ළමුන්ගේ දන්ත ගැටලු: මෙන්න ඒ සදහා විශේෂඥ උපදෙස්

lead image

ඔබේ දරුවා කිරි දත් වැටීමට ඉඩ දෙනවාද නැතිනම් ඔබ දන්ත වෛද්‍යවරයකු  හමුවීමට යා යුතුද? ඔබේ දරුවා දත් මදින්න බැහැ  කියු විට  ඔබ කරන්නේ කුමක්ද?

සිංගප්පූරුවේ ළමා දන්ත විශේෂඥය වෛද්‍ය  ටෙරී ටෝඕ මහතා ළමුන්ගේ දන්ත ගැටලු සඳහා පිළිතුරු ලබාදෙයි.

ළමුන්ගේ දන්ත ගැටලු

 ආචාර්ය ටෙරී ටෝඕ ඔබේ පුංචි පැටියාගේ  මුතු කැට වන් සුදෝ  සුදු දත් දෙපළ රැක බලා ගැනීම සදහා ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා.

 ආචාර්ය ටෙරී ටෝඕ මහතා සිංගප්පූරුවේ දන්ත ශල්‍යාගාරයක ළමා විශේෂඥ වෛද්‍යවරයෙක් වෙනවා. ඔහුගේ අතිවිශාල දැනුම් සම්භාරය හා අත්දැකීම් අනුව මේ තොරතුරු අපි ගෙන එමු.

පහත සඳහන් තොරතුරු කෙටි සහ පැහැදිලි කිරීම සඳහා සංස්කරණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.

• ප්‍රශ්නය : මගේ  පුතා පළමු දන්ත වෛද්‍ය  පරීක්ෂණය සඳහා ගෙන යෑමට  සුදුසු  වයස කීයද? දැන් ඔහුට මාස නවයක් වන අතර, කිරි දත් අටක්  ඇත. දත් දිරා යාමට හේතු වෙන විවිධ ආහාර වර්ග ඔහු ගන්නවා.

පිළිතුර: සෑම දරුවෙක්ම ඔවුන්ගේ  මුල්ම දත මතු වු වහාම හෝ පළමු උපන් දිනයට පෙර දන්ත වෛද්‍යවරයා  වෙත ගෙන යා යුතුය.

මුඛ රෝග සඳහා ඇති අවදානම පිළිබඳව තක්සේරු  කිරීමට මෙන්ම නිසි මුඛ සනීපාරක්ෂාව පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමටත් මෙය වැදගත් වේ. ඒ නිසා දැන් ඔබේ පුතාගේ  පළමු දන්ත වෛද්‍ය පරීක්ෂණය සඳහා යාමට  හොඳම කාලයයි.

මාස නවයක් වු ළදරුවන්ගේ දත් දිරා යාමේ ප්‍රධානතම දායකයා වන්නේ  සීනි අඩංගු වන ළදරු කිරිපිටි  වේ.

මෙම දිරාපත්වීමේ  ක්‍රමය Early Childhood Caries (ECC) ලෙස හැඳින්වේ. එය ඉතා වේගයෙන් වර්ධනය වන රෝග  තත්වයකි.

Early Childhood Caries  පළමු දත මතු වු විගසම ආරම්භ විය හැකිය. විශේෂයෙන් ඔබේ දරුවා නිරතුරුව නින්දට යන විට  ළදරු කිරිපිටි පානය කරයි නම් හෝ නින්දට පෙර දත් පිරිසිදු නොකරයි නම් මෙය බලපායි.

ළමුන්ගේ දත් ගැටළු: ඔබේ ළදරුවා දත් මදින්න එපා යැයි ප්‍රතික්ෂේප කරන විට ඔබ කරන්නේ කුමක්ද?

ප්‍රශ්නය: අපේ අවුරුදු දෙකක් වු පිරිමි දරුවාගේ දත් මැදීම අපි ආරම්භ කලා පමණයි. සමහර විට ඔහු මෙයාට විරුද්ධව කලහාකාරීව හැසිරෙයි.

විශේෂයෙන් ඔහු වෙහෙසට පත් වූ විට, අපි එවැනි අවස්ථාවන් මග හැරීමට බොහෝ විට උත්සාහ දරනවා. අපි එසේ අත්හැර දැමීම සුදුසුද? නැතහොත්, අපි ඒ සදහා ඔහුට බල කළ යුතුද?

පිළිතුර: ඔබේ දරුවාට  ඔබ යොදන සීමාවන් පරීක්ෂා කිරීම සදහා සුදුසු වයස එයයි. ඔහු තම දත් මැදීමට අකමැති නම්  ඔහු  ඔබ වෙත පැමිණෙනු ඇතිනම්, එයින් මිදීමට ඇති හොදම මාර්ගය උද්වේගකාරී ලෙස හැසිරීම බව ඔහු දන්නවා  .

