ළමුන් තුළ මෙනින්ජයිටිස්: පුංචි දැරියකට අත්පා අහිමි කල රෝගය

කියා නැමති දැරිය මෙනින්ජයිටිස් නිසා අත්පා සියල්ල අහිමි විය. ඔබ මෙම රෝගය ගැන දැනුවත්ද? මෙම ලිපිය කියවන්න.

වසර 25 ක් පුරා වෛද්‍යවරුන් අත්දුටු මෙනින්ජයිටිස් රෝගයේ දරුණුතම සිදුවීම නම් මේ කුඩා දරුවාගේ රෝගී තත්ත්වයයි. ඇයගේ අවාසනාවන්ත තත්වය හදකම්පිත කරවයි.

සති 4 කට පෙර, මාස 10 ක් වු Kia Gett නම් ළදැරිය බරපතළ තත්වයෙන් එක්සත් රාජධානියේ ලෙඩ්ස් සාමාන්‍ය ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

පෙනෙන විදිහට, නරක යමක් සිදුවන බව දැනුනු කියාගේ මව වන විකී විසින් පළමුව ඇයව කායික වෛද්‍යවරයකු වෙත ගෙන ගියා. කුඩා දරුවාට සෙල්සියස් අංශක  38.5  උණ වැළදී තිබු අතර වමනය කරන්නට වුනා. ඇය නින්දෙන් තිගැස්සුනු  අතර අවදිව සිටින විට උදාසීන ලෙස සිටියා.

වික්කි විසින් ඇ‍යගේ පපුව මත පැල්ලම් කිහිපයක්ද දුටුවා.

අවාසනාවකට මෙන්, කියා නැමති දැරිය වෛරස් රෝගාබාධයක් නිසා රෝගාතුරව නිවෙස වෙත රැගෙන ගොස් ඇත.

ඇගේ පියා වන පෝල් රාත්‍රියේ  ඇයව සෝදිසි කර බැලූ විට ඇගේ සිරුර රතු පැහැති පැල්ලම් වලින් ආවරණය වී තිබිණ.  වෛද්‍ය වරුන් එම ස්ථානය වෙතට වහා පැමිණ ඇති අතර කුඩා දරුවා Bradford Royal රෝහල වෙත රැගෙන යාමට පෙර ඇය කුඩා හෘද සිරවීමකට ලක් වුනා.

ළමුන් තුළ මෙනින්ජයිටිස්

පසුව ඇයව Leeds General රෝහල් දැඩි සත්කාර ඒකකය වෙත මාරු කරනු ලැබීය.

එම ස්ථානයේදී පවුලේ අයට ඇයගේ අත්පා  හතරම ඉවත් කිරීමට සිදු වන ඛේදජනක  ප්‍රවෘත්තිය අසන්නට  ලැබුණා. ඇය Meningitis C Septicaemia රෝගයට  වී තිබුනි.

MRI ස්කෑන් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ කියා නම් දරුවාගේ  ඇසේ පෙනීම සහ ශ්‍රවණය අහිමි වීමට ඉඩ ඇති අතර, මොළයට  90% ක  පමණ හානියක් වන බවත්ය.

කෙසේ වෙතත් පවුල බලාපොරොත්තු අතහැර දමා නැත. 

 

ළමුන් තුළ මෙනින්ජයිටිස්: සලකුණු  සහ රෝග ලක්ෂණ

මෙනින්ජයිටිස් වලදී මොළය හා කශේරුකාව වටා ඇති පටල හෝ මෙනින්ග්ස් වල ආසාදන ඇතිවේ. මෙම ආසාදන ස්වභාවයෙන්ම බැක්ටීරියා, වෛරස් හෝ දිලීර විය හැකිය.

විශේෂයෙන්ම වයස අවුරුදු පහට අඩු දරුවන්ට මෙනින්ජයිටිස් වෛරස් වැලදීම වඩාත් සුලභ වේ. එහිදි  සාමාන්‍යයෙන්  ජීවිතයට තර්ජනයක් නොවන අතර රෝගියාට සති කිහිපයකින් සුවය ලැබිය හැක.

කෙසේවෙතත්, බැක්ටීරියා මෙනින්ජයිටිස් (bacterial meningitis) බරපතළ බැවින් මොළයේ හානි කරන අතර මරණයට පවා හේතු විය හැක.

මෙනින්ජයිටිස් සහ රුධිර විෂවීම්  රෝග පිළිබඳ රෝග ලක්ෂණ:

• උණ සහ / හෝ වමනය

• බරපතළ හිසරදය

• අතපය , සන්ධි හෝ මාංශපේශි වේදනාව

• සීතල අත් හා පාද හෝ වෙව්ලීම

• සුදුමැලි වු සම

•   හුස්ම ගැනීම වේගවත් වීම  හෝ හුස්ම ගැනීමට අපහසු වීම

•  සිරුරේ ඕනෑම තැනක රෑෂ් එකක් ඇතිවීම

•නොනැමෙන බෙල්ල- කුඩා ළමුන් සඳහා සාමාන්‍යයෙන්  බහුල නැහැ.

•  දීප්තිමත් ආලෝකයට අකමැත්ත  - කුඩා ළමුන් සඳහා සාමාන්‍යයෙන්  බහුල නැහැ.

• දැඩි නිදිමතක් ඇත. අවදිවීමට  ඉතා අපහසුය.

• ව්‍යාකූල බව හෝ භීතිය

• ෆිට් එක ඇතිවීම

 

ළමයින්ට වැළදිය හැකි මෙවැනි රෝග පිලිබඳව ඔබට තොරතුරු ගෙන එන්නේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී