඔබට නිවසේදීම යම් ප්‍රතිකාර ක්‍රම කිහිපයක් කර බලන්න පුළුවන්.

තෙත රෙදි කඩකින් දරුවාගේ නළල, ඉකිලිය ආදී තැන් තෙත් කල හැකියි.

අලුත උපන් බිලිදෙකුට ඇතිවෙන සාමාන්‍ය උණකදී වුවද ඔබ දරුවා වෛද්‍යවරයෙකු ළඟට රැගෙන යායුතු බව මතක තබා ගන්න.

ඉතින් දරුවන්ට දීමේදී මේ වගේ බොහෝ දේවල් ගැන සැලකිලිමත් විය යුතු බව ඔබ දැන නොසිටි හා වෙන්නට පුළුවන්.

මේ ලිපිය නිසා ඔබ දරුවන්ගේ බෙහෙත් ගැන වඩා සැලකිලිමත් වන්නට නැඹුරු මුවා කියා අපි විශ්වාස කරමු

Written by

Niloufer Perera