මෙය දිගටම සිදු වුවහොත්, ඔබේ පුතාට  හොඳ මුඛ සෞඛ්‍ය  පුරුදු වර්ධනය කිරීම ඉතා අපහසු වනු ඇත. එබැවින් එයින් වැළකීම එයට ඇති සුදුසුම මාර්ගය වේ.

ස්ථාවර වී ඔහුට දත් නොමැද නින්දට යාමට ඉඩ නොදෙන්න.  හොද  මුඛ සනීපාරක්ෂාව සදහා නිතිපතා දත් මැදීම හොද පදනමක් වේ.

මම එය දුෂ්කර බව දන්නවා. නමුත් වයස අවුරුදු තුන,  හතර වුවාට  වඩා වයස අවුරුදු දෙකේදී ඔබේ පුතාට හික්මවීම සහ පුරුදු ඇති කිරීම පහසුයි.  දත්මැදීමේ පුරුද්ද ස්ථීරව ඇති වු විට විරෝධය දිනෙන් දින අඩුවේවි.

• ප්‍රශ්නය : මගේ පුතා දැන් මාස 14 යි. ඔහුගේ දත් මදින විට දන්තාලේපයක් භාවිතා කළ හැකිද?

පිළිතුර: දත් මතුපිටට තැවරී ඇති දේවල්  ඉවත් කිරීමට උදව් වන දන්තාලේප ඔබේ දරුවාගේ දත් ආරක්ෂා කර ගැනීමට වැදගත්  අමුද්‍රව්‍ය  සපයයි.

අවුරුදු හයක  දරුවන්ට ඇතිවිය හැකි  රෝගයක් වන ECC වැළැක්වීම සඳහා ෆ්ලෝරයිඩ් අවශ්‍ය වේ.

ECC අවදානම අඩුකිරීමට ඔබේ පුතාට හොඳ පෝෂ්‍යදායි ආහාර හා මුඛ සෞඛ්‍ය පුරුදු ලබා දෙනවා නම්  කෙළ ගැසීම පුරුදු වෙන තුරු ෆ්ලෝරයිඩ් අඩංගු  දන්තාලේප භාවිතා කිරීම අවශ්‍ය නොවේ.

කෙසේ වෙතත් ඔහු ECC ඇතිවීමේ අවදානමක සිටී නම්, ඉන් ආරක්ෂාව  ලබා ගැනීම සඳහා  1000ppm ෆ්ලෝරයිඩ් දන්තාලේපයක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.

ඔහු ඉන් වැඩි ප්‍රමාණයක් ගිලිය හැකි නිසා ඔහුගේ කට සේදීමෙන් පමණක් එය අවසන් නොකරන්න .

දත් මැදීමෙන් පසු අමතර දත් බෙහෙත්  ඉවත් කරන්න. ඔහු ඉන් කුඩා ප්‍රමාණයක් ගිලීම  ඔහුගේ වර්ධනය හා සංවර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් නැත.

• ප්‍රශ්නය : මගේ වයස අවුරුදු තුනක් වු දරුවාගේ  ඉහළ ඇන්දේ ඉදිරිපස දත් දිරා යනවා. ඔහුගේ  දත්,  සාමාන්‍යයෙන්   කිරි දත් වල ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් විතර වෙනවා .

පසුගිය අවුරුද්දේ සිට ඔහු ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක්  භාවිතා කරන අතර සෑම රාත්‍රියකම  ඔහුගේ දත් මැද්දා. ඔහුගේ දිරාගිය දත් පිරවිය හැකිද? එම ක්‍රියාවලිය වේදනාකාරීද? ඒ සදහා කොපමණ කාලයක් ගතවේද?

පිළිතුර: ඔබ විස්තර කර ඇති පරිදි, ඔබගේ පුතාට බරපතල තත්වයේ ECC ඇති වී ඇත. රෝගයේ මේ අදියරේ දී දිරාගිය දත් සදහා ප්‍රතිකාර නොකලහොත්  ආරක්ෂාකාරී පිළිවෙතක් ලෙස ෆ්ලෝරයිඩ භාවිතය  ආරම්භ කිරීම ඵලරහිත වේවි.

ඒ දත් සිදුරු ගැඹුරු හා තවමත් ඒවා හැදෙමින් පවතින නිසයි. බොහෝවිට දත් නැවත පිරවීම හා ප්‍රතිසංස්කරණය කළ හැකිය. දත් දිරා යෑම වේදනාකාරී ස්නායු ආසාදනයක් බවට  පත් වේ නම්, ස්නායු ප්‍රතිකාර වැනි වඩාත් සංකීර්ණ ප්‍රතිකාරයක් අවශ්‍ය වේ. නැතිනම් දත ඉවත් කල යුතු වේ.

