ඔබගේ ෆේස්බුක් සටහන් මගින් ඔබේ විවාහය ගැන කියැවෙන දේ!

lead image

ඔබේ ෆේස්බුක් සටහන් ඔබේ විවාහයේ ප්ර්තිරුපයක් යැයි කිවොත් ඔබ මවිත වේවි. මෙය කියවා එය ඔබටත් සත්‍යයක් නොවේදැයි වටහාගන්න.

ඔබගේ ෆේස්බුක් ගිණුමේ ඔබ තබන සටහන් අනුව ඔබේ විවාහයේ සාර්ථකත්වය මැන බැලිය හැකි බව ඔබ දන්නවාද? කෙනෙක්ගේ ෆේස්බුක් තිරයෙන් පමණක් ගත හැකි දත්ත ප්‍රමාණය කොතෙක්දැයි කිවොත් ඔබ පුදුමයෙනුත් පුදුමයට පත් වේවි!

විවාහය හොඳින් පවතින දවස්? විවාහයේ ගැටලුකාරී දවස්?

ඔබේ සමහරක් මිතුරන් ඔවුන්ගේ ෆේස්බුක් පිටු මත බෙදාගන්නා පවුලේ විස්තර, ඔවුන්ගේ සහකරු හෝ සහකාරියගේ පින්තූර සහ පෝස්ට් ඔබ අනන්තවත් දකිනවා ඇති. ඇතැම් විට ඔබේ එක් ෆේස්බුක් මිතුරෙක් හෝ මිතුරියක් උවමනාවටත් වඩා සොඳුරු හා මිහිරි ඡායාරූප ඔවුන්ගේ ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම් වැනි සමාජ ජාල හරහා බෙදාගන්නවා ඇත්තේ ඔවුන් තුල ඇති මහත් ප්‍රේමයක් හුවා දක්වමින්.

යමෙකු සමඟ ප්‍රේමයෙන් බැඳීමේ වරදක් නැතත්, එය  ගැටළුකාරී විය හැකි අවස්ථා නැතුවාම නොවේ.

ඔබේ ආත්ම-වටිනාකම රැඳී තිබිය යුත්තේ ඔබේ සහකරු මත නොවේ

ඇතැම් පුද්ගලයින් විශ්වාස කරන්නේ සමහරු සිතන්නේ තම තත්වය සහ ආත්මගරුත්වය ඔවුන්ගේ විවාහය මත රැඳී ඇති බවයි. විවාහය ජිවිතයට ඉතා වැදගත් බව සත්‍යයකි. නමුත් පුද්ගලයකුගේ ස්වයං වටිනාකම අවතක්සේරු කිරීම යෝග්‍ය නැත.

මෙවන් යැපීමේ සබඳතාවයක් තුලින් පුද්ගලයකු තමන්ගේ මමත්වය සම්පුර්ණයෙන්ම තම සහකරුට නතු කිරීමට පෙළඹෙනු ඇත. මෙසේ යැපීමක් තුළ විශාල මතබේද වලට මුහුණ දෙන්නට සිදුවන අවස්ථා වලදී කුමක් සිදුවේද? තර්ක විතර්ක හා මත ගැටුම් හමුවේ මේ ආකාරයේ සබඳතාවන් ඇති සහකරුවන් කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති වීමට ඉඩකඩ වැඩිය.

මීට අමතරව මොවුන් තම ස්වයං වටිනාකම තහවුරු කර ගැනීම සඳහා සමාජ මාධ්යවල ඡායාරූප විශාල ප්රමාණයක් පළ කරන්නේ වෙනත් පුද්ගලයින් වෙත ඒවා ප්‍රදර්ශනය කිරීමෙන් තම වටිනාකම තහවුරු කරන ආකාරයෙන්ය.මෙය විවාහයේ දී නොවිය යුතු දෙයකි.

විවාහක යුවළක් විවාහ වූ පමණින් තම අනන්‍යතාව හා මමත්වය නැති කරගන්නට අවශ්‍ය නොවන අතර පෞද්ගලිකවම තමන්ගේ පැවැත්මට ස්වාධින පෞරුෂයක් පවත්වාගෙන යාම වැදගත් වේ. ස්වාධීන වීමෙන් ආත්මික යැපීමක් ඇති නොවන බැවින් එකිනෙක ශක්තිමත් කරමින් හොඳ සබඳතාවක් තුළින් ශක්තිමත් විවාහයක් ගොඩනග ගැනීමටද හැකි වනවා ඇත.

ඇතැම් විට මෙහි යටි අරමුණ වන්නේ අනෙකුන් ඉර්ශයවට පත් කිරීමයි.

ඉහත විස්තර කල පරිදි විශාල ලෙස පුද්ගලික අවස්ථා හා  ඡායාරූප විශාල ප්රමාණයක් පල කිරීමේ තවත් අරමුණක් විය හැක්කේ අනෙක් ය ඊර්ෂ්යාවට පත් කිරීම වන්නට පුළුවනි.

යමෙක් තම විවාහය හා සහකරු ගැන සැබවින්ම ආඩම්බර වනවා වන්නට පිළිවෙන. එහෙත් පමණට වඩා එය ප්‍රදර්ශනය කිරීම එතරම් සුදුසු නොවන්නට පුළුවන්. ඉතින් ඔබ සමාජ ජලා මාධ්ය හරහා යම් යම් දේ ප්‍රදර්ශනය කරන්නේ තවෙකකු අසහනයට පත් කරන්නට නම්, එය සුදුසු ක්‍රියාවක් නොවේ.

සමාජ ජාලා මාධ්යවල පුරසාරම් දොඩන ඇතැමෙක් ඔවුන්ගේ විවාහය තුළ යම් සෑහීමකට පත් නොවන නිසා එසේ කරන අවස්ථාවන්ද අප දැක තිබෙනවා. මේ නිසා ඔවුන් ෆේස්බුක් මත ධනාත්මක දේවල් බෙදාගන්නේ අනෙක් අය ඒවාට කරන ප්‍රතිචාර තුළින් සිතේ සංහිඳියාවක් ඇති කරගන්නා චේතනාවෙනි.

හිතකර ලෙස සමාජ ජාල මාධ්යන් භාවිතා කරන්නේ කෙසේද?

ඔබ ෆේස්බුක් පිටුවේ ඔබ පවුලත් සමඟ සතුටින් සිටිනා මොහොතක් පල කරන්නේ ඔබට විවාහය තුලත් පවුල තුලත් ඇති සැබෑ සතුට ලොවට පෙන්වීමේ ආශාවෙන් වන්නට පුළුවන්.

මෙවන් ඡායාරූප පල කිරීමේ වරදක් නැති අතර මේවා සුදුසු ප්‍රමාණයට නොහොත් පමණට වඩා පල නොකිරීමෙන් ඒවා තුලින් ඔබට අහිතක බලපෑම් කිසිවකට මුහුණ දෙන්නට සිදු නොවේවි.

වැදගත්ම දෙය නම්, ඔබ ඔබේ සතුට බෙදාහරින්නේ නිවැරදි හේතුවක් සඳහා බවය. එනම්, ඔබේ විවාහය තුළ සහ ඔබේ පවුලේ අය තුළ අව්යාජ සතුට බෙදාගෙන නිහතමානී සතුටක් ලබාගැනීමයි.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා