theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

4 අවම කියවීම
ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

ඔබත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පෙලෙනවාද? ඔබේ බොහෝ මිතුරන්ගේ ෆේස්බුක් පිටු වෙළඳ දැන්වීම් වගෙයි.. ඔවුන් බොහෝ විට ජීව්තයේ සතුටුදායක අවස්ථා පමණක් දර්ශනය කරයි.

වැඩිදෙනා ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් සිටින බව සත්‍යක්ද? ඔබේ අත්දැකීම් තුළින් ඔබ මීට එකඟද?

අදත් දන්නෙම නැතිව පැය දෙකකටත් වඩා ෆේස්බුක් එකේ..

ෆේස්බුක් (Facebook) පිටුවට පිවිසීමත් එහි පැය ගණන් ගත කිරීමත් අද බොහොමයක් මව්පියවරුන් විසින් දවසේ වැඩිපුරම කාලයක් වැය කරන අංගයක් බවට පත් වෙලා. මෙය ප්‍රසිද්ධියේ නොපිළිගත්තත්, බොහෝ මව්පියවරුන්ට මිට එකඟ වන්නට වෙන්නේ හද පිරි වරදකාරී හැඟීමකින්.

“අදත් දන්නෙම නැතිව පැය දෙකකටත් වඩා ෆේස්බුක් එකේ..  හනේ හපොයි මම කාලය කා දමා තියෙන තරමක්” අපි අපිටම කියාගන්නා වාර අනන්තයි. so,

ෆේස්බුක් එකේ ඉහළ පහළ යාමට ඇබ්බැහි වීම

ෆේස්බුක් එකේ ඉහළ පහළ යාමට ඇබ්බැහි වීම, දුම්පානය කිරීම හා මත්පැන් බිමට දෙවෙනි නැහැ. so, පුංචි වෙනසකට තියෙන්නේ දුම්පානය සහ මත්පැන් පානය තුළින් තාවකාලික තෘප්තියක්. ලැබෙන බව එයට යොමු වූවන් පවසනවා.. , නමුත් Facebook එකේ සැරිසැරීමෙන් එසේ තෘප්තියක් ලැබෙනවාද???

ෆේස්බුක් නිසා කනස්සල්ලෙන්

Facebook සම්බන්ධයෙන් කල සමීක්ෂණයක්

ෆේස්බුක් (Facebook) සම්බන්ධයෙන් කල සමීක්ෂණයක් තුළින් බොහොම රසවත් දත්ත කිහිපයක් පෙන්වා දෙනවා. සයිකොලොජි ටුඩේ වෙබ් අඩවිය තුලින් පෙන්වා දෙනවා. මෙම සමීක්ෂණය තුලින් කෙරුනේ සමාජයේ බහුලව පැන නගින ෆේස්බුක් තුල ගත කරන කාලය කෙනෙක්ව ඔසවා තබනවාද? මානසිකව වට්ටනවාද? මිශ්‍ර සිතිවිලි පහල කරනවාද? යනාදී  ගැටළු කිහිපයකට පිළිතුරු සෙවීමේ උත්සහයක් වශයෙනි.

ෆේස්බුක් (Facebook) සම්බන්ධයෙන් කල සමීක්ෂණයක් තුළින් බොහොම රසවත් දත්ත කිහිපයක්

  • ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ 33% කට වැඩි පිරිසක්, ෆේස්බුක් පිටුවේ සැරිසරන්නේ කනස්සලෙන්ෆේ
  • ස්බුක් මිතුරන් කෙරෙහි ඊර්ෂ්‍යාව ඇතිකරගැනීම මෙම කනස්සල්ලට මූලිකව බලපාන හේතුවයි
  • ෆේස්බුක් තුළ රහසිගතව සැරිසරන පුද්ගලයින් විශේෂයෙන්ම අසතුටුදායක තත්ත්වයට පත්විය හැකි කොටසයි
  • ෆේස්බුක් තුළ කාලය වැඩිපුර ගතකරන අය, අනෙක් ය තමන්ට වඩා සතුටින් සිනා බව විශ්වාස කරන අය වේ
  • සත්‍ය ජිවිතයේ මුහුණට මුහුණ ඇසුරු කරන්නන් වැඩි වන තරමට අනෙක් හැම දෙනාටම ගැටළු ඇති බවත් හැමෝම සතුටින් නොවන බවත් පසක් වේ
  • අනුන් හා සැසඳීම නිසා  වැඩිපුර ෆේස්බූක් නිසා කනස්සලෙන් පසුවන්නේ කාන්තාවන් බව පෙනී යනවා.

ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් මිදීමට කල හැක්කේ මොනවාද?

1 ෆේස්බුක් (Facebook) Diet එකක් ආරම්භ කරන්න

සිරුර සිහින් කරගැනීමට, සෞඛ්‍ය සම්පන්න වීමට අපි නොයෙක් ආකාරයේ Diet දිඑට් අනුගමනය කරනවා. මෙය ඔබේ මානසික සෞඛ්‍ය හා සම්බන්ධ Diet එකක්. පැහැදිලිවම දිනකට ෆේස්බුක් පිටුවේ ගතකරන කාලය පැයකට සීමා කරන්න.

අනුන්ගේ දේ ගැන සොයන්නට ඔබගේ අති වටිනා කාලය වැය කිරීම මිල කල නොහැකි නාස්තියකි.

