ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

ඔබත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පෙලෙනවාද? ඔබේ බොහෝ මිතුරන්ගේ ෆේස්බුක් පිටු වෙළඳ දැන්වීම් වගෙයි.. ඔවුන් බොහෝ විට ජීව්තයේ සතුටුදායක අවස්ථා පමණක් දර්ශනය කරයි.

වැඩිදෙනා ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් සිටින බව සත්‍යක්ද? ඔබේ අත්දැකීම් තුළින් ඔබ මීට එකඟද?

ෆේස්බුක් (Facebook) පිටුවට පිවිසීමත් එහි පැය ගණන් ගත කිරීමත් අද බොහොමයක් මව්පියවරුන් විසින් දවසේ වැඩිපුරම කාලයක් වැය කරන අංගයක් බවට පත් වෙලා. මෙය ප්‍රසිද්ධියේ නොපිළිගත්තත්, බොහෝ මව්පියවරුන්ට මිට එකඟ වන්නට වෙන්නේ හද පිරි වරදකාරී හැඟීමකින්.  “අදත් දන්නෙම නැතිව පැය දෙකකටත් වඩා ෆේස්බුක් එකේ.. හනේ හපොයි මම කාලය කා දමා තියෙන තරමක්” අපි අපිටම කියාගන්නා වාර අනන්තයි.

ෆේස්බුක් එකේ ඉහළ පහළ යාමට ඇබ්බැහි වීම, දුම්පානය කිරීම හා මත්පැන් බිමට දෙවෙනි නැහැ. පුංචි වෙනසකට තියෙන්නේ දුම්පානය සහ මත්පැන් පානය තුළින් තාවකාලික තෘප්තියක් ලැබෙන බව එයට යොමු වූවන් පවසනවා.. නමුත් ෆේස්බුක් (Facebook) එකේ සැරිසැරීමෙන් එසේ තෘප්තියක් ලැබෙනවාද???

ෆේස්බුක් (Facebook) සම්බන්ධයෙන් කල සමීක්ෂණයක් තුළින් බොහොම රසවත් දත්ත කිහිපයක් පෙන්වා දෙනවා. සයිකොලොජි ටුඩේ වෙබ් අඩවිය තුලින් පෙන්වා දෙනවා. මෙම සමීක්ෂණය තුලින් කෙරුනේ සමාජයේ බහුලව පැන නගින ෆේස්බුක් තුල ගත කරන කාලය කෙනෙක්ව ඔසවා තබනවාද? මානසිකව වට්ටනවාද? මිශ්‍ර සිතිවිලි පහල කරනවාද? යනාදී  ගැටළු කිහිපයකට පිළිතුරු සෙවීමේ උත්සහයක් වශයෙනි.

ෆේස්බුක් (Facebook) සම්බන්ධයෙන් කල සමීක්ෂණයක් තුළින් බොහොම රසවත් දත්ත කිහිපයක්

* ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ 33% කට වැඩි පිරිසක්, ෆේස්බුක් පිටුවේ සැරිසරන්නේ කනස්සලෙන්

* ෆේස්බුක් මිතුරන් කෙරෙහි ඊර්ෂ්‍යාව ඇතිකරගැනීම මෙම කනස්සල්ලට මූලිකව බලපාන හේතුවයි

* ෆේස්බුක් තුළ රහසිගතව සැරිසරන පුද්ගලයින් විශේෂයෙන්ම අසතුටුදායක තත්ත්වයට පත්විය හැකි කොටසයි

* ෆේස්බුක් තුළ කාලය වැඩිපුර ගතකරන අය, අනෙක් ය තමන්ට වඩා සතුටින් සිනා බව විශ්වාස කරන අය වේ

* සත්‍ය ජිවිතයේ මුහුණට මුහුණ ඇසුරු කරන්නන් වැඩි වන තරමට අනෙක් හැම දෙනාටම ගැටළු ඇති බවත් හැමෝම සතුටින් නොවන බවත් පසක් වේ

* අනුන් හා සැසඳීම නිසා  වැඩිපුර ෆේස්බූක් නිසා කනස්සලෙන් පසුවන්නේ කාන්තාවන් බව පෙනී යනවා.

ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් මිදීමට කල හැක්කේ මොනවාද?

1 ෆේස්බුක් (Facebook) Diet එකක් ආරම්භ කරන්න

සිරුර සිහින් කරගැනීමට, සෞඛ්‍ය සම්පන්න වීමට අපි නොයෙක් ආකාරයේ Diet දිඑට් අනුගමනය කරනවා. මෙය ඔබේ මානසික සෞඛ්‍ය හා සම්බන්ධ Diet එකක්. පැහැදිලිවම දිනකට ෆේස්බුක් පිටුවේ ගතකරන කාලය පැයකට සීමා කරන්න. අනුන්ගේ දේ ගැන සොයන්නට ඔබගේ අති වටිනා කාලය වැය කිරීම මිල කල නොහැකි නාස්තියකි.