මෙම  ප්‍රතිකාරය ලබා දීම සදහා  කාලය සමග  කිහිප වතාවක් පැමිණීමට සිදුවෙන අතර  ඔහුට දන්ත ප්‍රතිකාර හා සහයෝගීව කටයුතු කරන්න පුළුවන්ද හා ඔහුගේ දත් කොතරම් දිරා ගිහින්ද යන්න  බලපානවා.

ඔබේ දරුවා බෝතලයෙන් කිරි උරමින් නිදා ගන්නවා නම් ඔහුට හෝ ඇයට ECC වර්ධනය වීමට  අවදානමක් ඇත.

ප්‍රශ්නය: මගේ පස් හැවිරිදි දියණියගේ උඩු ඇන්දේ දත් සියල්ල දිරාපත්  වෙලා. ඒ සමහර විට ඇය බොහෝ රසකැවිලි  ගන්නා අතර රාත්‍රියේ කිරි බෝතලයෙන්  බොන නිසා වෙන්න පුළුවන්.

ඇයගේ කිරිදත් ඉබේ වැටෙන තුරු මං බලා සිටිය යුතුද? නැත්නම් ඒවා ඉවත් කළ යුතුද? මගේ අදහස වන්නේ, ඇයගේ දත් බොහෝ  ඉවත් කළ යුතු වන බැවින් ඇයට එය වේදනාකාරී  වේවි.

ඇගේ පුරුදු අනුව, ඔබේ දියණියගේ පිටුපස පුරස් චාර්වක දත් වල පවා කුහර  ඇති බව මට කියන්න පුළුවන්.

වයස අවුරුදු පහේදී, ඇය තව අවුරුදු පහක් පමණ කාලයක් පුරශ්වාර්වක දත්ද තව අවුරුදු දෙකක කාලයක් ඇගේ ඉදිරි දත්ද දත් වැටීමට පෙර සැපීමට අවශ්‍ය වේ.

මෙම කාලය තුළ දත් කුහර  විසින් දත් දිරායෑම වැඩිකරන අතර  වේදනාව හා ආසාදන සදහා හේතු විය හැකිය.  

මෙය ඇගේ ආහාර රුචිය හා නින්දට බලපාන අතර උග්‍ර දන්ත හදිසි ගැටළු ඇතිවිය හැකිය.

සියලු දිරාපත් දත් ඉවත් කල යුතු නැත. කුහරයේ විශාලත්වය හා ප්‍රමාණය අනුව, දත් හා එහි ක්‍රියාකාරිත්වය නැවත ඇති  කල හැකිය.  ප්‍රමාදවීමෙන් දත් රැක ගත නොහැකි වනු ඇත.

දෙමාපියන් හැමවිටම අසන්නේ දිරාගිය දත් ඒවා වැටෙන තුරු තැබිය හැකිද කියායි. ඒ මගින් දරුවාට වේදනාවක් නොදැනෙන නිසයි. ඔබ එසේ කරන විට දරුවා  අවදානමක හෙලන අතර  එය මුළු පවුලටම බරපතළ හා බාධා පැමිණෙන සුළු  වේ.

ප්‍රශ්නය : මගේ අවුරුදු පහක් වු දරුවා පළමුවෙන්ම දන්ත වෛද්‍යවරයා වෙත රැගෙන යාමට පෙර පොත් කියවීමෙන්, විඩීයෝ නැරඹීමෙන් හා රග දැක්වීමෙන් ඒ අවස්ථාව කොයි වගේද කියා මා ඇයට පෙන්වා දුන්නා.

ඇය එය විශ්වාසයෙන් පිළිගත්තත් සත්‍ය ලෙසම එහි ගිය විට බිය වී කෑගැහුවා. දැන් ඇයට ආයෙමත් දන්ත වෛද්‍යවරයෙක් වෙත ගිහින් දත් පුරවන්න හා පිරිසිදු කරගන්න කාලේ ඇවිත්, ඇය යලිත් අපහසුතාවයට ලක්වෙනවා කියලා මම දන්නවා.

මට මේ ගැන උපදෙස් ලබා දෙන්න.

පිළිතුර: අධෛර්යමත් වෙන්න එපා. සෑම දරුවෙක්ටම අනන්‍ය වු විවිධ පෞරුෂයන් තියෙනවා. ඔවුන්ට ආතතිය වැඩි අවස්ථා හා මුහුවෙන්න ඇත්තේ සීමිත හැකියාවක් කියන එකත් අපි අමතක කරන්න හොද නැහැ.

සමහර විට වැඩිහිටියන්ට පවා දන්ත වෛද්‍ය  හමුව (විශේෂයෙන් දත් හෑරීම   හා පිරවීම) ඉතා දුෂ්කර වෙනවා.