2 ඔබගේ සිතේ ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් හටගන්නා හැඟීම් තේරුම් ගන්න 

ෆේස්බුක් පිටුවේ සැරිසැරීම තුලින් ඔබට දුක හා කනස්සල්ල ඇතිවන බව වටහා ගන්න. so, සිත දැඩි කොටගෙන එම හැඟීම් වලට නතු නොවන්නට ඔබට හැකි වනු ඇත.

ෆේස්බුක් නිසා කනස්සල්ලෙන්

3 ෆේස්බුක් දෙස යතාර්ථවාදී ලෙස බලන්න

ඔබගේ බොහෝ මිතුරන්ගේ ෆේස්බුක් පිටු වෙළඳ දැන්වීම් හා සමකල හැක. ඔවුන් බොහෝ විට ජීව්තයේ. සතුටුදායක අවස්ථා පමණක් දර්ශනය කරන්නේ ඒවා ඔවුන් දකින්නට කැමති ලෝකය නිසායි.

හැම කෙනෙකුගේම ජිවිතයේ අරගල ඇති බවත්. ඒවා කිසිවිටෙක ප්‍රසිද්ධියේ දිස් නොවන බවත් තේරුම් ගැනීමෙන්, ඔබේ ජීවිතය දෙසද සුභවාදිව බලන්නට ඔබට හැකි වනු ඇත.

4 ඔබගේ සිතේ ෆේස්බුක් නිසා ඇතිවන කනස්සල්ල දමනය කරන්න

ෆේස්බුක් නිසා කනස්සල්ලෙන්

ෆේස්බුක් නිසා ඇතිවන ප්‍රකට සිතිවිලිකිහිපයක් දෙස බලමු

  • නිසි ලෙස තේරුම් නොගැනීම - “ මාව කිසි දේකට මෙයාල ඇරයුම් කරන්නේ නැහැ”
  • නිතරම වරදවා තේරුම් ගැනීම - ‘ඇයි මට ඔහුගේ/ඇයගේ වගේ ජිවිතයක් නැත්තේ?”
  • තමාගේ හැඟීම් නිවැරදි යැයි සිතීම - “මම පරාජිතයෙක්”, so,  “මට හැම දේම වරදිනවා”
  • තමා කෙරෙහිම කෝප වීම - “ඇයි මම ඒ වගේ උපන්දින සාදයක් පැවැත්වූයේ නැත්තේ?”
  • අනුන්ට ලේබල් ගැසීම - “අන්න අරයා අදත් නයෙක් අරිනවා”
  • හැම දේම පුද්ගලිකව ගැනීම - “ඕක ෂුවර් එකටම මට ඇනුම් පදයක්”, “මට නැති like (ලයික්) ප්‍රමාණයක් කොහොමද එයාට?”

5 ෆේස්බුක් එකට වඩා ස්වභාව දර්මයට, පරිසරයට, සතුන්ට සහ ව්‍යායාම වලට ‘Like/ලයික්” (ඇලුම්) වන්න

ඔබ ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පෙලෙන බව දැනුනු වහාම ෆේස්බුක් පිටුවෙන් ඉවත් වෙන්න/Logout වෙන්න. so, මෙම පුංචි ක්‍රියාවෙන් තහවුරු වන්නේ ඔබේ පීඩාකාරී හැඟීම් වලින් මිදීමේ ශක්තිය ඇත්තේ ඔබ අතේ බවයි. වහාම ඔබට සතුට ගෙන දෙන මිතුරෙකු හෝ මිතුරියක් අමතන්න, so, නැතිනම්, ඔබ කැමති අහාර වට්ටෝරුවක් නිර්මාණය කරන්න, විශේෂ යමක් හදන්න.

ෆේස්බුක් වලින් මාපිය අපට ඇති වන ප්‍රයෝජන කියා නිමකළ නොහැකියි. so, එදිනෙදා ජිවිතයට අවශ්‍ය ප්‍රවෘත්ති, දැනුවත් වීම්,& උපදෙස් මෙන්ම නද හිතමිතුරන් හා එදිනෙදා සම්බන්ධ. වීමේ ප්‍රභල මාධ්‍යයක් ලෙස ෆේස්බුක් භාවිතා කරන්නට පුළුවන්. so, ඉතින් ජිවිතයට කනස්සලක් දෙන මාධ්‍යක් ලෙස නොව අත්වැලක් වන මාධ්‍යයක් ලෙස ෆේස්බුක් භාවිතා කරන්නට මෙම ලිපිය අත්වැලක් වේයැයි විශ්වාස කරමු.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ජීවන රටා
  • /
  • ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?
බෙදාගන්න :
  • දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

    දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

  • පෙර පාසලෙන් දෙමාපියන්ට උගත හැකි දරුවන්ට වටිනා වැකි 5ක්

    පෙර පාසලෙන් දෙමාපියන්ට උගත හැකි දරුවන්ට වටිනා වැකි 5ක්

  • දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

    දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

  • පෙර පාසලෙන් දෙමාපියන්ට උගත හැකි දරුවන්ට වටිනා වැකි 5ක්

    පෙර පාසලෙන් දෙමාපියන්ට උගත හැකි දරුවන්ට වටිනා වැකි 5ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it