2 ඔබගේ සිතේ ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් හටගන්නා හැඟීම් තේරුම් ගන්න 

ෆේස්බුක් පිටුවේ සැරිසැරීම තුලින් ඔබට දුක හා කනස්සල්ල ඇතිවන බව වටහා ගන්න. එවිට සිත දැඩි කොටගෙන එම හැඟීම් වලට නතු නොවන්නට ඔබට හැකි වනු ඇත.

3 ෆේස්බුක් දෙස යතාර්ථවාදී ලෙස බලන්න

ඔබගේ බොහෝ මිතුරන්ගේ ෆේස්බුක් පිටු වෙළඳ දැන්වීම් හා සමකල හැක. ඔවුන් බොහෝ විට ජීව්තයේ සතුටුදායක අවස්ථා පමණක් දර්ශනය කරන්නේ ඒවා ඔවුන් දකින්නට කැමති ලෝකය නිසායි. හැම කෙනෙකුගේම ජිවිතයේ අරගල ඇති බවත් ඒවා කිසිවිටෙක ප්‍රසිද්ධියේ දිස් නොවන බවත් තේරුම් ගැනීමෙන්, ඔබේ ජීවිතය දෙසද සුභවාදිව බලන්නට ඔබට හැකි වනු ඇත.

4 ඔබගේ සිතේ ෆේස්බුක් නිසා ඇතිවන කනස්සල්ල දමනය කරන්න

ෆේස්බුක් නිසා ඇතිවන ප්‍රකට සිතිවිලිකිහිපයක් දෙස බලමු

* නිසි ලෙස තේරුම් නොගැනීම - “ මාව කිසි දේකට මෙයාල ඇරයුම් කරන්නේ නැහැ”

*  නිතරම වරදවා තේරුම් ගැනීම - ‘ඇයි මට ඔහුගේ/ඇයගේ වගේ ජිවිතයක් නැත්තේ?”

* තමාගේ හැඟීම් නිවැරදි යැයි සිතීම - “මම පරාජිතයෙක්”, “මට හැම දේම වරදිනවා”

* තමා කෙරෙහිම කෝප වීම - “ඇයි මම ඒ වගේ උපන්දින සාදයක් පැවැත්වූයේ නැත්තේ?”

* අනුන්ට ලේබල් ගැසීම - “අන්න අරයා අදත් නයෙක් අරිනවා”

* හැම දේම පුද්ගලිකව ගැනීම - “ඕක ෂුවර් එකටම මට ඇනුම් පදයක්”, “මට නැති like (ලයික්) ප්‍රමාණයක් කොහොමද එයාට?”   

5 ෆේස්බුක් එකට වඩා ස්වභාව දර්මයට, පරිසරයට, සතුන්ට සහ ව්‍යායාම වලට ‘Like/ලයික්” (ඇලුම්) වන්න

ඔබ ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පෙලෙන බව දැනුනු වහාම ෆේස්බුක් පිටුවෙන් ඉවත් වෙන්න/Logout වෙන්න. මෙම පුංචි ක්‍රියාවෙන් තහවුරු වන්නේ ඔබේ පීඩාකාරී හැඟීම් වලින් මිදීමේ ශක්තිය ඇත්තේ ඔබ අතේ බවයි. වහාම ඔබට සතුට ගෙන දෙන මිතුරෙකු හෝ මිතුරියක් අමතන්න, නැතිනම්, ඔබ කැමති අහාර වට්ටෝරුවක් නිර්මාණය කරන්න, විශේෂ යමක් හදන්න.

ෆේස්බුක් වලින් මාපිය අපට ඇති වන ප්‍රයෝජන කියා නිමකළ නොහැකියි. එදිනෙදා ජිවිතයට අවශ්‍ය ප්‍රවෘත්ති, දැනුවත් වීම්, උපදෙස් මෙන්ම නද හිතමිතුරන් හා එදිනෙදා සම්බන්ධ වීමේ ප්‍රභල මාධ්‍යයක් ලෙස ෆේස්බුක් භාවිතා කරන්නට පුළුවන්. ඉතින් ජිවිතයට කනස්සලක් දෙන මාධ්‍යක් ලෙස නොව අත්වැලක් වන මාධ්‍යයක් ලෙස ෆේස්බුක් භාවිතා කරන්නට මෙම ලිපිය අත්වැලක් වේයැයි විශ්වාස කරමු.