සමහර අවස්ථාවල කිසිදු සූදානමකින් නොකිරීමෙන්  ඔබේ දරුවාට මෙම අත්දැකීම් සමඟ සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය හැකියාවන් ලැබෙනවා.

පෙර සිදුවීම්  ගැන කථා කිරීම , පරීක්ෂා  කිරීම සහ ඔබේ දියණියට නිසි ලෙස ඉවසාගත හැකිද යන්න හා ඔබේ දුවගේ තත්වය (මේ අවස්ථාවේදී, දත් දිරායාම) විශේෂයෙන් ඔබේ දරුවාගේ දන්ත වෛද්‍ය සාකච්ඡා කර  එකඟ වීම මේ සදහා ඇති ප්‍රධාන ක්‍රමයක් වේ.

දරුවන්ගේ  හැසිරීම පිලිබඳ තාක්ෂණවේදයක් තුලින් ළමා දන්ත වෛද්‍යවරුන්ට   දරුවන්ට පහසුවෙන්ම ප්‍රතිකාර  කල හැකිය.

වඩා බියපත් දරුවන් සදහා  "සිනහා වායුව" භාවිතා කිරීමෙන් වඩාත් සුවපහසු බවක් ඇති කිරීමට යොදා ගත හැකිය.

සමහර අවස්ථාවලදී බරපතල  රෝගී තත්වයන් යටතේ, දන්ත ප්‍රතිකාරය කල යුත්තේ  සාමාන්‍යයෙන්  දරුවා  නිර්වින්දනය කර  හෝ තාවකාලික නින්දේ සිටියදීය.

මෙය බියජනක දෙයක් විය හැකිය. නමුත් සුදුසුකම් ලත් ළමා දන්ත වෛද්‍යවරයෙකු විසින් සිදු කරන විට එය අතිශයින්ම ආරක්ෂිත වන අතර, ප්‍රතිකාරය ඉහළම ප්‍රමිතියක  ආරක්ෂාව  සහිතව බව සහතික කරයි.

• ප්‍රශ්නය:  ළමා දන්ත වෛද්‍ය වරයෙකු සහ සාමාන්‍ය  පවුල් දන්ත වෛද්‍යවරයෙකු අතර වෙනස කුමක්ද ? බොහෝ දන්ත වෛද්‍යවරුන්  දරුවන්ට ප්‍රතිකාර කරනු ලබයි. ඔවුන් සතුව ළමයින්ට සැලකීම සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් ඇති බව සමහරු කියනවා.

පිළිතුර:  බොහෝ සාමාන්‍ය  දන්ත වෛද්‍ය වරුන් ළදරුන් පවුලේ කොටසක් ලෙස සලකා ප්‍රතිකාර  කරන  අතර ඔවුන් ළමයින් පුදුමාකාර ලෙස හසුරවනු ලබනවා.

කෙසේ වෙතත්, ළමා දන්ත  වෛද්‍යවරුන්   උපතේ සිට වැඩිවියට පැමිණීම  දක්වා දරුවන්ට  ප්‍රතිකාර කිරීම සඳහා  සම්පුර්ණයෙන්ම කැපවෙලා ඉන්නවා.

මේ අනුව, සාමාන්‍යයෙන්  ඔවුන් වැඩිහිටියන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ .

ළමා දන්ත වෛද්‍යවරුන් ක්ෂේත්‍රයේ  විශේෂඥයන් ලෙස හදුනාගෙන  තියෙනවා.

ළමුන්ගේ දන්ත වෛද්‍ය  විද්‍යාවේ සියලු සංකීර්ණතා පරිපූර්ණ කිරීම සඳහා අවශ්‍ය  දැනුම, නිපුණතා සහ විශේෂඥ දැනුම ලබාගැනීම සඳහා ඔවුන්ගේ මූලික දන්ත වෛද්‍ය  උපාධි පාඨමාලාවෙන් පසු ඔවුන් වසර තුනක් දක්වා අතිරේක පුහුණුවක් ලබා ගන්නවා.

මෙය දන්ත වෛද්‍ය  විද්‍යාවේ මූලික දන්ත වෛද්‍ය  විද්‍යාවට (සාමාන්‍යයෙන් දන්ත ශල්‍යකර්ම උපාධිය) පසුව අතිරේක සුදුසුකමක් වන මාස්ටර්  උපාධියක් වේ.

ළමුන්ගේ දන්ත ගැටලු පිළිබඳව ඔබ දන්නේ මොනවාද සහ දන්ත වෛද්‍ය වරයා වෙත ගෙන යන විට ඔබේ දරුවා ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඔබේ අදහස්  අපට බෙදා ගන්න.

ළමුන්ගේ දන්ත ගැටලු දෙමව්පියන්ව පීඩාවට පත්කරන බව දන්න නිසා the Asianparent Sri Lanka ඔබ වෙත මෙම ලිපිය ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී